බල්ලො බුරනවා: ගෙම්බො බක බක ගානවා: ගෝඨා කුණු
බල්ලො බුරනවා: ගෙම්බො බක බක ගානවා: ගෝඨා කුණුහරුප කියනවා -ආචාර්ය බාහු----------
(ලංකා-ඊ-නිව්ස් -2012.ජූලි.17- ප.ව.11.30) බල්ලෝ බුරනවා.... ගෙම්බෝ බක බක ගානවා.... ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ කුණුහරුප කියනවා..... ඊට හේතුව ඔහු දන්නේ කුණුහරුප කියන්න විතර යැයි නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවසීය. ඔහු එසේ කීවේ ඊයේ ගම්පහදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයට සහභාගී වෙමිනි.
දූෂණය, භීෂණය සහ මර්දනය යොදවා විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කෙසේ හෝ මේ පළාත් සභා මැතිවරණ ජය ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින නමුත් අප ඊට ඉඩ නොතබන බව අවධාරණය කරනවා.
ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුවට ඒකාධිපති ආණ්ඩුවක් යැයි කියන්නත් අපහසු තත්ත්වයක් තිඛෙනවා. ඒ මන්ද ලෝකයේ ඒකාධිපති ආණ්ඩුවලට වුණත් ඒ අයගේ බලය ගැනත් ඒ අයගේ ක්‍රියාකලාපය ගැනත් වැඩ පිළිවෙළ ගැනත් යම් පැහැදිලි අරමුණක් තිබුණා. ඒ අනුව බැලූවාම මේ ආණ්ඩුව එවැනි කිසිදු අරමුණක්වත් නොමැති එක එක වෙලාවට එක එක දේ කියන සහ කරන කිසිදු වැඩපිළිවෙළක් ද දැක්මක් ද නොමැති පිස්සු ආණ්ඩුවක් බව කිව යුතුයි.
බල්ලෝ බුරනවා.... ගෙම්බෝ බක බක ගානවා.... ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ කුණුහරුප කියනවා..... ඊට හේතුව ඔහු දන්නේ කුණුහරුප කියන්න විතරයි.
රටේ මහ සංවර්ධනයක් සිදු කරනවා යැයි මේ ආණ්ඩුව පම්පෝරි ගැසුවාට ජනතාවට දැනෙන කිසිදු සංවර්ධනයක් සිදු නොවන අතර මේ කියන සංවර්ධනයේ ප්‍රතිලාභ බුක්ති විදින්නේ 2% ක් වැනි ආණ්ඩුවේ සුළුතර ගැත්තන් විතරයි.
මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ ඇති එකා ඇති කරන නැති එකා නැත්තටම නැති කර විනාශ කරන ආර්ථිකයක් වන අතර ඒ අර්ථයෙන් ඊට එරෙහිව අප මේ ගෙන යන සටන පැහැදිලි පන්ති සටනක් බව කිව යුතුයි.
මේ පන්ති සටන සමග එකට එක් නොවී පන්ති සටන වෙනුවෙන් එදා වැඩ කළ වාසුදේව නානායක්කාරලා, ඩියු ගුණසේකරලා, තිස්ස විතාරණලා සිටින්නේ කොහේද? මේ පන්ති සටන උඹලා ගෙන යන්නේ කිනම් වේදිකාවක සිට ගෙන දැයි අප ප්‍රශ්න කරනවා. වහාම ආණ්ඩුවෙන් එළියට බැහැලා මේ පන්ති සටන වෙනුවෙන් සටන් කරපල්ලා යැයි ඒ අයට අප කියා සිටිනවා.
මේ වගේ ජෝගි නටන පිස්සු හැදුණු කුණුහරුප වැඩ කරන වැඩ පිළිවෙළක් අරමුණක් දැක්මක් නොමැති විනාශකාරී සහ ජනතා විරෝධී ආණ්ඩුවක් ඉතිහාසයේ කවදාවත් මේ රටේ බිහි නොවූ බව අප කියනවා.