බසයක් නොවුනත් කඳුකරයට අමිල සේවයක් කල route van

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    කඳුකරේ වාහනේ රූට් වෑන් එක නෙවෙයි, මිට්සුබිෂි ඩෙලිකා එක, එකෙත් T-120 මොඩල් එක, මේක පටු පොඩි වෑන් එකක්, බ්‍රේක් හොඳයි, කඳුකරයට හදපු වාහනේ, රූට් වෑන් එකක් නිවිතිගල හිටි මගේ මාමාටත් තිබුන, ගලක් වගේ වාහනය, සැප පහසුව කෙසේ වෙතත් හේදුණු පාරවල්වල යද්දී බොකු බඩවැල් කටින් එනවා. ඊට වඩා ඩෙලිකා එක හොඳයි, ගමේ ටැක්සිය, මගුල් වාහනය බස් එක විදිහට තිබ්බෙත් ඩෙලිකා එක. තවමත් හොඳ තත්වයේ ඩෙලිකා කඳුකර ගම්මාන වල තියෙනවා.

    Delica
     
    • Like
    Reactions: BLJboss

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    කඳුකර වතු ගම්මානවලට එකල බස් රථයකටත් කල නොහැකි අමිල සේවාවක් සිදුකල route van එකක් තම අවසන් කාලය ගෙවාදමන අයුරු..
    සමහක් දුශ්කර වතු ගම්මාන වල මංගල දිනයේ මනාල යුවලගේ මංගල ගමනේ සිට අළුත උපන් බිළිදා ගෙදරට ගෙන ඒමත් සමහර වෙලාවන් වලට නගර රෝහලේ මියැදුනු තම සහෘදයාගේ නිසල දේහය වල ගොඩැලි වතු මාවත් ඔස්සේ නිවසට ගෙනඑ්ම දක්වාම වු අමිල සේවාවත් ..
    වතු මාසික වැටුප් ගෙවන දිනට නගරයේ සිට වහලයේ පවා බඩු පටවාගෙන වතු ගම්මාන වලට යන දර්ශනය එකල සුලභ විය..
    අදටත් සමහර පැති වල මෙම මගී ප්රවාහන සේවාව පවතී...

    - Pubudu Koholdeniya -




    0ymAJn6.jpg


    අන්තිමට මන් එකක ගියේ 2000ස් ගණන්වල මැද භාගයේ
    මෑතක් වෙනකම් මේවා තිබ්බා. දැන් ටික කලකට කලින් තෙල් ප්‍රශ්නේ ආපු කාලේ එකක් දැක්කා රෑට house full යනවා.

    ටොයෝටා dyna වලත් ආවා route van එකක්.
    Pharmaceutical කම්පැනි වල තාමත් delivery van විදිහට භාවිතා වෙනවා මන් දැකල තියෙනවා. Dyna high roof එක නම් ලස්සන වාහනයක්.
    ------ Post added on Jan 17, 2023 at 4:15 PM

    මිට්සුබිෂි ඩෙලිකා එක, එකෙත් T-120 මොඩල් එක
    කිචි කිචි ඩෙලිකා (2)
    ------ Post added on Jan 17, 2023 at 4:16 PM
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Pharmaceutical කම්පැනි වල තාමත් delivery van විදිහට භාවිතා වෙනවා මන් දැකල තියෙනවා. Dyna high roof එක නම් ලස්සන වාහනයක්.
    ඉතින් අදටත් ඕවා ඩිලිවරි වෑන් විදියට පාවිච්චි වෙනවා. P අකුරු නොම්බර තියෙන ඒවත් මං දැකල තියේ.
     
    • Like
    Reactions: NRTG

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    733
    682
    93
    ඉස්සර කඩුගන්නාවෙ එහෙම ඕව 10ක් 15 තිබ්බ. ඕවගෙත් මිනිස්සු දොරෙත් එක්ක එල්ලිලා යන්නෙ.
    Balana,gampola
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අන්තිමට ගන්න එකා ගන්නෙ පතෝල මැස්ස යවන්න

    ඕකට කියන්නෙ අපි ඉස්සර රොටි වෑන් කියල. ස්කූල් සර්විස් වලට එහෙම දාලා තිබුනනෙ. පොශ් ලමයි යන්නෙ නම් නෑ ඔය මොඩල් එකේ. උන් ඉස්කොලෙ එන්නෙ කැරවෑන් හරි ඩොල්ෆින් හරි ඒවගෙ. late 90s early 2000 years
    ammo mata mathakai samahara van wala dora athin allan yanne.

    e tharamata condition.