බල්ලෝ ගැන (part ii)

Dec 5, 2012
46
17
0
ඉතින් කොහොමද කට්ටියට,
අද මම කියන්න හදන්නේ German Shepherd බල්ලෝ ගැන
:yes:

මගේ කලින් thread එකේ කට්ටිය කියල තිබ්බා මෙයාල ගැන details ටිකක් දාන්න කියලා. ඔන්න එහෙනම්...

(මගේ කලින් thread එක-http://www.elakiri.com/forum/showthread.php?t=1597509)


සම්භවය - ජර්මනිය
වර්ණය - කළු සමඟ මිශ්‍ර ළා දුඹුරු
උස - 55-75
බර - 23-40
ආයු කාලය - අවුරුදු 9 සිට 13 දක්වා
ස්වභාවය - හොඳ ඉවක්,loyal,calm


සාමාන්‍යයෙන් ඉස්සරම කාලේ මෙයාලව(ඒ කියන්නේ 2වෙනි ලෝක යුද්ධෙටත් කලින්) "Shepherd" කියන නමින් තමා හඳුනවල තියෙන්නේ. ඒත් 2වෙනි ලෝක යුද්ධෙන් පස්සේ තමා මෙයාලා "German Shepherd" සහ "Alsatian"බවට පත් උනේ.

ඒකටත් වෙනම කතාවක් තියෙනවා. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. 2වෙනි ලෝක යුද්ධ කාලේ කවුරුත් දන්න චරිතයක් තමයි "ඇඩොල්ෆ් හිට්ලර්":no::no:. මේ මනුස්සයට ජර්මනිය වටේම හිටපු රටවල මිනිස්සු විතරක් නෙමේ ජර්මනියේ මිනිස්සු පවා වෛර කළානේ.ඒත් හැම රටකම වාගේ මිනිස්සු German Shepherd ලට ආදරේ කළා. එක මිනිහෙක් හින්දා කවුරුත්ම කැමති උනේ නෑලු මේ බල්ලන්ව අතාරින්න. මොකද බල්ලගේ නම ඉස්සරහට German කියන කෑල්ල තිබුණ හින්දා. ඒ හින්දා බ්‍රිතාන්‍ය වගේ රටවල් German Shepherd වෙනුවට Alsatian කියන නම පාවිච්චි කරන්න ගත්තලු. අද වෙනකොට ගොඩාක් රට වල වගේම kennel club වල පාවිච්චි කරන්නේ Alsatian කියන නම කියලයි කියන්නේ.

ඒවා එහෙමයි. මෙයාලා ගැන කියනවනම් මෙහෙමයි. බොහොම මිත්‍රශීලී විශේෂයක් තමයි මෙයාලා. ඒ වගේම තමා සැරත්. ඒත් Rottweilers වගේ දරුණු නෑ:rolleyes:(එහෙමයි කියලා මෙයාලත් එක්ක ඔට්ටු වෙන්ඩ යන්ඩ එපා ඉතින් හොඳේ:P). ලංකාවේ වගේම ගොඩාක් රටවල k-9 unit වල ඉන්නේ මෙයාලා තමා. Rottweilers ඉන්නේ බොහෝම අඩු රටවල් සංඛ්‍යාවක තමා.

බොහෝම ක්‍රියාශීලී විශේෂයක් German Shepherdල කියන්නේ. දුවලා,පැනලා,සෙල්ලම් කර කර ඉන්න තමයි කැමති. විනෝදෙට බරයි කිව්වොත් හරියටම හරි. Rottweilers වගේ එක්කෙනෙකුට විතරක් කීකරු වෙනවයි කියලා නම් දන්නේ නෑ මම. ගෙදරක ඇති කරනවනම් ගෙදර හැමෝටම වගේ කීකරු වෙනවා.ඒ වගේම තමා මේ වර්ගයේ කෙනෙක් ඈත බුරනකොට කියන්න පුළුවන් මේ බුරන්නේ German Shepherd කෙනෙක් කියලා. මොකද කියනවනම් මෙයාලගේ ආවේණික හඬක් තියෙන්නේ. ගැඹුරු හඬක් කිව්වොත් හරියටම හරි. ඒ හඬ එන්නේ මෙහෙමයි. German Shepherdලගේ පපුව ලොකුයි. එ කියන්නේ මෙයාලගේ පෙනහළුත් ලොකුයි. බුරනව කියන්නේ ඒ පෙනහළු වල තියෙන වාතයත් එළියට එනවා. පෙනහල්ල ලොකු හින්දා එක පාරට වාතය දෝංකාරය දීමක් වහේ තමා වෙන්නේ. ගොඩාක් ලොකු බල්ලන්ගේ ඕක තමා බුරනකොට සද්දේ වැඩි වෙන්නේ.මම නම් ආසම Tibetan mastiff බල්ලෙක් බුරනවා අහගෙන ඉන්න. තාම ලංකාවේ නම් දැකලා නෑ. ඒත් YouTube එකේ බැලුවා...පට්ට සද්දේ ඒක නම්.

ගෙදරක ඇති කරනවනම් මම කියන්නේ මෙයාලව කූඩු කරන්න එපා:no::no:. ගෙදර gate එකක් දාලා වටේම cover කරලා ඇරලා තියන්න.මෙයාලව කූඩු කරනවා කියන්නේ පව්. ප්‍රමාණයෙන් ලොකු හින්දා කූඩු කරන එක හරි නෑ. මගෙත් යාළුවෝ ටික දෙනෙක් ගාව ඉන්නවා. උනුත් හොඳ free එකේ තමා හදන්නේ බල්ලන්ව.

පොඩි කාලෙදිනම් හරිම ලස්සන බල්ලෙක්. ඒත් ටික ටික ලොකු වෙනකොට හොම්බ දික් වෙනවා නරියෙක් ගෙ වගේ. ඒත් මාස 7-8 යනකොට සම්පූර්ණයෙන්ම වගේ grown up උනා ම නම් ආසාවේ බෑ.

ලංකාවේ නම් Lion Shepherd,German Shepherdකියලා වර්ග දෙකක් තියෙනවා. ඒත් මම දන්න තරමින් එහෙම වර්ග 2 නෑ. ඒත් ලංකාවේ ගොඩක්ම market වෙන්නේ Lion Shepherd.

ඒ වගේම තමා ලංකාවේ ගොඩාක් අය හදන්න ගන්නෙත් මෙයාලව. ඔයාලත් හදන්න ගන්නවනම් බල්ලගේ පෙළපත හොයල ඉන්න.( පෙළපත හොයනවා කිව්වහම joke වගේද?:angry: ඒකට කමක් නෑ බල්ලෝ හදන අය ඒක දන්නවා)මොකද එකම අම්මගේ දුවලා පුතාලා කැරකිලා ආපහු set උනහම හැදෙන පැටව් සාර්ථක නෑ. :lol::rolleyes:කොටින්ම කිව්වොත් මොන්ගල් වගේ තමා.


ඔන්න දන්න ඒවා දැම්මා. සමහර ඒවා වැරදිත් ඇති. මොකද මම මේ කොහෙන්වත් බලාගෙන ලියන ඒවා නෙමේ. එහෙනම් ඉතින් දන්නවනේ කරන්න ඕනේ මොකක්ද කියලා. කියවලා බලලා හොඳ නම් "බම්පි" පාරක් දෙන්නකෝ. rep ටිකක් දුන්නත් තරහක් නෑ කිසිම.:D:D:cool::nerd:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
1.gif