බල්බ් එකක් පත්තු වෙන්න වයර් එකක් ඕනෙමද?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,902
    113
    -~උලක් උඩ-~



    DC බල්බ් එකක් පත්තු වෙන්නෙ කොහොමද කියලා අහගන්න පොඩ්ඩක් ත්‍රෙඩ් එකක් දැම්මෙ.දන්න කට්ටිය කියන්න පුලුහන් නම්. මොකද මට හරියටම දැනගන්න ඕනෙ . මේක ඉස්සෙල්ලාම දැක්කෙ veritasium ගෙ වීඩීයෝ එකකින්. බල්බ් එක පත්තු වෙන්න කරන්ට් එක ඕනෙනෙ. මම ඕලෙවෙල් වලට ඉගෙන ගත්තෙ මතක විදිහට මෙන්න මේ රූපසටහනේ විදිහට බැටරියෙන් විභව අන්තරයක් දුන්නහම එලෙක්ට්‍රෝන බල්බ් එකේ පිලමන්ට් එක හරහා යනවා. එතකොට ඒක රත් වෙලා ආලෝකය නිපදවෙනවා කියලා. ඒත් මම දැන් හිතන විදිහට, ඒක වෙන්නෙ මෙහෙමයි. මේ රූප සටහන උදාහරනයකට ගන්න. (සාමාන්යෙයෙන්), විදුලිය තත්පරේකට ආලෝකයේ වේගයෙන් ඒ කියන්නෙ පැ. කි 300000 ක වේගයෙන් යනවනෙ. එතකොට මෙතන බල්බ් එක පත්තු වෙන්න දල වශයෙන් තත්පර 4 ක් යනවා පරිපථය සම්පූර්න උනහම. දැන් මෙයා කියන විදිහට. එච්චර වෙලා යන්නෙ නෑ. . තත්පර 1/C ( C -ආලෝකයේ වේගය ) වෙලාවකදි බල්බ් එක පත්තු වෙනවා. ඒ කියන්නෙ බල්බ් එක පත්තු වෙන්න ඕනෙ ශක්තිය ඔය හරහට තියන මීටරය දිගේ විතරයි යන්න තියෙන්නෙ ස්පේස් එක හරහා.. එතකොට එලෙක්ට්‍රොබූම් කියනවා හැම වෙලේම බල්බ් එක ලාවට පත්තු වෙනවා කියලත්,ඒත් එක්කම බල්බ් එක දාපුවහම ටික ටික එලිය වැඩිවෙලා තමයි බල්බ් එකේ උපරිම එලියෙන් දැල්වෙන්නෙ කියලා. ඇත්තටම වෙන්නෙ ඒක. මොකද ශක්තිය හිස් අවකාශය හරහා යන්නෙ සුලු වශයෙන් . ගොඩක් ශක්තිය ගමන් කරන්නෙ වයර් එක වටේට වගේ

    දැන් එතකොට බල්බ් එක දැල්වෙන්නෙ ශක්තියෙන්. ශක්තිය කියන්නෙ චලනය වෙන විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර. එතකොට කරන්ට් එකක් යද්දී ශක්තිය ඔය විද්‍යුත් ක්ෂේත්‍ර විචලනය වලින් තමා ප්‍රචාරනය වෙන්නෙ. එතකොට ඔය ශක්තිය යන දිශාව පොයින්ටින් කියලා විද්ද්‍යාඥයෙක් හොයාගෙන තියනවා. ඒකට කියනවාලු පොඉන්ටින් දයිශිකය කියලා. මේ තියෙන්නෙ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර සටහන. ඔය රතුපාටින් පේන්නෙ බැටරිය නිසා ඇතිවෙලා තියන විද්යුත් ක්ශේට්‍රය.ඔය නිල්පාටින් පේන්නෙ එලෙcට්‍රෝන් කම්බිය දිගේ යද්දී ඇතිවෙන චුම්භක ක්ශේත්‍රය.කහ පාටින් පේන්නෙ ශක්තිය. ඒක තමා ඕනෙ බල්බ් එක පත්තු වෙන්න..

    fileds.png



    නිලුයි රතුයි දෙකම එකෙතු උනාම අර පොයින්ටින් දයිශිකය එන්නෙ බල්බ් එක දිහාවට. හැබැ‍යි ඔය චුන්භක ක්ශෙත්‍ර වලයි විද්යුත් ක්ශෙත්‍ර වලයි හැම තැනම ඉන්ටෙන්සිටි එක සමානත් නෑ. හැබැ‍යි ඔහොම පවර් සෝස් එකයි බල්බ් එකයි ලන් උනාම විතරයි ඔය ප්‍රශ්නෙ එන්නෙ. නැත්තම් කොහොම කලත් ශක්තියයි , අපි දන්න එලෙක්ට්‍රිසිටි කියලා හඳුන්වල දෙයයි සාමාන්යෙන් එකයි. ඒක වෙන ආකාරය තමයි වෙනස්. ඔයාල දැකලා තියනවනෙ අර ටෙස්ටරේ වගේ එකක් තියෙන්නෙ ප්ලග් පොඉන්ට් එකක් ගාවට ලන් කරහම ටීක් ගාල සද්දයක් එන්නෙ, එතකොට ලොකු පවර් ලයින් හෙන උඩින් අදින්නෙ, ඔය නිසා වෙන්නෙ ඇති
    @NEMISIS @imhotep හෝ තව ඕනෙ කෙනෙක් මේකෙ වැරදි තැන් නිවැරදි කරන්න
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය එක එක material අනුව වෙනස් වෙනව. සන්නායකයක් අවට එහෙම වෙනස් වෙන විදිහ නිසා අපිට පේනව වයර් එක දිගේ ඉලෙක්ට්‍රෝන යනව වගේ. නැත්තන් සන්නායකයෙන් පිටතත් ක්ෂේත්‍රය තියෙනව. නමුත් අර තරම් intensity එකක් නෑ. ඉලෙක්ට්‍රෝන move වෙලා රත් වෙලා තමයි බල්බ් එක පත්තු වෙන්නෙ. ඒත් switch එක ගාව ඉලෙක්ට්‍රෝන බල්බ් එක ගාවට යන්න උවමනාවක් නෑ.

    ඕවා ඉතින් විවිධ perspective වලින් පැහැදිලි කරන්න පුලුවන්.
    ------ Post added on Aug 3, 2025 at 10:29 AM
     

    luminarsft

    Member
    Sep 23, 2022
    11
    19
    3
    විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය එක එක material අනුව වෙනස් වෙනව. සන්නායකයක් අවට එහෙම වෙනස් වෙන විදිහ නිසා අපිට පේනව වයර් එක දිගේ ඉලෙක්ට්‍රෝන යනව වගේ. නැත්තන් සන්නායකයෙන් පිටතත් ක්ෂේත්‍රය තියෙනව. නමුත් අර තරම් intensity එකක් නෑ. ඉලෙක්ට්‍රෝන move වෙලා රත් වෙලා තමයි බල්බ් එක පත්තු වෙන්නෙ. ඒත් switch එක ගාව ඉලෙක්ට්‍රෝන බල්බ් එක ගාවට යන්න උවමනාවක් නෑ.

    ඕවා ඉතින් විවිධ perspective වලින් පැහැදිලි කරන්න පුලුවන්.
    ------ Post added on Aug 3, 2025 at 10:29 AM
    මෙන්න මේක තමයි හරිම පැහැදිලි කිරීම. තව ටිකක් කිව්වොත් විදුලි බලාගාරෙ ඉදන් ගෙදරට එලෙක්ට්‍රෝන එන්නෙ ස්විච් එක දැම්මම නෙවේ. ඉලෙක්ට්‍රෝන සන්නායක ඇතුලෙ කොහොමත් තියෙනවා. ස්විච් එක දැම්මම වෙන්නෙ එලෙක්ට්‍රෝන move වෙන එක විතරයි. ඒකෙ ප්‍රථිපලයක් (ප්‍රතිරෝධය) අර රත්වෙන ක්‍රියාවලිය වෙලා ආලෝකය නිපදවෙනවා.
    සරලව පැහැදිලි කලොත් ඔයා ගෙදර tap එක ඇරියම water board එකේ ඉදන් වතුර ගෙදරට එන්න නලයක් තුල වතුරේ වේගය බලල දුර සලකා ගණන් හදන්න දෙයක් නෑ. practically ටැප් එක ඇරියම වතුර එනවා.

    අනිත් දේ තමයි fundamentally චුම්භක ක්ශේත්‍රයක් නිසා AC ධාරාවක් ගලන්නෙ නෑ.ඒකට "වෙනස් වෙන චුම්භක ක්ශේත්‍රයක්" අවශ්‍යයි--->(Battery එකක් නැත්නම්).DC වලටනම් එහෙම අවුලක් නෑ මං හිතන්නෙ.

    ධාරාවක් ගලන සන්නායකයක් වටේ විද්‍යුත් ක්ශේත්‍රයක් තියෙනවා ඒක dc or ac වුනත්.

    ඒනිසා බල්බ් එකක් පත්තු වෙන්න වයර් එකක් ඕනෙම නෑ. බල්බ් එක හරහා ඉලෙක්ට්‍රෝන යවන්න පුලුවන් ක්‍රමයක් තියේනම්. (wireless charging වගේ)

    Tester ඒකෙන් නම් මං හිතන්නෙ සන්නායකයෙන් ඇතිවන විද්‍යුත්චු/ම්භක ක්ශේත්‍රය detect කරල තමයි කරනව ඇත්තෙ.( Same conscept of wireless charging)
    (AL physics)


    මම poyinting vector ගැනනම් ලොකුවට අධ්‍යනය කරල නෑ..එ නිසා ඒ ගැන දන්නෙ නෑ.

    By the way ඔය veritasium, fern, fireship වගේ channel private equity firm වලින් aqquire කරල තියෙන්නෙ. ඉස්සරට වඩා මේවගෙ content and research drop එකක් තියෙනවා කියල ඔයාට පෙනෙයි.BTW veritasium is a nice channel for learn science with dinner.
     
    Last edited: