බස්_කේස්

r runner

Member
May 12, 2015
2,396
780
0
කවුද දන්නෙ බස් ඇතුළෙ වඳින්න ගිය දේවාල ඉහට කඩන් වැටෙයි කියලා


1. සැර ආච්චි

BusProblems-01.jpg





ආච්චිලා නගිනවා බස්වලට බලන්නෙම වාඩිවෙන්න තැනක්. ලංකාව වගේ රටක හින්දා එයාලට වැඩිය හොයන්න ඕන නැහැ. ඉක්මනටම හම්බෙනවා. හැබැයි හම්බෙන්න ටිකක් පරක්කු වුනොත් හැමෝටම ඇහෙන්න කෑගහල බනින්න ඒගොල්ලො හරි දක්ෂයි. ඒ වගේම සීට් එකක් හම්බුනා කියලා ඒකට කවදාවත් ස්තුතියක් ඒ ගො‍ලොන්ගෙ කටේ නැහැ. ඒ වගේම සීට් එක දීලා හිටගෙන ඉන්න ගමන් ඇ‍ඟේ හැපුනොත් බස් හෝල්ට් හතරක් විතර යනකං කතා අහගන්නත් වෙනවා.

2. වැටිච්ච පර්ස්

BusProblems-02.jpg





බස්වල පික්පොකට් කාරයො වැහි වැහැලා. ඒගොල්ලො පික්පොකට් ගහලා සල්ලි ටික අරගත්තට පස්සෙ කවදාවත් පර්ස් ලඟ තියාගන්නෙ නැහැ. ඒක විසික් කරනවා. ඔබ විදියට විසික් කරපු පර්ස් ගොඩක් විට මිනිසුන්ට බස්වල අන්තිම සීට් ගාව ඇහිඳින්න හම්බෙනවා. ඕවා හම්බුනාම අයිතිකාරයගෙ විස්තර බලලා දෙන්න ගියාම ලොකු නඩු වැටෙන්න පුළුවන්. අයිතිකාරයො හිතන්නෙ අපි තමයි හොරු කියලා. උදවු කරන්න ගිහින් එහෙම කතා අහන්න වුනාම කනට ගහන්න තමයි හිතෙන්නෙ. හොඳම දේ අයිතිකාරයට කෝල් එකක් දීලා පොලීසියකට ගිහින් දෙන එක.

3. ඩික්ටේටර් ආන්ටි

BusProblems-03.jpg





මේක සිද්ධ වෙන්නෙ ගොඩක් වෙලාවට පිටිපස්සෙ සීට් එකේ යන අයට. පිටිපස්සෙ සීට් එකේ යන අය හිරවෙලා යද්දි සමහර දැඩි සිරුරැති ආන්ටිලා එතනට එනවා. මුලින් රැජින වගේ ඇවිල්ලා පස්සෙ කකුලක් නොන්ඩි කරගෙන ඇහිංසක බැල්මට් එකක් දාගෙන පිටිපස්සෙ සීට් එක දිහා බලනවා. ඒකත් හරි නොගියොත් ඒ ගොල්ලො වාඩි වෙන්න පුංචි ඉඩක් ඉල්ලනවා. ඒ වෙලාවට කවුරුහරි නැගිටලා ඉඩ දෙනවා මිසක් කකුල් ලංකරගෙන පොඩි ඉඩක් හදලා දෙන එක බොරු වැඩක්. මොකද එතකොට මේ ඩික්ටේටර් ඇන්ටිලා මුලින් පුංචි ඉඩේ වාඩි වෙලා හෙමීට පස්ස තල්ලු කර කර ඇතුළට යනවා. ඊටපස්සෙ ඒක අයිතිකරගන්නවා. දකින්න අඩු වුනත් අංකල් ලත් මීට දෙවනි නෑ සමහර වෙලාවට. එහෙම කරපු අය කියවනකොට අනිවා ලැජ්ජා ඇති නේහ්.

4. කොන්දාස් වලි

BusProblems-04.jpg





කොන්දොස්තර බස් මගියො එක්ක වලි යනවා විවිධ විවිධ කාරණාවලට. ඒවා ඉතිං දෙපැත්තෙන්ම වරද පිළිඅරගෙන විස‍ඳෙන කාරණා නෙමෙයි. ඒවා දිගින් දිගටම ඇදෙනවා. අටේ ටිකට් එකට පන්සීයක් දුන්නම, එකම හෝල්ට් එ‍කේ ගොඩක් වෙලා නවත්තගෙන හිටියම, බහින්න කලින් බෙල් නොකරම වගේ හේතු ඕවට බලපානවා. ඔය වෙලාවට පැමිණිලිකාර පාර්ශව දෙකම වටපිටාවෙ ඉන්න අයගෙන් උදවු ඉල්ලනවා. ඒ වෙලාවට කට දාන්න හොඳ නැහැ. මොකද ඊටපස්සෙ උදවු කරන්න ගිය අයට ඕවා ඇඟට පෙරලෙනවා.

5. නංගිගේ අසාධාරනේ

BusProblems-05.gif





බස්වල එක එක ජාතියෙ බුවාලා යනවා. ඒ අය ගැන අනිවා කලින් කිවුවා. කලින් කියපුවා සමහරු කොපි කරලා තමුන්ගෙ වගේ ආටිකල් ලිවුවා. තමුන්ගෙ වගේ වීඩියෝ හැදුවා වගේ නෝන්ඩි වැඩ කළා. ඒවා ඉතිං අනිවා චාටර් වැඩ. ඔය සෙනග අතරෙ ජැක්සන්ලා කියලා ජාතියක් යනවා. ඒ අයගෙ පීඩනේ යවාගන්න කරන දේවල් නිසා සමහර තරුණියෝ ඉතා අපහසුතාවයට පත්වෙනවා. මේක හරිම අවුල් වැඩක් නිසා ගොඩක් පිරිස මේ වෙනුවෙන් එරෙහිව නැගීසිටිනවා. ඒත් ඊටපස්සෙ වෙන්නෙ වඳින්න ගිය දේවාල ඔලුවේ වැටෙන වැඩක්. රණ්ඩු වුනා කියලා දෙන්නවම බස්වලින් බස්සනවා. තරුණිය මොකුත් නොවෙච්ච ගානට නිහඬව තමුන්ගේ ගමන යනවා වගේ දේවල් සිද්ධ වෙනවා.

6. කෝ සල්ලි?

BusProblems-06.jpg





අපිට කවදාවත් කොන්දොස්තර මහත්තයාගෙන් ඉතුරු සල්ලි නොලැබෙන එක අමුතුවෙන් අහන්න තියෙන කාරණයක් නෙමෙයි. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් සමහරු නියමිත ගාන අතේ නැතිනම් කරන එක් විකල්පයක් විදියට සාමාන්‍ය නෝට්ටුවක් නොදී, කොන්දොස්තරවරයාට පහසු වෙන විදියේ මුදලක් ලබාදෙනවා. උදාහරණයකට රුපියල් තිස්පහක ටිකට් එකකට රුපියල් පනහක් පමණක් නොදී, රුපියල් පනස්පහක් ලබාදීම දක්වන්න පුළුවන්. ඒ දෙන්නේ රුපියල් පහළොවක් ඉතුරු දෙන්න හොයනවාට වඩා රුපියල් විස්සෙ නෝට්ටුවක් ලබාදීම පහසු නිසයි. ඒත් ඉතිං සමහරවෙලාවට සිද්ධ වෙන්නෙ රුපියල් විස්සම අපිට අහිමි වීමයි.

7. දෙන්න බෑග් එක

BusProblems-07.jpg





ඔන්න තව සිද්ධ වෙන වැඩක්, අපි වාඩි වෙලා යන වෙලාවක බෑග් එකක් උස්සගෙන කවුරුහරි නැග්ගොත් අපි එයාගෙ බෑග් එක අරගන්නෙ පැකිලීමකින් නෙමෙයි. ඒත් සමහරු ඉන්නවා එහෙම බෑග් එක අරගත්තම වදයක් වෙන. උදාහරණෙකට, ඔන්න ඔබ බෑග් එකක් ඒ විදියට අරගෙන සුපුරුදු නින්දට වැටෙනවා. නින්ද යාගෙන එනකොටම අර මනුස්සයා බෑග් එක අදිනවා. ඔවුන් ඒක තියෙන්නේ ඔබේ අතේ කියලා ගානක්වත් නැතුව අදිනවා. ඕක දිගින් දිගටම ‍සිද්ධ වෙනවා. ඒ වගේම ඇතැම් විට ඔබ බෑග් එක අල්ලාගෙන සිටින විට කුඩයකුත් ඔබේ ඇඟට හේත්තු කරනවා. ඒ වගේම සමහර ආන්ටිලා එයාලගෙ බෑග් එක ඉල්ලා ගන්නකංම නොදන්න ගානට ඇඟ උඩට තියාගෙන ඉන්නවා. ලැජ්ජයි නේහ්.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    සීට් එකේ නින්ද ගිහින් ගෑනුන්ගේ පැත්තට වැටිලා බැනුම් අහන්නේ මම විතරද?
    උබලා ජැක්සන්ලා එක්ක වලි දාගෙන එහෙම නැද්ද?