බලාගෙනයි_නංගී

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,132
    16,991
    113
    බලාගෙනයි නංගියේ වැටකේ ගාලේ මෘගයන්


    Untitled-2.jpg


    පහුගිය කාලෙ පුරාම මුහුදු වෙරළ ආශ‍්‍රිතව, වැටකේ ගාල්වල, දිය ඇලි කිට්ටුව, කැලෑවල, හෝටල් කාමරවල තරුණ තරුණියෝ ඝාතනය වුණා. ඇතැම් තැන්වල ආදරය සොයා ගෙන ඒ තැන්වලට ගිය පෙම්වතා - පෙම්වතිය දෙන්නම ඝාතනය වුණා. තවත් ස්ථානවල පෙම්වතා ඉතුරු වෙලා පෙම්වතිය ඝාතනය වුණා. මෙහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්න පුළුවන්ද? සාමාන්‍ය සමාජයෙන් හැංගුණු ”කැලෑබද සමාජයේ” ටිකක් ඇවිදින්න හිතුණා. මේ කතා ලියන්නෙ රසකර බලනවට වඩා කාට කාටත් පරිස්සම ප‍්‍රයෝජනවත් වෙන නිසා.

    කවුරු කොහොම කිවුවත් උද්‍යානවල, මුහුදු වෙරළෙ, කාමරවල, කැලෑවල, ඇෙඟ් අත පයේ එල්ලිලා කතා කරන හුඟක් අයගෙ විවාහ ජීවිත ගෙවෙන්නේ ඒ ඒ අය එක්ක නෙවෙයි. ඇතැම් වේලාවට කාමර වලට යනවා. කැලෑ බද පාළු තැන්වල රිංගනවා. ඒ අයගෙන් සීයට 90ක් විවාහකයන් වෙන්නෙ නෑ. මේ තමයි ඇත්ත.... ඒ ඇත්ත තුළින් ඔබ උකහා ගත යුතු දේ තමයි ”මේ පෙම්වතා මගේ සැමියා නොවුණොත්.” කියන දේ. එහෙම නොවුණොත් මොකද සිද්ධ වෙලා තියෙන්නේ..? කාගේ හෝ කායික අවශ්‍යතාවක්... අවංකවම විවාහ වීමේ බලාපොරොත්තුවෙන් ඍදදපි වලට යන අයත් ඉන්නව. නමුත් වැඩි දෙනෙක් කායික අවශ්‍යතාවක ප‍්‍රතිඵල.

    අපි හැංගුණු ඇත්ත කතාවක් දිගේ යමු...

    ”දකුණු ලකේ අගනගරේ ගාලූ පුරේ සිරි” කිවුවම මේ අගනගරෙ දිගටම තියෙන්නෙ ලස්සන මුහුදු වෙරළ. හික්කඩුව, උණවටුන, කළුතර තවත් ලස්සනයි. මේ පැත්තෙ පන්සලක් කිට්ටුව තිබුණා ලස්සන කැලෑවක්. මේ කැලෑවෙ ගල් වැටි එක්ක තියෙන ගල්තලාව දිගේ තරුණ ජෝඩු නිතරම ඇවිදිනවා. ගස්වලින් වැහුණු කැලෑවත්, කැලෑව අස්සට මුහුදත් හරි ලස්සනට පේනවා. මිනිස්සු හිතන්නෙ මුහුද බලන්න කැලෑවට යනවා කියලා. වෙරළෙ නාන
    ගෑණු පිරිමි අයත් කැලෑවෙ ඉන්න කොට හරි අපූරුවට පේනවා.

    විකෘති කාමාශාව තියන අය නිතර දෙවේලේ මේ කැලෑව අයිති කරගෙන ඉන්නෙ. මුහුදෙ නාලා ඇවිත් කැලේ පැත්තට හැරිල ඇඳුම් මාරු කරද්දි සමහර කාන්තාවො හිතන්නෙ මේ කැලේනෙ. කියලා. ඒත් හොඳට මතක තියා ගන්න. කැලේට හැරිල ඇඳුම් මාරු කරනවට වඩා සෙනග නාන පැත්තට හැරිලා ඇඳුම් මාරු කරන එක වඩා ගුණදායක බව. විකෘති කාමුකයො ගෑණු ඇඳුම් මාරු කරනා හැටි බලාගෙන ඉන්නවා විතරක් නෙවෙයි, වීඩියෝ පවා කරනවා. මේ තමයි ලෝකෙ හැටි.

    නිමාලි කියන්නෙ සල්ලි තියන පවුලක හැඩකාර ගෑණු ළමයෙක්. එයා යාළු වුණේ නිමල් එක්ක. අලූත් මෝටර් බයිසිකලේක එන, අතේ පච්චා දෙක තුනක් කොටපු නිමල් දඟකාර කොල්ලෙක් බව එයාට දැනුණා. නිමාලි හිතුවා වගේම නිමල් දඟකාරයි. අදහස් සිතුම් පැතුම් වුණත් එහෙමයි. එතැනින් පසු කතාව ලියමි.

    නිමාලි පවුලේ එකම දියණිය වූ නිසා ඇයව විවාහ කර දීමට දෙමාපියන් කල්පනා කළේ ගම් හතකට මඟුල් කියමිනි. එහෙත් ගම් හතකට මඟුල් කියන්නට තරම් වාසනාවන්ත පෙම්වතෙක් ඇයට හමු නොවිණි. එක්කෝ එය නිමාලිගේ අවාසනාව විය යුතුය. නැත්නම් නිමාලි තම සිතුම් පැතුම්වල සීමාව නොදැන සිටීම විය යුතුය.

    නිමා, මට රුපියල් 2500ක් දෙන්න.. මගේ කෝස් එකට ෆීස් ගෙවන්න සල්ලි මදි. ඇතැම් දිනවල නිමල් මුදල් ඉල්ලා ඇවිටිලි කළේය.

    නිමාලි දන්නා හැටියට නිමල් කරගෙන ගියේ භාෂා පන්තියකි.

    සියලූ දේ රහසක් පරිදි සිදු විය.

    නිමාලිගෙන් මුදල් ඉල්ලා ගන්නා නිමල් රැට ‘බජාර්’ එක අතරට වැටේ. ගංජා පානය කර, මත් වතුරෙන් පදම් වන උන් එක එක කොල්ලන්ගේ ගෙවල්වල නින්දට වැටේ. සමහර දාට දෙතුන් දෙනා ගණිකාවන් අතරටද වැටේ.

    නිමල්ලාගේ කණ්ඩායමේ හැටි දන්නා ගණිකාවෝ බොහෝ විට දන්නා අයට කියා මේ අනතුර මග හැර දැමූහ. ඒ තරමට ගණිකාවට පවා නිමල්ලාගේ හැසිරීම් කෲර විය. ම්ලේච්ඡු විය. වේදනාත්මක විය.

    එක ස්ත‍්‍රියක් පිරිමි කණ්ඩායමක් විසින් එකතු වී එකම වේලේ දූෂණය කිරීම විකෘති කාමාශාවකි. නිමල් පුරුදු වූයේ මේ විකෘති කාමයටය.

    ඔහු නිමාලි සමග අවස්ථා ගාණක් හෝටල් කාමර වල තනි විය. කැලෑ බදව තනි විය. ඒ සෑම තැනම නිමල් සහ නිමාලි එකට ගැවසුණත් විකෘති ආශාවලින් ඇලී සිටි නිමල්ට එහි ලොකු මිහිරක් දැනුණේ නැත.

    හැමදාම ගණිකාවන්ට මේ කාර්යයෙන් සංග‍්‍රහ කරන නිමල් ඊළඟ අමානුෂික කාමාශාව විඳීමට තම ආදරවන්තිය තෝරා ගත්තේය.

    පණ දී ආදරය කරන නිමාලි කිසි විටෙකත් නොසිතූ නොපැතූදෙයකි. ඇය නිමල් ගැන දැන උන්නේ පිරිසිදු පෙම්වතෙක් ලෙසය. නිමල්ගේ සමහර වැරදි හදා ගත හැකි බව ඇය නිතර කල්පනා කළාය.

    දවාලක් - රැයක් නැතිව නිමල් හා තනි වෙන්නට පෙම්වතියක් ලෙස නිමාලි බිය නොවුණාය.

    ආදරය - විවාහය - දරුවන් - පවුල් ජීවිතය ගැන කතා කරන පෙම්වතෙක් කෙසේ අවිශ්වාස කරන්නද?

    නිමල්ගෙන්, ඇමතුමක් ලැබෙයි.

    ”පැටියො හෙට පෝය. රැට බීච් එකේ ඇවිදිමු....”

    නිමාලිටත් රාත‍්‍රියේ වෙරළේ ඇවිදීම වඩාත් මිහිරක් විය. හැන්දෑවේ පන්සල් ගිහින් ඇවිත් ටිකක් ? වෙන තුරු නිමල් සමග බීච් එකේ තනි වෙන්නට නිමාලි කල්පනා කළාය.

    හඳපානේ අත් අල්ලන් යන හැටි, වැටකේ පඳුරකට වී තුරුලූ වී සිටින හැටි එදා ? මුළුල්ලේ නිමාලි කල්පනා කළාය. පසුදා ? වනතුරු ඇය හිටියේ නොඉවසිල්ලෙනි. නිමාලි පේ‍්‍රමණීය සැඳෑවක් බලා ඉද්දී නිමල් තම විකෘති ආශාවේ පිපාසයෙන් සැලසුම් ඇන්දේය.

    ”මචාලා හෙට රැ මම කෙල්ලෙක් බීච් එකට ගේනවා....” නිමල් මිතුරන් දෙතුන් දෙනෙකුට පණිවුඩ දුන්නේය.

    සමහරු කීවේ කෙල්ල ගේකට රැගෙන එන එක ලෙහෙසි බවය.

    ”නෑ... නෑ... මචාලා පෝය නෙ.... බීච් එක ළඟ කැලේ.”

    නිමල්ගේ අදහසට අනුව සියල්ල ලැහැස්ති විය.

    නිමාලි පැවසූ වේලාවටත් කලින් පැමිණ නිමල් අපේක්ෂාවෙන් උන්නාය.

    නිමල් ඈත එනු දුටු නිමාලි ඔහු ඉදිරියට පැන ගියේ ආදරයෙන් පිළිගැනීම වෙනුවෙනි. තමන් මේ පිළිගන්නේ වන මෘගයකු බව නිමාලිට සිතුනේම නැත.
    ආදරණීය පෙම්වතුන් පරිද්දෙන් පන්සලට ගොඩ වූ නිමාලි නෙලූම් මල් පූජා කොට බුදුන් වැන්දාය. ඇගේ එකම ප‍්‍රාර්ථනාව වූයේ නිමල් හොඳ සැමියකු වනු දැකීමය.

    සඳ මඬල නැග එද්දී නිමාලිට ආරාධනය ලැබිණි.

    ”නිමාලි බලන්න බීච් එක හරි ලස්සනයි.” පන්සලේ සිට ඈතට පේන මුහුද දෙස බලමින් නිමල් කීවේය.

    ”හ්ම්”

    නිමාලි අතින් අල්ලාගෙන පා ගමනින් නිමල් මුහුදු වෙරළ දෙසට ගෑටුවේය. ආදරණීය වදන් තෙපළෙයි...

    ඈතින් ඈතට, ඈතින් ඈතට ගිය නිමල් - නිමාලි කැලෑවට නුදුරු වැටකේ ගාලක තනි වූහ. හැන්දෑව ඉක්ම රාත‍්‍රිය එළැඹෙමින් තිබිණි. සඳ මඬළේ එළිය වැටකේ අතු අතරින් පොළොවට ගලා බසියි.

    පෝය දවස නිසා වෙනදා තරම් වෙරළේ පාළුවක් නැත. රාත‍්‍රි 8 ඉක්මිණි. 9 ඉක්මිණි.

    නිමල්ගේ මිතුරෝ යහමින් පදම් වී තොරතුර දුන් තැනට කඩා වැදිණි.

    හිතා ගන්නටත් බැරි මොහොතකි.

    නිමල්ගේ දෑතින්ම නිමාලිගේ කට තදවිය. ලේන්සු මිටියකින් ඇගේ කට වැසිණි. වැටකේ ගාලෙන් ඇයව ඇදගෙන කැලෑවේ එපිටට නරුමයෝ සේන්දු වූහ. අතපය විහිදුවමින් දඟලන නිමාලි දෙස ඔවුහු ආශාවෙන් බලා උන්හ.

    විකෘති කාමුකයෝ සිය ආශාවන් සංසිඳුවා ගත්හ. නිමල්ද ඒ අතර විය. විකෘති කාමුකයන්ගේ වේදනාවෙන් නිමාලිගේ ගත නිසල වෙමින් තිබිණි.
    කළ යුතු යමක් නැත.

    එක කොල්ලෙක් පැන නිමාලිව සදහට නිහඬ කළේ ක්ෂණයෙනි. එතැනින් මළ සිරුර රැුගෙන කැලෑව අතරින් මුහුද මානයට ආ මෘගයෝ දේහය මුහුදට හෙළුෑහ.

    ආදරය කිරීමට ගොස් නිමාලිට වැරදුණු හැටි... මෙවැනි සිදුවීම් දුලභ නැත. ඉඳහිට නමුත් සිදුවේ.

    ආදරය කිරීමේදී යන - එන තැන පිළිබඳ රැුකවරණය ඔබ සතුව ඇත. එය වැරදීම නොවැරදීම ගැන කාට කිව හැකිද? නිමාලි වැනි බොහෝ දෙනාට මීට සාපේක්ෂ සිදුවීම් හරහා මරණය උදාවී ඇත. ඒ බොහෝ මරණ පිටුපස විකෘති කාමාශාව, අසීමාන්තික කාමුකත්වය, මත්ද්‍රව්‍ය වැනි බොහෝ හේතු ඇත.
    අපට හඳුනා ගතහැකි පැහැදිලි දෙයක් මේ තුළ තිබේ. සංවිධානාත්මක ඝාතන වලින් ඔබ්බට යන සංවිධානාත්මක කාමුක කල්ලි, මත්ද්‍රව්‍ය කල්ලි, සොරුන් විසින් කරන දෙයකි.

    එවැනි අය ගැවසෙන තැන් ඇත. ඔබේ පෙම්වතා මෙවැනි සංවිධාන කල්ලියක පුරුකක් විය හැකිය. එබැවින් ඔබේත් ඔබේ දූ දරුවන්ගේත් ජීවිත මළ සිරුරක් ලෙස නිරුවතින් කැලේ කුණු වීමට, දියේ පාවීමට ඉඩ දෙනවාද? ඔබේ දරුවන් ආදරය කරන සියල්ලෝ සැබෑ පෙම්වතුන් වන්නේ නැත. ඔබේ දරුවන්ගේ පෙම්වතා සැබෑ ආදරයක අඩු සම්භාවිතාවක් ඇතියෙකු පමණි.

    (පුද්ගල නාම මනඃකල්පිතයි.)

    LANKADEPPA
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    bump අපේ රටේ ඉන්න ගෑනු මේව කියවල වත් මැටි මොලේ පාද ගන්නව නම් හොඳයි...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මතකද රීටා ජෝන් මර්ඩර් කේස් එක. නිකන් බීච් එකේ ඇවිද ඇවිද ඉද්දි කොල්ලට ගහල කෙල්ලව උස්සන් ගිහින් මරල තිබ්බේ අනු ගණන් වල. ඒ අතින් දැන් බීච් එක සෑහෙන හොඳයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මේවා නම් ගොඩක් ම ගොතල දාපු කතා...මුන් එතන හිටිය වගේ කතාව ලියන්නේ..පත්තර කාරයෝ කියන්නේ හෙන අසහන සෙට් එකක්...වැල කතා පල කරන අලුත්ම ක්‍රමය මේක තමයි...හැබැයි සමාජෙට යම්කිසි පණිවිඩයක් යනවා...

    මම ඕක කියෙව්වේ කෙල්ලගේ ගෙදර ගිය වෙලේක පත්තරේ තිබිල සිඞ්හළු..මම ඕක කියවල විනාඩි 10ක් යන්නැති කෙල්ලගේ අම්මත් ඕකම අරන් කියෙව්වා කියහන්කෝ...ඕව දැක්කම නැන්දම්මල අපි ගැන උනත් මොනවද හිතන්නේ...:angry:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේවා නම් ගොඩක් ම ගොතල දාපු කතා...මුන් එතන හිටිය වගේ කතාව ලියන්නේ..පත්තර කාරයෝ කියන්නේ හෙන අසහන සෙට් එකක්...වැල කතා පල කරන අලුත්ම ක්‍රමය මේක තමයි...හැබැයි සමාජෙට යම්කිසි පණිවිඩයක් යනවා...

    :yes::yes: