සහෝදරවරුනි, මිත්‍රවරුනි,
අද අපි මේ හුස්ම ගන්නේ ලේසි පහසු කාලෙක නෙවෙයි. එක පැත්තකින් මහ වැස්ස ඇවිත් ගෙවල් දොරවල් යට කරනවා. අනිත් පැත්තෙන් අවුරුදු 76ක් තිස්සේ මේ රට කාපු ආර්ථික රෝගය අපේ ඇඟට දැනි දැනිම අපි බෙහෙත් කරනවා. තව පැත්තකින් දේශපාලන කුහකයෝ මග රැකගෙන ඉන්නවා කකුලෙන් අදින්න.
ඔව්! පාරේ මඩ තියෙනවා තමයි.
වෙලාවකට බඩගින්නත් දැනෙනවා තමයි.
ප්‍රශ්න පත්තරයක් පිටින් අපේ ඔලුව උඩ තියෙනවා තමයි.
හැබැයි මම අහන්නේ එක දෙයයි. "මඩ වතුරෙන් කකුල් තෙමුනට, අවුරුදු ගාණක් තිස්සේ හදවතේ පත්තු වෙච්ච 'වෙනසක බලාපොරොත්තුව' නිවන්න මේ මහා වැස්සටවත් පුළුවන්ද?" නෑ සහෝදරවරුනි, බැහැ!
අපි මේ බාරගත්තේ මල් යහනාවක් නෙවෙයි. අපි බාරගත්තේ ගිනි අරගෙන, ගිලෙන්න ගිය, හතර වටින්ම හිල් වෙච්ච නැවක්. ඒ නැව ගොඩට අදිනකොට අත පය රිදෙනවා තමයි. මහන්සි දැනෙනවා තමයි. ඒත් අපි දන්නවා අපි මේ මහන්සි වෙන්නේ කා වෙනුවෙන්ද කියලා. අපි මේ දහදුක් විඳින්නේ අපේ දරුවන්ට ණය නැති රටක් ඉතුරු කරන්න!
බලන්න අද දේශපාලන තත්ත්වය දිහා.
ඊයේ කොළඹ නගර සභාවේදී දැක්කනේ? හොරා කන්න බැරි වෙනකොට, ඩීල් දාන්න බැරි වෙනකොට, පාට පක්ෂ බේදයක් නැතුව "හොරු ඔක්කොම එක වුණා". උන් හිතනවා අයවැයක් පරාජය කරලා, කකුලෙන් ඇදලා මේ ගමන නවත්වන්න පුළුවන් කියලා.
උන්ට අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන එක දෙයක් තියෙනවා. "මේ ඉන්නේ පරණ ආණ්ඩු එක්ක ඩීල් දාපු මිනිස්සු නෙවෙයි. මේ ඉන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා එක්ක පෙළගැසුණු, කුණාටුවට බය නැති මිනිස්සු!"
ස්වභාවික විපත් එනවා. ලෝකෙටම එනවා.
හැබැයි මතක තියාගන්න, අපි මේ පාර පාලම් හදන්නේ, කාණු කපන්නේ ඊළඟ ඡන්දෙට පෙන්නන්න නෙවෙයි. අපි වැඩ කරන්නේ විද්‍යාත්මකව. ආයෙත් මේ වගේ විපතක් නොවෙන්න ස්ථිර විසඳුම් හදන්න පොඩි කාලයක් යනවා. පරණ පුරුද්දට පැලැස්තර දාන්න අපිට බැහැ. ඒක රිදෙනවා තමයි, ඒත් ඒක තමයි ඇත්ත.
ආර්ථිකය ගැනත් සමහරු බොර දියේ මාළු බාන්න හදනවා.
"කෝ සහන? කෝ බඩු මිල අඩු වුණාද?" කියලා අහනවා.
මිත්‍රයා, රෝගයක් හැදුනම දොස්තර සැත්කම් කරනකොට රිදෙනවා. බෙහෙත් බොනකොට තිත්තයි. හැබැයි ඒක ඉවසන් ඉන්නේ ලෙඩේ සනීප කරගන්න ඕන නිසා. අවුරුදු 76ක් තිස්සේ රටට දීපු වස විස අයින් කරලා, මේ ආර්ථිකය පිරිසිදු කරන්න අපි දැන් ප්‍රතිකාර පටන් අරන් තියෙන්නේ. මේ අමාරු කාලය පහු කළාම එන්නේ, අපේ දරුවන්ට කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න පුළුවන් යුගයක්.
ඒ නිසා සහෝදරවරුනි,
මේ සුළු සුළු රළ පහරවල්වලට බය වෙලා නැවෙන් පනින්න ලෑස්ති වෙන්න එපා.
අර කුහක දේශපාලකයෝ බලාගෙන ඉන්නේ අපි එපා වෙලා අතහරිනකම්. උන්ට ඕන අපිව ආයෙත් අර පරණ වහල් බවට ඇදලා දාන්න.
අපි කියනවා උන්ට... "මේ අමාරුම කඩඉම. ඔව් අපි පිළිගන්නවා. හැබැයි අපි මැරෙන්නෙත් නෑ.. පරාජය වෙන්නෙත් නෑ... අපි මේ රට ගොඩදානවාමයි!"
ඔබේ හෘද සාක්ෂියෙන් අහන්න. අපි යන්නේ හරි පාරේ නේද? හොරකම නතර වෙලා නේද? නාස්තිය අඩුවෙලා නේද? පාලකයා ආදර්ශවත් නේද?
එහෙනම් ඉවසන්න. දරාගන්න. අපි එකිනෙකා අත් අල්ලා ගනිමු. වැටුණ මිනිහව නැගිට්ටවමු. ගංවතුරට අහුවුණ එකාට බත් එකක් දීලා හයියක් වෙමු.
මේ උදාවෙමින් තියෙන්නේ නිකම්ම ආණ්ඩුවක් නෙවෙයි. මේක "පුනරුද යුගයක්".
කැපවීමක් නැතුව ජයග්‍රහණයක් නෑ.
අපි මේ කටුක පාරේ ගිහින්, මල් පිරුණු හෙට දවසක් හදමු!
ජය නියතයි!