දොර ඇරලා ඇතුලට එන්න යාලුවනේ
වෙළඳ පළට එක්වන සුනඛ සුරතලුන් සඳහා නිර්මාණය වූ විවිධ ආකාරයේ පළඳනා අතරට එක්වූ නවතම අංගයක් වන්නේ සුනඛ අව් කණ්නාඩියයි.
ඇමෙරිකානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද එය රෙක්ස් ස්පෙක්ස් ලෙස නම් කර තිබේ.
මෙම අව් කණ්නාඩි යුගල නිර්මාණය කර ඇත්තේ එයිඩන් ඩෝන් සහ ජෙසී එමිලො යුවල විසිනි. කඳු නැගීමට ඇලුම් කරන ඔවුන් සතුව සුනඛයින් දෙදෙනෙකු වන අතර කඳු නැගීමේදී පාරජම්බූල කිරණ වලට නිරාවරණය වීම හේතුවෙන් සුනඛයින් දෙදෙනාටම අක්ෂි ආබාධ ඇති වී තිබේ.
එම සුනඛයින් දෙදෙනා වෙනුවෙන් ඔවුන් ප්රථම වරට අව් කණ්නාඩි නිර්මාණය කර තිබේ.
සුනඛ සුරතලුන්ට ආදරය කරන්නන් අතර ජනප්රිය වෙමින් පවතින මෙම අව් කණ්නාඩි ඇමෙරිකානු හමුදාවේ සේවය කරන සුනඛයින් සඳහා මේ වනවිටත් භාවිතා කරයි.
මේ වනවිට තරමක් විශාල එනම් කිලෝග්රෑම් 13ත් 45ත් අතර බරින් යුත් සුනඛයන්ට පමණක් සරිලන ලෙස නිර්මාණය කර ඇති මෙම අව් කණ්නාඩියක් මිලෙන් ඇමෙරිකානු ඩොලර් 79.95ක් වේ.

Last edited: