බලයට_කවුරු _ආවත්....

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බලයට_කවුරු _ආවත්....

    කවුරු බලයට ආවත්...


    අද වනවිට තීරණාත්මක සන්ධි ස්‌ථානයකට රට පැමිණ තිබේ. එක පැත්තකින් තීරණාත්මක මැතිවරණයකි. අනෙක්‌ පැත්තෙන් ජාත්‍යන්තර බලපෑම්ය. ඒ සියල්ල අතරේ උතුරු පළාත හා නැගෙනහිර පළාත ඒකාබද්ධ කිරීම් ගැන විවිධ මත පළවෙමින් තිබේ. තවත් පිරිස්‌ ෆෙඩරල් - ස්‌වයංපාලන අයිතිය - ඉඩම් බලතල - පොලිස්‌ බලතල ආදිය ගැන විවිධ මතවාද පළ කරමින් සිටිනු දක්‌නට ලැබේ.
    වෙනම රටක්‌ යුද්ධයෙන් දිනාගත නොහැකිවූ පිරිස්‌ අද වෙනත් මුහුණුවරකින් ජාත්‍යන්තරයද සම්බන්ධ කර ගනිමින් තම සටන ආරම්භ කර තිබේ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්ණායකවලට අනුව එක්‌ රටක්‌ තවත් රටකින් වෙන්කර හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධානතම කොන්දේසිය වන්නේ නිශ්චිත භූමියක්‌ පැවතීමයි. එම භූමියේ නිශ්චිත ජනතාවක්‌ ජීවත්වීම, ආර්ථිකයක්‌ පැවතීම, ස්‌වාධිපත්‍යය පැවතීම යන කරුණු කාරණා එක්‌වූවිට එම රට අනෙකුත් රටවලින් අනන්‍ය වූ රටක්‌ ලෙස හඳුනාගත හැක. උතුරු හා නැගෙනහිර පළාත් දෙක වෙන වෙනම පවතින විට මේ කරුණු සම්පූර්ණ නොවුණද එම පළාත් ඒකාබද්ධ කළවිට වෙනම රටක්‌ ලෙස සැලකීමට අවශ්‍ය කරුණු සම්පූර්ණ වේ. මේ නිසා උතුරු නැගෙනහිර නැවත වරක්‌ ඒකාබද්ධ කිරීම යනු බරපතල කාරණයක්‌ බව රටේ ජනතාව හොඳින් මතකයේ තබාගත යුතුව තිබේ.
    ජාතික ගැටලුවට විසඳුමක්‌ සෙවීමට නම් උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බව දෙමළ සන්ධානයේ ඉල්ලීම වී තිබේ. මේ බව ඔවුන් විසින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි වෙතද පවසා තිබුණි. දෙමළ ජාතික සන්ධානය පමණක්‌ නොව ත්‍රස්‌තවාදයට හිතවත් කණ්‌ඩායම් රැසක්‌ම එම ඉල්ලීම කර තිබේ.
    1987 දී ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු උතුර හා නැගෙනහිර එක්‌ පළාතක්‌ බවට පත්කරන ලදී. ත්‍රස්‌තවාදයෙන් මේ දෙපළාත ගලවා ගන්නා ලද්දේ යුද ජයග්‍රහණයෙන් පසුය. අනතුරුව අධිකරණයට ගොස්‌ නඩු කියා උතුර සහ නැගෙනහිර නැවත වතාවක්‌ පළාත් දෙකක්‌ බවට පත්කරගන්නා ලදී. ඉදිරියේදී නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන බවට විවිධ පාර්ශව මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ. එම නව ව්‍යවස්‌ථාවේ අඩංගු කරුණු කාරණා මොනවා දැයි එම පිරිස්‌ විසින් තවමත් රට හමුවේ ප්‍රකාශ කර නැත. මෙය බරපතල කාරණයකි. එම නිසා ප්‍රධාන පක්‌ෂ විසින් තමන් ගෙන ඒමට අපේක්‌ෂා කරන නව ව්‍යවස්‌ථාවේ අඩංගු කරුණු පිළිබඳව රට හමුවේ පැහැදිලි ප්‍රකාශයක්‌ කළ යුතුය. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ කවර හෝ වෙනයම් දේ කියා බලය ලබාගෙන විවිධ පාර්ශව වලට අවශ්‍ය පරීéණ, ව්‍යවස්‌ථාවන් ගෙන ඒමය. එවිට ජනතාව ඡන්දය දී අවසන් බැවින් ජනතාවට කළ හැකි දෙයක්‌ ද නොමැත.
    පෙඩරල් ගුණාංග ලක්‌ෂණ සහිත ව්‍යවස්‌ථාවන් ගැන පසුගිය දිනවල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා නිර්මාණය සඳහා මූලිකත්වය ගත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකාවට පත්ව සිටින නව ඇමරිකානු තානාපති අතුල් කෙෂප්ගේ පසුගිය කාලයේ ප්‍රකාශවලින් ඉඟි පළවී තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා ඒ සම්බන්ධයෙන් විවිධ දේ පවසා තිබේ. නව ඇමරිකානු තානාපති අතුල් කෙෂොප් ඉන්දීය සම්භවයක්‌ සහිත ඇමරිකානු ජාතිකයෙක්‌ වන අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකි. ඔහු 2014 වසරේදී ඇමරිකානු රජයේ නියෝජිතයකු ලෙස මෙරටට පැමිණි මොහොතේ මෙරට පුවත්පත් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ලංකාව ගැන සඳහන් කරමින් ඔහු ''පෙඩරල් ව්‍යවස්‌ථාව''යන යෙදුම පවා කීප වරක්‌ භාවිත කර තිබුණි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට පෙඩරල් විසඳුමක්‌ අවශ්‍ය බවත් ඒ සඳහා සහය දීම ඇමරිකා එක්‌සත් ජනපදයේ අභිලාෂය බවත් එදා පැවසූ පුද්ගලයා අද ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස පත්වී සිටී. මේ කිසිවක්‌ අහඹු සිදුවීම් නොවන බව අපගේ අදහසය.
    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණ මෙරට පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේද ශ්‍රී ලංකාව 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට යායුතු බවය.
    විසිපස්‌ වසරකට පෙර එනම් 1990 මාර්තු 1 දා උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිවූ අන්නාමලෙයි වර්ධරාජා පෙරුමාල් ස්‌වාධීන ස්‌වෛරි ප්‍රජාතන්ත්‍රවාදී ඊලම් ජනරජය යෑයි කියමින් ත්‍රිකුණාමලයේ සිට ඊලම් රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත් කළේය.
    අනතුරුව ඔහු එවකට පැවැති රජයට ඉල්ලීම් 19 ක්‌ යොමු කර එකී ඉල්ලීම් වහාම ඉටු කළ යුතු බව පළ කළේය. ඊ. පී. ආර්. එල්. එෆ්. නමැති සංවිධානය බිහිකිරීමේ පුරෝගාමියකු වූ වර්ධරාජා පෙරුමාල් ගේ සියලු ක්‍රියාදාමයන් පසුබිමේ සිටියේ ඉන්දීය 'රෝ' ඔත්තු සේවාවයි.
    අදත් මේ සියලු කාරණා අතරේ ඉන්දීය රෝ ඔත්තු සේවා මෙරට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව රහසක්‌ නොවේ. වගකිවයුතු පාර්ශව සියල්ල මේ අවස්‌ථාවේ විමසිලිමත්ව කට යුතු කළ යුත්තේ කවුරුන් බලයට පත්වුවත් අපට රටක්‌ ඉතිරි විය යුතු නිසාය.


    දිවයින කතුවකියෙනි
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දිවයින....
    අර මහින්ද එක්ක නැගිටින්න යන වෙල්ගමගේ පත්තරේ නේද බං..?
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පෙඩරල් ක්‍රමය කොහොමත් ලන්කවට ගැලපෙන්නෙ නැහැ. එ වගෙම කොටි පෙන්නනලා... රට කැඩෙනවා කියලා පෙන්වලා ච්න්ද ගන්න ඉන්න්වන්ම් කවුරු හරි එකත් වැර්දි. රට කියන්නෙ මොකද්ද කියලා තෙරුම් ගන්න ඔනි මිලින්ම.
    රට කියන්නෙ මෙ පස් ගොඩ විත්‍රක් කියලා හිතන් ඉන්න්වා නම් එක බොහොම වැරදි. රට කියන්නෙ රටෙ මිනිසුන්. මිනිසුන්ගෙ අනාගත්ය මිනිසුන්ගෙ බලපොරොත්තු.

    ලොකු කොහෙ හරි නායකයෙක් මිනිසුන රටට තියන ජාතික හැගිම පවිච්චි කරලා බලයට ඇවිත් එ රටෙ ජනතාවගෙ සල්ලි සම්පත් අයතා විදියට පලනය කරනවන්ම් නාස්ති කරනවන්ම් එ එහෙම නයකයන්ට රටෙ පවතින්න බැහැ. මිනිසුන්ගෙ ප්‍රතික්ශෙප වෙනවා.

    එ ප්‍රතික්ශෙප උනායින් පස්සෙ කොච්ච්ර හඩන්න හැදුවත් එක හැදන්න බැහ.

    අනික ම් ච්න්ද කාලෙටම කොටි එයි කියන එක තම්යි අප්සට් එක
     
    පෙඩරල් ක්‍රමය කොහොමත් ලන්කවට ගැලපෙන්නෙ නැහැ. එ වගෙම කොටි පෙන්නනලා... රට කැඩෙනවා කියලා පෙන්වලා ච්න්ද ගන්න ඉන්න්වන්ම් කවුරු හරි එකත් වැර්දි. රට කියන්නෙ මොකද්ද කියලා තෙරුම් ගන්න ඔනි මිලින්ම.
    රට කියන්නෙ මෙ පස් ගොඩ විත්‍රක් කියලා හිතන් ඉන්න්වා නම් එක බොහොම වැරදි. රට කියන්නෙ රටෙ මිනිසුන්. මිනිසුන්ගෙ අනාගත්ය මිනිසුන්ගෙ බලපොරොත්තු.

    ලොකු කොහෙ හරි නායකයෙක් මිනිසුන රටට තියන ජාතික හැගිම පවිච්චි කරලා බලයට ඇවිත් එ රටෙ ජනතාවගෙ සල්ලි සම්පත් අයතා විදියට පලනය කරනවන්ම් නාස්ති කරනවන්ම් එ එහෙම නයකයන්ට රටෙ පවතින්න බැහැ. මිනිසුන්ගෙ ප්‍රතික්ශෙප වෙනවා.

    එ ප්‍රතික්ශෙප උනායින් පස්සෙ කොච්ච්ර හඩන්න හැදුවත් එක හැදන්න බැහ.

    අනික ම් ච්න්ද කාලෙටම කොටි එයි කියන එක තම්යි අප්සට් එක


    ඒ වුණාට ෆෙඩරල් ගේනවා කියලා චන්ද්‍රිකා කිව්ව, රනිල් කිව්වා, ජයම්පති කිව්වා.....ඔයා කවුද නැහැයි කියන්න
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ වුණාට ෆෙඩරල් ගේනවා කියලා චන්ද්‍රිකා කිව්ව, රනිල් කිව්වා, ජයම්පති කිව්වා.....ඔයා කවුද නැහැයි කියන්න

    :lol::lol: කවුද නැහැ කිවුවෙ පෙඩරල් වලට විරුද්ද් නිසා තමයි රනිල් පැරද්දුවෙ:lol:

    සුනාමි සහන මන්ඩ්ලයට විරුද්ද් උනෙ... මහ්න්දනෙ ඩො ඉදිපත් කලෙ :lol: ලොල් සින් එක මහින්ද දෙශප්‍රෙමෙන් සුනමි සහන මන්ඩලයය ඉදිරුපත් කල් :lol: