බල්ලා කයිද ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සංගීතයේ හඬ

    ’මට මේ බාල්දියට අඩියක් පාස්සලා දෙන්ඩ පුළුවන් ද? කාමරයට හිස පෙවූ වසන්තා සර්වාලයක් වැනි දිග ඇඳුමක් හැද, කෙස් වවා සිටි තැනැත්තා දෙස විපරමෙන් බලා ඇසීය.
    ’ඔහේට වැරදීමක් වෙලා තියෙන්නෙ. මේක මේ සංගීත පන්තියක්.’ ඔහු වසන්තාට කීවේ නොපහන් ස්වරයකිනි.
    ’හැබෑද, කවුද දන්නෙ? දුරට ඇහුණු සද්දෙ හැටියට මං හිතුවේ බෙලෙක් වැඩ පොළක් කියල.’ වසන්තා කීවේ බාල්දිය නැවතත් අතට ගනිමිනි.



    සින්දුවේ තරම

    ’මං ඔයාට CD එකක් ගන්ඩ කියල දීපු සල්ලි අරන් බාර් එකට රිංගුවා නේද? මට ආරංචියි බාර් එකේදි අන්තිමට වමනෙත් දැම්මා කියල.’ දයා තම සැමියා ගෙදරට පය තැබූ වහාම කඩා පැන්නාය.
    ’රෙකෝඩ් බාර් එකට නොගොහින් CD ගන්නෙ කොහොමද හලෝ?’ ප්‍රේමරත්න කිසිදු වෙනසක් නොපෙන්වා කීවේ අතකින් කොන්ඩය පිටුපසට පීරමිනි.
    ’හොඳයි එතකොට වමනෙ කළේ?’
    ’ආ, ඒ අර CD එකේ තිබුණු අලුත් සින්දුවක් අහලනෙ’ ප්‍රේමරත්න ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.



    මෝස්තරේ බැලීම


    ’මේ මනුස්සයා පුදුම වේගෙකින් පන්නා ගෙන ඇවිත් එයාගෙ ජීප් එක මගෙ කාරෙකේ හැප්පුවා රාලහාමි.’
    රිය අනතුරක් සිදු වූ තැනට පැමිණි පොලිස් නිලධාරියාට මෝටර් රථය පැදවූ තැනැත්තා පැමිණිලි කළේය.
    ’ඇයි තමා ඔය තරම් වේගයෙන් ජීප් එක එලෙව්වේ?’
    පොලිස් නිලධාරියා ඇසීය.
    ’ඉස්සරහින් ගිය කාරෙක පහු කරන්න.’ ජීප් රථයේ හිමිකරු තම බිරිඳ දෙස බලමින් කීවේය.
    ’ඒ මොනවටද?’ පොලිස් නිලධාරියා ඇසුවේ පුදුම වෙමිනි.
    ’මගෙ නෝනට ඕනැ කළා, ඉස්සරහ කාරෙකේ නෝනගෙ සාරි මෝස්තරේ බලාගන්ඩ.’ ඔහු පිළිතුරු දුන්නේ හිස කසමිනි.



    බල්ලා කයිද?

    දිනක් කාර්යාලය වැසූ පසු මංජුල තම නිවෙසට ගියේ තම කාර්යාලයීය මිතුරු චÁද්‍රසේන ද කැටිවය. දෙදෙනා ගේට්ටුව හැර වත්ත ඇතුළු වත්ම බල්ලෙක් බුරාගෙන ආවේය.
    ’බල්ලා කයිද?’ බියපත් වූ චන්‍ද්‍රසේන ඇසුවේ අඩියක් ආපස්සට තබමිනි.
    ’මටත් බලාගන්ඩ ඕනැ ඒකම තමයි. මම මූව ගෙනාවේ ඊයෙ.’ මංජුල කීවේය.



    කහිනවා ඇහෙයි

    ’මගේ කන් ඇහීම කොයි තරම් දුර්වල වෙලාද කියනවා නං මම කහින සද්දෙවත් මට ඇහෙන්නෙ නෑ ඩොක්ටර්.’
    හේමපාල ඇන්ටි, වෛද්‍යවරයා තම කන පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පැවසීය.
    ’හොඳයි, මේ පෙති ටික දවසට දෙක ගණනේ උදේ හවස පාවිච්චි කරන්න.’ වෛද්‍යවරයා කීවේ තරමක උච්ච ස්වරයකිනි.
    ’මේවා පාවිච්චි කරන කොට කන් ඇහෙන්න පටන් ගනියිද ඩොක්ටර්?’ හේමපාල ඇන්ටි ඇසුවේ බලාපොරොත්තු වලින් දෑස් පුරවා ගෙනය.
    ’නෑ.. නෑ... හොඳට හයියෙන් කහින්ඩ පුළුවන් වෙයි’ වෛද්‍යවරයා කීවේය.



    එල්ලා මැරීම

    පොත් ගුල්ලකු වූ හේරත් ගේ ලියන කාමරයට ඇතුළු වූ බුද්ධි දුටුවේ වහලේ යට ලීයක බැඳී ලණුවකින් එල්ලා ඇති පොතකි.
    ’තමුසෙට පිස්සුද හේරත්? මොකද මේ නවකතා පොතක් වහලේ එල්ලලා තියෙන්නෙ?’ බුද්ධි ඇසීය.
    ’නෑ බුද්ධි මම ඔය ටික කරන්න කලින් නොසෑහෙන්න විපරං කළා. ඒත් මට මේ නවකතාව ලිව්ව එකා හොයා ගන්ඩ බැරිවුණා.’ හේරත් කීවේ කෝපයෙනි.


    -silumina-​