බලහල්ල කොල්ලනේ :(

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බලහල්ල කොල්ලනේ :(



    එල්ටිටිඊ ත්‍රස්ත සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බවට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව එරට නීතිපති කාර්යාලය විසින් චෝදනා ගොනු කර තිබුණු පුද්ගලයින් 12 දෙනෙකු ඊයේ (03) දිනයේදී නිදොස් කොට නිදහස් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

    1999 සිට 2009 දක්වා කාලය තුළ එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් පෙනී සිටින ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව (WTCC) සඳහා අරමුදල් රැස් කිරීම නිසා ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කළ බවට එරට නීතිපති කාර්යාලය විසින් මෙම පුද්ගලයින් 12 දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබූ තිබුණා.

    ඒ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය විසින් ඊයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර එරට අධිකරණය සඳහන් කරන්නේ ස්විට්සර්ලන්ත දණ්ඩ නීති සංග්‍රහයේ 260 වන වගන්තිය සැලසුම් කර ඇත්තේ මාෆියා ස්වභාවයේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා පමණක් බවයි.

    එතැන් සිට එය අල්කයිඩා හෝ ඉස්ලාමීය රාජ්‍ය (IS) වැනි ත්‍රස්ත කණ්ඩායම්වලට ද මෙම නිතිය අනුව ත්‍රස්ත කණ්ඩායම් ලෙස හුවා දැක්වීමට නොහැකිව ඇති අතර එල්ටීටීඊය අරමුදල් රැස් කරන අවස්ථාවේ අපරාධ සංවිධානයක් ලෙස නොසැලකූ බව ෆෙඩරල් අධිකරණය සඳහන් කර ඇත්තේ.

    මේ අතර ශ‍්‍රී ලංකාව කෙරෙහි මහා බි‍්‍රතාන්‍යයේ වර්ධනය වෙමින් තිබෙන තර්ජන සම්බන්ධයෙන් ඊයේ (03) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදී අවධානය යොමුවුනා.

    එහිදී අදහස් දැක්වූ ගෝලීය ශ‍්‍රී ලාංකික සන්සදයේ ප‍්‍රධාන ලෙක්ම් නීතීඥ ගැමුණු කරුණාරත්න කියා සිටියේ විශේෂයෙන්ම එරට කම්කරු පක්ෂය ශ‍්‍රී ලංකාවට තර්ජනාත්මක සහ එල් ටී ටී ඊ හිතවාදී පොරොන්දු ද මැතිවරණය වෙනුවෙන් ලබාදෙමින් සිටින බවත්, එරට කම්කරු පක්ෂයේ ඡන්ද පදනම රඳා පවතින්නේ ස්වදේශික බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් නොව විවිධ බාහිරින් පැමිණ පුරවැසිභාවය ලබාගත් පිරිසගෙන් බවත්ය.

    මේ අතර බ්‍රිතාන්‍යයේ ද්‍රවිඩ වැසියන් සඳහා වන පාර්ලිමේන්තු කණ්ඩායමේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ වෙස් ස්ටීටින් එළඹෙන මැතිවරණයේදී තරඟ කරන බවත්, රාජපක්ෂ ආගමනය නිසා තමන් භීතියට පත්වූ බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඒ රටවල උනත් දේසපාලුව බලන්නෙ වැඩියෙන් ඡන්ද තියෙන උන්ටික රවට්ට ගන්න. ස්විස්ටර්ලන්තෙනං ඉතිං මෙහ ඉන්න නයි පැටව් රෙද්ද අස්සෙ දාගෙන පස්සෙ කනකොට 260 වගන්තිය හරිගස්සගනී.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අපි එහෙ පක්ෂ නායකයෝ සල්ලි දීලා බාගන්න විදියක් හොයන්න ඕනේ .
    සල්ලි ටිකක් විසිකරලා.
    මේවා කරන්නනම් ඉතිං ලංකාවේ තානාපති කාර්යාල වල ඉන්න ඕනේ වැඩකරන්න පුළුවන් මිනිස්සු.
    දැන් ඉන්නේ නම් මළ මිනී ටිකක්.
    උන් අයින් කරලා ගෙදර ඒවල වැඩ කරන්න පුළුවන් මිනිස්සු ටිකක් ඔවට දාන්න ඕනේ . නැත් නම් ඉවරයි​
     
    Last edited: