බලය_අහිමි_වෙනවා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
බලය_අහිමි_වෙනවා

කවදා හෝ දිනෙක බලය අහිමි වෙනවා - පිල්ලේ

140303175800_ban_ki-moon_and_navi_pillay__512x288_bbc.jpg


'මානව හිමිකම් ආරක්ෂා කරන මෙන් කෙරෙන ඉල්ලීම් නොසලකා හරින්නන් කවදා හෝ දිනෙක වගවීමට මුහුණ දෙනවා'

ජිනීවා නුවරදී සඳුදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විසි පස් වැනි සැසිවාරය අමතා කතා කළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන්, ලොව පුරා මානව හිමිකම් ආරක්ෂා කිරීම පිණිස මානව හිමිකම් මණ්ඩලයේ වැදගත්කම අවධාරණය කළේය.

"කිසිදු දඬුවමකින් තොරව නිදහසේ දිගටම අපරාධ කළ හැකි බවට මානව හිමිකම් උල්ලංඝනය කරන්නට හැඟී යාම මගින් සිදු විය හැකි දේ පිළිබඳව සිරියාවේ, දකුණු සුඩානයේ සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ගැටුම් ඉතා කනගාටුදායක උදාහරණයන්," යනුවෙන් ඔහු කියා සිටියේය.ලොව පුරාම මානව හිමිකම් වාතාවරණය පිළිබඳව සමාලෝචනයක් කළ මහ කොමසාරිස් නවී පිල්ලේ, බොහෝ අපරාධකරුවන් දඬුවම් නොලබන අතර මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් නීතියේ ආධිපත්‍යය මත වගවීම ක්‍රියාත්මක වීම තවමත් බොහෝ රටවල සිහිනයක් බවත් කියා සිටියාය.

"සියලු අභියෝග හමුවේත් මානව හිමිකම් පිළිබඳ අවධානය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතිනවා. මානව හිමිකම් ආරක්ෂා කරන මෙන් කෙරෙන ඉල්ලීම් නොසලකා හරින්නන් කවදා හෝ දිනෙක වගවීමට මුහුණ දෙන අතර ඔවුන්ට ඔවුන්ගේ බලය අහිමි වෙනවා," යනුවෙන්ද මහ කොමසාරිස්වරිය සිය දේශනයේදී සඳහන් කළාය.

සුළු ජාතීන්ගේ ව්‍යාපාර

ලොව පුරාම කාන්තාවන් මුහුණ දෙන ඛේදනීය අත් දැකීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකිරීමත් විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇය පසුගියදා ප්‍රකාශයට පත් කළ වාර්තාව මහ ලේකම්වරයාගේ අවධානයට ලක් වී තිබිණ.

"ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම සම්බන්ධ මහ කොමසාරිස්වරියගේ වාර්තාව මම අගය කරනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

මේ අතර සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරන ඇම්නස්ටි ජාත්‍යන්තරය, සිය මානව හිමිකම් උල්ලංඝනය කෙරුණු පුද්ගලයන් ආරක්ෂා කිරීම පිණිස කටයුතු කරන මෙන් මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි.සිවිල් සමාජ ක්‍රියාධරයන්ට කෙරෙන අඩන්තේට්ටම් සහ පළිගැනීම් නවත්වන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන මෙන්ද ලන්ඩනය මූලස්ථාන කොට ගත් ඇම්නස්ටි ජාත්‍යන්තරය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියි.අන්තර් ජාතික නීතිය යටතට ගැනෙන අපරාධ සම්බන්ධ චෝදනා පිළිබඳව අන්තරජාතික ප්‍රමිතීන්ට අනුව විභාග කරන මෙන් එම සංවිධානය සිය ලිඛිත ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.සුළු ජාතීන්ගේ ව්‍යාපාර සහ ආගම් නීතියේ ආධිපත්‍යය යටතේ ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් කෙරෙන තවත් ඉල්ලීමක්.


BBC Sinhala Sandeshaya
 
Last edited:

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    meka kiyawapuwama aththatama me gani mahinda wenuwen wada karala thiyenne. oya kiyana widiyata minissunta rights tika dunna nam mahindayata baya nathuwa inna puluwan kiyala kiyanne. gan kabarayata owwa therenne na ne. sudu van yanawa ewwa press tv control karana ewwa. gov resources uge ammage dewal wage use karana ewwa nawaththala damma nam muta raja wage inna puluwan.