බය හිතුන වෙලාව

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    බය හිතුන වෙලාව

    බය හිතුන වෙලාව..

    ඔන්න ඉතින් ගුවන් යානයක් හොයා ගත්ත මුල්ම දවස්වල තනි එන්ජිමක් තියෙන යානයකින් මුදල්වලට මිනිස්සුන්ට අරන් රවුමක් දෙකක් යනවලු. ඒ යානයේ ගුවන් නියමුවාට අමතරව යන්න පුලුවන් තව එක්කෙනෙකුට විතරලු..ඔන්න දවසක් වයසක ගොවියෙක් ඇවිත් ගුවන් නියමුවාට කියනවාලු..තමන්ගේ බිරිඳවත් අරගෙන යන්න ඕනෑ කියලා. ලෝබ ගොවියා ඉල්ලීම කරන්නෙ තමන්ගේ බිරිඳවත් අරන් යන්නෙ ඕනෙ සාමාන්‍යයෙන් අය කරන මුදලටම විතරක් කියලලු.ඒ කියන්නෙ දෙන්නෙක් යනවා කියලා වැඩිය ගන්න බෑ... මේ ගොවියාගෙ කන් කෙඳිරිය හින්දම ඔන්න ඉතින් දෙන්නවම අරන් යන්න කැමති උනාලු. එක කොන්දේසියක් උඩ..

    ල හැබැයි මඟදී කවුරු හරි බයවෙලා කෑ ගැහුවොත් ගාන දෙගුණ වෙනවා ල

    දැන් ඉතින් ඔන්න යානය උඩ ගියාලු..අර ගුවන් නියමුවාට ඕනෙ මේ දෙන්නව බය කරලා ගාණ කඩා ගන්න..ඉතින් ගුවන් නියමුවා ඒ අතට මේ අතට හරව හරව…. කරණමක් එහෙම ගහලා අරන් ගියත්...අර දෙන්න සද්දයක්වත් නෑලු... පස්සෙ ඉතින් ඔන්න පොළොවට එන අතරේ ගුවන් නියමුවා කියනවලු ..

    කරණම් ගහද්දී මටත් බය හිතුනා...ඔහේලා හරිම නිර්භීතයිනේ....

    එතකොට අර ගොවියා කියනවලු

    ඒත් එක වෙලාවකදී මට යටි ගිරියෙන් කෑ ගහන්න හිතුනා..ඒත් ගාණ හින්දා......

    ඒ කොයි වෙලාවෙද ?

    කරණමක් ගහනකොට මගේ බිරිඳ බිමට වැටුන වෙලාවේ....
    00-a-staudjpg-JPEG-Image-532x325-pixels-funny-Photo-manipulation-photoshoping-fun-ALBUM-2-girl-Miscellaneous-airplane-comical-planes-nk_large.jpg