බලසේනාවල_ගඳ

siripala

Member
Oct 10, 2006
2,869
442
0
බලසේනාවල ගඳ

BBS.jpg

බොදුබල සේනා නම් ෆැසිස්ට් කල්ලිය විසින් නැවතත් සිය මුග්ද ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ජිනීවාවල ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබදව සාකච්ඡා යන කාල සීමාව තුළ නිහඩ කර සිටි මෙම කල්ලිය, විල්පත්තුව ආශ්‍රිතව පදිංචි වී ඇති මුස්ලිම්වරැන් සහ ඊයේ(10) ජාතික බලසේනා නම් සංවිධානයක් මෙහෙය වූ මාධ්‍ය සාකච්ඡාවකට කඩා වැදි නැවතත් සුපුරැදු ෆැසිස්ට් බව පෙන්නුවේය. හැමදාමත් මෙන් පොලිසිය බල සේනාවේ බලහත්කාරයට ඉඩ දී බලා සිටියේ ය.

පසුව ජාතික බලසේනා නම් සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාව කැදවු වටරැක විජිත හිමියන්ට තර්ජනය කරමින් විජිත හිමියන් ලවා සමාව ගැනීමේ ප්‍රකාශයක් සිදු කර ගැනීමටද මේ ඥාණසාර නැමති හිමියන් ප්‍රමුඛ බොදුබල සේනාව පියවර ගත්තේය. කෙසේ නමුත් “සිවුරට මුවා වෙමින් අසත්‍යය ප්‍රචාරය කරමින් සිටින බවට” බොදු බල සේනා නියෝජිතයන් වටරැක විජිත හිමියන්ට චෝදනා කළ අතර පැමිණ සිටි මුස්ලිම් පූජකවරැන්ට ද බැණ වදිමින්, ඔවුන් ද පළවා හැර, සිය මුස්ලිම් විරෝධය නැවතත් ප්‍රකාශ කලේ ඥානසාර හිමියන් ද සිවුරට මුවාවී ගෙනය.

වටරැක විජිත හිමියන් ද පොලිස් ආරක්ෂාව මැද පිටව ගිය අතර පසුව බීබීසී යට ප්‍රකාශයක් කරමින් කියා සිට ඇත්තේ,

“ උදේ පැවැත්වුන මාධ්‍ය හමුවට කඩා වැදුණ එම කණ්ඩායම මාව යට කර ගෙන පහර දුන්නා. ඔවුන් මගේ වටිනා ලිපි ගොනු රැසක්ම පැහැර ගෙන ගියා. ඔවුන් මට අසභ්‍ය වචනයෙන් බැන වැදුනා. ඔවුන් බීමත්වයි හිටියේ. අරක්කු ගඳ දැනුණා.”

යනුවෙනි. මේ සම්බන්ධයෙන් බොදු බල සේනාවේ ඥාණසාර හිමියන් පවසා ඇත්තේ

“වටරැක හිමියන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් රජයෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍යයි. උන්වහන්සේ දිගින් දිගටම සත්‍යය විකෘති කරමින්, මුස්ලිම් පල්ලිවල ලගිමින් ශාසනයට සහ භික්ෂූන් වහන්සේට නිගරු වෙන ආකාරයේ බොරු ප්‍රචාර ගෙන යමින් සිටින පුද්ගලයෙක්”

බවය.

තත්ත්වය කෙසේ වුවද ඥාණසාර සාදු ද සිවුරක් ඇද සිටිමින් ම බීමත්ව රිය පදවා, මිනිසුන් පවා යටකරගෙන පළා යමින් සිටිමින්, පසුව අධිකරණයට ද ඉදිරිපත් කර සිටි අයෙක් බව පසුගියදා කතා බහක් ඇති විය.

මෙවැනිම අකාරයේ සිදුවීම් මෙම කල්ලිය විසින් සිදු කරනා විට ‘බොදු බල බයිලා නොහොත් සාදු ජන රාව‘ නමින් පද පෙලක් උදය ආර් තෙන්නකෝන් ලීවේ 2013 අප්‍රේල්ය. මේ 2014 අප්‍රේල්ය. එය පහත යළිත් සටහන් කරමු.

දුනු ඊතල කැති තුවක්කු අතට ගනිල්ලා
සිවුරු දාපු හමුදාවක් බඳව ගනිල්ලා
අපි සිංහල වං‍‍ශේ බව හිතට ගනිල්ලා
බුද්ධාගම රැක ගන්නට බිලි දීපල්ලා

සාදු සාදු සාදු මහන කරමු සාදු
සාදු සාදු සාදු වැඩම කරමු සාදු

සිංහල දීපේ සිංහල එකම බසයි මේක
බුදුන් ඉපදුනත් දඹදිව දහම රකිනු සේක
දෙවියන් හට භාර කරල බුදුන් ගියපු සේක
ඉතිරි හරිය සිංහලයට ලියා දුන්නු සේක

සාදු සාදු සාදු මරමු කොටමු සාදු
සාදු සාදු සාදු අපි අපි වෙමු සාදු

අභිධම් වින සූත්‍ර බණ දියකර හරිමු
පත අට ගෙන හිඳ බිඳ බිඳ ඉන් වෙඩි තියමු
සිහල නොවන සිඟාලයින් තොලොංචි කරමු
සක්වල ගල මුදුනට නැග කිරිබත් උයමු

සාදු සාදු සාදු උතුර දකුණ සාදු
සාදු සාදු සාදු සිංහල රට සාදු

මියන්මාර සඟ පුත් බොදු බල සේනා බල
දිරි සවි ලැබ රජ පහසින් සිඳ රුපුගේ ගෙළ
සතර අතින් කහ කනේරු මල් පාවඩ එල
රටට මල්වඩම වඩමනු හැටි සිහලුනි බල

සාදු සාදු සාදු අපි සිංහල සාදු
සාදු සාදු සාදු රට සිංහල සාදු
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
හදවත පැලෙන්න වගේ වේදනාවයි නේ ? ඇත්තම කියහන් ?:lol::lol::lol: අන්න අර 47 දැන් බාගෙට මැරිලා ඉන්නේ. කට උත්තර නැතුව. අනෙක මම මේ බලන් ඉන්නේ මගේ එළකිරි ගිණුම 47 විසින් අත්හිටුවනකම් :lol::lol::lol:

dont reply,, reject this thread
 
Last edited:

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    බොදුබල සේනාව කරන දේ හරි වුනත් කරන විදිහ වැරදි.. අන් අයගේ අදහස්වලට ඇහුන්කන් දෙන්නේ නැති එක ලොකු අඩුපාඩුවක්.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනිවාර්යයෙන්ම . දැන් මේවා බලු බලු සේනා අනුගාමිකයෝ කියන්නේ අපි බුදු දහමට අපහස කරනවා කියලා.

    සිවුරු ඇඳගත්ත පාදඩයෝ. . . .
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඇයි මේ ත්‍රෙඩ් උඩට නොයෙන්නේ .ගැටළු සහගතයි නේද
     
    DigiDigital

    Member
    Apr 6, 2014
    34
    2
    0
    ඇයි මේ ත්‍රෙඩ් උඩට නොයෙන්නේ .ගැටළු සහගතයි නේද
    සිරිපාල මේ රටේ ඔහේ දන්නෙ නැති ලොකු ගැටළුවක් තියනවා,එ මුස්ලිම් අන්තවාදය,එක මේ රටේ සුක්ෂමව කෙරෙන දෙයක්,එ අන්තවාදය පි‍ටු පස මුළු මහත් මුස්ලිම් ප්‍රජාවම නැ නමුත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා,එක මේ තමුන්නන්සෙලා වගේ පු‍ටු රත් කරන උන්දලාට තෙරෙන්නෙ නැ,මම දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් අවුරුදු ගනනාවක් මුස්ලිම් පවුලක් එක්ක නඩු කියනවා පන්සලට අයිති අක්කර ගනනක ඉඩමක භුක්තිය ලබාගන්න,හාමුදුරුවොන්ට සල්ලි නැ නමුත් එ උදවියට සල්ලි තියනවා,එවා බොහෝ විට ලැබෙන්නෙ පල්ලියෙන්,ඔවාගේ තව බොහෝ කරුනු තියනවා,මෙහෙම වෙන්කොට තොඳල් කර කර හරියෙන්නෙ නැ,ගලබොඩ අත්තෙ හාමුදුරුවෝ හැසිරෙන්නෙ ටිකක් දරුණු විදියට,එක බලනකොට නම් කැතයි එත් මම මේ ගැන හොඳ අවබෝධයක් තියන පුද්ගලයෙක් හැටියට දන්නවා උන්වහන්සේගේ එ හැසිරිමට හෙතුව,එක එක අතකින් බොහොම සාධාරණයි,සිරිපාල මම පෞද්ගලිකව සිංහලයට වෙලා තියන හානිය ඔහෙට මගේ වාහනයෙක් ගෙනිහින් පෙන්වන්න සුදානම් ඔහේ ලැස්ති නම්.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    උඹ කියන විදියට මට නම් තේරුම් යන්නේ මිනිස්සු දෙන්නෙක් අතර ඉඩම් නඩුවක් තියෙනවා. එක් කෙනෙකුට සල්ලි තියෙන හින්දා මිනිහට නඩුව වාසි සහගතයි. ඉතින් මේක ආගමික ප්‍රශ්ණයක්ද වාර්ගික ප්‍රශ්ණයක්ද නැත්නම් රටේ system එකේ ප්‍රශ්ණයක්ද? සල්ලි තියෙන එකාට බලය තියෙන එකාට හැම දේම වාසි සහගතව සිදුවෙන රටක් මේක.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    පට්ට කතාව.

    එක හරි,එත් මම කියන්න උත්සහ කලේ මෙතන හැම පැත්තෙන්ම සිංහල මනුස්සයාට කෙල වෙනවා කියන්න,කොච්චර පන්සල් දෙවාල ඉඩම් නම් මුස්ලිම් මිනිස්සු අල්ලගන ඉන්නවද බලහත්කාරයෙන්,බොහොම මැතකදි ගම්පල පැත්තෙ දෙවාලයකට ඔහොම වැඩක් උනා,ඔහොම දෙවාල් කොච්චර තියනවාද,ගොඩක් සිද්ධි ගැන සිංහල කොටස් දැනුවත් වෙලාත් නැ තව,මෙකේ කිහිප දෙනායි මේ ප්‍රශ්නයේ ස්වරුපය හරියටම දන්නෙ,ඔය ගොඩක් මුස්ලිම් මිනිස්සුන්ට බනින සිංහල අයටවත් තවම මෙකේ තියන භායනක කම දැනිලා නෙමෙයි කෑගහන්නෙ,එත් දැනුනු දැක්ක දවසට එ අය කොහොම කැ මොර දෙයිද කියලා හිතා ගන්න බැ,අපි කණ්ඩායමක් ලංකාවේ ස්ථාන ගනනාවකට මේ පිලිබඳව ගවේශණය කරන්න නිවාඩු පාඩුවේ ගියා,දැක්ක දේ නම් බොහොයි,සිංහලයා ගැන සංවේගයක් ඇති වෙනවා.එත් මේ ප්‍රශ්න නිසා මුළුමහත් මුස්ලිම් ප්‍රජාවටම කරදරයක් වෙනවා දකින්න මම කැමති නැ,සිංහල මිනිස්සුත් එක්ක බොහොම හොඳින් ඉන්න අය ඔන තරම් ඉන්නවා,ඇත්ත තිත්තයි මුස්ලිම් අයගෙන් සැලකිය යුතු පිරිසක් දැන් අන්තවාදි කොටස් බව කිව යුතුයි,එ අය පාලනය කිරිම අනිවාරය විය යුත්තක්,එසේ නොවුනොත් නැවතත් යුද්ධයක් බිහිවිමට පුළුවන්.

    පාලනය කරනවා කියන්නෙ කපලා කොටලා මරණ එකටවත් අත් පය කඩන එකටවත් නෙමෙයි,වෙන නිතී රිති මඟින් ඔවුන්ව පාලනය කිරිමයි.මම කිසිම දවසක වෛරයෙන් ද්වේශයෙන් එ අයව තලා පෙලා දනවාට කැමති නැ,එ අය නම් එක තමා අපට කපටිකමෙන් කරන්නෙ.හැබැයි දැන් තියන තත්වය හැටියට නලව නලව ඉඳලත් බැ.
     
    DigiDigital

    Member
    Apr 6, 2014
    34
    2
    0

    මම සැමදා සිතන්නෙ ඔන්න ඔය පහලින් තියන විදියට,එත් එක අපට විතරක් හිතන්න තනියෙන් බැ,කවුරුත් අපිත් එක්ක ඔහොම හිතනවා නම් කොච්චර දෙයක්ද .තනි අතනේ අප්පුඩි ගහන්න හැදුවොත් අපිටමයි කෙලවෙන්නෙ.එත් මෙහෙම හිතන්න පුළුවන් දවසක් ඉක්මනෙන් උදාවේවා,එයයි මගේ පැතුම.

    j+krishna.jpg
     
    DigiDigital

    Member
    Apr 6, 2014
    34
    2
    0
    reputation_neg.gif
    බලසේනාවල_ගඳ 04-11-2014 03:55 PM Fake Dog

    එළකිරි එකේ ඔර්ජිනල්/ෆෙක් කියලා කොටස් දෙකක් නැ,බහුතරය ඉන්නෙ තමන්ගේ අනන්‍යතාවය වහගන ඔහෙගේ භාෂාවෙන් එ ඔක්කොම එතකොට ෆෙක්.තෙරුනාද ?

    මම මෙතන ඇවිත් කාටවත් වැ‍රැද්දක් කලෙත් නැ කිව්වෙත් නැ,කිව්වෙ ඇත්ත,කොහොමත් බල්ලෝ හොඳයි මිනිස්සුන්ට වඩා.