මේ යකාට උබලා කැමති නැති උනත් මෙතන මේ කියන කතා ටික මාර වටිනවා
යුරෝපීය ඉතිහාසය - ප්‍රංශ විප්ලවය 1789
දේශපාලන සමාජයීය සංස්කෘතික හා ආර්ථික පසුබිම හා ඉන් ඇතිවූ ප්‍රතිඵල
************************************************
1789 දී ඇතිවුනු ප්‍රංශ විප්ලවය මුළු මහත් යුරෝපයම දෙදරවාලූ හා ලෝක දේශපාලන සංකල්ප හා වින්තනයන් වෙනතකට හැරවීමට ප්‍රධාන වූ මානව ඉතිහාසයේ වැදගත් සන්ධිස්තානයක් බව සිතිය හැක. එය හදිසියේ ඇතිවූ විප්ලවයකට වඩා කාලයක් තිස්සේ ක්‍රමයෙන් වැඩී ආ කරුණු වලින් ඇතිවූ සංසිද්ධියකි.
1799 නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ බලයට පත්වන තුරැ පැවති විප්ලවය මගින් එවකට ප්‍රංශයේ පැවති සියළුම දේශපාලන ආයතන අතුගා දැමිණ. විප්ලවයට පෙර ප්‍රංශයේ වූයේ රාජාණ්ඩුවකි.
එකල්හි මධ්‍යතන යුරෝපීය සමාජ ක්‍රමය හැඩ ගැසී තිබුනේ වැඩවසම් ක්රමයකටයි. රජු සමාජයේ නායකයා වූ අතර පල්ලිය හා පූජකවරු ප්‍රථම ප්‍රජා ගණය ලෙසද ඉඩම් හිමි වංශාධිපතියන් දෙවන ප්‍රජා ගණයටද පොදුජනයා ප්‍රථම ප්‍රජා ගණය ලෙසද සමාජය බෙදා තිබුනි. දේශපාන වශයෙන් රජු ප්‍රමූඛ උසස් වංශාධිපතියන්ට හා උසස් පූජකයින්ට සියළු වරප්‍රසාද හිමිවිණ පාලන ක්‍රමයක් පැවතිණි. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ත්‍රිවිධ බල රජු සතුව පැවතිණි.
1. විප්ලවයට පෙර ප්‍රංශ සමාජය
2. විප්ලවයට පෙර ප්‍රංශ දේශපාලන තත්වය
3. ප්‍රංශ විප්ලවය බලපෑ ආර්ථිකමය හේතු
4. ප්‍රංශ විප්ලවයට බලපෑ බුද්ධිමය ප්රබෝධය
5. ප්‍රංශ විප්ලවයේ ආරම්භය 6. මිනිස් අයිතිවාසිකම් ප්රකාශනය
7. ප්‍රංශ විප්ලවයේ විකාශණය
8. ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල
9. ප්‍රංශ විප්ලවය යුරෝපීය බලපෑම
10. ඔබේ අදහස්
නිර්මාණය ඊ ෆියුශන් ශිල්ප සයුර ව්‍යාපෘතිය 2006
1. විප්ලවයට පෙර ප්‍රංශ සමාජය
ඉහලට
ප්‍රථම ප්‍රජාගණය
ප්‍රංශයේ වගාකල බිම් පහෙන් එකක් අයිතිව තිබුණේ පල්ලියටය. ප්‍රංශ පල්ලි පාලනය කළ ආච් බිෂොප්, බිෂොප් සහ ඇබට් වරුන් වැනි ප්‍රධාන පෙළේ පූජකයින්ට ආණ්ඩුව කෙරහි බලපෑම් කිරීමට හැකිවී තිබුණි. පල්ලිය සියළුම බදු වළින් නිදහස් වූ අතර ඔවුන් වංශාධිපතිවරැන් සමග රාජාණ්ඩුවට සහය දැක්වූහ. උසස් පංතියේ හා පහල පංතියේ පූජකයින් දෙවර්ගයක් සිටි අතර උසස් පංතියේ පූජකයෝ අධ්‍යාත්මික අංශයෙන් කිසිවක් නොකල වරප්‍රසාද ලත් කොටසක් විය.
පල්ලිය ජනතාවට ප්‍රජා සේවය වෙනුවෙන් 'තීද්' නම් බද්දක් අය කළ අතර ඉගැන්වීම සඳහා ආගමික මධ්‍යස්ථානය පවත්වාගන ගිය පහළ පන්තියේ පූජකවරු ඉතා දුක්ඛිත ජීවිත ගත කළහ. පහල පංතියේ පූජකයෝ මහජනතාවගේ ආගමානුකූල දිවිපෙවෙත සැකසීමේලා ද උදව් වූහ.
දෙවන ප්‍රජාගණය
දෙවන ප්‍රජාගණය වූ වංශාධීපතීන්ට අයත් පවුල් 80000 ක් පමණ ප්‍රංශයේ සිටියහ. රිචලියු ගේ පාළන සමයේ සිට ප්‍රංශයේ වැඩවසම් ක්‍රමය පරිහානියට ලක්ව තිබුණු මුත් ඔවුනට බදු නොගෙවා සිටීම, ප්‍රංශ පරිපාලන රටාවේ ඉහල තනතුරුවලට පත්වීම සහ ගොවීන්ගෙන් අයකළ විවිධ වැඩවසම් දීමනා මගින් විශාල ආදායමක් උපයා ගනිමින් විවිධ වරප්‍රසාද රැසක් භුක්ති වින්දහ.
මෙම රදළ ක්‍රමය පරපුටු පිළිලයක් බවට පත්වූ අතර වංශාධිපතිවරන්ගේ සුඛෝපභෝගී ජීවිත වලට තමන් නිකරුනේ බදු ගෙවන බවට හැඟීමක් ගොවි ජනතාව තුළ වර්ධනය වෙමින් පැවතුණි.
තුන්වන ප්‍රජාගණය
තුන්වන ප්‍රජාගණය ගොවීන්, ශිල්පීන් හා මධ්‍යම පාන්තිකයෝ වූහ. උගත් මධ්‍යම පන්තිය වෙළෙදුන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් හා නීතිඥයින් ගෙන්ද සමන්විත වූ අතර ප්‍රංශ සමාජ විශමතා සහ ඒකාධිපති රාජාණ්ඩුව විසුන් අයකරන අසාධාරණ බදු කෙරෙහිද ඔවුනට මනා අවබෝධයක් තිබිණි.
ප්‍රංශ විප්ලවය ආරම්භ කිරීමේලා ප්‍රධානතම බලවේගය සැපයුනේ මෙවුන් ගෙනි. ගොවි ජනතාව නිරතුරුවම වංශාධිපති රදළයින්ගේ ගැහැටට ලක් උණහ. ගොවීන් හා ශිල්පීන් ගතකලේ ප්‍රවෙණි දාසයන් මෙන් ඉතාම දුක්ඛිත ජීවිතයකි.
ඔවුන් දවස පුරා ගොවිබම් වල හා කර්මාන්තයන් වල වැඩ කළද ගෙවීමට වූ අධික බදු නිසා උපයන යමකින් ඉතිරි වූයේ ඉතා සුළු ප්රමාණයකි. ආහාර මිළ අධික වීම සහ හිඟකම ඔවුන් මුහුණ පෑ තවත් ප්රශ්නයකි. ඔවුන් නිතිපතා බදු එකතු කරන්නන්ගේ පීඩාවට භාජනය වූවෝය.
ප්‍රංශ අධිකරණ ක්‍රමයට අනුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට නීතී මාලාවන් දක්නට ලැබුණු අතර නීතියේ කිසිම සමානතාවයක් කිසිසේත් නොතිබුණි. අධිකරණ උසාවි ගණනාවක්ම තිබූ අතර ඒවා වංශාධිපතියන්ගේ අයිතුවාසිකම් රැකීමට යොදාගැණි. විනිශ්චයකින් තොරව මිනුසුන් මරණයට පත්කිරීමටත්, සිර කරතැබීමටත් හැකිවූ අතර රදළයින් මෙම උසාවිවල වරප්‍රසාද ලත් විනිශ්චය කරුවන් වූහ. දේශපාලන වරප්‍රසාද හැර අන් සෑම බලයක්ම රජ මාලිගයේ වංශාධිපතීන්, දිසා භාර වංශාධිපතීන්, ප්‍රදේශ වංශාධිපතීන් ආදී කොටස් අත විය. වංශාධිපතියන් ඉඩම් හිමිකරුවන් වූ අතර ගොවි ජනතාවගේ ශ්‍රමය සූරා කෑ පිරිසක් බව හැඳින්විය හැක.
2. විප්ලවයට පෙර ප්‍රංශ දේශපාලන තත්වය
14 වන ලුවීගේ මරණයෙන් 1715 දී ප්‍රංශයේ අසහාය රාජාණ්ඩු බලය අවසන් විය. ඉන් පසු ප්‍රංශයේ රජ වූයේ ඔහුගේ පස් හැවිරිදි මුණුපුරුය. 15 වන ලුවී රජ කාලයේ ප්‍රංශය විවිධ යුද්ධ ගණනාවක පැටළුනි.
ඕස්ට්‍රියා කිරුළ සඳහා කළ සත් අවුරුදු යුද්ධයට විශාල මුදලක් වැයවූ අතර ප්‍රංශයට තම යටත් විජිතයද අහිමිවිණි.
ගොවි ජනතාව වෙත බදුබර පැටවූ 15 වන ලුවී රජ "මගෙන් පසුව කල්පාන්තයයි" යි කියමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේය. රටේ ප්‍රශ්න ගැන ඇමතිවරුන් සමග සාකච්චා කිරීම මගහැර උසස් පදවි සඳහා තම හිතවතුන් පත්කර රාජ්‍ය පාලනය ද අවුල් කළේය. යුද්ධය නිසා ප්‍රංශ භාණ්ඩාගාරය හිස්වූ නුමුත් ඔහු ඒ ගැනද සැලකිල්ලක්ද නොදැක්වීය.
කතා කිරීමේ නිදහස හා ප්‍රකාශණ නිදහස මැඩ පැවැත්වූ ලුවී රජ පොදු ජනතාව පත්වී සිටි දුක්ඛිත තත්වයෙන් මුදවාලීමටද කිසිදු යහපත් ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකළේය. ප්‍රංශ ආර්ථිකය මේ වනවිට ඉතාමත් පහත් තත්වයකට පත්වූ අතර අධිකරණ ක්රමයද කිසියම් න්‍යායාත්මක ලක්ෂණ නොගන්නා ලදි.
15 වන ලුවී රජුගේ අනුප්‍රාප්තිකයා වූ 16 වන ලුවී රජ රජවන විට විසි හැවිරිදිව සිටියේය. ඥාණවනත හා අභිප්‍රායන්ගෙන් යුක්ත වූ මුත් ප්‍රංශය පරිහානිය කරා ගමන් කිරීම වලක්වාලීම සඳහා කල යුතු බරපතල ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවශ්‍ය එඩිතර ආත්ම ශක්තිය ඔහු කෙරේ නොවීය.
දහසය වැනි ලුවී රජ මාරි ඇන්ටොයිනෙට් බිසව
තම දේශපාලන තම බලතල ක්‍රියාත්මක කිරීමේ ලා දක්ෂයක නොවූ 16 වැනි ලුවී රජ ඇමතිවරුන් ගේ ප්රශස්ති වර්ණනා හා ඕස්ට්‍රියානු ජාතික මාරි ඇන්ටොයිනට් බිසවගේ අවශ්‍යතා හා උපදෙස් අනුව ගත් තීරණවලින් ප්‍රංශයට කිසිදු යහපතක් සිදු නොවීය.
දහතුන්වන ලුවී රජුගේ කාලයේ සිට බුරබන් වංශයේ රජවරුන් විසින් 'ස්ටේට්ස් ජෙනරාල්' නම් ප්‍රංශ මන්ත්‍රණ සභාව වසර 175 ක් තිස්සේ නොකැඳවා රදළයින්ද දේශපාලන කාර්යයෙන් ඉවත් කර තිබූ බැවින් කිසිවෙකුගේ සහයක් හෝ අනුබලයක් 16 වැනි ලුවී රජුට නොලැබිණි. රජ සිය කැමැත්තට පාලනය ගෙනගිය රාජ්‍ය පාලනය ඉතාම දූශිත හා දුර්වල වී තිබුණි. පස් හැවිරිදිව රජවූ 14 වැනි හා 15 වැනි ලුවී රජ කල සිට මෙම තත්වය වර්ධනය වූවා යයිද සැලකිය හැකිය.
3. ප්‍රංශ විප්ලවය බලපෑ ආර්ථිකමය හේතු
ඉහලට
ජනගහණයෙන් සියයට 92 ක් පමණ වූ ප්‍රංශ ගොවි ජනතාව ආර්ථික පීඩනයෙන් වෙලී සිටි අතර රදළයින්ට පූජක සභාවට සහ රජුට මුදලින් හා භෝග වලින් බදු ගෙවිය යුතු විය. රාජකීය වශයෙන් ඇඟ බද්දක් ද තිරිඟු බද්දක් ද ගැබෙල් නම් ලුණු බද්දක් ද ඉඩම් බදු ද ගෙවීමට සිදුවිය. දස භාගය නම් ආදායමෙන් 10% ක බද්දක් පූජක සභාවට ද ගෙවීමට ගොවි ජනතාවට සිදුවිය. විප්ලවයට ආසන්න සමයේ පූජක සභාවට ගෙවිය යුතු මෙම බද්ද 14% දක්වා වැඩි කරන ලදි.
ගැබෙල් නම් ලූණු බද්ද සඳහා රජු පළකල සිතියම මෙහි දැක්වේ. එහි ලූණු බදු ගෙවීම ලුණු ප්‍රමාණය , ලූණු මිළ හා ප්‍රදේශ මත ක්‍රියාත්මක විණි. සමහර ප්‍රදේශ ලුණු බද්දෙන් නිදහස් විය.
මෙම නිසා ලුණු වෙළදාම ජාවාරම් කාරයින් අතරට පත්වූ අතර දූෂිත රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ට සහය ලබා දුණි.
තවද ප්‍රංශ ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත්වූයේ බදුඑකතු කිරීමේ අයිතිය වෙන්දේසියෙන් මිලට ගත් බදුකරුවන්ගේ හිංසා පීඩා වලට ගොදුරුවීම සහ ගෙවිය යුතු බදු වලට වූ අවිනිශ්චිත භාවය නිසාය.
1786 දී ප්‍රංශය හා එංගලන්තය අතර ඇතිවූ ඊඩින්හි ගිවිසුමෙන් ප්‍රංශ වෙළඳ පොළට තීරු බදු රහිතව එංගලන්ත භාණ්ඩ ලබාගත හැකිවීම නිසා ප්‍රංශ ගෘහ කර්මාන්ත පිරිහුන තත්වයක් ඇතිවිය. ප්‍රංශ තීරු බදු හා මූල්‍ය ප්‍රතිපත්ති සැකසී තිබුණේ කිසිම ක්‍රමයකට නොවූ අතර මැනුම් හා කිරුම් මිනුම් ද ක්‍රමවත් නොවිණි.
ඇමරිකානු සිවිල් යුද්ධයට මුදල් හා සේනා සැපයීම නිසා ප්‍රංශ භාණ්ඩාගාරය ෆෑන්ක දස ලක්ෂ හාරසියයක් ණය වී තිබුණි. නියඟයකින් ප්‍රංශ කපු පිළි කර්මාන්තය පිරිහීම නිසා ඇතිවූ රැකියා අහිමි වූවන් පිරිසක්ද ඇතිවී ප්‍රංශ ජනතාව ඉතාමත් අසහනයට පත්ව සිටියහ.
ප්‍රංශ ආර්ථිකය මෙතරම් දුබල වී තිබියදී ගොවි ජනතාව මත තව බදුබර පැටවිණි. ටර්ගෝ නම් එවකට ප්‍රංශ මුදල් අමාත්‍යවරයා පිරිහී ගිය ආර්ථික තත්වයට පිළියමක් ලෙස වංශාධිපතීන්ගෙන්ද ද බදු අයකර ගැනීමට යෝජනා කළමුත් ඔහුට ඒ නිසාම ඉල්ලා අස්වන්නට සිදුවිය.
ප්‍රංශ දේශපාලනික ආර්ථික හා සමාජීය පරිහානියට හේතුවූ මෙම දුර්වලතා උසස් පංතිය ලෙස ගැනුණු රජ වංශාධිපති හා පූජක කොටස් වල ක්රියාකලාපයන්ගෙන් තවත් උත්සන්න වීය. ආර්ථික තත්වය කෙතරම් පිරිහුනද කිවහොත් බදු වලින් මිදීමට, ඉඩම් ලබාගැනීමට, රැකියා ලබාගැනීමට, වංශාධිපතීන්ගේ වරප්‍රසාද නැති කිරීමට යන මේ සෑම කරුණක් සඳහාම ප්‍රංශයේ පහත් යය් සැලකුණු ගොවි ජනතාව පෙත්සම් මගින් රජුට කරුණු කියා සිටියහ.
ප්‍රංශ විප්ලවය ආසන්නයේදී ජනතාව තමන්ට කෑමට පාන් නැතැයි කී විට ප්‍රංශ රජුගේ බිසව ඔවුන් කේක් නොඉල්ලන්නේ මන්දැයි ඇසූ බව කියවේ. ප්‍රංශ මධ්‍යම පංතිය දියුණු වෙමින් සිටි කොටසක් වූ අතර ඔවුන් මුදල් අතින් ධනවත් වූවද ඒවා ආයෝජනය කිරීමට ක්‍රමයක් නැතිව සිටි පිරිසක් බව පෙනේ. ඔවුන් මුදල් යෙදවී නම් ඒ ප්‍රංශ භාණ්ඩාගාරයේ අයවැය හිඟය මකාලීමටයි.
විප්ලවය ආසන්නයේ තමන් යෙදවූ මුදල් වලට පොළී නොලැබීම නිසා ඔවුන්ද මුදල් ආයෝජනය කිරීමේ කටයුතු වලින් ඉවත්ව නිහඬ වූ අතර පවතින දේශපාලනික හා ආර්ථික, සමාජික ක්‍රමවලට එරෙහි විය යා හැකි නම් එවැනි අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටිය බව කිව හැකියි.