බල්ලොත් එක්ක නිදිය ගත්තොත් .....:D

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    බල්ලොත් එක්ක නිදිය ගත්තොත් .....:D



    බල්ලොත් එක්ක නිදිය ගත්තොත් නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්කය:lol::lol: කියන එක අපි පොඩි කාලෙ ඉඳන්ම අහල තියෙන දෙයක්. ඔය කතාව එක එක විදියට අර්ථ දක්වන්නත් පුලුවන්. මම මේ ලියන්න යන්නෙ ඒ වගේ එක කතාවක් ගැන.:yes::yes:

    මම 1998 උසස් අධ්‍යාපනය හදාරන්න කොළඹ එද්දි කොළඹ මගේ යාලුවො කියල ලොකුවට කවුරුත් හිටියෙ නෑ. ඒත් අවුරුද්දක් කොළඹ ඉස්කෝලෙ ගිහින් තිබුන නිසාත්, හැම ඉස්කෝලෙ නිවාඩුවටම කොළඹ ඇවිත් නතර වෙලා හිටිය නිසත් කොළඹ මට මහ ලොකු මැජික් එකක් උන්නෙත් නෑ.:eek:

    ඔය කියන කාලෙ මම සෙට් උනේ මගේ බැජ් එකට වඩා එක බැජ් එකක් සීනියර් උන් සෙට් එකකට (NIBM එකේ). ඒකට හේතුව ඒ සෙට් එකේ උන් දෙන්නෙක් මම කොළඹ එන්නත් කලින් ඉඳන් දැන් අඳුරගෙන හිටිය එක (උන් දෙන්නම ගාල්ලෙ).;)

    ඔය සෙට් එකේ කොළඹ උන් එකෙක්වත් හිටියෙ නෑ. හිටියෙ නුවර, කුරුණෑගල, බදුල්ල, ගාල්ල, තංගල්ල, රත්නපුර, නුවර එළිය ඔන්න ඔය වගේ ඩොටේ ඉඳන් ආව එවුන්. හැබැයි එහෙම උනා කියල අපි කාටවත් ප්‍රශ්නයක් නොවුනෙ හොඳට මිනිස්සු ආශ්‍රය කරල හිටිය නිසා.:):)

    ඔය සෙට් එකේ හිටිය සමන් කියල එකෙක් (ඇත්ත නම නෙමේ). මූ අනිත් අයට වඩා සෑහෙන්න වෙනස්.:frown::frown: යාලුවො සෙට් එකක් උනාම දන්න කියන එකෙකුත් නැති කොළඹ රටේ එකෙක්ට එකෙක් උදවු කරගෙන ඉන්න වෙනවනෙ අනිවාර්යෙන්ම.:yes::yes:

    මම යාලුවොන්ට පුලුවන් විදියට උදවු කරා.:D උනුත් මට ඒ විදියටම උදවු කරා.:)හැබැයි මම උදවු කරේ මට පුලුවන් හැටියට පුලුවන් වෙලාවට. ඒ වගේම මට උදවුවක් ඕනෙ වෙලාවට යාලුවො එකෙක්ට වත් බැරි නම් මම ඒත් කොහොම හරි අදාල දේ කර ගත්තා.:rolleyes:

    උදාහරනයක් විදියට මගේ අතේ අන්තිම රුපියල් 100 තියෙද්දි යාලුවෙක් රුපියල් 100 ක් ඉල්ලුවොත් නම් මට ඒක කරන්න වෙන්නෙ නෑ. ඒත් ඌට කන්න බොන්න නැත්නම් ඌව කන්න හරි එක්කගෙන ගිහින් කෑම එකෙන් බාගෙ බෙදාගෙන කන එක හරි මම කලා.:)

    අපේ ඔක්කොමල්ල වගේ මම ඔය කිවුව විදියට හිටියේ සමන් ඇරෙන්න. සමන්ගෙ අතේ අන්තිම රුපියල් 100 කවුරු හරි ඉල්ලුවොත් ඌ ඒකත් දෙනවා. කොටින්ම දවසක් සමන්ට විභාගයක් තියෙන දවසක අපේ එකෙක්ට ජොබ් ඉන්ටවිව් එකක්. උගේ ෆස්ට් ඉන්ටවිව් එක.:confused:

    ඌ තනියම යන්න බැහැ කිවුවම සමන් විභාගෙ අත ඇරල තමා අරූගෙ සපෝර්ට් එකට ගියේ.:angry: ඔය විදියට අපිට හිතාගන්නත් බැරි තරමට හැමෝටම වගේ උදවු කරගෙන සමන් හිටියෙ. හැබැයි ඌ ලේසියෙන් අපෙන් උදවුවක් ඉල්ලුවෙත් නෑ.

    ඔහොම ගිහින් දවසක් අපේ උන් දෙන්නෙක් උන්ගෙ පුද්ගලික වැඩකට ගියා කාටවත් නොකිය. කොච්චර යාලුවො උනත් හැමෝටම පුද්ගලිකත්වයකුත් තියෙන්න ඕනෙ නෙ. ඒත් ඔය සීන් එකට සමන්ට මල පැන්නා,:growl: මොකද කාට හොරෙන් ගියත් ඌට කියන්න තිබුනා කියල.

    ඊට පස්සෙ මේ යකා එකින් එකට අරුන් දෙන්නට කරපු උදවු ඔක්කොම පෝලිමේ කියවන්න ගත්තා. මම මුගෙන් වැඩිය උදවු අරන් නොතිබ්බත් ඒ වෙලාවෙ නම් බ්ලේඩ් එකක් අරන් බඩ කපා ගන්න හිතුන ඇයි යකෝ මුගෙන් උදවු ගත්තෙ කියල.:no:

    කාට හරි උදවු කරන නොකරන එක තමන්ගෙ වැඩක්. ඒත් උදවුවක් කරල මල පැනපු වෙලාවට ඒක කියවන්න යන තරම් කුජීත වැඩක් නම් තවත් නෑ.:frown: ඔය සිද්දියෙන් පස්සෙ ඉඳන් මම ඌත් එක්ක වැඩි ආශ්‍රයක් තිබුනෙ නෑ. පස්සෙ ඌ නිකම්ම සෙට් එකෙන් හැලිල ගියා.

    අපිට සමාජයේ ඕනෙ තරම් ඔහොම මිනිස්සු හම්බ වෙනවා. මම නම් අත්දැකීමෙන් කියන්නෙ ඕනෙ වට වඩා, තමන්ගෙ දේවලුත් මග හැරගෙන උදවු කරන්න එන එවුන්ගෙන් නම් උදවු නොගන්න තරමට, ඈත් වෙලා ඉන්න තරම්ට සරීර සවුක්යට හිතකරයි.:):):)


    උපුටා ගත්තේ මෙතනින්.......http://r4ng4.blogspot.com/2011/10/blog-post_16.html
    ( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    අපිට සමාජයේ ඕනෙ තරම් ඔහොම මිනිස්සු හම්බ වෙනවා. මම නම් අත්දැකීමෙන් කියන්නෙ ඕනෙ වට වඩා, තමන්ගෙ දේවලුත් මග හැරගෙන උදවු කරන්න එන එවුන්ගෙන් නම් උදවු නොගන්න තරමට, ඈත් වෙලා ඉන්න තරම්ට සරීර සවුක්යට හිතකරයි :yes::yes::yes::yes::yes: