බර අඩු කරගන්න අළුත්ම ක්‍රමයක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බර අඩු කරගන්න අළුත්ම ක්‍රමයක්..

    බඩ ගෙඩිය ලොවි ගෙඩිය වගේ ආවත් දැන් කට්ටියට සෑහෙන ප්රශ්නයක්. මොකද දැන් ඉන්න කෙල්ලො කැමති නැහැ මහත් වෙන්න. ඒ වගේම එයාල මහත කොල්ලන්ට කැමතිත් නෑ. ඒ හින්ද ෆිට්නස් සෙන්ටර් වලට හොඳ කළ දසාවක් ලබල තියෙන්නෙ.

    පොඩි පොඩි මිළ ගනන් වල ඉඳල ළොකු මිළ ගනන් වල ට්රෙඩ් මිල් දක්වා, එක එක උපකරණ විකිනෙන්නේ උණු පාන් වගේ.

    ඒ වගේම අළුත් උපකරණ, බෙහෙත් වර්ග, කටු චිකිත්සා ක්රම වගේම, කෑම බීම කොන්ට්රෝල් කරණ ක්රම වගේ ක්රම වලටත් හොඳ මාර්කට් එකක් තියෙන්නෙ.

    අපේ කාළේ නම් තිබුනේ මේකේ අනිත් පැත්ත. ඒ දවස් වල මහත් වෙන්න බෙහෙත් ජාති වල ඇඩ්ස් වලින් තමයි පත්තර පිටු පිරිල තිබුනේ.

    මේ අතරේ සිත් ඇදගන්නා සුළු දැන්විමක් තිබුනලු පත්තරේ පුරුෂ පක්ෂය සඳහා ඉතා කෙටි කළකින් බර අඩු කර ගන්න පුළුවන් බවත් ඒ සඳහා කන්ටැක්ට් කරන්න අවශ්ය දුරකථන නොම්බරත් එක්ක.

    ඉතින් මැදි වයසෙ මහත දෙහෙත පොරක් කෝල් කරාලු මේ නොම්බරේට . එහා පැත්තෙන් මිහිරි කටහඬක් ආවලු.

    “මෙහෙමයි සර් අපේ ගාව තියෙන්නේ,… බර අඩු වෙන ප්රමාණය අනුව චාජ් කරන සිස්ටම් එකක්. හැබැයි එක දවසකින් රාත්තලක් අඩු කරන්න රුපියල් 2000 චාජ් කරණව. ඒක තමා අඩුම පැකේජ් එක….. සර් කැමතිනම් ට්රයි කරල බලන්න පුළුවන් ... මනී බැක් ගැරන්ටී"

    පොර බැලුවලු ට්රයි කරන්නත් එක්ක කමක් නෑ කියල ඇග්රී උනාලු වැඩේට...

    "එහෙනම් සර් හෙට උදේම ට්රැක් කිට් එකක් එහෙම ගහල ලැස්ති වෙල ඉන්න අපේ ඉන්ස්ට්රක්ටර් කෙනෙක් සර් ලගේ ගෙදරටම ඒවී….”

    කිව්ව වගේම උදේ පාන්දරම දොරට තට්ටු කරනවලු.. අපේ පොර දොර ඇරල බැලුවහම අවුරුදු 25 ක විතර සෙක්සි කෙල්ලෙක් ඇඟටම හිරවෙන ට්රැක් කිට් එකක් ගහල දොරකඩලු.. මහත්තය කරකවල අත ඇරියලු..

    සර් මෙන්න මේ නෝට් එක කියවන්නකො කියල ලයාන්විත හඬින් කිව්වලු අර සෙක්සි කෙල්ල.

    පොර නෝට් එක කියෙව්වලු... "මාව ඇල්ලුවොත්, මම ඔයාගේ.." හොල්මන් වෙච්ච පොර නෝට් එකෙන් ඇහ අරන්…. කෙල්ල දිහා බලන කොට කෙල්ල දුවනවලු..

    පොරත් ඇරියේ නැතුව පස්සෙන්ම එලෙව්වලු... එදා හවස, බර මැනල බලන කොට රාත්තල් දෙකක්ම අඩුවෙලාලු.. ඒ ගැන සඳහන් කොරන්නේ නැතුව.. පොර ගත්තලු කෝල් එකක් කොම්පැනියට..

    “ඔයාලගේ ඊළග පැකේජ් එක කීයද…..? ”

    “සර්…. අපේ නෙක්ස්ට් පැකෙජ් එක රෙඩුයුසින් 2 පවුන්ඩ්ස්….. බට් ද ප්රයිස් ඉස් 4000.. මේක හරි ඇට්රෑක්ටිව් පැකෙජ් එකක් සර්. මේක තමයි ගොඩක් පොපියුලර්...”

    ඇග්රී වෙච්ච විදියටම ඊළඟ දවසේ උදේම දොරට තට්ටු කරනවලු.. පොර හොල්මන්ද බේරේ පොල් කොළ උනාලු අවුරුදු 18+ ගැටිස්සියෙක් කොට කලිසම් ට්රැක් කිට් එකකුත් ගහගෙන දොරකඩලු..

    අංකල් මේ නොට් එක .... කෙල්ල කියල එවරකරන්නත් කලින් පොර ගත්තලු නොට් එක උදුරුලම..

    " පුළුවන්නම් මාව අල්ලන්න..... ඇල්ලුවොත් මම ඔයාගේ...."

    එදා හවස බැලුවලු බර.... පොර ෆුල් සප්රයිස් උනාලු.... බර අඩුවෙලාලු 4 ක්ම රාත්තල්...

    "ඔයාලගේ තියෙන හොඳම පැකේජ් එක මොකක්ද...?"

    "සර්... ඒකනම් ගොඩක් එක්ස්පෙන්සිවි... බට්... රාත්තල් 5ක්ම අඩු වෙනව එක දවසකින්... ගාන රුපියල් 10,000….. හැබැයි ටිකක් අමාරු වෙයි සර්.... "

    "ඒකට කමක් නෑ.. මට දෙන්න ඒ පැකේජ් එක...."

    ඊළඟ දවසෙ උදේ සුපුරුදු විදියට දොරට තට්ටු කරනවලු... ඉවසීමක් නැතුව කඩාගෙන ආපු මහත්තය දොර ඇරියලු... හතර රියන් ආනොල්ඩ් සුභසිංහ වගේ පොරක් ඉන්නවලු දොරකොඩ...

    "මේ මොකද මේ...? "

    "ආ කියවනව මේ නොට් එක...." තල් අත්තට බොරළු වැටෙන වොයිස් එකක්..

    "මම උඹව ඇල්ලුවොත්..... උඹ මගේ......"

    "ආහාර මාර්ගයේ ආරම්භය හා අවසානය බේරා ගැනීම සඳහා... පොර දිව්වලු... ඇඩ්රස් නැතිවෙන්නම....."

    ප: ලි: එදා හවස බර මැනල බැලුවම රාත්තල් 10 ක්ම අඩුවෙලාලු
     
    • Like
    Reactions: xcute_shake

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කාලෙකට ඉහතදි රසවිදපු සටහනක්, ඒත් හැමදාම කියවනකොට මේක රසවත්
    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ