බලන් යහපාලනය වැහෙන අසිරිය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    බලන් යහපාලනය වැහෙන අසිරිය

    කුජීතයි


    sl_port.gif


    sri%2Blanka%2Bports%2Bauthority.jpg


    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා කාර්යාලයට අද (05) පස්වරුවේ සීල් තබා ඇතැයි වරාය ආරක්ෂක අංශ පවසයි.
    වරාය විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ නියෝගය මත ඔහුගේ සොයුරු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා විසින් මෙම පියවර ගෙන ඇතැයි එම ආරංචිමාර්ග තවදුරටත් කියා සිටී.

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශයේ ප්‍රධානියා වන්නේ ප්‍රවීන ක්‍රිකට් විචාරකයෙකු වන නලින් අපොන්සු මහතාය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සාමාජිකයෙකු ලෙස දිගුකලක් කටයුතු කර ඇති අයෙකි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජයේ උප සභාපතිවරයෙකු වන අපොන්සු මහතා ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාද වේ.

    ජනසතු සේවා ක්‍රිකට් සංගමය පසුගියදා රැස්වී ක්‍රිකට් නිළවරණයේදී සභාපතිධූරය සඳහා තරගවැද සිටින තිලංග සුමතිපාල මහතා වෙනුවෙන් සිය ඡන්දය පාවිච්චි කරන ලෙස තීන්දුවකට එළඹියද, පසුගිය 03 වැනිදා පැවති ක්‍රිකට් ආයතනයේ නිළවරණයේදී සභාපතිධූරය සඳහා පැවති ඡන්දයේදී අපෙන්සු මහතා ඡන්දය දීමෙන් වැලකී සිටියේය. එහෙත් උප සභාපතිධූරය සඳහා තරග වැදුණු තම විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා වෙනුවෙන් අපොන්සු මහතා සිය ඡන්දය පාවිච්චි කළේය.

    ජනසතු සේවා ක්‍රිකට් සංගමය තිලංග සුමතිපාල මහතාට පක්ෂව ඡන්දය දීමට තීන්දු කළද, නිශාන්ත රණතුංග මහතාට එම ඡන්දය ලබාදෙන්නැයි රණතුංග පාර්ශ්වයෙන් බලපෑම් තිබූ බව කියවේ. ජනසතු සේවා ක්‍රිකට් සංගමය නියෝජනය කරන රාජ්‍ය ආයතනවල නිළධාරීන්ට රණතුංග පාර්ශ්වයෙන් දැඩි බලපෑම් එල්ල වූ බව ක්‍රිකට් ආයතනයේ නව සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (04) මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටි අතර එසේ තර්ජනයන් පටිගත කළ දුරකතන සංවාද ඉදිරියේදී මාධ්‍ය වෙත ලබාදීමට සභාපතිවරයා මාධ්‍යවේදීන්ට පොරොන්දු වී තිබේ. මෙහිදී රවී කරුණානයක මහතාට අයත් මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරී රොෂාන් යාපා මහතාටද මෙසේ රණතුංග පාර්ශ්වය විසින් දුරකතනයෙන් තර්ජනය කර තිබේ.

    නිළවරණයෙන් පැය 24 ක් ඉක්මයාමට මත්තෙන් නලින් අපොන්සු මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල වී තිබේ. එමෙන්ම අද පෙරවරුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පිරිස් කළමනාකරු කැඳවා ඇති සභාපති ධම්මික රණතුංග මහතා නලින් අපොන්සු මහතාව අස්කිරීමට කුමන හෝ කාරණයක් වහාම සොයාගන්නා ලෙස උපදෙස් දී තිබේ. 'හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රමව පටලවා හෝ චෝදනාවක් නිර්මාණය කරන ලෙස' ධම්මික රණතුංග මහතා පිරිස් කළමනාකරුට උපදෙස් දුන් බව වරායේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    මේ අතර නලින් අපොන්සු මහතා බියවැද්දීම සඳහා විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා විසින් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිපිගොනුවක් යැවූ බවද වාර්තා වේ.


    http://www.egossip.lk/2016/01/blog-post_6.html

    http://sinhala.lankanewsweb.net/news/special-news/item/2266-2016-01-05-18-17-50
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    update


    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාශයේ ප්‍රධානියාගේ කාර්යාලයට ඊයේ(5) සීල් තබා ඇති අතර අද වන විට සීල් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.


    ඔහුට එරෙහිව ආයතනික විමර්ශනයක් ද ආරම්භකර ඇති බවයි වරාය ආරංචි මාර්ග සඳහන් කළේ.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සාමාජිකයෙකු ලෙස දිගුකලක් කටයුතු කර ඇති වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශයේ ප්‍රධානියා වන නලින් අපොන්සු මහතා අධිකාරියේ ක්‍රීඩා සමාජයේ උප සභාපතිවරයෙකු වන අතර ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාද වනවා.


    ජනසතු සේවා ක්‍රිකට් සංගමය පසුගියදා රැස්වී ක්‍රිකට් නිළවරණයේදී සභාපතිධූරය සඳහා තරගවැද සිටින තිලංග සුමතිපාල මහතාට පක්ෂව සිය ඡන්ද දෙක පාවිච්චි කිරීමට තීන්දුවකට එළඹ තිබුණා.


    එහෙත් නලින් අපොන්සු මහතා සභාපතිධූරය සඳහා පැවති ඡන්දයේදී ඡන්දය දීමෙන් වැළකී සිටි අතර උප සභාපතිධූරය සඳහා තරග වැදුණු තම විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට පක්ෂව ඔහු සිය ඡන්දය පාවිච්චි කළා.


    නිශාන්ත රණතුංග මහතාට ඡන්දය ලබා නොදීමේ හේතුව මත වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් පරිදි අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා ඔහුගේ කාර්යාලයට ඊයේ (05) පස්වරුවේ සීල් තබා ඇතැයි වාර්තා පළ වනවා.


    මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකුගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ දැනුම් දීමකට අනුව ලිපි ගොණු පරීක්ෂාවක් සඳහා මෙය සිදු කළ බවයි.


    අද(06)පෙරවරුවේ සීල් කඩා අදාළ ලිපි ගොනු ඉවතට ගෙන ඇති අතර වරායේ ආරංචි මාර්ග සඳහන් කළේ එම ලිපි ගොණු මීට පෙරද පරීක්ෂා කර ඇති බවයි.
    (සුගත් ධර්මප්‍රිය)

    නෙත් ෆ්ම්



    http://offair.nethfm.com/article/31508
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර්ජුන කවුද කියලත් දැන් ලoකාවම දන්නව, පවුල් පාලනේ එපො කියල බෙරිහන් දුන්නට ඌත් ඒකම කරනව
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    අර්ජුන කවුද කියලත් දැන් ලoකාවම දන්නව, පවුල් පාලනේ එපො කියල බෙරිහන් දුන්නට ඌත් ඒකම කරනව

    මරු සෙට් එක තමයි පත් කරගෙන තියෙන්නේ. අයිය මලෝ ගැන්සිය. දේශපාලනේ මොකක් උන්ත් අපිට අර්ජුන ගැන ඉස්සර ගවුරවයක් තිබ්බ රටට ලෝක කුසලානය දින ගත්තු නායකයා කියල. මේවයින් මිනිහ නම කැත කර ගත්ත
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Arjuna most of people knows about him when he talks one and do 100% others side
    He also let Demolish and give access road to araliya hotel so many under games are playing:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරු සෙට් එක තමයි පත් කරගෙන තියෙන්නේ. අයිය මලෝ ගැන්සිය. දේශපාලනේ මොකක් උන්ත් අපිට අර්ජුන ගැන ඉස්සර ගවුරවයක් තිබ්බ රටට ලෝක කුසලානය දින ගත්තු නායකයා කියල. මේවයින් මිනිහ නම කැත කර ගත්ත
    :yes::yes::yes: පවුල් පාලනේ දුශිතායි කියල බෙරිහන් දුන්න එකා :oo:
     

    Similar threads