බස්_රථවල_යන_ඔබට_මේ_පහසුකම්_ලැබෙනවාද?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බස්_රථවල_යන_ඔබට_මේ_පහසුකම්_ලැබෙනවාද?

    මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර ඇති ආකාරයට පහත සඳහන් පහසුකම් මගී ප්‍රවාහන රථ වලදී මඟීන්ට ලැබිය යුතුය.

    එලෙස පහසුකම් නොලැබෙන ප්‍රවාහන සේවා පිළිබඳව පැමිණිලි කිරීමේ අයිතිය මඟීන් සතුය.

    අර්ධ සුබෝපභෝගී පහසුකම්.

    # උස පිට ඇන්ද සහිත සුව පහසු ආසන තිබිය යුතුය.
    # අතුරු මග දෙපස ආසනවල අත් ඇඳි තිබිය යුතුය.
    # ආසන අංක ගත කල යුතුය.
    # සාමාන්‍ය වශයෙන් අඳුරු කළු ජනෙල් වීදුරු තිබිය යුතුය.
    # සෑම ආසනයකම ආසන ආවරණයක් හා ආසන රඳවනයක් තිබිය යුතුය.
    # ගමන්මලු තබා ගැනීමට ඝන මීටර එකකට නොඅඩු ඉඩකඩ සහිත ස්ථානයක් තිබිය යුතුය.
    # ආරක්ෂාකාරීව දොර වැසී යන පරිදි ස්වයංක්‍රීය දොරවල් තිබිය යුතුය.
    #ආසන 40ට නොඅඩු විය යුතුය.
    # ඇතුළත විදුලි පංකා සවිකර තිබිය යුතුය.
    # ආසන අතර තිරස් පරතරය අවම වශයෙන් මිලි මීටර් 680 (අඟල් 27) ක් ද දණහිස් පරතරය අවා ලෙස මිලි මීටර 236 ක්ද විය යුතුය.
    # සෑම ආසනයකම ඉදිරි අසුනේ පිටුපස සිට අදාළ ආසනයේ පිටුපස දක්වා තිරස් පරතය මෙලි මීටර 750ක් විය යුතුය.
    # බස් රථය ඇතුළත ගමන් මලු තබා ගැනීමට රාක්ක තිබිය යුතුය.
    # මගීන්ට පෙනෙන ලෙස බස් රථ ඇතුළත වේලාව දැක්වෙන ඔරලෝසුවක් තිබිය යුතුය.
    # පළල අඟල් 18ක් හා උස අඟල් 10ක් වන තොරතුරු පුවරුවක් තිබිය යුතුය.රියැදුරු/කොන්දොස්තර බලපත්‍ර අංකය - නම තිබිය යුතුය. ගමනාරම්භවේලාව හා අවසන් වන වේලාව
    # ත්වරණ වේගය වැඩි කල විටද ශබ්ද මට්ටම නියමිත ප්‍රමිතියට තිබිය යුතුය. සයිලන්සරයේ සිට පිටත ශබ්ද මට්ටම ඩෙසිබල් 82 නොඉක්ම විය යුතුය. නලා ශබ්දය ඉදිරි අසුනේ සිට මීටර 05ක් දුරින් ඩෙසිබල් 105 නොඉක්ම විය යුතුය.
    # මේවාට අමතරව මෝටර් රථ පනතේ තිබෙන නීති රීතිද ඇතුලත් විය යුතුය.

    සුබෝපභෝගී බස් රථ වල තිබිය යුතු පහසුකම්

    ඉහත වගන්ති 17න් පළමු වගන්ති 07 ඇතුළත්ය
    # සීරු මාරු කල හැකි ආසන සවිකර තිබිය යුතුය.
    # ආසන අතර තිරස් පරතරය අවම ලෙස මිලිමීටර 680 ද දණහිස් පරතරය මිලිමීටර 300ක්ද විය යුතුය.
    # සෑම ආසනයකම ඉදිරි අසුනේ පිටුපස සිට පිටුපස අසුනේ පිටුපස දක්වා තිරස් පරතරය මිලිමීටර 750 ක් විය යුතුය.
    # ආසන 20 ට නොඅඩු විය යුතුය.
    # කුඩා ආසන හෙවත් අසුලන ආසන තිබිය යුතුය.
    # සීරු මාරු කල හැකි පා රඳවන තිබිය යුතුය.
    # සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයක් තිබිය යුතුය.
    # රියැදුරු ආසනය අසල හා එන්ජිම මත හකුලන ආසන සවිකිරීමට ඉඩ නොදිය යුතු අතර එය එකිනෙක පරික්ෂා කිරීමෙන් පසු අවසර ලබාදිය යුතුය.
    # මගීන්ට පෙනෙන සේ ඔරලෝසුවක් තිබිය යුතුය.
    # රුපවාහිනියක් තිබිය යුතුය.
    # පළල අඟල් 17 උස අඟල් 10 - වන තොරතුරු පුවරුව.

    අධි සුබෝපභෝගී බස් පහසුකම.

    දැනට ලංකාවේ බස් 25 ක් පමණ තිබේ. බදුල්ල, යාපනය,ත්‍රිකුණාමලය, පුල්මුඩේ, කල්මුණේ අතර ධාවනය වේ. පහසුකම් අර්ධ සුඛෝපභෝගී හා සුඛෝපභෝගී බස්වල තිබිය යුතු පහසුකම් වලින් වෙනස් වනුයේ පහත ඒවා පමණි.

    # වායු බැලුම් 04ක් (දුම රහිතව) තිබිය යුතුය.
    # අවම ආසන 40කි.
    # උණු-සිසිල් ජලය අඩංගු උපකරණ සවිකර තිබිය යුතුය.
    # දිග අඩි 5ක් හා උස අඩි 01ක් වන ගමනාරම්භ /ගමනාන්ත තොරතුරු අඩංගු පෙට්ටි ඉදිරිපස පිටුපස තිබිය යුතුය.

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සුපිරි සැප පහසුකම් වලින් සපිරි සාමාන්‍ය බස් සේවාව.

    * ලෑලි වලින් නිපදවූ සුව පහසු ආසන
    * දෙසවන් පිනවන මනරම් සංගීතය
    * විනයානුකූල රියදුරන්
    * ස්වාභාවික වාතාශ්‍රය ඇසුරෙන් නිපද වූ වායු සමන
    * ඉතාමත් වේගවත් සේවාව
    * මිතුරෙකු වන් කොන්දස්තර මහතා

    954278111bus2.jpg

    Last edited:
    • Like
    Reactions: chami_84

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    semi luxury වල ඔය කියන දේවල් වලින් 90% ක්ම නෑ...

    මෙහෙම නීති තියෙනවා කියලා හරි බලාගන්න දැම්මට ස්තුතියි..:)
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    සුපිරි සැප පහසුකම් වලින් සපිරි සාමාන්‍ය බස් සේවාව.

    * ලෑලි වලින් නිපදවූ සුව පහසු ආසන
    * දෙසවන් පිනවන මනරම් සංගීතය
    * විනයානුකූල රියදුරන්
    * ස්වාභාවික වාතාශ්‍රය ඇසුරෙන් නිපද වූ වායු සමන
    * ඉතාමත් වේගවත් සේවාව
    * මිතුරෙකු වන් කොන්දස්තර මහතා

    954278111bus2.jpg

    :lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    සුපිරි සැප පහසුකම් වලින් සපිරි සාමාන්‍ය බස් සේවාව.

    * ලෑලි වලින් නිපදවූ සුව පහසු ආසන
    * දෙසවන් පිනවන මනරම් සංගීතය
    * විනයානුකූල රියදුරන්
    * ස්වාභාවික වාතාශ්‍රය ඇසුරෙන් නිපද වූ වායු සමන
    * ඉතාමත් වේගවත් සේවාව
    * මිතුරෙකු වන් කොන්දස්තර මහතා

    954278111bus2.jpg

    :lol::lol:
    මොනවා නැතත් මේ ටික නම් ලැබෙනවා:D
     
    Last edited:

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    කොන්දා වඳුරෙක් මෙන් එල්ලී බසයෙන් පිටතට කෑ ගසමින් සිටිය යුතුය.
    කන් පැලෙන ශබ්දයෙන් අඳෝනාවක් වාදනය විය යුතුය.
    ඇවිදින වේගයෙන් හෝ ඉගිලෙන වේගයෙන් හෝ යාම රියැදුරාගේ අයිතියකි.
    බසය පදවන ගමන් දුරකතනය පාවිච්චි කලහැක.
    දුම් බීම රියදුරා සතු අයිතිවාසිකමකි.
    අවශ්‍ය වෙලාවක් ඕනෑම නැවතුම්පලක නවත්වාගෙන සිටිය හැක.

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කොන්දා වඳුරෙක් මෙන් එල්ලී බසයෙන් පිටතට කෑ ගසමින් සිටිය යුතුය.
    කන් පැලෙන ශබ්දයෙන් අඳෝනාවක් වාදනය විය යුතුය.
    ඇවිදින වේගයෙන් හෝ ඉගිලෙන වේගයෙන් හෝ යාම රියැදුරාගේ අයිතියකි.
    බසය පදවන ගමන් දුරකතනය පාවිච්චි කලහැක.
    දුම් බීම රියදුරා සතු අයිතිවාසිකමකි.
    අවශ්‍ය වෙලාවක් ඕනෑම නැවතුම්පලක නවත්වාගෙන සිටිය හැක.

    Bus eka yanne natath pota pota gana silencer ekak tibiya yuthuyi
     
    kingdewi

    Well-known member
  • අර්ධ සුබෝපභෝගී පහසුකම්.

    # උස පිට ඇන්ද සහිත සුව පහසු ආසන තිබිය යුතුය.-පිට ඇන්ද ඇත, ඉඳගෙන පැය 1\2 කින් පිට නැත
    # අතුරු මග දෙපස ආසනවල අත් ඇඳි තිබිය යුතුය.- අත් ඇඳි තබා දත් ඇඳි ද බේරා ගෙන එන්නෙ අපහසුවෙනි
    # ආසන අංක ගත කල යුතුය.- ඇත
    # සාමාන්‍ය වශයෙන් අඳුරු කළු ජනෙල් වීදුරු තිබිය යුතුය.- සියලු වීදුරු අඳුරුය..දූවිලි එය නොමිලේ ඉටුකර දෙයි
    # සෑම ආසනයකම ආසන ආවරණයක් හා ආසන රඳවනයක් තිබිය යුතුය.-??
    # ගමන්මලු තබා ගැනීමට ඝන මීටර එකකට නොඅඩු ඉඩකඩ සහිත ස්ථානයක් තිබිය යුතුය.- අල්ලපු මඟියාගේ ඔඩොක්කුවෙන් කොටසක්ද නොමිලයේ හිමිවේ
    # ආරක්ෂාකාරීව දොර වැසී යන පරිදි ස්වයංක්‍රීය දොරවල් තිබිය යුතුය.- දොර වැසී යන තරමට මිනිසුන්ගෙන් ආරක්ෂාව ලැබේ
    #ආසන 40ට නොඅඩු විය යුතුය.- ඇත. ආසන 40 බසය තුල 50ක්ම ඇත!!
    # ඇතුළත විදුලි පංකා සවිකර තිබිය යුතුය.- ඇත..රියදුරුට එකක් ඇත..
    # ආසන අතර තිරස් පරතරය අවම වශයෙන් මිලි මීටර් 680 (අඟල් 27) ක් ද දණහිස් පරතරය අවා ලෙස මිලි මීටර 236 ක්ද විය යුතුය.- දනහිස් නැති නිසා ගැටලුවක් නැත.
    # සෑම ආසනයකම ඉදිරි අසුනේ පිටුපස සිට අදාළ ආසනයේ පිටුපස දක්වා තිරස් පරතය මෙලි මීටර 750ක් විය යුතුය.- පරතරය බැලීමට තබා අඩිකෝදුව එබීමට හැකි වෙයිදැයි අවිශ්වාසය
    # බස් රථය ඇතුළත ගමන් මලු තබා ගැනීමට රාක්ක තිබිය යුතුය.- ඇත..ප්ලාස්ටික් වතුර බෝතල් දුසිමක් දෙකක්ද ඇත
    # මගීන්ට පෙනෙන ලෙස බස් රථ ඇතුළත වේලාව දැක්වෙන ඔරලෝසුවක් තිබිය යුතුය.- ඇත. වෙලාවත් දැක්වේ. දවස පුරාම එකම වේලාවක් නිවැරදිව දැක්වේ.
    # පළල අඟල් 18ක් හා උස අඟල් 10ක් වන තොරතුරු පුවරුවක් තිබිය යුතුය.රියැදුරු/කොන්දොස්තර බලපත්‍ර අංකය - නම තිබිය යුතුය. ගමනාරම්භවේලාව හා අවසන් වන වේලාව- ඇත. නමුදු නිවැරදි නැත.
    # ත්වරණ වේගය වැඩි කල විටද ශබ්ද මට්ටම නියමිත ප්‍රමිතියට තිබිය යුතුය. සයිලන්සරයේ සිට පිටත ශබ්ද මට්ටම ඩෙසිබල් 82 නොඉක්ම විය යුතුය. නලා ශබ්දය ඉදිරි අසුනේ සිට මීටර 05ක් දුරින් ඩෙසිබල් 105 නොඉක්ම විය යුතුය.- අප ළඟ ඇති මිනුම් උපකරනයෙන්:P ශබ්දය මැනිය නොහැක
    # මේවාට අමතරව මෝටර් රථ පනතේ තිබෙන නීති රීතිද ඇතුලත් විය යුතුය.- පගාව දීම වැනි නීති ද?
     
    :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔය නීති දාලා තියෙන මහත්වරු, ඕවා බලන බවක් නම් මම දන්නේ නෑ..... විශේෂයෙන්, Semi Luxury වල.... :(