බහිරවයා !!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    බහිරවයා :growl::growl::growl:


    සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් සෙල්ලම් කිරීමට කැටුව ගිය්ය.

    ඔහු බිරිඳට කීඩා කරන ආකාරය කෙටියන් පැහැදිලි කරදුනි.ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජන්ලයක්ද බිඳෙගන ඇතුලට වැටුනි.

    තම බිරිඳ දෙසට හැරුනු සැමියා, “මම ඔහේට කිව්වෙන පරිස්සම් වෙන්න කියලා!,
    දැන් ගිහින් බලමු ඔහේගෙ කෙරුවාව දැන් කොච්චරද කියලා!!” යැයි අමනාපෙයන් පැවසීය.

    යුවළ අදාල නිවසට ගොස් දොරට තට්ටු කලවිට, “ඇතුලට එන්න” යැයි ගොරෝසු
    හඬක් කීය.

    දොර ඇරෙගන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික(antique) බෝතලයක්ද දිස් විය.

    “ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවෙ??” එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක් ඇසීය.

    “ඕහ්… අපෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න” සැමියා සමාව ඉල්ලා සිටියේය.

    “නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතෙල් ඇතුලෙ හිරෙවලා හිටිය. ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ.

    මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානේ දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්” යැයි සෝපාවේ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි.

    “හප්පා!, මේක මාරයිනෙ” යැයි පැවසූ සැමියා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය, “මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් කෝටියක් ගානෙ ලැබෙන්න ඕනා!”

    “අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැබේවි ඒ වගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් පාර්ථනා කරනවා!” යැයි බහිරවයා පිළිතුරු දුනි.

    “හරි, දැන් නෝනාගෙ වාරය. නෝනට මොකද්ද ඕනා??” බහිරවයා බිරිඳෙගන් ඇසීය.

    මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, “මට ලෝකේ හැම රටේම ලොකූ මන්දිර ඕනා.
    ඒවායේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒ වගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනා” යැයි කීවාය.
    “හොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවෙග්ම ඔහේගෙ මන්දිරයෙ ස්වාභාවික විපත් හා සොර සතුරන්ගෙන් හැම වෙල්ම ආරක්ෂාවෙලා තියේවි” යැයි බහිරවයා කීය.

    “හරි, දැන් ඔහේගෙ පාර්ථනාව මොකද්ද??” යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ.

    “මම මේ බෝතෙල් ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරෙවලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාවකගෙ පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳෙගන් ඒක සපුරගන්න!!” යැයි බහිරවයා කීය.

    එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, “ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වෙට්ම මන්දිරත් හැදේවි, මොකද කියන්නෙ??”

    මද වේලාවක් කල්පනා කල බිරිඳ, “ඔව් ඩාලිං, මෙච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?” යැයි කීවාය.

    “ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදෙර්ද කියලා, මම උනත් මෙහම එකකට මුහුණ දෙනවා” යැයි කීය.

    ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. මේ ආකාරයන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයෙගන් මෙසේ ඇසීය

    “ඔහේලා දෙන්නෙග වයස එහෙම කොහොමද?”

    “ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යි” :confused::confused: යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය.



    “සිරාවට?!, අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද???”





    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ;););)
     

    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    ammo gong gas dekak aroo uda daagena denda athi neda :P
    dewana praarthanaawa bahirawayaa gay kenek wewaa hehehe
    miniha iwarai :P
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    මචං මමයි මේක සිංහලට පරිවර්තනය කරේ...:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1056279 :(

    P.S. - මේ කතාව මම දාපු දිනේට කලින් ඉන්ටර්නෙට් එකේ වෙන කොහෙ හරි තියෙනවනම් පෙන්නන්න මම ආයි EK එන්නෑ!!
     
    Last edited: