බර කරේ තියන් යෑම
ස්කන්ධයන්ගෙන් එකක් වන මේ ශරීරය ඇත්තටම මහා බරක්. අපි ශරීරිය පවත්වාගෙන යනවා කියනවා කියන්නේ මහා බරක් අරන් යනවා කියන එකයි. අපි ඒකට ඇඳුම් අන්දද්දි නැත්නම් කෑම ගිල්ලද්දි අපි කරන්නේ බරක් අරන් යන එක. ඒ කියන්නේ අපි රූපස්කන්ධයේ සේවකයෝ කියන එකයි. ඇඟට ඇඳුම් අන්දලා, කෑම කවලා අපි ශාරීරික වශයෙන් වගේම මානසික වශයෙනුත් වින්දනයක් ලබනවා. මේ කියන්නේ වේදනාස්කන්ධයට සේවය කරනවා කියනවා එකයි. ඒ වගේම අපේ මේ ඇඟ බලාපොරොත්තු වෙන්නේ හොඳ දර්ශනයන් වගේම මිහිරි ශබ්දයන්. මේවා සිහිය එක්කයි බැඳිලා තියෙන්නේ. ඒකෙන් කියන්නේ අපි විඥ්ඥාණස්කන්ධයටත් සේවය කරනවා කියන එකයි.
මේ ත්‍රිවිධාකාරයේ බර අපිට පේනවා අපි බලන්නේ නැති වුනාට. රූපස්කන්ධය කියනවා " මට හොඳට කවන්න. මන් කැමති දේවල් මට කන්න දෙන්න එහෙම නොවුනොත් මන් ලෙඩ වෙනවා, නැත්නම් දුර්වල වෙනවා. එහෙමත් නැත්නම් මන් මැරෙනවා" කියලා. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒක සන්සිඳවන්න. හොඳයි නැද්ද?
වේදනාස්කන්ධයත් කියනවා, "මට සැප වින්දනයන් දෙන්න. එහෙම නොවුනොත් මන් කණස්සළු වෙනවා. නැත්නම් වේදනාකාරී වෙනවා. එහෙමත් නැත්නම් මැරෙනවා" කියලා. ඉතින් අපිට සිද්ධ වෙනවා වින්දනාත්මක දේවල් පස්සේ දුවන්න වේදනාස්කන්ධය සනසවන්න.
විඥානස්කන්ධයත් අපිට කියන්නේ, "මට හොඳ දර්ශනයන් දෙන්න, මට මිහිරි ශබ්දයන් අහන්න දෙන්න,මට ඕනා ඉන්ද්‍රියන්ට සුන්දර දේවල්. මට ඒවා හොයලා දෙන්න. එහෙම නොවුනොත් මන් මාව නොසතුටු කෙනෙක් කර ගන්නවා. එහෙමත් නැත්නම් මැරෙනවා" කියලා. ඉතින් ඔන්න අපිට ඒවත් කරන්න වෙනවා.
මේ ස්කන්ධයන් තුන අපිට තර්ජනයන් කරමින් ඉන්නේ හැම වෙලාවෙම වගේ. ඉතින් මේවා අපිට මහා බරක්.
මීළඟට සංඛාරස්කන්ධය කියන්නෙ තවත් බරක්. අපේ එදිනෙදා ජීවිතය සතුටින් ගෙවන්න අපිට උවමනා වන නිසා අපිට සිද්ධ වෙනවා ඒ සන්තුෂ්ටිය ඇති කරගන්න නොයෙක් ක්‍රියාවල යෙදෙන්න. හුඟක් වෙලාවලදි මොකක් හරි වැඩක යෙදෙන්න අපිට සිදු වෙනවා. මන් අහලා තියෙනවා සමහර අය කියනවා ගෙදර ගිහිල්ලා නිකන් බලාන ඉන්නවාට වඩා office එකට වෙලා වැඩ කරන එක පුදුම සතුටක් කියලා. සමහරවිට ඔයාලටත් දැනිලා ඇති. ඉතින් මේ විදියට ක්‍රියාකාරීත්වයේ යෙදෙන්න අපිව ධෛර්යමත් කරන්නේ ආශාවෙන් මතු වෙන සිතුවිලි. ඉතින් මේ ක්‍රියාවලිත් අපිට තර්ජනය කරනවා දිනපතාම මේ දේවල් නුදුන්නොත් එක්කො ලෙඩ වෙනවා නැත්නම් මැරෙනවා කියලා. දන්නවානේ අපේ ආශාවන් ඇති පමණට සන් සිඳුනේ නැත්නම් මිනිස්සු මරන්න වුනත් අපි පොළඹෙනවා කියලා. ඉතින් හිතා ගත්තහැකිනේ සංඛාර අපි මත ඇති කරලා තියෙන බර කොයි වගේද කියලා. ඉතින් අපි අපේ කරපිට තියෙන මේ සංඛාරස්කන්ධ නියමාකාරයෙන් උස්සන් යන්නැති වෙනකොට අපි අමනුෂ්‍යයෝ වෙනවා. පව් කරනවා. අපේ ලැජ්ජාව නැති කර ගන්නවා. හුඟක් අපරාධ සිද්ධ වෙන්නේ අපිට මේ සංඛාරස්කන්ධ බර නිසියාකාරයෙන් උස්සන් යන්න බැරි වෙන නිසා. අපරාධකාරයෝ මැරුණම යන්නේ සතර අපායට. යම් විදයකට කුසල් තිබිලා මනුෂ්‍යයෝ වෙලා ඉපදුනත් බොහොම කෙටි ආයු කාලයක් තමයි ඒ අයට තියෙන්නේ. නිතරම ලෙඩ දුක් වලට විවෘතයි. දුප්පත් වෙනවා. යාළු මිත්‍රයෝ නැති වෙනවා. නිතරම ඒ අයට ජීවත් වෙන්න වෙන්නේ බොහෝම භයානක අනතුරුදායක වටපිටාවල් වල.
සංඥාස්කන්ධයත් මහා බරක්. මේ සංඥාවත් එක්ක තමයි අපිට සිදු වෙන්නේ අපේ හැකියාවන් පුහුණු කරන්න. උදාහරණයක් විදියට හොඳ නරක වෙන් කර ගන්න දැනුම හා ප්‍රඥාව ඇති කරගන්න, නරක දේවල් වලින් අපේ මනස ඉවත් කර ගන්න සුදුසු වන විදියට අපේ මතකය හදා ගන්න පුළුවන් වෙන්නේ සංඥාවත් එක්ක. සැප ඇති කරන අරමුණු මනසට ඕනා විදියට දෙන්න බැරි වුනොත් අපේ මනසින් කරන්නේ අනෙක් අයට අයහපත කරන එකම තමයි. මේ දේවල් ඇති වෙන්නේ අපිට සංඥාස්කන්ධ බර නියම විදියට දරා ගන්න බැරි වුනාම.
ඉතින් මේ හැම දෙයක් නිසාම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පංචඋපාදානස්කන්ධයම මහා බරක් කියලා.
අපි මේ ස්කන්ධයන්ගෙන් ඇති වෙන බර කරේ තියාන යන්නේ පොඩි කාලෙකට නෙමේ, විනාඩියකට දෙකකට නෙමේ, දවසකට නැත්නම් සතියකට අවුරුද්දකට නෙමේ ආත්ම ගණනකට, කල්පෙකට නෙමේ. අපි මේ බර සංසාරේ ඉපදුන දවසේ ඉඳන් කර ගහන් යනවා. සංසාරෙට ආරම්භයක් පේන්නේ නෑ. ඒ වගේම කොයි විදියට ඉවර වෙන්නෙ කවද්ද කියන්න ක්‍රමයකුත් නෑ. සංසාරේ අවසාන කරන්න පුළුවන් වෙන්නේ මනසට වද දෙන ක්ලේෂයන් සම්පූර්ණයෙන්ම නැති කරලා අරහත් ඵලය ලබා ගත්තම තමයි. එතකන් බර කරේ තියන් යන්න වෙනවා. (භාර සූත්‍රය ඇසුරින්)