මම උදේ නැගිටනකොට අපේ බල්ලා ගෙදර මිදුලේ සිමෙන්ති පොලවේ වැතිරිලා හිටියේ ගස් නාම්බෙක් වගේ මඩ නාගෙන, ඒ විතරක් නම් මදැයි යකෝ උගේ කටේ හිරවෙලා හිටියේ හාවෙක්... මොකෙක්ද හාවෙක්...
හාවාගේ ඇගේ ලේ වත් තුවාල සළකුණක්වත් තිබ්බේ නැත්තේ ඇත්තටම දේවකරුණාවට. උගේ ඇගේ තිබ්බෙ මඩ විතරයි ඉතිං.
" යකඩෝ මේ එහා ගෙදර පොඩි නසරාණියෝ ටික හුරතලේට හදන හාවෙක් නේද?" මට තරු පෙනුනා. සන්තානම් මෑනියනේ මම අපේ ගොන් බලුතඩියගෙන් හාව උදුරගෙන අල්ලපු ගෙදර එවුන්ට පේන්න කලින් ගේ ඇතුලට දිව්වා.
මම හාවව ගේ ඇතුලට ගෙනිහිල්ලා හොදට මඩ ටික කාරිය හෝදල දැම්මා. හොද වෙලාවට එහා ගෙදර එවුන් කොහෙද ගිහිල්ලා. උන් එන්න කලින් මේ මඩ ටික හෝදන්නත් එපැයි.
ඉතිං මඩ හෝදල ගත්තට පස්සෙ හාව හෙන ලකේට හිටියා. පොඩිම පොඩි ප්‍රශ්නෙකට තිබ්බේ උගේ ඇග දරදඩු එක විතරමයි. මම අහල තිබ්බා සමහර සත්තු හොදටම
බය උනාම මළා වගේ ඉන්නවය කියලා ඒ උනත් ඒ මොන සත්තුද කියල මට මතක තිබ්බෙ නෑ සාන්ත. ඒවයින් වැඩක් නෑනෙ එක්කො මූ නැගිටන වෙලාවක නැගිටින්නෙ නැතැයි, මම හාවව සේප් එකේ ගෙනිහිල්ලා උගේ කූඩුවෙන් තිබ්බා. අම්මෝ ගෙදර එවුන් තාම නෑ.ඒ කරල දිව්ව දිවිලක් ආයේ මම නෙමෙ පස්ස හැරිලා බැලුවේ.
පැය බාගයක් යන්න ලැබුනේ නෑ අපේ හාමුදුරුවනේ එහා ගෙදර එවුන් විලාප තියනව ඇහිලා, ළකුණු දාගන්ඩත් එක්කල මම එළියට බැස්සේ " ඇයි අනේ මොකුත් කරදරයක්ද?කියල අහගෙනමයි.
" මොන පරයද යකෝ දවස් තුනකට කලින් මැරිල වල දාල තිබ්බ හාවව ගොඩ අරන් හෝදල ආයේ කූඩුවට දාපු අපතයා ?" ඔව් මට මතක එච්චරයි.
Copied