බල්ලෙක් වගේ ඇවිදලා!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බල්ලෙක් වගේ ඇවිදලා!

    සුනඛයකුගේ සපා කෑමකින් තුවාල ලබා ප්‍රතිකාර නොගෙන සිටි පුද්ගලයකු දඹුල්ල රෝහලට ඇතුළත් කර පැය කීපයකින් මිය ගිය බව දඹුල්ල රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

    මියගොස් ඇත්තේ ගලේවෙල දේවහුව හීනුග්ගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ශාන්ත අබේරත්න නැමැත්තාය.

    මීට මාස තුනකට ඉහතදී සුනඛයකු සපා කෑ බව ඔහු සිය මවට පවසා තිබූ අතර ඒ සඳහා ප්‍රතිකාර කර නොතිබිණි. මිය ගිය පුද්ගලයා ශරීරයේ තුවාලයක් සිදුවූ විට කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් නොකර මිරිස් කුඩු තුවාලයට දමා සුව කරගන්නා අයෙකු බව ඥාතීන් පොලිසියට පවසා තිබේ.

    ඒ අනුව සුනඛයා සපා කෑමෙන් පසුව ද ඔහු කිසිදු ප්‍රතිකාරයක් නොලබා සිටිය දී එකවරම බල්ලෙකු මෙන් ඇවිද යෑමට පටන් ගෙන ඇත. :shocked::shocked::shocked:

    සිරුරේ ව්‍යාකූල තත්ත්වයන් රැසක් මතුවීමත් සමඟ ඔහුව ඊයේ (6) දහවල් දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

    එම වෛද්‍යවරුන් පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදීම ආරම්භ කිරීමත් සමඟ පැය කිහිපයක් ඇතුළත ඔහු මිය ගොස් ඇතැයි හදිසි මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත.

    කුමන අවස්ථාවක හෝ සුනඛයකුගේ සිරුරේ සපා කෑමකට ලක් වූයේ නම් ගලා යන ජල පහරකින් සබන් දා එම ස්ථානය හොඳින් සෝදා වහාම ළඟම ඇති රෝහලකට රෝගියා රැගෙන යෑම තුළින් මෙවැනි ජීවිත අවදානම් සිදුනොවන බව දඹුල්ල රෝහලේ උපදේශන කාර්යාලයේ හෙද නිලධාරිනියක් පැවසුවාය.

    වෙනත් ප්‍රතිකාර ක්‍රම සහ කිසිම ද්‍රව්‍යයක් එම තුවාල මුඛයට නොදැමිය යුතු බව ද හෙද නිලධාරිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

    මියගිය සාන්ත අබේරත්න මහතා එක් දරු පියෙකු වන අතර ඔහුගේ බිරිඳ මේ වන විට විදේශ රටක ගෘහ සේවය සඳහා පිටව ගොස් තිබෙන බවත්, දරුවා සිය මිත්තණිය ළඟ ජීවත්වන බවද ඔහු තනිවම බොහෝදුරට සිටින අයකු බවද ඥාතීන් හදිසි මරණ පරීක්ෂණයේදී සඳහන් කර තිබේ.

    Source: lankadeepa.lk
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාස තුනක් :shocked:
    අවුරුදු ගනං ගිහිල්ලත් හැදෙන්න පුලුවන්ද බං බල්ලො කෑවාම ? :eek:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    okai pitagasma hadunamai eka wagema wenne mn dnna widihata. awidinawa kiyanne aga dara dadu wenawalu