බස් රථයක් තුලදී දුෂණය වූ නිර්භායාව..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,206
    8,203
    113
    M-Town
    "මම ඒක ආසාවකින් කල දෙයක් නොවේ. එක්කෙනෙක් එතන කලබලයක් කළා"
    "එල්ලා මැරීමට පෙර රාත්‍රියේ කවුරුත් නිදාගත්තේ නෑ"
    නිර්භයා ඝාතකයින් එල්ලා මැරීමට පෙර ගත කල මොහොත ගැන අලුගෝසුවා හෙලිකරයි.

    #LawTalk ⚖

    ඉකුත් මාරතු 20 වැනි සිකුරාදා උදෑසන විදී වලට පැමිණි ඉන්දීය ජනතාව ජයඝෝෂා නගමින් සතුට පළකරන්නට වුවා.

    ඒ නිර්භයා නමැති විසිතුන් හැවිරිදි තරුණිය ඉතා අමානුෂික ලෙස දුෂණය කර මරා දැමු අපරාධකරුවන් හතරදෙන බිහාර් හිරගෙදර එල්ලා මැරීම උත්සවාකාරයෙන් සැමරීමටයි.

    නිර්භයා ඝාතකයින් සිව්දෙනා එල්ලා මැරීමට නියමිතව තිබුනේ ඉකුත් මාර්තු 20 වැනිදා අලුයම 5.30ය.

    එදින අලුයම 5.30 ට 54 හැවිරිදි පවන් කුමාර් ජල්ලාල් නම් අළුගෝසු නිලධාරියා විසින් නිර්භයා ඝාතනයේ වරදකරුවන් වූ තිස් හැවිරිදි මුකේෂ් සිං, විසිපස් හැවිරිදි පවන් ගුප්තා, විසිහය හැවිරිදි විනේ ෂර්මා සහ තිස් එක් හැවිරිදි අක්ෂේ කුමාර් යන සිව්දෙනා එල්ල මරා දමනු ලැබුවා.

    අපරාධකරුවන් එල්ලා මැරීමෙන් පසුව ඉන්දියාවේ සෑම තැනකම උත්සව සංවිධානය කර තිබෙන අයුරු දැකගත හැකිවුණා.ඊට එක්වූ කාන්තාවන් නොයෙකුත් වර්ණ අහසට විසි කරමින්, නටමින්, ඔල්වරසන් දෙමින්, මාර්ගය දෙපස සතුටුවන අයුරු දැකගන්නට හැකි වුනා. මාර්ගවල රාජකාරියේ යෙදුන පොලිස් නිලධාරීන්ට ඇතැම් කාන්තාවන් කැවිලි වලින් සංග්‍රහ කරන්නට වුණා. සමහරුන් පොලිස් නිලධාරීන්ට අතට අත දෙමින් සතුට පළ කරනු ලැබුවා. ඒ ඔවුන් සත් වසරක් මුළුල්ලේ සිරකරගෙන සිටි ප්‍රකෝපය නිදොස් කළ ආකාරයයි.

    බස් රථයක් තුලදී දුෂණය වූ නිර්භායාව අතිශය අමානුෂික අයුරින් අතවරයට ලක් කොට තිබු අතර පුද්ගලයින් 6 දෙනෙකු වරින් වර ඇයව දුෂණය කරමින් තිරිසන් සතුටක් ලබා තිබුණා.

    පසුව ඇයව බඩවැල් එලියට අවුත් තිබියාදීම ඇයව බසයෙන් ඉවතට විසිකර ඔවුන් පලාගොස් තිබුණා. පසුව ඇයව රෝහල් ගත කර දේශපාලන අංශ මැදිහත්වී සිංගප්පුරු රෝහලකටද ඇතුලත්කල නමුත් අවාසනාවන්ත ලෙස ඇය මිය ගියා. පසුව ඇගේ ඝාතනය ඉන්දියාව පුරා මහත් කැළබුමක් ඇති කළා. මෝදී ඇතුළු සුපිරි බොලිවුඩ් නළු නිලියන් පවා මේ වෙනුවෙන් හඩ නගන්නට වුණා.

    මෙම දුෂණ සිද්දියට සම්බන්ධ අයගෙන් 17 හැවිරිදි අයෙකු බාළ අපරාධකරුවෙකු ලෙස පුනරුත්තාපනයට යවා ඇත. ඒ අතරතුරදී රාම්සින් නම් සැකකරු පොලිස් සිරමැදිරිය තුලදී සියදිවි හානිකරගෙන තිබුණා.

    කෙසේ හෝ වරින් වර ලබා දුන් තීන්දු තීරණ අනුව ඉතිරි සිව් දෙනා එල්ලා මැරීමට අධිකරණය තීන්දු කළා. එදින කොරෝනා උවදුරද නොතකා බිහාර් භුමිය තුල එකම හිස් ගොඩක් බවට පත්වුණා.

    මේ අතර එක අපරාධකරුවෙකු වන මුකේෂ් සිංට එල්ලා මැරීමට කලින් සිය නෑයින් හමුවීමට ඉඩ සලසා තිබුනා. එමෙන්ම ඔහුකැමති ආහාරයක් ගැනීමටද ඉඩ සලසා තිබුණා. රොටී, සබිසි පරිප්පු හා බත් ඔහුගේ අවසන් කෑම වේලයි. ඔහු ආහාර ගත්තද පවන් හා අක්ෂේ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා.

    එල්ලා මැරීමට පෙර රාත්‍රියේ කිසිවෙකු නිදා නොගත් බවත් සියල්ලන්ම සිටියේ අවුල් වූ මනසකින් මෙන්ම කලබලකාරී හැසිරීමකින් බව බන්ධනාගාර නිලධාරීන් මාධ්‍යට සදහන්කර තිබුණා. ඔවුන්ට යම්කිසි දේපලක් පැවරීමට හෝ දන්දීමට අවශ්‍ය දැයි නිලධාරීන් විමසු නමුත් ඔවුන් කිසිවෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

    ඉන්පසුව බිහාර් සිරමැදිරි අධිපති විසින් සිරගෙදර සිටින සෙසු සිරකරුවන් සියලුදෙනා ඔවුන්ගේ සිරමැදිරි වලට දමා වසා දමන්නට පියවරගත් අතර එල්ලා මැරීමක් සිදුවන විට එය සාමාන්‍ය සම්ප්‍රදායක් වනවා.

    උදේ 5ට පමණ ඝාතකයින් උදේ ආහාරය සදහා මැදිරි වලින් එලියට ගෙන යනු ලැබුවේ නියෝජ්‍ය පාලකවරයා විසිනි. ඊට ආරක්ෂක නිලධාරීන් 6 දෙනෙක්ද සම්බන්ධ විය.

    පෝරකය අසල මහේස්ත්‍රාත්වරයාත් බිහාර් සිරගෙදර අධිපති හා ජේෂ්ඨ අධිපත්වරුන්ද එම සිරගෙදර සේවය කරන වෛද්‍යවරයාද සිටි අතර එල්ලා මැරීමට නියමිත සිව් දෙනා පොරකය මත නංවා ඔවුන්ගේ දෑස් වැසෙන පරිදි රෙද්දකින් ආවරණය කර ඇත. සිව් දෙනාම එකවර එල්ලා මැරීමට සිදුකරනු ලැබූ බව ප්‍රකාශ කර තිබූ අතර ඔවුන්ගෙන් එක අයෙක් පොරකය මතට ගොඩවීමට අකමැත්ත පළකරමින් කලබල කර බවද පැවසේ.

    අලුයම 5.20ට පමණ සියලු දෙනා එල්ලා මරණ තැනට ගොස් ගෙලට දමනු ලැබ අළුගෝසු නිලධාරියා විසින් ඔවුන්ගේ දෙපා එකට බැද තැබීමත් දෑත් පිටුපසට තබා බැද තැබීමත් සිදුකරනු ලැබ ඇත. පසුව ගෙලට දමා ඇති තොන්ඩුව හරිහැටි සවිවී ඇත්දැයි පරික්ෂා කරනු ලැබ තිබෙනවා.

    අලුයම 5.30 ට සිරගෙදර අධිපති විසින් ලබා දුන් විධානයට අනුව අළුගෝසු නිලධාරී පවන් කුමාර් විසින් ලීවරය ඇදීමත් සමග සිව්දෙනා සිටගෙන සිටි යටි දොර ඇරී එකවරම තොණ්ඩුවලින් එල්ලෙන්නට වූ අතර එසේ පැය භාගයකට පමණ පසුව වෛද්‍යවරයා විසින් එම සිරුරු වල ප්‍රාණය ඉවත්ව ඇති බව සහතික කිරීමෙන් අනතුරුව සිරුරු පහතට ගනු ලැබුවා.

    මෙම එල්ලා මැරීම බැලීමට මෙම සිව් දෙනාගේ කිසිම නෑයෙකුට අවසර නොලැබීමද විශේෂත්වයකි.

    උදෑසන හයයි විනාඩි පහට පහතට ගත් සිරුරු ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් විසින් ගිලන් රථයක ඩීන් දයාල් රෝහලට ගෙන ගිය අතර එහිදී වෛද්‍යවරුන් පස් දෙනෙක් කරනලද මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු නෑයින් හට භාර දෙනු ලැබුවා. ඔවුන්ගේ ඇදුම් සිරගෙදර තුලදී ඔවුන් හම්බකළ මුදල්ද ලබාදෙනු ලැබුවා. මේ අතර මුකේෂ් සිං එල්ලා මැරීමට පෙර ඔහුගේ ඉන්ද්‍රියන් දන්දීමට කැමැත්ත පළකර තිබුණා.

    නිර්භයා නොහොත් ජෝති සිංගේ මෑණියන් වන ආශා දේවි මෙම එල්ලා මැරීමෙන් අනතුරුව, " අපි සියලු දෙනාම කලක් තිස්සේ මේ දිනය එනතුරු බලා සිටියා. අද ඉන්දියාවේ සියලු දියණිවරුන්ට නව උදාවක් ඇති වුණා. අද ඒ තිරිසනුන් හතර දෙනා මෙලොවින් තුරන්කර දැම්මා". යනුවෙන් පැවසුවේ ඇගේ දියණියගේ චායාරුපයක්ද වැලදගෙනය.

    බඩවැල් එලියට අවුත් තිබියදී බසයෙන් මහමගට ව්සිකර දමා ගිය මරණය අභියස සිටි ඇය තමාට මෙම අපරාධය කළ අය හදුනා ගන්නා තුරු ජීවත්ව සිටි නිසා ඇයට "නිර්භයා"(බය නැති) යන නම පටබැදී තිබුනා.

    සැකසුම #LawTalk ⚖
    IMG-20200612-WA0040.jpg

    IMG-20200612-WA0041.jpg
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    මෙකිව අරුන් ටික දූෂණ කලේ එක පාරයි. මීඩියා කාරයෝ තාම දෙනව වැඩේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකිව අරුන් ටික දූෂණ කලේ එක පාරයි. මීඩියා කාරයෝ තාම දෙනව වැඩේ
    එහෙම වෙන්නෙ ඉතින් බලන කෝණය අනුව තමයි මට නම් පොටෝ දැක්කම දුකක් උප උපන් ආත්මෙක මෙහෙම දෙයක් නොවේවා කියල හිතෙනව මිසක් වෙන නම් දෙයක් හිතෙන් නැ...
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    මට හිතෙන විදියට මේ සිද්දියට ලැබුණු ප්‍රසිද්දියත් මේ එල්ලා මැරීමට හේතුවක් වෙන්න ඇති. නැත්තන් ඉන්දියාවෙ මේවගේ සිද්දි කොච්චර වෙනවා ඇද්ද
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මම නම් කියන්නේ මරණ දන්ඩනය දෙනකොට මාසයක්වත් තමන්ගේ පවුලේ අය එක්ක හරි එකට ඉන්න දෙන්න ඕන බන්.
    මානවයෙක් තවත් මානවයෙක්ට දඩුවමක් දෙන්න තරම් පිරිසිදු කවුරුත් නෑ.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මම නම් කියන්නේ මරණ දන්ඩනය දෙනකොට මාසයක්වත් තමන්ගේ පවුලේ අය එක්ක හරි එකට ඉන්න දෙන්න ඕන බන්.
    මානවයෙක් තවත් මානවයෙක්ට දඩුවමක් දෙන්න තරම් පිරිසිදු කවුරුත් නෑ.


    මානවයෙක් තවත් මානවයෙක්ට දඩුවමක් දෙන්න තරම් පිරිසිදු කවුරුත් නෑ.

    Respect machan. Very true.
    but we are not a position to accept this.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    අපරාධකාරයින්ට දේශපාලන සම්බන්ධකම් තිබුනනම් තත්වය මීට වඩා වෙනස් වෙයි
    හැමදේටම දේශපාන ගාවා ගන්න එපා බාන් . බලාගෙන ගියාම අර ඉන්දියාවේ දූෂකයෝ හතර දෙනාට වඩා උබල වගේ එවුන් මානසික ලෙඩ්ඩු. උබල මුළු සමාජයම දූෂණය කරනවා 😀😀🤣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    badawal eliyata enna mun mowada karala thiyenne..kapalada?

    ඔය කෙල්ලට අරුන් දස වධ දීල..lug wrench ඵකක් බස්සල දෙපැත්තෙන්ම.ඒක නිසයි ඔය බඩවැල් ඵළියට අාව කියන්නෙ...මහ ජරා සත්තු ටිකක්...ඕකුන්වත් මරන්න කලින් ඒකම කරන්න තිබ්බෙ.ඵල්ලපු ඵක හොඳ වැඩියි.ඒකෙදි උන්ට වේදනාවක් දැනෙන්නේ නෑ ඒ කෙල්ලට වගේ..කරුමෙට ලෝකෙට ජාතක උන අමන බල්ලො.

    main-qimg-d1c2755b9fbf84d69cc05a21f79b63cc.png
     
    Last edited:

    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    මට හිතෙන විදියට මේ සිද්දියට ලැබුණු ප්‍රසිද්දියත් මේ එල්ලා මැරීමට හේතුවක් වෙන්න ඇති. නැත්තන් ඉන්දියාවෙ මේවගේ සිද්දි කොච්චර වෙනවා ඇද්ද
    ඉන්දියාවෙ ඉන්නෙ අමු අසහනකාරයො, බහුතරයක් ගෝත්‍රිකවාදී
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,119
    27,786
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම නම් කියන්නේ මරණ දන්ඩනය දෙනකොට මාසයක්වත් තමන්ගේ පවුලේ අය එක්ක හරි එකට ඉන්න දෙන්න ඕන බන්.
    මානවයෙක් තවත් මානවයෙක්ට දඩුවමක් දෙන්න තරම් පිරිසිදු කවුරුත් නෑ.

    mun minis sanhathiyatama lajjawak ban
     
    • Like
    Reactions: shenat