DC බල්බ් එකක් පත්තු වෙන්නෙ කොහොමද කියලා අහගන්න පොඩ්ඩක් ත්‍රෙඩ් එකක් දැම්මෙ.දන්න කට්ටිය කියන්න පුලුහන් නම්. මොකද මට හරියටම දැනගන්න ඕනෙ . මේක ඉස්සෙල්ලාම දැක්කෙ veritasium ගෙ වීඩීයෝ එකකින්. බල්බ් එක පත්තු වෙන්න කරන්ට් එක ඕනෙනෙ. මම ඕලෙවෙල් වලට ඉගෙන ගත්තෙ මතක විදිහට මෙන්න මේ රූපසටහනේ විදිහට බැටරියෙන් විභව අන්තරයක් දුන්නහම එලෙක්ට්‍රෝන බල්බ් එකේ පිලමන්ට් එක හරහා යනවා. එතකොට ඒක රත් වෙලා ආලෝකය නිපදවෙනවා කියලා. ඒත් මම දැන් හිතන විදිහට, ඒක වෙන්නෙ මෙහෙමයි. මේ රූප සටහන උදාහරනයකට ගන්න. (සාමාන්යෙයෙන්), විදුලිය තත්පරේකට ආලෝකයේ වේගයෙන් ඒ කියන්නෙ පැ. කි 300000 ක වේගයෙන් යනවනෙ. එතකොට මෙතන බල්බ් එක පත්තු වෙන්න දල වශයෙන් තත්පර 4 ක් යනවා පරිපථය සම්පූර්න උනහම. දැන් මෙයා කියන විදිහට. එච්චර වෙලා යන්නෙ නෑ. . තත්පර 1/C ( C -ආලෝකයේ වේගය ) වෙලාවකදි බල්බ් එක පත්තු වෙනවා. ඒ කියන්නෙ බල්බ් එක පත්තු වෙන්න ඕනෙ ශක්තිය ඔය හරහට තියන මීටරය දිගේ විතරයි යන්න තියෙන්නෙ ස්පේස් එක හරහා.. එතකොට එලෙක්ට්‍රොබූම් කියනවා හැම වෙලේම බල්බ් එක ලාවට පත්තු වෙනවා කියලත්,ඒත් එක්කම බල්බ් එක දාපුවහම ටික ටික එලිය වැඩිවෙලා තමයි බල්බ් එකේ උපරිම එලියෙන් දැල්වෙන්නෙ කියලා. ඇත්තටම වෙන්නෙ ඒක. මොකද ශක්තිය හිස් අවකාශය හරහා යන්නෙ සුලු වශයෙන් . ගොඩක් ශක්තිය ගමන් කරන්නෙ වයර් එක වටේට වගේ
දැන් එතකොට බල්බ් එක දැල්වෙන්නෙ ශක්තියෙන්. ශක්තිය කියන්නෙ චලනය වෙන විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර. එතකොට කරන්ට් එකක් යද්දී ශක්තිය ඔය විද්‍යුත් ක්ෂේත්‍ර විචලනය වලින් තමා ප්‍රචාරනය වෙන්නෙ. එතකොට ඔය ශක්තිය යන දිශාව පොයින්ටින් කියලා විද්ද්‍යාඥයෙක් හොයාගෙන තියනවා. ඒකට කියනවාලු පොඉන්ටින් දයිශිකය කියලා. මේ තියෙන්නෙ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර සටහන. ඔය රතුපාටින් පේන්නෙ බැටරිය නිසා ඇතිවෙලා තියන විද්යුත් ක්ශේට්‍රය.ඔය නිල්පාටින් පේන්නෙ එලෙcට්‍රෝන් කම්බිය දිගේ යද්දී ඇතිවෙන චුම්භක ක්ශේත්‍රය.කහ පාටින් පේන්නෙ ශක්තිය. ඒක තමා ඕනෙ බල්බ් එක පත්තු වෙන්න..
නිලුයි රතුයි දෙකම එකෙතු උනාම අර පොයින්ටින් දයිශිකය එන්නෙ බල්බ් එක දිහාවට. හැබැයි ඔය චුන්භක ක්ශෙත්‍ර වලයි විද්යුත් ක්ශෙත්‍ර වලයි හැම තැනම ඉන්ටෙන්සිටි එක සමානත් නෑ. හැබැයි ඔහොම පවර් සෝස් එකයි බල්බ් එකයි ලන් උනාම විතරයි ඔය ප්‍රශ්නෙ එන්නෙ. නැත්තම් කොහොම කලත් ශක්තියයි , අපි දන්න එලෙක්ට්‍රිසිටි කියලා හඳුන්වල දෙයයි සාමාන්යෙන් එකයි. ඒක වෙන ආකාරය තමයි වෙනස්. ඔයාල දැකලා තියනවනෙ අර ටෙස්ටරේ වගේ එකක් තියෙන්නෙ ප්ලග් පොඉන්ට් එකක් ගාවට ලන් කරහම ටීක් ගාල සද්දයක් එන්නෙ, එතකොට ලොකු පවර් ලයින් හෙන උඩින් අදින්නෙ, ඔය නිසා වෙන්නෙ ඇති
@NEMISIS @imhotep හෝ තව ඕනෙ කෙනෙක් මේකෙ වැරදි තැන් නිවැරදි කරන්න
Last edited: