බලෙන් කතුන් විකිණු කතක සහ තවත් අයෙක් මාට්ටු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    image_e448c73210.jpg

    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)
    කාන්තාවන් අයුතු ලෙස සිරකර බිය ගන්වා අඩ නිරුවත් ඇඳුම් අන්දවා ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා පටිගත කර අන්තර්ජාලයට මුදාහැර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක් සිදුකළ ප්‍රධාන සැකකරු හා සහය වූ කාන්තාවක අත්අඩංගුවට ගත් බව ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කියයි.
    එම ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය , ගංජා,කාන්තා අඩ නිරුවත් ඇඳුම් , කාන්තා යට ඇදුම් ,විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් බැංකු කාඩ් පත් , දේශීය සහ විදේශීය මුදල් , උපත් පාලන කොපු , ජංගම දුරකථන ඇඳට සවි කරන උපකරණ , ලැෆ් ටොෆ් පරිගණක සහ ජංගම දුරකථන , කාන්තාවන්ගේ පුද්ගලික තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද ගිවිසුම්පත් රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
    පොල්තෙල් ව්‍යාපාරික ස්ථානයක ආහාර පිසීමට සහ දරුවා බලා ගැනීමට යැයි පවසා මීට දින කීපයකට ඉහතදී එම ස්ථානයේ රැකියාවට පැමිණි බදුල්ල සහ වැල්ලවගෙදර ප්‍රදේශවල වයස අවුරුදු 27 හා 34 හැවිරිදි කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයෙන් පලා විත් පොලිස්පති සහන මැදිරියට කරන ලද පැමිණිල්ලක් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ඇතුළු කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී ඉතා රහසිගත ලෙස කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මෙම මිනිස් ලිංගික ජාවාරම නීතියේ රැහැණට අසුකර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
    එම ස්ථානයේ රැකියාව පතා හා ඔවුන්ට මුල් දිනවලදී නිත්‍ය රැකියාව ලබාදී අනතුරුව පෞද්ගලික තොරතුරු ලබාගෙන අනතුරුව බලහත්කාරයෙන් සිරකර ගෙන තබා ගනිමින් මෙලෙස විවිධ පුද්ගලයන්ට ලිංගික අවශ්‍යතා සඳහා අලෙවි කර තිබූ බවත් රුපියල් 2500/= ක මුදලක් කාන්තාවන් වෙත ලබා දී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
    image_6d03657424.jpg
     
    • Like
    • Haha
    Reactions: vito and ara88

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    වරැණි බෝගහවත්තද අල්ලලා තියෙන්නේ?