බල්ලොත් එක්ක බෑ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිදැල්ලේ ගැවසෙන සුනඛයින් එම මාර්ගයට පිවිසීම වැළැක්වීමට දෙපස දැල් ආවරණවල ඉඩ ඇති ස්ථාන හා වතුර බැස යන බෝක්කු ආදියට පොළොව මට්ටමේ සිට දැල් ආවරණ යෙදීමට තීරණය කර තිබේ.
මෙම මස 25 වැනි දිනට ප්රථම මෙම දැල් යොදා අධිවේගී මාර්ගයෙහි වාහන පදවන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධ්යක්ෂක (මෙහෙයුම්) බී. ඞී. කේ. බණ්ඩාර මහතා පැවසීය.
සුනඛයින් නිර්වින්දනය කර ඉවත් කිරීමේ වැඩපිළිවෙළ සුනඛ සංගම්වල විරෝධය දැක්වීම හේතුවෙන් අත්හැරීමට සිදුවූ බවද ඒ මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙළ පසුගිය 16 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තඅබූ බවද ඒම හතා සඳහන් කළේය.
මාර්ගයට පිවිසෙන ඇටිකුකුලන්, මයිනන් හා කෑරලූන් වාහනවල වැදීමෙන් අනතුරට ලක්වීම අවම කර ගත හැකි වන්නේ කිලෝමීටර් සියයක වේගයෙන් හා වඩා කල්පනාකාරීව වාහනය පැදවුවහොත් පමණක් බව ඒ මහතා කීය.