බොරුවක් නොවේ මා කීවේ ඇත්තටමයි...
අක්කට අපේ එය නොම දැනුනා පුදුමයි.....
දෛවය ලියා ඇති කුමරිය තව නොම එයි...
ඉරනම මගේ ඇය ආ දිනකදි විසදෙයි..........
අක්කා මලෝ දෙන්නා එක පණ වාගේ....
එළකිරියේ හිටියත් මුතු කැට වාගේ....
ඉගෙනුම නිමා කොට දොස්තර වෙලා අගේ...
මාල හතක් බැදලා යන්නකො දීගේ.....
ඉගෙනුම් ලබනනේ දුර රටකට වීලා...
අක්කා ඇතත් පාලුව තනිකම දැනිලා....
තිස් තුන් කෝටියක් දෙවියන් රැක දීලා...
ආයේ එන්න දොස්තර නෝනෙක් වීලා...![]()
කවියෙන් කවිය රසකර පද ගලපන්න...මෙවන් කටක් ඇති මලයෙක් දුටුවාමයි
කිවත් කෙලෙස ජය නම් ගනු බැරිවාමයි
එවන් තැනක පද මුමුණා කිවමයි
ලැබුණා පරාජය අද මා පෙර සේමයි
ඉගෙනුම ලබා ජය ගෙන යලි මා රටට
එනවා නියත ලෙස රෝ දුක් සිදින්නට
මව් පිය පැතුම් සිද බිද කුඩු කරන්නට
පෙම් වියරුවක් නොවන්නෙමි කිසි දිනෙක

කවියෙන් කවිය රසකර පද ගලපන්න...
අක්කට හැකිය ලස්සනටම පබදින්න...
දවසින් දවස දියුනෙන් දියුනට යන්න...
පෙම් වියරුවක් නොම වී දිවි සරු වෙන්න... !
කට ඇති අක්කා මට කට වැඩි කියනකොට....
සට සට ගගා පොලොවත් දෙදරයි මෙහෙට...
කොටි වලිගයට පොඩ්ඩක් දිග කවි වලට...එහෙම පැරදිලා බැහැනේ අක්කා මට....![]()
සොහොයුරු සොහොයුරියන් ලෙස බැදිලා...කවි කිවේ නිසාමයි පෙම .......... සහෝදර
අනෙකක් නොවෙයි නොයන් මෙලෙස මුලාව
දිනුෂ යනු එළකිරි පවුලේ .......... සැවොම
කවි කාරය යයි අමතන මිණි .......... පහන
මිනිසෙකු නම් කට උපතින්ම .......... එති
භූ චලන නම් මෙහි හැමදාම .......... වෙති
කොටි වලිගයක් නොව එය මාගලක් ..මෙනි
දුටු විට එලෙස මාගේ සිහි මුර්ජා ....... වුනි


nice one
විසිර ගිය ජීවිතේ...
යලිත් එක් කරලන්න...
හසරැලි ගගක් අරන්
ඔබ ඇවිත් සිත ලගට...
සුසුම් ලග දැවටෙන්න...
නලල් තල සිපගන්න...
ආදරේ නාමයෙන්....
තව ලන්ව උනුහුමට....
සිතිජයේ විහිදෙනා...
මුදු කෝළ රූ රටා....
තවම අපෙ ආදරේ....
සැරි සරයි ඒ වටා......
ලොවක රුදු නෙතු වසා..
පෙමට පැතුමන් මවා...
කාලයේ ඉම සොයා...
බලා ඉමි නැවතිලා....

nice one![]()
hanks
කෝරලේමහත්තයා;14625465 said:මේක කවි ගුලාවක්..

