බලන්න ඔයාලත් 5 හේ හපනෙක්ද කියලා

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    එක්සත් ජනපද රැප් ගායක සෙඩි විල් විසින් කාන්තාවන් පස් දෙනෙකු එකවර ගැබ් ගැනීමෙන් පසු සියල්ලන් සමග සාදයක් පවත්වා තිබේ.
    ෆයිව්-ඉන්-වන් සාදය සඳහා එක්වීම අන්තර්ජාලය තුළ ජනප්‍රිය වී ඇත.
    සෙඩි විල් එම අවස්ථාව කාන්තාවන් පස් දෙනා සමගම සමරනු වීඩියෝ දර්ශන වල දැකීමෙන් බොහොමයක් පිරිස් තවමත් පුදුමයට පත්ව සිටින අතර සියල්ලෝම ඉතා සුහදව අවංකව එම දර්ශන වල පෙනී සිටි බව හඳුනාගන්නට ලැබේ.
    29 හැවිරිදි Lizzy Ashliegh සහ තවත් කාන්තාවක් මෙම සිදුවීම TikTok සමාජ ජාලය හරහා බෙදාගෙන ඇත.
    එයට මිලියන 10.5 කට වඩා වැඩි නැරඹුම් ලැබී ඇත
    එහි සිටින ගැබ් ගත් කාන්තාවක් වීඩියෝව තුළ කියා සිටියේ “අපි එකිනෙකා පිළිගත්තා. එය කුඩා දරුවන්ට වඩා හොඳය, ” යනුවෙන්ය.
    මොවුන් පස්දෙනා වෙනුවෙන් සුදානම් කල (දරුවෙකු අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් සඳහා පවත්වන ලද සාදයට ) මොවුන්ගේ පියා වන එක්සත් ජනපද රැප් ගායක Zeddy Wills ද සහභාගී වී ඇත.