බස් කොන්දා හොදම CEO

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    බස් කොන්දා හොදම CEO

    මේක අනිවාර්යයෙන්ම කියවන්න..!
    - මම ලංකාවේ දැකපු හොඳම CEO -
    ______________________________________
    මේ කියන්න යන්නේ සත්‍ය සිද්ධියක්! ඔහු වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙක්. ඔහු මා ඉගෙනගත් පිරිමි විද්‍යාලයේම ආදි සිසුවෙක්.මට වඩා අවුරුදු 2කින් හෝ 3කින් වැඩිමහල්.මේ ඉරිදා ඔහු මට අහම්බෙන් මෙන් මුණ ගැසෙනවා මාතර කොළඹ බස් එකක.ඔහු මගෙන් ටිකට් ගන්නෙත් නැහැ.

    ඔහු එක්ක විනාඩි විස්සක් විතර සැරෙන් සැරේ මට කතා කරන්න ලැබුණා.ඔහු කලින් කලේ tourism කරපු වෑන් වල ඩ්‍රයිවර් ජොබ් එකක්.ඔහු ඒක මාස 6ක් කලා කිව්වා තැනින් තැන.

    ඉන් පසුව තමයි ඔහු ඔහුගේ මීලඟ වෘත්තිය ලෙස බස් රියදුරු රැකියාව තෝරගන්නේ.ඔහු එය මාස 2කහ මාරක් කලා කිව්වා..

    ඉන් පසුව තමයි ඔහු දැන් කරන රැකියාව වන කොන්දොස්තර රැකියාව තෝරගෙන තියෙන්නේ..ඔහු දැනට එහි සේවය කර වසරකුත් මාස දෙකක් වන බව පැවසුවා.ඒ කාලය තුළ ඔහු ලංකාවේ සියළුම ප්‍රදේශ වලම වාගේ කොන්දොස්තර රැකියාවේ නිරත වූ බව පැවසූවේ ටිකක් ආඩම්බරයෙන්.

    " මට ලංකාවේ ඕනම ටර්න් එකක් නතින්ග් මචන් දැන් "
    මේ ඔහුගේ වචන..

    ඔහු A/L පවා ඉහළින්ම සමත් වූ තරුණයෙක්.මම ඔහුගෙන් ඇහුවා ඇයි මේ රැකියාවම තෝරගත්තේ කියලා..

    ඔහු මට දෙනවා ඇස් උඩ යන උත්තරයක්!

    " මචන් උබ මේ .............. බස් ගැන දන්නවද" ඔහු මගෙන් ඇසුවා.

    "ඔව් මචන්. උන්ට බස් හතර පහක්ම තියෙනවනේ"
    ඒ මම..

    හතර පහක් නෙවෙයි බන්. ඒකේ අයිතිකාරයට බස් 8ක් තියෙනවා. ඒ පාරේ දුවන පර්මිට් තියෙන ඒවා. ගාමන්ට් දුවන බස් 5ක් තියෙනවා. ට්‍රිප් යන්න වෙනම බස් එකක් තියෙනවා. ඒ ඇරුනම tourism කරන KDH අටක් තියෙනවා. tourism කරන AC බස් දෙකක් තියෙනවා..

    "අඩෝ එහෙමද?"
    ඒ මම..

    ඔව් බන්. ඒකේ අයිතිකාරයට ඉන්නේ එකම දරුවයි. ඒ තමයි මම..

    ඔබට හිතාගන්න පුළුවන් ඇති මට ඒ මොහොතේ ඇති වුණ හැඟීම.

    මම ඔහුගෙන් ඇහුවා " මේ උඹලගේ බස් එකක්ද"

    "නෑ මචන්.අද වෙනකල් මම වැඩ කරපු එකක්වත් අපේ ඒවා නෙවෙයි."
    ඔහු පැවසුවා.

    " එහෙනම් ඇයි උඹ අනුන්ගේ බස් වල වැඩ කරන්නේ. ගෙදරින් ලෙඩක්වත් දා ගත්තද? "

    මෙතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ..

    " ඔව් මචන්. ලෙඩක් දැම්මා තාත්තා. තාත්තට දැන් මහන්සි වුණා ඇතිලු. මට බිස්නස් ටික ඔක්කොම බාරගන්නලු. මම මේ බස් කොන්දොස්තර වැඩේ කරන්නේ මේ දෙසැම්බර් 31 වෙනකල් විතරයි බන්. අපේ අම්මා කිව්වා මට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරන්න කියලා.. ඒත් ඔය කොල කෑලි වල ලියපු certificate තිබිලා නෙවෙයි බන් අපේ තාත්තා ඔය තැනට ආවේ.. මට කාමරයක් ඇතුලේ බිස්නස් මැනේජ්මන්ට් ඉගෙනගන්න බෑ බන්. මම තාත්තගෙන් අවසර අරගෙන සමාජෙට බැස්සා.. මුලින්ම tourism පැත්තට.. එතන වෙන හොර වැඩ ඔක්කොම මම අල්ලගත්තා.ඊට පස්සේ බස් ඩ්‍රයිවර් ජොබ් එකෙන් හොරා කන හැටි දැනගත්තා.. මම අපේ බස් දුවන හැම රූට් එකකම වැඩ කලා.අපේ බස් වල වැඩ කරන උන් මාව අඳුරන්නේ නෑ. පොඩි කාලේ ඉඳන් මම ගාල්ලේ හිටපු නිසා.. දැන් මම දන්නවා හැම රූට් එකකින්ම බස් එකට ලැබෙන ආදායම.මේක අල්ලගන්න තමයි මට ගොඩක්ම කල් ගියේ. අවුරුද්දකටත් වැඩියි.ඒත් මම දැන් ඔක්කොම දන්නවා.. මේවා අපේ තාත්තා බඩට නොකා ඇස් දෙකට නින්ද නැතුවා හම්බ කරපුවා මචන්.ඒ මනුස්සයා මේ තැනට ආපු අමාරුව දන්නේ මමයි අම්මයි විතරයි. මම ලබන අවුරුද්ද ඉවර වෙන්න කලින් හයි වේ එකට බස් එකක් දානවා මචන්. මොකද මට අම්මට පෙන්නන්න ඕන බිස්නස් මැනේජ්මන්ට් තියෙන්නේ පන්ති කාමරයේ නෙවෙයි සාමාජේ කියලා.."

    කඳුළු ආවේ නැතුව විතරයි මට!

    බහින තැන ලං වුණා.
    ඒත් මට බහින්න ලෝභයි. තව අහන්න ඕන.

    ඒත් බහින්නම වෙනවා!
    ඉක්මනටම සෙට් වෙමු මිත්‍රයා!
    කතාව ආයේ අහන්න ඕන මට!
    සුභ ගමන්!!!

    ඉතින් ඔහු නොවෙද ලංකාවේ හොඳම CEO?
    - උපුටා ගැනීමකි... FB
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ෂා නියම කතාව. මේක බස් වලට නම් ගැලපෙනවා. මේකම ඉංජිනියරින් වගේ ෆීල්ඩ් එකකට දාල බලමු. ඉංජිනියරින් සහතික වලින් වැඩක් නෑ ෆීල්ඩ් එකටම බැහැල ඉගෙන ගන්නවා කියල ඉංජිනියරින් අතහැරලා මේසන් බාස්ට අත් උදවු දෙන්න ගියොත් හැදෙන්නේ හැන්දෑවට අඩිය ගහල කාණුවක වැටිලා නිදාගන්න එකෙක්ගේ කතාවක්. :lol:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ෂා නියම කතාව. මේක බස් වලට නම් ගැලපෙනවා. මේකම ඉංජිනියරින් වගේ ෆීල්ඩ් එකකට දාල බලමු. ඉංජිනියරින් සහතික වලින් වැඩක් නෑ ෆීල්ඩ් එකටම බැහැල ඉගෙන ගන්නවා කියල ඉංජිනියරින් අතහැරලා මේසන් බාස්ට අත් උදවු දෙන්න ගියොත් හැදෙන්නේ හැන්දෑවට අඩිය ගහල කාණුවක වැටිලා නිදාගන්න එකෙක්ගේ කතාවක්. :lol:

    :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    ෂා නියම කතාව. මේක බස් වලට නම් ගැලපෙනවා. මේකම ඉංජිනියරින් වගේ ෆීල්ඩ් එකකට දාල බලමු. ඉංජිනියරින් සහතික වලින් වැඩක් නෑ ෆීල්ඩ් එකටම බැහැල ඉගෙන ගන්නවා කියල ඉංජිනියරින් අතහැරලා මේසන් බාස්ට අත් උදවු දෙන්න ගියොත් හැදෙන්නේ හැන්දෑවට අඩිය ගහල කාණුවක වැටිලා නිදාගන්න එකෙක්ගේ කතාවක්. :lol:

    ඕන් කිව්වා ගොන් කතාවක්.:lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ෂා නියම කතාව. මේක බස් වලට නම් ගැලපෙනවා. මේකම ඉංජිනියරින් වගේ ෆීල්ඩ් එකකට දාල බලමු. ඉංජිනියරින් සහතික වලින් වැඩක් නෑ ෆීල්ඩ් එකටම බැහැල ඉගෙන ගන්නවා කියල ඉංජිනියරින් අතහැරලා මේසන් බාස්ට අත් උදවු දෙන්න ගියොත් හැදෙන්නේ හැන්දෑවට අඩිය ගහල කාණුවක වැටිලා නිදාගන්න එකෙක්ගේ කතාවක්. :lol:

    Bus kathawa wagema me kathawe thathath loku construction company ekaka aiythi kaarayeka nam kathawa eka samanai neda machan.....
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ෂා නියම කතාව. මේක බස් වලට නම් ගැලපෙනවා. මේකම ඉංජිනියරින් වගේ ෆීල්ඩ් එකකට දාල බලමු. ඉංජිනියරින් සහතික වලින් වැඩක් නෑ ෆීල්ඩ් එකටම බැහැල ඉගෙන ගන්නවා කියල ඉංජිනියරින් අතහැරලා මේසන් බාස්ට අත් උදවු දෙන්න ගියොත් හැදෙන්නේ හැන්දෑවට අඩිය ගහල කාණුවක වැටිලා නිදාගන්න එකෙක්ගේ කතාවක්. :lol:

    It depends on the attitude bro.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ෂා නියම කතාව. මේක බස් වලට නම් ගැලපෙනවා. මේකම ඉංජිනියරින් වගේ ෆීල්ඩ් එකකට දාල බලමු. ඉංජිනියරින් සහතික වලින් වැඩක් නෑ ෆීල්ඩ් එකටම බැහැල ඉගෙන ගන්නවා කියල ඉංජිනියරින් අතහැරලා මේසන් බාස්ට අත් උදවු දෙන්න ගියොත් හැදෙන්නේ හැන්දෑවට අඩිය ගහල කාණුවක වැටිලා නිදාගන්න එකෙක්ගේ කතාවක්. :lol:

    :lol::lol::lol::lol::lol:
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ෂා නියම කතාව. මේක බස් වලට නම් ගැලපෙනවා. මේකම ඉංජිනියරින් වගේ ෆීල්ඩ් එකකට දාල බලමු. ඉංජිනියරින් සහතික වලින් වැඩක් නෑ ෆීල්ඩ් එකටම බැහැල ඉගෙන ගන්නවා කියල ඉංජිනියරින් අතහැරලා මේසන් බාස්ට අත් උදවු දෙන්න ගියොත් හැදෙන්නේ හැන්දෑවට අඩිය ගහල කාණුවක වැටිලා නිදාගන්න එකෙක්ගේ කතාවක්. :lol:

    :lol::lol:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,575
    10,130
    113
    ලංකාවෙ මිනිස්සු මාර ආසයි මට වහන තිබ්බට පයින් යන්නෙ ! මම ඇඳුම් තිබ්බට එකම ඇඳුම පට්ට ගහනව ! වගේ කතා අහන්න ! එහෙම උන් තමා වැඩ්ඩො ! හැම දේම බැලන්ස් කරන් එන උන් ගැන හිතන්නෙ අපෝ කට්ට කෑවෙ නැත්තම් stable නැහැ ! ඔහොම හිටියට වැටුනොත් ඉවරම තමා වගේ දේවල් :no:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලංකාවෙ මිනිස්සු මාර ආසයි මට වහන තිබ්බට පයින් යන්නෙ ! මම ඇඳුම් තිබ්බට එකම ඇඳුම පට්ට ගහනව ! වගේ කතා අහන්න ! එහෙම උන් තමා වැඩ්ඩො ! හැම දේම බැලන්ස් කරන් එන උන් ගැන හිතන්නෙ අපෝ කට්ට කෑවෙ නැත්තම් stable නැහැ ! ඔහොම හිටියට වැටුනොත් ඉවරම තමා වගේ දේවල් :no:

    :yes::yes::yes:

    Sira kathawa. Mama hithanne ekata hethuwa e aya diha balala thamanta motivation ekak ganna puluwan nisa.

    Mama kannawath nathuwa indala thamai ada me thathweta awith inne kiwwahama hamoma kamathi. Eth mama podi kale indanma dakshai. Ammala thaththalatath salli thibba kiwwahama minissu kamathi na. E nisa kattiya boruwata hari podi kale duppath kiyala kiyanawa.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දැනට අවුරුදු 40 විතර කලින් unilever කියන සමාගමේ නම leverbrothers. මගේ තාත්තා තරුණ කාලේ එතන වැඩ කරලා තියෙනවා .ඩිරෙක්ට බෝඩ් එකේ සුද්දෝ තමා ඉඳලා තියෙන්නේ. කොච්චර අධයාපන සුදුසුකම් තිබ්බත් වැඩක් නැහැ සුපර්වයිස වගේ ඉහළ තැනකට උනත් ගියාම දෙන පළවෙනි වැඩේ බෝයිලේරුවට අඟුරු දාන එකලු. සුමානයක් විතර යනකොට වැඩේ අල්ලගන්නවා ඒ වගේම හොර කරන්න පුළුවන් විදි ඔක්කොම දැන ගන්නවා . මේකේ වාසිය තමුන් යටතේ ඉන්න සේවකයෝ ඒ වැඩේ කරන්න කොච්චර කාලයක් ගන්නවද ඒ වගේම වැඩේ හරියට වෙලා තියෙනවද කියන එක නූලටම දැන ගන්න පුළුවන් වෙන එක. ඒක තමා සුද්දගේ ක්‍රමය. තාම මේ ක්‍රමය තියෙන තැන් ලංකාවේ තියෙනවද දන්නේ නම් නෑ. හැබැයි මේක පට්ට සාර්ථක ක්‍රමයක්.