එදා මරදාන හෙල්ලූ චොප්පෙගේ කතාව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මරදාන පොලිස් ස්ථානයෙන් පිටත්වූ ජීප් රථය සිමන්ස් පාර හන්දියෙන් හැරී ඩීන්ස් පාර ඔස්සේ ගමන් කරන්නට විය.

    මරදාන පොලිස් ස්ථානාධිපති ලොයිඩ් පෙරේරා සමඟ පොලිස් භටයින් සතර දෙනකු, මේ යන්නේ මරදාන පොලිස් වසමේ රාත්‍රී මුර සංචාර කටයුතු සඳහාය.
    මරදාන මාර්කට්ටුව පසුකර ටික දුරක් පැමිණි ජීප් රථය පියදාස සිරිසේන මාවත ඔස්සේ ගමන් කළේ නැවතත් මරදාන බොරැල්ල පාරට පිවිසීම සඳහාය.
    නමුත් ජීප් රථය හදිසියේම නතර කිරීමට සිදුවූයේ බයිසිකලයක් අතුරු මඟක සිට ජීප් රථය ඉදිරියට පැමිණීම නිසාය.

    බයිසිකලයේ පැමිණි පුද්ගලයා අත් දිග කමිසයකින් සැරැසී සිටියේය. දෙපයෙහි කළු පාට රබර් සෙරෙප්පු යුගළක් විය. අතේ බැටරි කෑලි පහේ වින්චෙස්ටර් විදුලි පන්දමකි. ජීප් රථයේ සිටි එක් පොලිස් භටයෙක් ජීප් රථයෙන් හිස එළියට දැම්මේ පොලිසියටම ආවේණික ‘ආදරණීය’ බසින් පුද්ගලයා ඇමැතීම සඳහාය.
    නමුත් ඔහු පිට වෙන්නට ආ වදන් ගිල ගත්තේය. ඒ වෙනුවට සුහඳ හඬකින් ‘‘ආ චොප්පෙ අයියා’’ යයි කීවේය.

    ‘‘ආ සර්ල පැට්රෝල් යනව වගේ. සර්ල යන්න මම මේ පැත්ත බලාගන්නම්.’’ එක කකුලක් පොළවට බර දී, අනික් කකුල බයිසිකල් පැඩලය මත රඳවාගෙන සිටි පුද්ගලයා කීවේය.
    ඒ චොප්පෙ අයියා ය.

    එක්දහස් නවසිය හැට ගණන්වල මුළු මරදාන ඒරියා එකම, සාන්තබස්තියම, කුප්පියාවත්ත, පරණවාඩිය, ස්ටොක්වත්ත, පුංචි බොරැල්ල යන ප්‍රදේශ හොල්ලාගෙන සිටියේ චොප්පෙ අයියා ය. රාත්‍රී අඳුර වැටුන පසු අනුග්‍රාහකයකු අල්ලා ගැනීමට
    පරණවාඩිය, පුංචි බොරැල්ල හංදිය, ඩීන්ස් පාර, මරදාන දුම්රියපොළ ඉදිරිපිට කැරකෙන ගණිකාවන් චොප්පෙ අයියා එනවිට අඳුරු මුල්ලක සැඟවුණේ චොප්පෙ අයියා දුටුවොත් කුණු බැණුම් ඇසීමට සිදුවන නිසාය. හැට ගණන්වල මුළු මරදාන ඒරියා එකේම වෙනත් ලපයි සිපයි, පොරවල් චණ්ඩි පාට් දමමින් හුලාහුප් නටන්නට පැමිණියේ නැත. මුළු මරදානේම අණසක පැතිරුවේ චොප්පෙ අයියා ය.

    චොප්පෙ අයියා ඉන්න කාලයේ මරදානේ හොරු සිටියේ නැත. කප්පම්කාරයෝ සිටියේ නැත. බ්ලේඩ්, ඩප්පි, ටිංකිරි ටින් තිබුණේ නැත. මුළු මරදානම සරන්ඩර්ය.
    එක්දහස් නවසිය තිස්පහේ පෙබරවාරි හතරවන දින මරදාන මරියකඩේ ප්‍රදේශයේ උපන් මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙ අයියාට සහෝදරයන් සතුර දෙනකු විය. ලෝර්ඩ්, ප්‍රියන්ත, මුනිදාස, පොඩි මහත්තයා ඒ හතර දෙනාය.

    චොප්පෙගේ පියා මනුවෙල් රාජපක්ෂය. ඔහු දක්ෂ ලී බඩු පොලිෂ් කරන්නෙකි. සේවය කළේ දයාවංශ ජයකොඩිගේ පියාගේ මරදාන පිහිටි ලී බඩු සාප්පුවේය.
    ‘‘ඒ කාලෙ මරදාන ආනන්ද පාරේ කෙළවර ඉස්සර තිබූ උසාවිය ළඟ තියෙන වයිට් පාර්ක් එකට එනවා. අර වේවැල්වලින් හදපු රාග බෝල ගහන්න. මම දන්න තරමට හොඳ මිනිහෙක්.’’

    වසර කීපයකට පෙර දයාවංශ ජයකොඩි, චොප්පෙ අයියා පිළිබඳ මතයක අලුත් කරමින් මා සමඟ පැවැසීය.
    චොප්පෙ ඉගෙන ගත්තේ කුප්පියාවත්ත ආණ්ඩුවේ ඉස්කෝලේය. පහේ පන්තිය දක්වා පමණි. මරදාන කරුණාදස ලර්නර්ස් අධිපති කේ. කරුණාදාස, චොප්පෙගෙ පන්ති මිතුරෙකි.

    චොප්පෙ අයියා අසාමාන්‍ය ශරීර ස්වභාවයකින් යුක්ත අයෙකු විය. ඔහුගේ අත් දෙක කකුල් දෙකේ දණ හිසෙනුත් පහළට දික්ව තිබුණි. මෙනිසා ඔහුට කෙනකුට දුර සිටම තියුණු මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කිරීමේ අපූරු හැකියාවක් විය. එසේම දකුණු කකුළ ඉහළට නවා බෙල්ල වටේ ඔතා ගැනීමේ විස්මිත හැකියාවක් ද චොප්පෙ අයියා සතුවිය.
    චොප්පෙ අයියා දක්ෂ චීනාඩි කාරයෙකි. හතර මුල්ල පැන අහස් ප්‍රහාර ඔහු එල්ල කරන්නේ අකුණු ගසන්නා සේ ය.
    චොප්පෙ අයියා මේ චීනාඩි ඉගෙන ගත්තේ කෙහෙල්වත්තේ චීනාඩි සයිමන් අයියාගෙනි. ඒ දිනවල, බොරැල්ල කානිවල් එකේදි චොප්පෙ අයියා ඔට්ටු දමා නන්දසේන කුරේ සමඟ චීනාඩි ගහනවා නරඹන්නට මිනිසුන් පැමිණියේ පොරකමිනි. නන්දසේන කුරේ හිටපු ඇමැතිවරයකු වූ සිරිසේන කුරේගේ වැඩිමල් සොහොයුරාය.
    හැට ගණන්වල මරදාන අවට ප්‍රශ්න පමණක් නොව වෙනත් ප්‍රදේශවල ප්‍රශ්න ද විසඳා ගැනීමට එන්නේ මරදානේ චොප්පෙ අයියා ළඟටය.
    ඔහු ජීවත් වුණේ මැද කොළඹ ආසනයේය. එනිසා ඔහුට බොහෝ දේශපාලන සබඳතා විය. චොප්පෙ අයියා කැපුවත් කොළය. උග්‍ර යූඇන්පී කකුලකි.
    ‘‘ඒ දවස්වල අපේ තාත්තා නිතරම බොරැල්ල වුඩ්ලන්ඩ්ස් වලව්වට යනවා. ඩඩ්ලි හාමු, තාත්තගෙ හොඳ හිතවතෙක්.’’ මේ තොරතුරු මට කීවේ චොප්පෙ අයියාගේ පුතෙකි. ඩඩ්ලි සේනානායකගේ දුම්කොළ පයිප්ප කීපයක් අදටත් චොප්පෙ අයියාගේ ගෙදර සුරැකිව ඇත.

    චොප්පෙ අයියාගේ හොඳම ගෝලයා මදාවි සෝමේ ය. දෙන්නාම හොඳ චීනාඩි කාරයෝය. යන්නේ එන්නේ එකටමය.
    ඒ, කොළඹ නගරය පමණක් නොව, මුළු ලංකාව පුරා මොරිස් මයිනර් කාර් රජ කළ යුගයය. චොප්පෙ අයියා ද තම අගසව්වන් සමග ගමන් කළේ මොරිස් මයිනර් මෝටර් රථයකය. අංක 2 ශ්‍රී 4016 ය. එය චොප්පෙ අයියාගේ මිත්‍ර, මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කරුණාදාසගේය.
    රාහුල සිල්වා යනු එකල රහස් පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකි. නමගිය පොලිස් කෙරුමෙකි. දිනක් මරදාන පටු පාරක රාහුල සිල්වා තම ජීප් රථය පදවාගෙන පැමිණියේය. අනික් පැත්තෙන් එයට මුහුණලා චොප්පෙ අයියාගේ මෝරිස් මයිනර් රථය පැමිණියේය. වාහන දෙකට එකවර මාරුවීමට නොහැක. කිසිවෙක් හෝ ආපස්සට ගත යුතුය. චොප්පෙ අයියා කිසි ගණනක් නැතිව මෝටර් රථය තුළ සිටී.

    ‘‘මම රාහුල ද සිල්වා.’’ ජීප් රථයෙන් බැස පැමිණි හැඩි දැඩි පොලිස් පරීක්ෂකවරයා පැවැසීය.
    ‘‘රාහුලල ගොඩාක් ඉන්නවා දොරේ. එක්කෙනෙක් අපේ බුදු හාමුදුරුවන්ගෙ පුතා රාහුල. ඔය වගේ ගොඩාක් ඉන්නවා. ඒත් චොප්පෙලා ඉන්නෙ එක්කෙනයි. ඒක නිසා ජීප් එක පස්සට ගන්න දොරෝ.’’ චොප්පෙ අයියා පැවැසීය.
    පොලිස් පරීක්ෂක රාහුල ද සිල්වා සිනහසෙමින් තම ජීප් රථය පසු පසුට ගත්තේය. චොප්පෙ අයියා සිනහවෙමින් ඉදිරියට ගියේය.
    ‘‘චණ්ඩියා චිත්‍රපටිය හදන කාලෙ ගාමිණි ෆොන්සේකා ඇවිල්ලා අපේ තාත්තට කිව්වා චිත්‍රපටයේ පොඩි කෑල්ලක් රඟපාන්න එන්න කියලා.’’ චොප්පෙ අයියගෙ පුතා අතීත සිදුවීමක් සිහිපත් කළේය.

    ‘‘මොකක්ද පාට් එක’’ චොප්පෙ අයියා, ගාමිණීගෙන් විමසීය.
    ‘‘ෆයිට් එකකදි මගෙන් ගුටි කන්න.’’ ගාමිණි පැවැසීය.
    ‘‘තමුන්නාන්සෙගෙන් ගුටි කන්න? තමුසෙ පිච්චරවල වීරයා වෙන්න ඇති. ඒත් මමයි රටේ වීරයා.’’ චොප්පෙ අයියා පැවැසුවේ ගාමිණි ෆොන්සේකා තඹ පයිසෙකටවත් ගණන් නොගෙනය.
    ‘‘මිනිස්සු ඉන්නෙ කාටද කියලා බලනවා. දවසකට ටවර් එක ළඟට, ගාමිණි එනවයි, චොප්පෙ අයියයි එනවා කියල බලනවා. කාව බලන්නද මිනිසුන් වැඩියෙන් එන්නෙ කියලා.’’ චොප්පෙ අයියා වැඩිදුරටත් පැවැසීය.

    වරක් චොප්ෆඵ අයියාට විරුද්ධව මාලිගාකන්ද උසාවියේ නඩුවක් ඇසීමට තිබුණි. සාක්කි නොමැති නිසා නඩුව විසිකෙරුණි. සමහරුන් පවසන්නේ සාක්කි නොමැති නිසා එදින ඔහුට විරුද්ධව තිබූ නඩු පනස් හතක්ම විසිකළ බවය. චොප්පෙ අයියාගේ නඩුවලින් පසුව මුළු උසාවියම හිස් විය. පැමිණ සිටි සියලු දෙනාම චොප්පෙ අයියාගේ හිතවතුන්ය.
    චොප්පෙ අයියාගේ නඩුවක් ඇති දිනයක ඒ උසාවිය අවට සම්පූර්ණයෙන් පිරී යන්නේ මොරිස් මයිනර් ටැක්සිවලිනි. එලෙස ඔවුන් එන්නේ චොප්පෙ අයියාගේ ආරාධනයෙන් නොවේ.

    එදා චොප්පෙ, ගාමිණි ෆොන්සේකාට එසේ කීවත් චොප්පෙ මළ දා අවමඟුල් උත්සවයේ ස්තුති කතාව කළේ ගාමිණී ෆොන්සේකාය.
    චොප්පෙ අයියාට සහ මදාවි සෝමෙට කොච්චියක් පැදවීමට දිගු කාලයක සිට ආසාවක් විය. දිනක් ඔවුන් දෙදෙනා මරදාන දුම්රිය ස්ථානයට ගොස් ටික වේලාවක් බලා සිටියහ. එක් දුම්රියක රියැදුරු සහ සහායක, අඟුරු දමන්නන් දුම්රියෙන් බැසගිය පසු චොප්පෙ අයියා සහ මදාවි සෝමෙ දුම්රියට නැග එය මරදාන සිට කොටුව දෙසට පදවන්නට විය. නමුත් දෙදෙනා දුම්රිය නතර කරන අන්දම දැන සිටියේ නැත. දෙදෙනා ඉදිරියට ඇදෙන දුම්රියෙන් පිටතට පැනගත්හ. දුම්රිය කඩාගෙන ගොස් පීලි පැන නතර විය.
    ‘‘ඉස්සර දවසක වේ.වි. ගුණවර්ධන කියන පත්තර කතෘ මහත්තයකුගෙ පාකර් පෑනක් බම්බලපිටියෙදි පික් පොකැට් ගහල තියෙනවා.’’ චොප්පෙ අයියාගේ පුතා තවත් සිද්ධිය විස්තර කරන්නට විය.

    පත්තර කතුවරයා මෙම හොරකම බම්බලපිටිය පොලිසියට පැමිණිලි කළේය.
    ‘‘අපිට කියල වැඩක් නැහැ. මරදානෙ චොප්පෙ අයියට කියල බලන්න.’’ පොලිසියේ පිළිතුර විය.
    කතුවරයා චොප්පෙ අයියා මුණ ගැසුණි.
    ‘‘කොහෙදිද නැති වුණේ?’’ චොප්පෙ අයියා විමසීය.
    ‘‘බම්බලපිටියෙදි.’’
    ‘‘හෙට උදේ අටට මෙතනට එන්න. මහත්තයාට මහත්තයාගෙ පෑන ලැබේවි.’’ චොප්පෙ අයියා පිළිතුරු දුන්නේය. චොප්පෙ අයියා ඒ සැණකින් බම්බලපිටියේ පාලට පණිවිඩයක් යැවීය.

    බම්බලපිටියේ චණ්ඩියා පාල ය.

    ‘‘මගෙ යාළු මහත්තයකුගෙ වටිනා පාකර් පෑනක් අද බම්බලපිටියෙ හන්දියෙදි පොකැට් ගහල තියෙනවා. හොයල බලල ඒක මිනිහත් එක්ක එවපන්.’’
    බම්බලපිටියේ පාල, ඒ අවට පොකට්කරුවන්ගෙන් විමසූ විට පාකර් පෑන ඉස්සූ පොකට්කරුවා හමුවිය.
    ‘‘හෙට උදේ හය වෙද්දි උඹ ඕක චොප්පෙ අයියට ගිහිල්ල දෙන්න ඕනෑ.’’ පාල නියෝග කළේය.
    පත්තර මහත්තයා උදේ අටට චොප්පෙ අයියා මුණ ගැසීමට ගියවිට ඔහුට තමන්ගේ නැති වූ පාකර් පෑන ලැබුණි.
    එකල කොළඹ 10 මරදාන පාරේ අංක 493 දෙල් ගහ යට ගෙදර විසූ සර්වෝදයේ ඒ.ටී. ආරියරත්නව මැරීමට කොන්ත්‍රාත්තුවක් ලැබී, පසුව එය ඉවතට දමා, ඒ.ටී. ආරියරත්න සමඟ චොප්පෙ අයියා මිත්‍ර වූ කතාවද ඉතාමත් ප්‍රකට එකකි.

    1968 ඔක්තෝබර් 16 වැනි දින තියුණු කැපුම් තුවාල සහිතව චොප්පෙ අයියා මරා දමා තිබුණි. ඔහුගේ අවමඟුල් උත්සවය සිදුවූයේ මහත් උත්සවාකාරයෙනි. කුඩා හෙළිකොප්ටරයකින් අවමඟුල් පෙරහරට මල් ඉසිනු ලැබිණි.

    චොප්පෙ අයියා මියගොස් වසර පනහක් සම්පූර්ණ වූ 2018, ගුණසමරු උත්සවයක් පැවැත්වුණි. එම උත්සවය පිළිබඳ සමරුඵලක මරදාන, පංචිකාවත්ත, පුංචි බොරැල්ල ආදී ප්‍රදේශවල ලයිට් කණුවක් ගානේ එල්ලා තිබුණි. මියගොස් වසර පනහක් ගත වුවත් මිනිසුන්ට චොප්පෙ අයියා අමතක වී නැති බව එයින් පෙනුණි.
    එසේම චොප්පෙ එක්තරා උප සංස්කෘතියක් ද විය. අදත් ගමේ චණ්ඩියකුට කියන්නේ ඌ චොප්පෙ කෙනෙක් කියාය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු කලබලකාරී ලෙස හැසිරෙන විට ‘‘මොකද චොප්පෙ වෙන්නද හදන්නෙ’’ අසන්නේය. ඒ චොප්පෙ අයියා වන් ඇන්ඩ් ඔන්ලි නිසාය.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Maruwe kauda
    චොප්පේ කියන්නේ වීරයෙක් නොවෙයි. කප්පම් කාරයෙක්.

    චොප්පේ ව මැරුවේ පොලිසියෙන්, අද කාලේ කියන විදියට නම් "ආයුධ පෙන්නන්න" ගිහිල්ලා.

    "චොප්පේ"වයි, එයාගේ ගෝලයා වෙච්ච "මදාවි සෝමේ" දෙන්නාම "පොලිස් අත් අඩංගුවෙන් මිදී පලා යාමට උත්සාහ කරද්දී" මියගිය හැටියට තමයි සලකන්නේ.

    නමුත්, ඇත්තටම නම්, පොලිසියෙන් ගහලා (චොප්පේ ගේ මුත්‍රාශය පුපුරලා තිබුනා කියලා මම කියවලා තියනවා) ඒ දෙන්නාව මැරුවා කියලා තමයි කියන්නේ.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙ.චොප්පේ රාජපක්ෂ කෝච්චි පැද්ද නවත්තන්න දන්නේ නැතුව,පීලි කඩාගෙන හරි ඉස්සරහට ගියා.අපේ 69යෙ සර් රාජපක්ෂ ඉන්දියන් සාගරේ මුතු ඇටේ පදිනවා ඉස්සරහට යන්න දන්නේ නැතුව රිවස් එකට දාල.රාජ පක්ෂ නෙමේ දැන් නම් පේන විදියට රාජ පස්ස.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    "එදා චොප්පෙ, ගාමිණි ෆොන්සේකාට එසේ කීවත් චොප්පෙ මළ දා අවමඟුල් උත්සවයේ ස්තුති කතාව කළේ ගාමිණී ෆොන්සේකාය. "

    සිනමා සක්විති .. අම්මගේ රෙධ්ධ ..
     
    • Like
    Reactions: DiksonAlex

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    "එදා චොප්පෙ, ගාමිණි ෆොන්සේකාට එසේ කීවත් චොප්පෙ මළ දා අවමඟුල් උත්සවයේ ස්තුති කතාව කළේ ගාමිණී ෆොන්සේකාය. "

    සිනමා සක්විති .. අම්මගේ රෙධ්ධ ..
    බඩු සක්විති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    "එදා චොප්පෙ, ගාමිණි ෆොන්සේකාට එසේ කීවත් චොප්පෙ මළ දා අවමඟුල් උත්සවයේ ස්තුති කතාව කළේ ගාමිණී ෆොන්සේකාය. "

    සිනමා සක්විති .. අම්මගේ රෙධ්ධ ..

    ai ban gamini ube ammata mona hari karalada uba ipadune
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    චොප්පේ කියන්නේ වීරයෙක් නොවෙයි. කප්පම් කාරයෙක්.

    චොප්පේ ව මැරුවේ පොලිසියෙන්, අද කාලේ කියන විදියට නම් "ආයුධ පෙන්නන්න" ගිහිල්ලා.

    "චොප්පේ"වයි, එයාගේ ගෝලයා වෙච්ච "මදාවි සෝමේ" දෙන්නාම "පොලිස් අත් අඩංගුවෙන් මිදී පලා යාමට උත්සාහ කරද්දී" මියගිය හැටියට තමයි සලකන්නේ.

    නමුත්, ඇත්තටම නම්, පොලිසියෙන් ගහලා (චොප්පේ ගේ මුත්‍රාශය පුපුරලා තිබුනා කියලා මම කියවලා තියනවා) ඒ දෙන්නාව මැරුවා කියලා තමයි කියන්නේ.
    Boru kiyanna epa yako

    Api maradane waligama bar eka kare Choppege massina Anura uncle apith ekka wada kare
    Lagama hitapu eun thama choppewa maruwe
    Choppege namata thamath ehe minissu salakanawa oni tharan
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ai ban gamini ube ammata mona hari karalada uba ipadune
    eka nan danne na .... habay choppe reta pitakotuwe yanakota ube ammata nam banala elawala tiyena patay , uba ipadila tiynne koddongey , lollongey , ballongey okkoma badu ammage puka patten katata awilla ewa gilila , ahara marge tibba sidurak haraha palopiya naleta gihilla...... tawa ubata ahaganna one nam kiapan.... ekko wadagat widiata argue karanna igena ganin
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    eka nan danne na .... habay choppe reta pitakotuwe yanakota ube ammata nam banala elawala tiyena patay , uba ipadila tiynne koddongey , lollongey , ballongey okkoma badu ammage puka patten katata awilla ewa gilila , ahara marge tibba sidurak haraha palopiya naleta gihilla...... tawa ubata ahaganna one nam kiapan.... ekko wadagat widiata argue karanna igena ganin

    okane ithin hodin ahauwahama nahinawa kiyanne, dan mama gaminit bennada???? kuddanta bennada?? uba ochchara ridawagaththe uba oya kiyapu serama wela uba ipaduna dukata kiyala mata therenawa, nethnam uba ube ammata wechcha dewal ohoma wisthara karanna hethuwak ne methane,

    awulak ne ubage hithe thibuna duka adu una nam santhosai.

    dan oya uba wedagath wiiyatda ahuwe?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    මරදාන පොලිස් ස්ථානයෙන් පිටත්වූ ජීප් රථය සිමන්ස් පාර හන්දියෙන් හැරී ඩීන්ස් පාර ඔස්සේ ගමන් කරන්නට විය.

    මරදාන පොලිස් ස්ථානාධිපති ලොයිඩ් පෙරේරා සමඟ පොලිස් භටයින් සතර දෙනකු, මේ යන්නේ මරදාන පොලිස් වසමේ රාත්‍රී මුර සංචාර කටයුතු සඳහාය.
    මරදාන මාර්කට්ටුව පසුකර ටික දුරක් පැමිණි ජීප් රථය පියදාස සිරිසේන මාවත ඔස්සේ ගමන් කළේ නැවතත් මරදාන බොරැල්ල පාරට පිවිසීම සඳහාය.
    නමුත් ජීප් රථය හදිසියේම නතර කිරීමට සිදුවූයේ බයිසිකලයක් අතුරු මඟක සිට ජීප් රථය ඉදිරියට පැමිණීම නිසාය.

    බයිසිකලයේ පැමිණි පුද්ගලයා අත් දිග කමිසයකින් සැරැසී සිටියේය. දෙපයෙහි කළු පාට රබර් සෙරෙප්පු යුගළක් විය. අතේ බැටරි කෑලි පහේ වින්චෙස්ටර් විදුලි පන්දමකි. ජීප් රථයේ සිටි එක් පොලිස් භටයෙක් ජීප් රථයෙන් හිස එළියට දැම්මේ පොලිසියටම ආවේණික ‘ආදරණීය’ බසින් පුද්ගලයා ඇමැතීම සඳහාය.
    නමුත් ඔහු පිට වෙන්නට ආ වදන් ගිල ගත්තේය. ඒ වෙනුවට සුහඳ හඬකින් ‘‘ආ චොප්පෙ අයියා’’ යයි කීවේය.

    ‘‘ආ සර්ල පැට්රෝල් යනව වගේ. සර්ල යන්න මම මේ පැත්ත බලාගන්නම්.’’ එක කකුලක් පොළවට බර දී, අනික් කකුල බයිසිකල් පැඩලය මත රඳවාගෙන සිටි පුද්ගලයා කීවේය.
    ඒ චොප්පෙ අයියා ය.

    එක්දහස් නවසිය හැට ගණන්වල මුළු මරදාන ඒරියා එකම, සාන්තබස්තියම, කුප්පියාවත්ත, පරණවාඩිය, ස්ටොක්වත්ත, පුංචි බොරැල්ල යන ප්‍රදේශ හොල්ලාගෙන සිටියේ චොප්පෙ අයියා ය. රාත්‍රී අඳුර වැටුන පසු අනුග්‍රාහකයකු අල්ලා ගැනීමට
    පරණවාඩිය, පුංචි බොරැල්ල හංදිය, ඩීන්ස් පාර, මරදාන දුම්රියපොළ ඉදිරිපිට කැරකෙන ගණිකාවන් චොප්පෙ අයියා එනවිට අඳුරු මුල්ලක සැඟවුණේ චොප්පෙ අයියා දුටුවොත් කුණු බැණුම් ඇසීමට සිදුවන නිසාය. හැට ගණන්වල මුළු මරදාන ඒරියා එකේම වෙනත් ලපයි සිපයි, පොරවල් චණ්ඩි පාට් දමමින් හුලාහුප් නටන්නට පැමිණියේ නැත. මුළු මරදානේම අණසක පැතිරුවේ චොප්පෙ අයියා ය.

    චොප්පෙ අයියා ඉන්න කාලයේ මරදානේ හොරු සිටියේ නැත. කප්පම්කාරයෝ සිටියේ නැත. බ්ලේඩ්, ඩප්පි, ටිංකිරි ටින් තිබුණේ නැත. මුළු මරදානම සරන්ඩර්ය.
    එක්දහස් නවසිය තිස්පහේ පෙබරවාරි හතරවන දින මරදාන මරියකඩේ ප්‍රදේශයේ උපන් මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙ අයියාට සහෝදරයන් සතුර දෙනකු විය. ලෝර්ඩ්, ප්‍රියන්ත, මුනිදාස, පොඩි මහත්තයා ඒ හතර දෙනාය.

    චොප්පෙගේ පියා මනුවෙල් රාජපක්ෂය. ඔහු දක්ෂ ලී බඩු පොලිෂ් කරන්නෙකි. සේවය කළේ දයාවංශ ජයකොඩිගේ පියාගේ මරදාන පිහිටි ලී බඩු සාප්පුවේය.
    ‘‘ඒ කාලෙ මරදාන ආනන්ද පාරේ කෙළවර ඉස්සර තිබූ උසාවිය ළඟ තියෙන වයිට් පාර්ක් එකට එනවා. අර වේවැල්වලින් හදපු රාග බෝල ගහන්න. මම දන්න තරමට හොඳ මිනිහෙක්.’’

    වසර කීපයකට පෙර දයාවංශ ජයකොඩි, චොප්පෙ අයියා පිළිබඳ මතයක අලුත් කරමින් මා සමඟ පැවැසීය.
    චොප්පෙ ඉගෙන ගත්තේ කුප්පියාවත්ත ආණ්ඩුවේ ඉස්කෝලේය. පහේ පන්තිය දක්වා පමණි. මරදාන කරුණාදස ලර්නර්ස් අධිපති කේ. කරුණාදාස, චොප්පෙගෙ පන්ති මිතුරෙකි.

    චොප්පෙ අයියා අසාමාන්‍ය ශරීර ස්වභාවයකින් යුක්ත අයෙකු විය. ඔහුගේ අත් දෙක කකුල් දෙකේ දණ හිසෙනුත් පහළට දික්ව තිබුණි. මෙනිසා ඔහුට කෙනකුට දුර සිටම තියුණු මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කිරීමේ අපූරු හැකියාවක් විය. එසේම දකුණු කකුළ ඉහළට නවා බෙල්ල වටේ ඔතා ගැනීමේ විස්මිත හැකියාවක් ද චොප්පෙ අයියා සතුවිය.
    චොප්පෙ අයියා දක්ෂ චීනාඩි කාරයෙකි. හතර මුල්ල පැන අහස් ප්‍රහාර ඔහු එල්ල කරන්නේ අකුණු ගසන්නා සේ ය.
    චොප්පෙ අයියා මේ චීනාඩි ඉගෙන ගත්තේ කෙහෙල්වත්තේ චීනාඩි සයිමන් අයියාගෙනි. ඒ දිනවල, බොරැල්ල කානිවල් එකේදි චොප්පෙ අයියා ඔට්ටු දමා නන්දසේන කුරේ සමඟ චීනාඩි ගහනවා නරඹන්නට මිනිසුන් පැමිණියේ පොරකමිනි. නන්දසේන කුරේ හිටපු ඇමැතිවරයකු වූ සිරිසේන කුරේගේ වැඩිමල් සොහොයුරාය.
    හැට ගණන්වල මරදාන අවට ප්‍රශ්න පමණක් නොව වෙනත් ප්‍රදේශවල ප්‍රශ්න ද විසඳා ගැනීමට එන්නේ මරදානේ චොප්පෙ අයියා ළඟටය.
    ඔහු ජීවත් වුණේ මැද කොළඹ ආසනයේය. එනිසා ඔහුට බොහෝ දේශපාලන සබඳතා විය. චොප්පෙ අයියා කැපුවත් කොළය. උග්‍ර යූඇන්පී කකුලකි.
    ‘‘ඒ දවස්වල අපේ තාත්තා නිතරම බොරැල්ල වුඩ්ලන්ඩ්ස් වලව්වට යනවා. ඩඩ්ලි හාමු, තාත්තගෙ හොඳ හිතවතෙක්.’’ මේ තොරතුරු මට කීවේ චොප්පෙ අයියාගේ පුතෙකි. ඩඩ්ලි සේනානායකගේ දුම්කොළ පයිප්ප කීපයක් අදටත් චොප්පෙ අයියාගේ ගෙදර සුරැකිව ඇත.

    චොප්පෙ අයියාගේ හොඳම ගෝලයා මදාවි සෝමේ ය. දෙන්නාම හොඳ චීනාඩි කාරයෝය. යන්නේ එන්නේ එකටමය.
    ඒ, කොළඹ නගරය පමණක් නොව, මුළු ලංකාව පුරා මොරිස් මයිනර් කාර් රජ කළ යුගයය. චොප්පෙ අයියා ද තම අගසව්වන් සමග ගමන් කළේ මොරිස් මයිනර් මෝටර් රථයකය. අංක 2 ශ්‍රී 4016 ය. එය චොප්පෙ අයියාගේ මිත්‍ර, මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කරුණාදාසගේය.
    රාහුල සිල්වා යනු එකල රහස් පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකි. නමගිය පොලිස් කෙරුමෙකි. දිනක් මරදාන පටු පාරක රාහුල සිල්වා තම ජීප් රථය පදවාගෙන පැමිණියේය. අනික් පැත්තෙන් එයට මුහුණලා චොප්පෙ අයියාගේ මෝරිස් මයිනර් රථය පැමිණියේය. වාහන දෙකට එකවර මාරුවීමට නොහැක. කිසිවෙක් හෝ ආපස්සට ගත යුතුය. චොප්පෙ අයියා කිසි ගණනක් නැතිව මෝටර් රථය තුළ සිටී.

    ‘‘මම රාහුල ද සිල්වා.’’ ජීප් රථයෙන් බැස පැමිණි හැඩි දැඩි පොලිස් පරීක්ෂකවරයා පැවැසීය.
    ‘‘රාහුලල ගොඩාක් ඉන්නවා දොරේ. එක්කෙනෙක් අපේ බුදු හාමුදුරුවන්ගෙ පුතා රාහුල. ඔය වගේ ගොඩාක් ඉන්නවා. ඒත් චොප්පෙලා ඉන්නෙ එක්කෙනයි. ඒක නිසා ජීප් එක පස්සට ගන්න දොරෝ.’’ චොප්පෙ අයියා පැවැසීය.
    පොලිස් පරීක්ෂක රාහුල ද සිල්වා සිනහසෙමින් තම ජීප් රථය පසු පසුට ගත්තේය. චොප්පෙ අයියා සිනහවෙමින් ඉදිරියට ගියේය.
    ‘‘චණ්ඩියා චිත්‍රපටිය හදන කාලෙ ගාමිණි ෆොන්සේකා ඇවිල්ලා අපේ තාත්තට කිව්වා චිත්‍රපටයේ පොඩි කෑල්ලක් රඟපාන්න එන්න කියලා.’’ චොප්පෙ අයියගෙ පුතා අතීත සිදුවීමක් සිහිපත් කළේය.

    ‘‘මොකක්ද පාට් එක’’ චොප්පෙ අයියා, ගාමිණීගෙන් විමසීය.
    ‘‘ෆයිට් එකකදි මගෙන් ගුටි කන්න.’’ ගාමිණි පැවැසීය.
    ‘‘තමුන්නාන්සෙගෙන් ගුටි කන්න? තමුසෙ පිච්චරවල වීරයා වෙන්න ඇති. ඒත් මමයි රටේ වීරයා.’’ චොප්පෙ අයියා පැවැසුවේ ගාමිණි ෆොන්සේකා තඹ පයිසෙකටවත් ගණන් නොගෙනය.
    ‘‘මිනිස්සු ඉන්නෙ කාටද කියලා බලනවා. දවසකට ටවර් එක ළඟට, ගාමිණි එනවයි, චොප්පෙ අයියයි එනවා කියල බලනවා. කාව බලන්නද මිනිසුන් වැඩියෙන් එන්නෙ කියලා.’’ චොප්පෙ අයියා වැඩිදුරටත් පැවැසීය.

    වරක් චොප්ෆඵ අයියාට විරුද්ධව මාලිගාකන්ද උසාවියේ නඩුවක් ඇසීමට තිබුණි. සාක්කි නොමැති නිසා නඩුව විසිකෙරුණි. සමහරුන් පවසන්නේ සාක්කි නොමැති නිසා එදින ඔහුට විරුද්ධව තිබූ නඩු පනස් හතක්ම විසිකළ බවය. චොප්පෙ අයියාගේ නඩුවලින් පසුව මුළු උසාවියම හිස් විය. පැමිණ සිටි සියලු දෙනාම චොප්පෙ අයියාගේ හිතවතුන්ය.
    චොප්පෙ අයියාගේ නඩුවක් ඇති දිනයක ඒ උසාවිය අවට සම්පූර්ණයෙන් පිරී යන්නේ මොරිස් මයිනර් ටැක්සිවලිනි. එලෙස ඔවුන් එන්නේ චොප්පෙ අයියාගේ ආරාධනයෙන් නොවේ.

    එදා චොප්පෙ, ගාමිණි ෆොන්සේකාට එසේ කීවත් චොප්පෙ මළ දා අවමඟුල් උත්සවයේ ස්තුති කතාව කළේ ගාමිණී ෆොන්සේකාය.
    චොප්පෙ අයියාට සහ මදාවි සෝමෙට කොච්චියක් පැදවීමට දිගු කාලයක සිට ආසාවක් විය. දිනක් ඔවුන් දෙදෙනා මරදාන දුම්රිය ස්ථානයට ගොස් ටික වේලාවක් බලා සිටියහ. එක් දුම්රියක රියැදුරු සහ සහායක, අඟුරු දමන්නන් දුම්රියෙන් බැසගිය පසු චොප්පෙ අයියා සහ මදාවි සෝමෙ දුම්රියට නැග එය මරදාන සිට කොටුව දෙසට පදවන්නට විය. නමුත් දෙදෙනා දුම්රිය නතර කරන අන්දම දැන සිටියේ නැත. දෙදෙනා ඉදිරියට ඇදෙන දුම්රියෙන් පිටතට පැනගත්හ. දුම්රිය කඩාගෙන ගොස් පීලි පැන නතර විය.
    ‘‘ඉස්සර දවසක වේ.වි. ගුණවර්ධන කියන පත්තර කතෘ මහත්තයකුගෙ පාකර් පෑනක් බම්බලපිටියෙදි පික් පොකැට් ගහල තියෙනවා.’’ චොප්පෙ අයියාගේ පුතා තවත් සිද්ධිය විස්තර කරන්නට විය.

    පත්තර කතුවරයා මෙම හොරකම බම්බලපිටිය පොලිසියට පැමිණිලි කළේය.
    ‘‘අපිට කියල වැඩක් නැහැ. මරදානෙ චොප්පෙ අයියට කියල බලන්න.’’ පොලිසියේ පිළිතුර විය.
    කතුවරයා චොප්පෙ අයියා මුණ ගැසුණි.
    ‘‘කොහෙදිද නැති වුණේ?’’ චොප්පෙ අයියා විමසීය.
    ‘‘බම්බලපිටියෙදි.’’
    ‘‘හෙට උදේ අටට මෙතනට එන්න. මහත්තයාට මහත්තයාගෙ පෑන ලැබේවි.’’ චොප්පෙ අයියා පිළිතුරු දුන්නේය. චොප්පෙ අයියා ඒ සැණකින් බම්බලපිටියේ පාලට පණිවිඩයක් යැවීය.

    බම්බලපිටියේ චණ්ඩියා පාල ය.

    ‘‘මගෙ යාළු මහත්තයකුගෙ වටිනා පාකර් පෑනක් අද බම්බලපිටියෙ හන්දියෙදි පොකැට් ගහල තියෙනවා. හොයල බලල ඒක මිනිහත් එක්ක එවපන්.’’
    බම්බලපිටියේ පාල, ඒ අවට පොකට්කරුවන්ගෙන් විමසූ විට පාකර් පෑන ඉස්සූ පොකට්කරුවා හමුවිය.
    ‘‘හෙට උදේ හය වෙද්දි උඹ ඕක චොප්පෙ අයියට ගිහිල්ල දෙන්න ඕනෑ.’’ පාල නියෝග කළේය.
    පත්තර මහත්තයා උදේ අටට චොප්පෙ අයියා මුණ ගැසීමට ගියවිට ඔහුට තමන්ගේ නැති වූ පාකර් පෑන ලැබුණි.
    එකල කොළඹ 10 මරදාන පාරේ අංක 493 දෙල් ගහ යට ගෙදර විසූ සර්වෝදයේ ඒ.ටී. ආරියරත්නව මැරීමට කොන්ත්‍රාත්තුවක් ලැබී, පසුව එය ඉවතට දමා, ඒ.ටී. ආරියරත්න සමඟ චොප්පෙ අයියා මිත්‍ර වූ කතාවද ඉතාමත් ප්‍රකට එකකි.

    1968 ඔක්තෝබර් 16 වැනි දින තියුණු කැපුම් තුවාල සහිතව චොප්පෙ අයියා මරා දමා තිබුණි. ඔහුගේ අවමඟුල් උත්සවය සිදුවූයේ මහත් උත්සවාකාරයෙනි. කුඩා හෙළිකොප්ටරයකින් අවමඟුල් පෙරහරට මල් ඉසිනු ලැබිණි.

    චොප්පෙ අයියා මියගොස් වසර පනහක් සම්පූර්ණ වූ 2018, ගුණසමරු උත්සවයක් පැවැත්වුණි. එම උත්සවය පිළිබඳ සමරුඵලක මරදාන, පංචිකාවත්ත, පුංචි බොරැල්ල ආදී ප්‍රදේශවල ලයිට් කණුවක් ගානේ එල්ලා තිබුණි. මියගොස් වසර පනහක් ගත වුවත් මිනිසුන්ට චොප්පෙ අයියා අමතක වී නැති බව එයින් පෙනුණි.
    එසේම චොප්පෙ එක්තරා උප සංස්කෘතියක් ද විය. අදත් ගමේ චණ්ඩියකුට කියන්නේ ඌ චොප්පෙ කෙනෙක් කියාය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු කලබලකාරී ලෙස හැසිරෙන විට ‘‘මොකද චොප්පෙ වෙන්නද හදන්නෙ’’ අසන්නේය. ඒ චොප්පෙ අයියා වන් ඇන්ඩ් ඔන්ලි නිසාය.
    Me katawe ara police officer arama kiyala eyage wahane ai pasata gatte? Etana mokak hari policiya pawichi karana upakramayak wageda? Nikan hariyata hilight nowi shape eke hinawa dala pase game ekk dena wage. ?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    mewage ponnayanwa weerayo karala paththareta lipi liyana ponnayange atadeka thalanna ona galak uda thiyala kottamba thanawa wage

    අපේ පැත්තෙත් මැරයෙක් හිටියා පොඩි කාලේ තාත්තගේ සල්ලි හොරකන් කරලා චෝකෝ කන නිසා චොකා කිවා
    man podi kaaledi Topi kaawe :(
    ------ Post added on Nov 14, 2021 at 11:11 AM