බලා_වැළපෙමි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ

දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට
රගමඩල මැද
ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට

බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ…
නොඑනු මැන ළදුනේ.

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්

සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ

බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ

සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද?
මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි.
ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්‍යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල හැක්කක්ද?
බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසු තැවෙන්නේ ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට නෙලාගන්නට බැරි මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි.

දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ
ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ ප්‍රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි.

වැහි පබළු යට
රගමඩල මැද
ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට
එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි.

බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ…
නොඑනු මැන ළදුනේ.
තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන ප්‍රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.)

වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු පෙම් ගී අහන්නම්“ යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්‍ය පිලිබඳ ගුරුවරයෙක් බව ගම්‍ය වනවා යැයි මට සිතෙයි)

සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ
ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්‍යාපන කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි.

මෙතරම් දිග කථා හරයක් මෙවන් කුඩා පද වැලක ගොනු කරන්නට තරම් ජානක සිරිවර්ධනයන් කෙතරම් දක්ෂදැයි උපකල්පනය කිරීමටද අපහසුය. එතරම්ම මෙය මා සිත් පැහැරගත් ගීයකි. කෙසේ නමුත් මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්‌ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි.
 
Last edited: