බලසම්පන්නම කාන්තාවන්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බලසම්පන්නම කාන්තාවන්

    ලොව බලසම්පන්නම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළත් වෙයි.

    ලොව සිටින වඩාත් ම බලසම්පන්න සහ සමාජයට වඩාත්ම බලපෑම් එල්ල කළ හැකි කාන්තාවන් 100 දෙනාගේ ලේඛනයක් ජාත්‍යන්තර බීබීසී මාධ්‍ය ආයතනය විසින් සකස් කර තිබේ.

    මෙම ලොව බලසම්පන්නම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇතුළත් ය.

    ඒ, සුප්‍රකට සාගර විද්‍යාඥ ආචාර්ය ආශා දි වොස්.

    ඇය මෙම ශ්‍රේණිගත කිරීම්වල 23 වන ස්ථානය හිමි කර ගෙන තිබේ.

    මෙම ජාත්‍යන්තර ලැයිස්තුවට ලොව පුරා රටවල් 60ක වයස අවුරුදු 15 ත් 94 ත් අතර කාන්තාවන් ඇතුළත් ය.

    මෙහි ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ, නයිජීරියාවේ අභිසොයේ අජායි අකිනොෆොර්ලාන් ය.

    දෙවන ස්ථානය බහරේනයේ එස්රා අල ශාෆෙයි විසින් ද, 3 වන ස්ථානය රුසියාවේ ස්වෙත්ලානා ඇලෙක්සීවා විසින් ද හිමි කර ගෙන තිබේ.

    ආචාර්ය ආශා දී වොස් සාගර ක්ෂීරපායින් පිළිබඳව ආචාර්ය උපාධිය ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික පුරවැසියා වන අතර අධ්‍යයන සහ සාගර ක්‍රියාකාරකම් නිසාම ඇය ලෝක ආර්ථික සමුළුවේදී තරුණ ලෝක නායකයෙකු ලෙස ගෞරවයට ද පාත්‍ර වේ.

    ශ්‍රී ලංකාව අවට ඉන්දියානු සාගරයේ වාසය කරන යෝද නීල තල්මසුන් පිළිබඳව ආචාර්ය දී වොස් විසින් කරන ලද අධ්‍යයනයන් ජාත්‍යන්තර අවධානය දිනා ගෙන තිබේ.

    ඇය දිනෙන් දිනම ශ්‍රී ලංකාව අභිමානයට පත් කරමින් සිටින අතර සාගර ජීවීන් සහ පරිසර පද්ධතීන් පිළිබඳව ඇය විසින් කරන ලද මෙහෙය මෙරට අනාගත පරම්පරාව පවා අමන්දානන්දයට පත් කරාවි.

    එමිල් රෝහන් මිලානෝ සිට
     
    • Like
    Reactions: waruna87