බස් දෙන්න මිහින්තලේ ගිය සජිත් හොදවයින් අහගනී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වර්තමානයේ රට පත්ව ඇති තත්වයට විපක්ෂනායකවරයා ඇතුළු සියලු දේශපාලඥයින් වගේ යුතු බව මිහින්තලා රජ මහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ කියා සිටියහ.

    අයහපත් පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත වනවිට ඊට ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ද වග නොකියන අතර මෙම පනත් වලින් සාමාන්‍ය ජනතාව පීඩා විඳින බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

    උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නාහිමියන් බැහැදැක දැකීමට එම පුද බිමට පැමිණි අවස්ථාවේදීය.

    මිහින්තලා පූජා භූමිය සම්බන්ධයෙන් පවතින ගැසට් නිවේදනය ද නොසලකා හරිමින් මත්පැන් අලෙවි සැල් බලපත්‍ර ලබාදීමට පාලකයන් කටයුතු කර ඇති බවද පැවසූ උන්වහන්සේ වයෝවෘද්ධ දේශපාලඥයන් බලය අතහැරීමට කිසිදු කැමැත්තක් නැති බවද කියා සිටියහ.

    එහිදී අදහස් පළ කළ විපක්ෂ නායකවරයා කියා සිටියේ එළැඹෙන වසරේ දී පොසොන් පොහොය වෙනුවෙන් මිහින්තලා ආලෝක පූජාව ඇතුළු පින්කම සිදු කිරීමට තමන් මැදිහත් වන බවයි.

    මිහින්තලා හිමියන්ගේ ඉල්ලීම පරිදි මිහින්තලේ මහා විද්‍යාලයට බස් රථයක් ලබා දීමට ද කටයුතු කරන බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය