බය වුනා

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් ඉතිං වෙන්න ගිය දේ ගැන හිත හිත දුක් වෙලා වැඩක් නෑනේ. ඕක නොව්න එක වාසනාවක්. හැබැයි ඔහොම දේවල් වලින් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. වාහනේ එලවනකොට තමන්ට වැරදී කියලා හිතෙන හැම දෙයින්ම පාඩමක් ඉගෙන ගන්න. එතකොට ගොඩක් දුරට ආරක්ෂාකාරී රිය ධාවනයක් කරන්න පුළුවන.

    මොනම වෙලාවක වත් වෙන දේවල් කල්පනා කර කර වාහනය එලවන්න එපා. එහා පැත්තේ වංගුව පේන්නෙ නැත්තන් කිලෝමිටර් ගානක් ලොරියක් පස්සෙන් ගියත් ඕවටේක් කරන්න එපා. ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඩ්‍රයිවිං කියන්නේ ඉවසීම.
    එක සැරයක් ජයලාල් රෝහන කියනවා එයා වාහනය එලවද්දි හිතාගන්නේ ඉස්සරහින් යන්නෙත් පිස්සෙක්, පස්සෙන් එන්නෙත් පිස්සෙක් තමයි විතරයි හරියට යන්නේ කියලා. අන්න ඒ වගේ තමයි. පුළුවන් තරම් ඉවසීමෙන්, මාරගනීති අනුව වාහනය එලවන්න ඕනේ.

    ඔය කිව්වට මාත් සුදු ඉර කපලා ඕවටේක් කරන අවස්ථා තියනවා. ඒත් වියදම් කරලා ඉරි ගහලා තියන්නේ ඕවා කප කප ඉස්සර කරන්න නෙවෙයිනේ. ඒ නිසා පුළුවන් තරම් නීතියට අනුව ගැලපෙන වේගයෙන් වාහනය එලවන එක තමයි කරනන් ඕනේ.
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    Ow ban kiyala wdk na unata passe.mge issarahin apu wahane signal dala nawaththuwa.mma hithuwe harawanna kyla.manussayek panala...thawa dingen setta pochchiyan....mta orashna wadiy me dws tike...exm ekak..thaththa a tika karaganna denne na hawasata randu krnwa

    සමහර ගොන්නු ඉන්නවා බන් සිග්නල් එක දාන්නේ එක පැත්තක් හරවන්නෙ එක පැත්තක්
    එවෙලේ ඒ මනුස්සයාගේ mind එක වෙන්නත් ඇති
    ඒ උනාට අමාරුවේ වැටෙන්නේ පිටිපස්සෙන් එන මනුස්සය...
    ආයි වෙන්නේ බයික් එහෙම වමෙන් ඉස්සර කරන... ඒක සැහෙන්න අවුලක්...
    ඕව ඉතින් කරන්න දෙයක් නෑ අපි කොච්චර පරිස්සමින් ගියත් වෙන මනුස්සයෙක් අතින් මොකක්හරි වෙන්න පුළුවන්

    Two rules for driving,
    1. Don't catch your delay at road
    2. Don't think about your problems while driving (believe me, I don't even answer a call while driving)

    හම්මට ඔව් ඔව්
    ඔලුව ඒ මොහොකටහරි ගියාම වැඩේ කෙලිය
     
    • Like
    Reactions: Kodiya97 and Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමහර ගොන්නු ඉන්නවා බන් සිග්නල් එක දාන්නේ එක පැත්තක් හරවන්නෙ එක පැත්තක්
    එවෙලේ ඒ මනුස්සයාගේ mind එක වෙන්නත් ඇති
    ඒ උනාට අමාරුවේ වැටෙන්නේ පිටිපස්සෙන් එන මනුස්සය...
    ආයි වෙන්නේ බයික් එහෙම වමෙන් ඉස්සර කරන... ඒක සැහෙන්න අවුලක්...
    ඕව ඉතින් කරන්න දෙයක් නෑ අපි කොච්චර පරිස්සමින් ගියත් වෙන මනුස්සයෙක් අතින් මොකක්හරි වෙන්න පුළුවන්
    සමහරු ඉන්නවා සිග්නල් දැමිලි අයින් කෙරිලි නෑ යන පාරෙම බක් ගාලා නතර කරනවා. ටව්න් එකකින් පිට එලවද්දි ඉස්සරහින් එකෙක් යනවනම් එක්කෝ ඌව ඕවටේක් කරන්න ඕනේ. බැරි නම් අපේ වාහනේ ස්ලෝ කරලා ඌට ඈත් වෙන්න දෙන්න ඕනේ. පස්සෙන් එකෙක් ලගින් එනවනම් ඌට ඕවටේක් කරලා යන්න අරින්න ඕනේ.
    අපේ මිනිස්සු ගොඩක් වෙලාවට ඇක්සිඩන්ට් කරගන්නේ තරගය නිසා. ඕවටේක් කරන්න එනකොට සමහරු හිතන්නේ පස්සෙන් එන එකා ගේම ඉල්ලන්න එනවා කියලා. ඉතිං තියලා අරිනවා. පස්සෙන් එන එකත් වැඩේ අත අරින්නෙ නෑ රේස් එකට සෙට් වෙනවා. ඔනන්න ඔය එකිනෙකා පරයා යන්න තියන උවමනාව ඩ්‍රයිවිං වලදිවත් යටපත් කර ගන්නව නම් ගොඩක් ප්‍රශ්න විසදෙනවා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,739
    113
    අම්බකිස්ස
    • Haha
    Reactions: windows_ubuntu