බස්‌ රථය හා බැඳුණු ඉතිහාසය

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    බස්‌ රථය හා බැඳුණු ඉතිහාසය
    =======================

    මෝටර් බසය ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන මංමාවත්වල හා වීදිවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල මාර්ගයන්හිත් ගමන් ගන්නා ඉතා ප්‍රචලිත පොදු මගී වාහනයකි. ලොව සෑම රටකම ජනයා තම එදිනෙදා ගමන් බිමන් යැම සඳහා බහුලව භාවිත කරනු ලබන්නේ බස්‌ රථයයි. ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන මගී ප්‍රවාහන රථය වන්නේද බස්‌ රථය වේ. බස්‌ රථය හා බැඳුණු දිගු ඉතිහාසයක්‌ පවතී. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ වශයෙන් පැවති සමයේ දී යම්කිසි මට්‌ටමක දියුණු තාක්‌ෂණික ක්‍රමවේද ඔස්‌සේ ප්‍රවාහන පහසුකම් ඇති විය. බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට දුම්රිය ප්‍රවාහනය හදුන්වාදීමත් සමඟ ප්‍රවාහන පහසුකම් වර්ධනය විය. මීට ප්‍රථමයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් ස්‌වදේශීය ජනපතීන්ගේ ගමන් බිමන් සිදු වූයේ සතුන් යෙදූ කරත්ත, රික්‌ෂෝ රථවලිනි. දුම්රිය හඳුන්වා දීමෙන් පසු ට්‍රෑම් රථ ලක්‌දිවට පැමිණුන ද මෙය 1930 ගණන් වලදී නැති වී ගොස්‌ ඇත. එබැවින් බොහෝ රටවල ප්‍රධාන මංමාවත්වල, වීදිවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශයන්හි මාර්ග පද්ධතිවල මගී ජනයාගේ ප්‍රවාහන පහසුකම් සඳහා බස්‌ රථ යොදාගෙන ඇත. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ලංකාවට ද බස්‌ රථ ගෙන්වා ඇති බව පෙන්වා දිය හැකිය.

    ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ප්‍රථම බස්‌ රථය 1907 දී T.W. Collete මහතා විසින් ආනයනය කරවන ලදී. ඒ අනුව විසිවන සියවසේ පළමු දශකයේ දී මෙරට බස්‌ සේවාව ආරම්භ වූ අතර, යෝග්‍ය බස්‌ රථ ආයතනයත් සමඟ මගී ප්‍රවාහනය ද විධිමත් විය. මේ ගෙන්වන ලද බස්‌ කොළඹ - හලාවත හරහා ධාවනය විය. 1910 වන විට එය පුත්තලම දක්‌වා ව්‍යාප්ත විය. පළමුවෙන්ම ගෙන්වා ඇති බස්‌ රථ වර්ගය වන්නේ Thonyorft වර්ගයයි. එය ඝන ටයර්වලින් යුක්‌ත වූවකි. Collete මහතා විසින් පසුව මෙය ව්‍යාපාරයක්‌ ලෙස පවත්වාගෙන යන ලදී. ඉන්පසු ඔහු තම ව්‍යාපාරය 1921 දී Ceylon Motor Transit Company ලෙස හඳුන්වා ඇත. මෙකල කොළඹ සිට නුවරට යාමට පැය 10ක්‌ පමණ ගත වී ඇත. දිවයිනේ වෙනත් ප්‍රදේශවන ගාල්ල, තිස්‌සමහාරාමය, දකුණු මුහුදු තීරය යන ප්‍රදේශවල මේල් රථ සේවාවක්‌ පවත්වාගෙන ගොස්‌ තිබූ අතර, මේ සඳහා බස්‌ රථ එකතුකර තබා තිබුණි. 1923 දී Collete ගේ මෙම සමාගම මඟින් බදුල්ල - මඩකළපුව සඳහා ද බස්‌ රථයක්‌ යොදවා තිබුණි. 1922/23 සියවස්‌වලින් පසු වැවිලි හා වෙළඳ ව්‍යාපාරිකයන්ට නිතරම නගරයට ඒමට සිදු වූ බැවින් මාර්ග තදබදය වැඩි වූ අතර ඒ සඳහා බස්‌ රථ ප්‍රමාණවත් නොවීය.

    සිලෝන් ට්‍රාන්ස්‌පෝට්‌ කම්පැණියෙන් ගෙන්වා ඇති බස්‌ 1958 - 1960 වන විට බස්‌ රථ සමාගම් කීපයක්‌ම ආරම්භව තිබිණි. මේ වන විට මගී ප්‍රවාහනය සඳහා නව ව්‍යාපාරිකයෝ ඉතා අවම පහසුකම් සහිත බස්‌ රථ ආනයනය කිරීම ආරම්භව තිබිණි. නීති රීති හා විධිමත් ක්‍රියාමාර්ග නොපැවතිනි. තම තමන් රිසි මගීන් ප්‍රමාණයක්‌ සහිත මාර්ග සොයමින් තනි දොරේ බස්‌ රථ ද, (ඕපන් බොඩි) මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට ව්‍යාපාරිකයන් කටයුතු කරන ලදී. නගරයට ඇදෙන මිනිසුන් ප්‍රමාණය වැඩි වීමත් සමඟ බස්‌ ප්‍රමාණවත් නොවිණි. පවත්නා තත්ත්වය පිළිබඳව අවධානය යොමුකළ එවකට ආණ්‌ඩුකාර සර් ජෝන් ඇන්ඩසන් 1916 අංක 4 දරණ බස්‌ වාහන පනත කෙටුම්පත් මඟින් සැලකිව යුතු නීති රීති පද්ධතියක්‌ සැකසිනි. මෙය බස්‌ රථ පාලනයට යෙදූ පළමු කෙටුම්පතයි. මෙහි දී බස්‌ රථ රියදුරන් ලියාපදිංචිය පොලිස්‌පතිවරයාට පැවරිණි. බස්‌රථවලට බලපත්‍ර දීමට අවසර ලැබුණේ පළාත් පාලන ආයතනවලට හා ඒවායේ සභාපති, දිසාවේවරුන්ටය. නමුත් 1920 වන විටත් බස්‌ රථ ධාවනය ඉතා මන්දගාමී විය.

    1914 දී යුරෝපයේ ඇති වූ පළමු ලෝක මහා සංග්‍රාමය 1918 අවසන් වන්නට පියවර තබද්දී අපේ බස්‌ රථ සේවය ද නව වර්ධනයක්‌ දක්‌නට ලැබුණි. 1925 වනවිට මෙරට බස්‌ රථ 1444 ක්‌ ධාවනය විය. මෙකල බස්‌ සමාගම් රාශියක්‌ ද ඇති වී තිබුණි. එබැවින් ගැටලු රාශියක්‌ ඇතිවන්නට ද වූයෙන් මෙම ගැටලු අවම කිරීම සඳහා මේ පිළිබඳව සොයා බලා වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට රජය විසින් කොමිසමක්‌ පත් කරන ලදී. කොමිසමේ නිර්දේශයට අදාළව 1927 අංක 20 දරණ මෝටර් රථ පනත සම්මත කරන ලදී. මෙමඟින් බස්‌ රථයක තිබිය යුතු අංග, බස්‌ රථ ලියාපදිංචි කිරීමේ නීති රීති, ධාවන බලපත්‍ර, රියෑදුරු බලපත්‍ර, බස්‌ රථ රක්‌ෂණය, ධාවන වේග සීමා, ආදී කරුණුවලට අදාළ සම්ම්ත නියමයන් මෙම පනතට ඇතුළත් විය. බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය ඉහළ බලධරයන්ටම පැවරිණි. බලපත්‍ර ගාස්‌තු ඒ ඒ පළාත් පාලන ආයතනවල මූල්‍ය ගිණුම්වලට බැරකළ හැකි විය. මෙම පරිපාලන කළමනාකරණය හේතුවෙන් පළාත් පාලන ආයතන බස්‌ රථ හිමියන් ඉල්ලන පරක්‌කුවෙන් බලපත්‍ර නිකුත් කිරීමට බලධරයෝ සැදී පැහැදී සිටියහ. මෙම කාලය වන විට බස්‌ රථ සමාගම් අතර තරගය උත්සන්න වීමෙන් මගී ප්‍රවාහනය වැඩි මාර්ගවල බස්‌ හිමියන් අතර ගුටි බැට හුවමාරු වන්නට විය. මගී පලදායිතාව අඩු මාර්ගයන් හි බස්‌ රථයක්‌ දැකීම පවා අසීරු විය. පනතෙන් පසු යම්තාක්‌දුරට මෙය සමනය විය.

    1932 කේ. බී. එල්. පෙරේරා හා සමාගම (K.B.L Perera & Son Ltd) නිර්මාණය විය. මොහු පළමුවෙන්ම ත්‍රිකුණාමලය - කොළඹ දක්‌වා මාළු ප්‍රවාහනය කළ අතර, නැවත එන අතරතුර මගීන් ද ප්‍රවාහනය කර ඇත. ඒ වන විටත් මගීන් ගෙන්වාගෙන ඒමෙන් ඔහුට සුළු මුදලක්‌ ලැබුණු අතර කොළඹින් පිටත බස්‌ රථ ධාවනය මෙමඟින් ආරම්භ විය. මෙයින් විශාල මුදලක්‌ ලැබිය හැකි බැවින් වයඹදිග පළාතටත්, කුරුණෑගල, පුත්තලම, ගම්පහ ආදී ප්‍රදේශවලට ද, උප නගර වලට ද බස්‌ රථ යොදවා ඇත. 1942 දී ජා ඇල සිට කොළඹ දක්‌වා ද බස්‌ රථයක්‌ යොදවා තිබුණි. මෙම පෙරේරාගේ සමාගම පසු කාලය වන විට North Western Blue Line Bus Company ලෙස පරිවර්තනය විය. එහි කළමනාකරු වූයේ කේ. බී. එල්. පෙරේරා මහතාය. මෙකල පැවතියා වූ බී.ප්‍රරනාන්දු මහතාගේ BJF Bus Company මඟින් ද බස්‌ රථ ධාවනය කර ඇත. මොහු 1928 ආරම්භ කළ බස්‌ රථ ධාවනය පසුකාලීනව සංවර්ධනය කර ගනිමින් ඔහුගේ පුත් රිචඩ් ප්‍රනාන්දු Colombo Ominibus Company ආරම්භ කර ඇත. සිරිල් ද සොයිසා විසින් ස්‌වර්ණපාලි බස්‌ සමාගම ආරම්භ කළ අතර, පසුකාලීනව එය South Western Bus Co.Ltd විය. මෙකල කොළඹ - ගාල්ල - මාතර මුහුදු මාර්ගයේ මිනිසුන් අධික බැවින් බස්‌ රථ ධාවනයේ තරගකාරී බවක්‌ ඇතිවිය. එබැවින් Ceylon Motor Transit Company මඟින් ඩීසල් බස්‌ රථ එම මාර්ගයේ නිත්‍ය සේවාවක්‌ ලෙස පවත්වාගෙන ගොස්‌ ඇත. පෞද්ගලික බස්‌ සමාගමක්‌ වන ස්‌වර්ණපාලි බස්‌ සමාගම ද කොළඹ - ගාල්ල -මාතර දුම්රිය මාර්ගය සඳහා ලියාපදිංචි විය. මෙම කාලයේ කොළඹ සිට ගාල්ල දක්‌වා සැතපුම් 72 ක්‌ දුර සඳහා රු. 1.50 ක්‌ අයකර ඇත. පසුකාලීනව මෙය සත පනහ දක්‌වා අඩු කරන ලදී. මේ නිසා Ceylon Motor Transit Company විසින් මෙම මාර්ගයේ බස්‌ රථ කිහිපයක්‌ පමණක්‌ ධාවනය විය යුතු බවට සම්මුතියක්‌ ගෙන එන ලදී. නමුත් මෙයට පෞද්ගලික බස්‌ සමාගම් අකමැති විය.

    මෙකල සිරිල් ද සොයිසාගේ ප්‍රධානත්වයෙන් යුතු outh Western Bus Company එංගලන්තයේ Associated Motor Way ව්‍යාපාරය හරහා සෘජුවම බද්ධ වී බස්‌ වලට අමතර කොටස්‌ ගෙන්වාගෙන ඇත. 1933 දී ප්‍රථම වරට ඩීසල් බස්‌ රථයක්‌ ධාවනය විය. ඩීසල් බස්‌ රථ 17 ක්‌ රජයේ ලියාපදිංචි වී තිබිණි. Commers, Guy Arwh යන බස්‌ වර්ග ඇමරිකාවෙන් ද, Magirus බස්‌ රථය ජර්මනියෙන් ද, Mercedes නම් බස්‌ රථය ඔස්‌ට්‍රේලියාවෙන් ද ආනයනය කර ඇත.

    1936/37 වර්ෂ වන විට දී ක්‍රමානුකූලව පැවතියා වූ බස්‌ රථ ධාවනය යළි ව්‍යාකූල විය. මේ පිළිබඳව රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ බස්‌ සමාගම් හිමියන් සිටි බැවින් මෙය නිරාකරණය කිරීම අපහසු විය. 1936 ඔක්‌තෝම්බර් මාසයේ ආණ්‌ඩුකාර සර් එඩ්වඩ් ස්‌ටබර්ස්‌ ආණ්‌ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් මෙම තත්ත්වය නිරාකරණය කිරීමට කොමිසමක්‌ පත්කරන ලදී. මෙම කොමිසමේ ප්‍රධානියා වූයේ මේජර් ජෙනරාල් හැමන් ය. ඒ අනුව 1938 අංකත 45 දරණ මොටර් රථ ආඥා පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම්මත විය. මෙම කොම්සමට අදාළ කාරක සභාවක්‌ ද පත් කෙරිණි. එහි නිදර්ශනයන් ලෙස

    * සෑම ගමනාගමන ක්‍රමයක්‌ම පාලනය කිරීම සඳහා රජයේ මධ්‍ය මණ්‌ඩලයක්‌ පත්කිරීම.
    * මෝටර් රථ රෙජිස්‌ටාර්වරයා වෙනුවට මෝටර් රථ ගමනාගමන කොමසාරිස්‌වරයකු පත් කිරීම.
    * ඔහුට සහය පිණිස උප කොමසාරිස්‌වරයකු සහ මෝටර් රථ පිළිබඳ ප්‍රධාන පරීක්‌ෂකයකු පත් කිරීම.
    * ක්‌ෂේත්‍රයට අදාළ පුද්ගලයන්ගෙන් යුත් උපදේශක සභාවක්‌ පිහිටුවීම.

    මෙම පනතේ විධි විධානයන්ට අදාළව එතෙක්‌ පැවති සංකීර්ණ ගැටලුවලට විසඳුම් ලබාදෙමින් කිසියම් විධිමත් භාවයක්‌, ක්‍රමවේදයක්‌ ගමනාගමන ක්‌ෂේත්‍රය තුළ ගොඩනැගුණි. එහෙත් මෙම කොමිසම මඟින් ලියාපදිංචි කිරීමේ දී හිතුමතේ මුදල් අයකරගෙන ඇත. මෙහි දී කොමිසම පවසා ඇත්තේ ධාවනය වන මාර්ග අනුව හා ලබන ආදායම අනුව මුදල් අයකරන බවය. මේ කාලය තුළ දීම දේශපාලන පක්‌ෂ ද මීට මැදිහත් වී ඇත. ඔවුන් ධනපති පංතිය සතු සමාගම් ජනසතු කළයුතු බව අවධාරණය කරන ලදී.

    දෙවන ලෝක යුද්ධ සමය වන විට ලංකාවට බස්‌ රථ හා අමතර කොටස්‌ ආනයනයට අපහසු විය. මෙකල බස්‌ රථ සමාගම් ද ඇනහිට ඇත. මේ නිසා බ්‍රිතාන්‍ය බස්‌ රථ පිළිබඳ විශේෂඥ එස්‌. ඩබ්ලිව්. නෙල්සන් මහතා ලංකාවට ගෙන්වාගෙන ඇත. ලංකාවේ සියලු බස්‌ රථ යම්කිසි නීති පද්ධතියකට අනුව නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට එංගලන්තයේ සිට ඔහුව ගෙන්වාගෙන ඇත. මොහු CTB අධ්‍යක්‌ෂකවරයකු ද වේ. ඔහු විසින් නිර්දේශ තුනක්‌ එවකට ගමනාගමන හා ප්‍රසිද්ධ වැඩ ඇමති ජෝන් කොතලාවල මහතාට ඉදිරිපත් කර තිබුණි. එනම්

    * ප්‍රෙටල්, ටයර්, ටියුබ් අමතර කොටස්‌ පහසුවට ලබා ගැනීම.

    * බස්‌ සමාගම් නැති කරවීම.

    * සාමූහිකත්වය ඇතිවන පරිදි නීති පද්ධති හැදීම හා ඒ සඳහා රජය ක්‍රියාත්මක කිරීම.

    බස්‌ හිමියන්ගේ company පිහිටුවීම ආරම්භ වූයේ නෙල්සන් යෝජනාවන්හි ප්‍රතිඵල අනුවය. පලදායිතා හා පලදායිතා නොවූ බස්‌ රථ මාර්ග ඒ ඒ සමාගම් අතර වර්ග කර බෙදාදීම නෙල්සන් ක්‍රමයේ මූලික යෝජනාව විය. මෙම ක්‍රමය මඟින් බස්‌ රථ සේවාවේ යම්කිසි දියුණුවක්‌ ලබා ගන්නට විය.

    බී. ජී. දිස්‌නා උදයංගනී නන්දසේන
    මධ්‍යම සංස්‌කෘතික අරමුදල

    ( උපුටා ගන්නා ලද්දිකි)
     
    Attachments

    • FB_IMG_1610518466344.jpg
      FB_IMG_1610518466344.jpg
      34.2 KB · Views: 111
    • FB_IMG_1610518463513.jpg
      FB_IMG_1610518463513.jpg
      49.1 KB · Views: 111
    • FB_IMG_1610518460290.jpg
      FB_IMG_1610518460290.jpg
      33.6 KB · Views: 118

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722

    /1932 කේ. බී. එල්. පෙරේරා හා සමාගම (K.B.L Perera & Son Ltd) නිර්මාණය විය. මොහු පළමුවෙන්ම ත්‍රිකුණාමලය - කොළඹ දක්‌වා මාළු ප්‍රවාහනය කළ අතර, නැවත එන අතරතුර මගීන් ද ප්‍රවාහනය කර ඇත.//

    ලංකාවේ බස් වලට සාඩින් පටවනවා වාගේ මගීන් පටවන්න අභාෂය ලබාගෙන තියෙන්නේ මේකෙන් වෙන්න ඇති

    ඉහත පින්තුර වලින් , මැද තියන වර්ණ ඡායාරුපයෙන් දැක්වෙන්නේ ඉස්සර වේරහැර ලංගම වැඩපොලෙන් හවස වැඩ නිමවූ විට එලියට එන සේවක බස්රථයි. පින්තුරයේ තියන බෙන්ස් බස් එක පිළියන්දල පැත්තට ගමන් කරන අතර, එහි වම්පසින්, පසුබිමෙන් පේන්නේ වේරහැර වැඩපොළට යන මාර්ගයේ පැමිණෙන බස් රථයි.

    බසයේ දකුණු headlight එකට ඉහලින් පෙනෙන කනුව, වැඩපොළේ ආරක්ෂක අංශයට ඇතුළු වෙන ගේට්ටුවේ කණුවයි.

    හවස 5.15 ට වැඩ නිමවන අතර, 5.25 ට බස් 116 කින් සමන්විත වූ (පසු කාලීනව නව පිළියන්දල ඩිපෝව ලෙස හැඳින්වූ ) සේවක බස් රථ ඇණියකින් මේ ප්‍රවාහන පහසුකම් සැපයුනා.
    අද කාලේ පුද්ගලික බස් රියදුරන්ගේ නොහික්මුණ රිය පැදවීම ගැන බොහොම දරුණු කථිකාවක් තිබුනත්, මේ බස් පාරට දාන වෙලාවට පණට ආදරේ ඇති කවුරුවත් පාරේ ඉන්නේ නැහැ.

    මේ සියලුම බස්රථ, නීත්‍යානුකුලව මහමග ගමන් ගැනීමට නුසුදුසු ගර්හිත බස් ලෙස ධාවනයෙන් ඉවත් කල ඒවා උනත්, ඒවා ඉතාම හොඳින් පිළිසකර කර මෙලෙස සේවක බස් ලෙස භාවිත කළා.

    මේ බස් රියදුරන් කිසිවෙකුත් වෘත්තීය රියදුරන් නොවන අතර ඔවුන් කාර්මිකයන්, ෆෝමන් වරුන්, ඉංජිනේරුවන් වැනි සේවකයින් වූ අතර, මේ වාහන ඉතාම බිහිසුණු ලෙස වේගයෙන් ධාවනය කරන්න ඔවුන් කිසිවිටක මැළි උනේ නැහැ. කලාතුරකින් අනතුරක් උනත්, මුළු බසයේම ඉන්නා මගීන් (වේරහැර සේවකයන්) එකාවන්ව එලියට බැහැලා අනික් වාහනයට විරුද්ධව නැගී සිටින නිසා මේ බස් දකිනකොටම හැම දෙනාම තමන්ගේ වාහන කාණුවට හරි දාලා මේවාට ඉඩ දෙන තරම් භීෂණයක් එකල මේවායින් සිදු උනා.
     
    • Wow
    Reactions: Yazo