බල්ලා
මැරුවේ ඇයි?
ප‍්‍රචණ්ඩයකු වන නිසාද?
නොඑසේ නම්,
ප‍්‍රතිගාමී සුරතලයෙකු වන නිසාද?
බල්ලා මැරුණේ
තනිව නොවේ...
රජතුමාද
දේවීන් වහන්සේද
රජ පවුලේ පොඩි පුතුන්ද
පොඩි දූන්ද
එකා පිට එකා වෙඩි කා වැටෙද්දී
බල්ලාද
වෙඩි කා වැටුණා
ඒ උණුසුම් ඇගවල් ලෙවකාගෙන.....
ඒ විප්ලවවාදී රාති‍්‍රයේ
ඒ දේ සිදු විය
සීතල තෙත ගබඩා කාමරයක
පොළව යට
ලොවට හොරා
සුරකිනුව
ලොවෙහි නැවුම් රතු පුෂ්පය
ජන සතුරන්
එය කා දමන ගුල්ලන්
වනසාලිය යුතු
‘‘අරමුණ උසස් වේ නම්
කි‍්‍රයා මාර්ගය, ඒ කරා යන
කුමක් වුව කම් නැත්’’
යුක්ති හිංසනය
එය විය සන් මාර්ගය
නඩු නො අසාම
සාර් පවුලේ සියලූ දෙනා
ඝාතනයට නියෝග දුන්නේ
අත් සෝදා ගත්
ලොව මහා මානවවාදීන් මය
ජන දුක සැදූ
මහ රජුද - රජ කුමරියද
ප‍්‍රතිගාමීන්ට ජාතක වූ
පොඩි දරු දැරියන් පස් දෙනාද,
‘‘ඉවත් කිරීම’’
යුක්ති යුක්ත විය
අරක්කැමියා නිදොස් කරනු බෑ
රජ පවුලට රස අහර පිසූයෙන්,
වෙදැදුරාටද සමාවක් නෑ
වඩාලූයෙන් උන්ගෙ ආයු බල
දැසි දසුන් හට සමාවක් වෙද
රැකූයෙන් රජ පවුල ඇස ලෙස
රජ පවුලෙ දස දෙනා
‘‘අපවත් කිරීම’’ යුක්ති යුක්ත විය
සාර් දේවිය නැසිය යුතු ම වේ
නසනු ලැබූ සැමියන් වෙනුවෙන්
ගැහැණුන් අරගල කරන නිසා
දූ දරුවන් රජ පවුලේ
නැසිය යුතු ම වේ
ප‍්‍රතිගාමී පන්තියකට යම් දවසක
‘‘ජීවමාන ධජයක්’’ වන නිසාය
රජ පවුලේ එකොළොස් දෙනාට අමතර වූ
දොළොස් වැන්නෙක්ද විය
බල්ලා
මැරුවේ ඇයි?
ශ්‍රේෂ්ඨ වූ විප්ලවයක
නඩුවක් නැති විභාගයක
අශ්‍රේෂ්ඨ වූ
බලූ සාක්කියක් වන නිසාද?
ගෞරවයෙන්
සියල්ල සිදු කළේ ද
බලූ හඬක් ද නැතිවම
නාමයෙන්
සාධාරණ හිංසනයේ,
සුවහසක් මළ මිනී ගොඩනැඟූ දේසයක
අංශූවකුදු සේස නොකොට
රජ පවුල ම ‘‘ඉවත්’’ කළ ද
ඉවත් කළ නොහැකි වූ
අංශුවක්
ඉතිහාසයට ඉතිරි වූ සැටි
දිනූ විප්ලවයක් ද නැති
ජනතාව අද
මනුෂ්‍යත්වය ඉවත් කළ
ඒ නවාතැන බලන්නට
වන්දනාවේ යති
(ඔක්තෝබර් විප්ලවයෙන් පසු, සාර් රජුද, දේවියද, රජ පවුලේ කුඩා දූවරුන් පස් දෙනාද, පවුලේ වෛද්‍යවරයාද, අරක්කැමියා - සේවක සේවිකාවන් සමග සුරතල් බල්ලාද යන දොළොස් දෙනෙකු, 1918 ජූලි 17 රාති‍්‍රයෙහි සෝවියට් දේශයේ යිකතරින් බුර්ග් පෙදෙසේ පොළොව යට ගබඩා කාමරයකදී නඩු විභාගයෙන් තොරව ලෙනින්ගේ අනුමැතියෙන් - නියෝගයෙන් ඝාතනය වීමේ සිද්ධිය ආශ‍්‍රය භූමි කොට ගෙන මෙය රචනා කරන ලදී.)
ප‍්‍රචණ්ඩයකු වන නිසාද?
නොඑසේ නම්,
ප‍්‍රතිගාමී සුරතලයෙකු වන නිසාද?
බල්ලා මැරුණේ
තනිව නොවේ...
රජතුමාද
දේවීන් වහන්සේද
රජ පවුලේ පොඩි පුතුන්ද
පොඩි දූන්ද
එකා පිට එකා වෙඩි කා වැටෙද්දී
බල්ලාද
වෙඩි කා වැටුණා
ඒ උණුසුම් ඇගවල් ලෙවකාගෙන.....
ඒ විප්ලවවාදී රාති‍්‍රයේ
ඒ දේ සිදු විය
සීතල තෙත ගබඩා කාමරයක
පොළව යට
ලොවට හොරා
සුරකිනුව
ලොවෙහි නැවුම් රතු පුෂ්පය
ජන සතුරන්
එය කා දමන ගුල්ලන්
වනසාලිය යුතු
‘‘අරමුණ උසස් වේ නම්
කි‍්‍රයා මාර්ගය, ඒ කරා යන
කුමක් වුව කම් නැත්’’
යුක්ති හිංසනය
එය විය සන් මාර්ගය
නඩු නො අසාම
සාර් පවුලේ සියලූ දෙනා
ඝාතනයට නියෝග දුන්නේ
අත් සෝදා ගත්
ලොව මහා මානවවාදීන් මය
ජන දුක සැදූ
මහ රජුද - රජ කුමරියද
ප‍්‍රතිගාමීන්ට ජාතක වූ
පොඩි දරු දැරියන් පස් දෙනාද,
‘‘ඉවත් කිරීම’’
යුක්ති යුක්ත විය
අරක්කැමියා නිදොස් කරනු බෑ
රජ පවුලට රස අහර පිසූයෙන්,
වෙදැදුරාටද සමාවක් නෑ
වඩාලූයෙන් උන්ගෙ ආයු බල
දැසි දසුන් හට සමාවක් වෙද
රැකූයෙන් රජ පවුල ඇස ලෙස
රජ පවුලෙ දස දෙනා
‘‘අපවත් කිරීම’’ යුක්ති යුක්ත විය
සාර් දේවිය නැසිය යුතු ම වේ
නසනු ලැබූ සැමියන් වෙනුවෙන්
ගැහැණුන් අරගල කරන නිසා
දූ දරුවන් රජ පවුලේ
නැසිය යුතු ම වේ
ප‍්‍රතිගාමී පන්තියකට යම් දවසක
‘‘ජීවමාන ධජයක්’’ වන නිසාය
රජ පවුලේ එකොළොස් දෙනාට අමතර වූ
දොළොස් වැන්නෙක්ද විය
බල්ලා
මැරුවේ ඇයි?
ශ්‍රේෂ්ඨ වූ විප්ලවයක
නඩුවක් නැති විභාගයක
අශ්‍රේෂ්ඨ වූ
බලූ සාක්කියක් වන නිසාද?
ගෞරවයෙන්
සියල්ල සිදු කළේ ද
බලූ හඬක් ද නැතිවම
නාමයෙන්
සාධාරණ හිංසනයේ,
සුවහසක් මළ මිනී ගොඩනැඟූ දේසයක
අංශූවකුදු සේස නොකොට
රජ පවුල ම ‘‘ඉවත්’’ කළ ද
ඉවත් කළ නොහැකි වූ
අංශුවක්
ඉතිහාසයට ඉතිරි වූ සැටි
දිනූ විප්ලවයක් ද නැති
ජනතාව අද
මනුෂ්‍යත්වය ඉවත් කළ
ඒ නවාතැන බලන්නට
වන්දනාවේ යති
(ඔක්තෝබර් විප්ලවයෙන් පසු, සාර් රජුද, දේවියද, රජ පවුලේ කුඩා දූවරුන් පස් දෙනාද, පවුලේ වෛද්‍යවරයාද, අරක්කැමියා - සේවක සේවිකාවන් සමග සුරතල් බල්ලාද යන දොළොස් දෙනෙකු, 1918 ජූලි 17 රාති‍්‍රයෙහි සෝවියට් දේශයේ යිකතරින් බුර්ග් පෙදෙසේ පොළොව යට ගබඩා කාමරයකදී නඩු විභාගයෙන් තොරව ලෙනින්ගේ අනුමැතියෙන් - නියෝගයෙන් ඝාතනය වීමේ සිද්ධිය ආශ‍්‍රය භූමි කොට ගෙන මෙය රචනා කරන ලදී.)