බහිරවයෝ (1) 👹 👹 👹

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    විශ්වයට අරක්ගත් බහිරව ඛාණ්ඩ අට කෝටියක් තරම් වේ. සංඛ්‍යාත්මකව අපමණ යැයි කිවහැකිය. මෙම බහිරවයෝ ධනය, බව භෝග, ආරෝග්‍ය සම්පත්තිය, විද්‍යාව, ඇතුන්, චිත්තය, රාජ්‍යය, මෝක්ෂය, සුරභි, විනිමුර්ත යනාදිය ඇසුරුකොට වෙසෙති.
    --
    JeXxGkgm.jpg

    --
    විශේෂයෙන් විද්‍යාරාජ, මහා බහිරව, භීෂණ, කාම රාජ, සංහාර, බහිරව, නාග රාජ, අසිතංගි, අසිතංගය, ස්වස්චන්ද, රූර රාජ, ලම්බිත රාජ, කාල, කපාලය, දේවරාජ, වෛර, උග්‍ර රාජ, තඹසිළු, චණ්ඩ, විඝ්න රාජ, සදසිළු, උමතු, නන්දි, භෘති, මහා කාල, බටුක සහ වේතාලය යන මේ බහිරවයන්ගේ මඟ අවුරා නිවසේ දොරටු තැබීම, ළිං කැපීම, වැසිකිලි ආදිය ඉදිකිරීම, වළවල් කැපීම, කිළිටි ඇඳුම්, කුණු කසල දැමීම, මස් මාංශ කැපීම හා ගිණි දැල්වීම නොකටයුතුය. මෙවිට බහිරව ශාපය එල්ලවේ. බහිරව ශාපය වැදුණු නිවසක ගෘහ මුලිකයා ප්‍රමුඛ සෙසු නිවැසියන්ට පමණක් නොව ඉදිකිරීම් ආදී කටයුතු කළ පෙදරේරු වඩු ආදී කුලයන්ට ද හානි සිදුවේ. සියළු ධනය, භාග්‍යය, සමඟිය, සතුට සහ සැනසීම නැතිවේ. නොබෝ කලකින් ඒ නිවෙස් හිස් බවට පත්ව පාළුවට යයි.
    අලුතෙන් නිවසක් ඉදිකිරීමට පෙර නිවැරදිව බහිරව පුජාව තබා භුමියේ දෝෂ හරණය කරගැනීමට වගබලා ගන්න.
    --

    මතු සබැඳේ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    නිධන් ගන්න යද්දී හරියට පූජාව දෙන්නේ නැත්තන් බහිරවයෝ මිනිස් වෙසින් ඇවිල්ලා පොලිසියට ටිප් එක දෙනවා කියනවා ඇත්තද දන්නේ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910

    ඉදිකිරීම් ආදී කටයුතු කළ පෙදරේරු වඩු ආදී කුලයන්ට ද හානි සිදුවේ.

    Hodawain polu thiyanawata bahirawaya hari okunta game eka denna thamai ona
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    අපෙ වත්තෙත් බහිරවයෙක් ඉන්න්වලු.නිදානෙකුත් තියෙනවලු. මගෙ හදහන බලපු එකා කිව්වෙ මට විතරයි කියල නිදානෙ ගන්න පුළුවන් 😪😪
    උබ වෙන්න ඇති වත්තෙ බහිරව
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අපෙ වත්තෙත් බහිරවයෙක් ඉන්න්වලු.නිදානෙකුත් තියෙනවලු. මගෙ හදහන බලපු එකා කිව්වෙ මට විතරයි කියල නිදානෙ ගන්න පුළුවන් 😪😪
    ඔයාද ගෘහ මුලිකයා?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    නිධන්වල ඉන්න බහිරවයොයි උබ ඔය කියන ගෙවල් වල ඉන්න බහිරවයොයි අතර වෙනස්කම් මොනවද බං? ඔය කොච්‍චර සුපිරි බල තියන බහිරවයෙක් ආරක්ශා කරත් නාමල්ලා සජියලා ඩඩ්ලිලා වගේ ලොකු ලොකු ඩයල් ඔය නිධන් අරං කිසිම අවුලක් නැතුව සැපේ ඉන්නෙ කොහොමද? ඒ නිධන් ගද්දි ඔච්චර බලයක් තියන බහිරවයන්ව මට්ටු කරන්නෙ කොහොමද?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හරියට තෙරුවන් සරණ ගිහින් පන්සිල් ආරක්ෂා කරගෙන ජීවත් වෙනව නම් ඔය කිසිම බහිරවයෙක්ටවත් වෙන අමනුෂ්‍යයෙක්ටවත් අපිට හානියක් කරන්න බෑ කියලයි බුදුදහමෙ නම් තියෙන්නෙ..
    ඒකයි නක්‍ෂත්‍රය, බලි තොවිල් වගේ දේවල් තිරස්චීන ධර්ම විදියට සලකන්නෙ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,363
    113
    Colombo, Sri Lanka
    නිධන් ගන්න යද්දී හරියට පූජාව දෙන්නේ නැත්තන් බහිරවයෝ මිනිස් වෙසින් ඇවිල්ලා පොලිසියට ටිප් එක දෙනවා කියනවා ඇත්තද දන්නේ නෑ
    අපේ අත්තම්මත් කිව්වා මෙහෙම සීන් එකක්..... :unsure: