320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    bus+cover.jpg

    සර්පිනාව මෙන් විසාල කට විවර කර
    වඩාගත්තේ මාව සීත බසයක් පිම්මේ දුවන:yes::yes::yes:

    BusAnimation.gif

    පිටකො‍ටුවේය තවම සර්පිනා කට අරිමින් වහමින්
    උස මහත කෙට්‍ටු අය විටින් විට වඩාගනිමින්
    සීත ඇන්ටාක්ටිකාව තරමට ගල් වුණ
    අන්තිම සීට්වල හිම වලසුන්ද තුරුළුව ඉන්න
    මේ ඉන්නේ ඇස්කිමෝවරු
    අයිස් කුට්ටි හරි හත‍රැස්ව කපමින්ම:eek::eek:

    bus-animation2.gif

    බම්බලපිටිය පසු කරන විටම
    මදුනාගල අහසේ සඳ බලන්නට බල කරන
    අපේ ඉලාස්ටික් බව මැන බලන්නට
    ටිකට් දෙන මැෂිම එහා මෙහා ඇවිද යන:shocked:
    නෝනාවරු ට්‍රැවලින් බෑග අත්බෑග කර
    එල්ලාන කර වට සුවසේ නිදන
    මහත්වරු සීට් කර මත බූවල්ලන් මෙන්ය
    ඇලවීගෙනය යළි නොගැලවෙන ලෙස:eek:

    අඩි සීයේ පාර ගල්කිස්සෙන් මතුව:yes::yes:
    කාගෙදෝ නීල දෑසක් ගැනමයි කියන්නේ
    මෙන්න ජැක්සන්ලා බොර දියේ මාළු බාන
    කොකු බිලී පිති ගෙන
    එකම අරමුණකට මුළු හිතම යොමු කරන:D


    රත්මලානට බෙල්ලන්විල වෙහෙර පෙනෙන
    මොර‍ටුවට කන්දෙ විහාරය අත ළඟය
    මේ තරම් ලස්සනට හකුලුවන්නට පුළුවන්ද ලෝකය:lol:

    කරස් ගා හැපෙන තරමට සනීපයි මගෙ සිරුර
    නවන්නට දිග අරින්නට කුඩ වගේ ඇහැකි ලතාවට
    සිංදු සීයක පද හාරසීයක් දගලන්නේ උගුර ළඟ හෙමිහිට
    මේ තියෙන්නේ නා ගහක් මල් නැතත් ලස්සනට
    සර්පිනා කට හායි ගා විවර කර
    අත් හරින්නකො හතරමංහන්දියෙන් මේ සිරුර:lol::lol::yes::yes:
    school_bus_driving_sm_wm.gif


    රිපෝස්ට් නන් සොරි වේවා :sorry::sorry:

    හොදයිනන් ඉතින් සලකල යන්න:D:D:D

    මොකද ඉතින් මන් REP Bump වලට අකමැති නැ;););)

    EeANk.gif