බස්වල යන අය seat එකෙන් phone එක තියන්න එපා.

Panic123

Active member
  • Aug 13, 2024
    106
    59
    28
    :baffled:

    බස් එකේ සීට් එක අස්සෙන් phone එක වැටෙන්න පුළුවන්....


    අද සෙනසුරාදා දවසක්. වැඩට යන්න බස් එකකට නැග්ගා. සෙනග අඩු හින්දා සීට් එකක් තෝරලා ම ඉදගත්තා බස් එකේ මැද හරියෙන්. වේලාව බලන්න අතට ගත්ත phone එක එහෙමම සීට් එක උඩ තිබ්බා හිස් ඉඩ තිබ්බා නිසා.

    මට බස් එකට දෙන්න මාරු සල්ලි ගන්න ඕන වුන නිසා තමා එහෙම කළේ. මේ සීට් එකේ ඉඳ ගන්න කොටසයි හේත්තු වෙන කොටසයි අතර පොඩි ඉඩක් තියෙනවා. ඔය photo එකේ තියෙන්නෙ ඒ සීට් එකේ පරතරය තියෙන කොටස. සීට් එක උඩ තියලා සල්ලි අරන් විනාඩියක් යන්නත් කලින් phone එක තිබ්බ තැනත් නොබලා මම phone එක අතින් ගන්න ගියා. එතකොට තමයි දෙලෝ රත්වුනේ. Phone එක නෑ!

    මහලොකු වටින phone එකක් නම් නෙවෙයි. ඒත් මට ඒක වටිනවා ඉතින්. බස් එක යන්න පටන් අරන් තිබ්බේ ඒ වෙනකොට හැබැයි හිමීට. ඒත් මේ සිද්ධිය වෙන වෙලාවේ bus හෝල්ට් එකක් ගාව නතර කරලා තිබුණේ. මට හිට ගැස්සුණා. මම සීට් එකේ පිටිපස්සේ බැලුවා හැබැයි මට phone එක පේන්න තිබුණේ නෑ එකපාරටම. පිටිපස්ස සීට් එකේ මල්ලි කෙනෙක් ඉන්නවා. මනුස්සයා මගෙන් බහින්න ඕන තැනක් ගැන අහනවා. මට හිතුනේ ම මේ කොල්ලා තමයි phone එක ගන්න ඇත්තේ සීට් එකේ අර පරතරය අතරින් පිටිපස්සට වැටුනම කියලා. මම දැන් වචන හොයනවා කොහොමද අහන්නේ කියලා. කෙනෙක්ට එහෙම නිකරුනේ චෝදනා කරන්නත් බෑ නේ. මම මේ කොල්ලා අහන දේ ගැන එච්චර හිතන්න ගියේ නෑ ඉතින් phone එක නැති වුන අවුල හින්දා. එතකොටම කවුදෝ ගෑණු කෙනෙක් කාගේදෝ phone එකක් බිම තියෙනවා කියනවා ඇහුණා. එතකොට තමයි මමත් තව ටිකක් හොඳට බැලුවේ. සීට් එක අස්සේ phone එක තියෙනවා.

    මට නිකන් ලජ්ජා වගේ හිතුන හින්දා කවුද එහෙම කිව්වේ කියලා thanks කරන්න බැලුවේවත් නැතුව phone එකත් අරගෙන ආයේ සීට් එකේ ඉදගත්තා. පස්සේ පිටි පස්සට හැරිලා අර මල්ලිගෙන් ආයේ ඇහුවා කොහෙද බහින්න අහුවේ කියලා. පස්සේ class එක්ක නමක් කිව්වා. මම කිව්වා ඕක තියෙන්නේ ළඟ එතන බස්සන්න කියලා කියන්න වෙයි නැත්තං පහුවෙයි කියලා. ඊට පස්සේ ඒ මල්ලි ඉස්සරහට ගියා. මීටර් කීපයක් ඉස්සරහින් class එක ගාව ඒ මල්ලි බැහැලා ගියා. මම bus එකෙන් බහිනකොට හරි අර phone එක ගැන නිකමට හරි කියපු කෙනාට thanks කරන්න හිතාගෙන පස්ස බැලුවත් කවුද කිව්වේ කියලා හිතා ගන්න බැරි වුණා ගෑණු අය කීප දෙනෙක් හිටපු නිසා.

    බස්වල යන අය සීට් එක උඩ phone තියන්න එපා ආයේ ඔන්න. හිතන්නේ නැත විදියට ෆෝන් එක නැති වෙන්න පුළුවන්. වැරදිලා හරි පිටිපස්සෙන් හිටපු කෙනෙක් phone එක අරගෙන බැහැලා ගියා නම් තත්පර කීපයක් ඇතුළත මටත් phone එක අද හොයා ගන්න වෙන්නේ නෑ. ඔයාලටත් මේ වගේ අත්දැකීමක් තියෙනවා නම් කියාගෙන යන්න.

    #මගේදිනපොත #diary #mydiary #life #experience
    https://www.facebook.com/share/p/18S1dSAfDC/?mibextid=xfxF2i
     
    Last edited: