බහිරවයෝ (1) 👹 👹 👹

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,631
    2,138
    113
    උබට වත් මෙවගේ දෙවල් වලට වත් අපහස කරන්න නෙමේ මඡන් මෙක අහන්නේ.

    වෙන රටවල් වල මඡන් ගේවල් හදනකොට ඔය කිසිම දෙයක් බලන්නේ නැනේ බන්. උන් ගෙ හදල දිල යනව මිනිස්සු සල්ලි දිල අරන් පදින්චි වෙනවා. කිසි හෙනයක් නැ නේ බන්. (එක්කො හෙනයක් තිබ්බත් උන් එක ගෙදර පිටිනි දන්නේ නැතුව ඇති )

    උබ මොකද ඔය ගැන හිතන්නේ.

    මට කිසිම ඔවා ගැන අත්දැකීමක් නම් නැහැ. කිසිම ඔය කියන ජාතියේ මනුස්ස අමනුස්ස කිසිම දෙයක් දැකල නැ. බනකතා, බුද්ධාගෙමේ එන කතාවල කියවලා තියනවා ඇරෙන්න. (මන් හිතන්නේ අපේ හිතේ ඔවා කාවැදිලා තියන නිසා, මොනවා හරි දෙයක් උන ගමන් අපිට ඔයවගේ දෙවල් වලට වැරද්ද බාර දිල හිත හදාගන්නවා කියලයි.)
    උබ දන්නෙ නෑ.
    හැමෝම හිතන්නෙ මේ south Asian රටවල් විතරයි ඕවා කරන්නෙ කියලා..

    මිඩ්ල් ඊස්ට් වල හොදටම තියෙ.
    හොදටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තියෙන්නෙ මුස්ලිම් අය ගාව. මුස්ලිම් ගැණු කට්ටිය උනත් ගොඩ බෙහෙත් එහෙම් සෑහෙන දන්නවා.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    මට කිසිම ඔවා ගැන අත්දැකීමක් නම් නැහැ. කිසිම ඔය කියන ජාතියේ මනුස්ස අමනුස්ස කිසිම දෙයක් දැකල නැ. බනකතා, බුද්ධාගෙමේ එන කතාවල කියවලා තියනවා ඇරෙන්න. (මන් හිතන්නේ අපේ හිතේ ඔවා කාවැදිලා තියන නිසා, මොනවා හරි දෙයක් උන ගමන් අපිට ඔයවගේ දෙවල් වලට වැරද්ද බාර දිල හිත හදාගන්නවා කියලයි.)
    අමුනුස්සයො ඉන්නව කියන එක නම් මචන් බොරුවක් නෙමෙයි. එහෙම හිටිය කියල ඒක අමුතුවෙන් පුදුම වෙන්න දේකුත් නෙමෙයි, බය වෙන්න කාරණාවකුත් නෙමෙයි. ඔතන ප්‍රශ්නය තියෙන්නෙ සමහර අමුනුෂ්‍ය ආත්මවලින් මිනිස්සුන්ට කිසිම කරදරයක් නැතිව වගේම අතලොස්සකගෙන් මිනිස්සුන්ට පීඩා එන්න පුලුවන්. හැබැයි ඒකත් එක් එක් මනුස්සයන්ගේ පෙර පින් සහ අකුසල් අනුවත් ඒ අනුව තමන් ලබල තියෙන මනුශ්‍ය ආත්මයේ තියෙන බලවත් බව සහ දුර්වල බව අනුවත්, තමන් මේ ආත්මය තුල ජීවත්වන යහපත් හා අයහපත් බව අනුවත් වෙනස් වෙනව. හැබැයි සමහර තැන් තිබෙනව එහෙම හොදින් ජීවත් වෙන අයකුට වුනත් පීඩා ගෙන දෙන්න පුලුවන් අවස්ථා. අන් එතනදි ඒ පීඩා ඉවත් කරන්න දේවල් කරන්න වෙනව. අවාසනාවට එන්න එන්න ඒ දේවල් කරන්න දන්න මිනිස්සු නැති වීගෙන ගිහින්. ඉන්නෙ වැඩිමනක් බොරුකාරයො. දන්න කෙනෙක් හිටියත් ඒ මිනිස්සු හොයාගන්න අමාරුයි.

    ගොඩක් අය ඉස්සර ඔය දේවල් තවත් කෙනෙකුට දුන්නෙ ඒ කෙනාගෙ උපන් වෙලාව සහ ජීවත්වන කල්ක්‍රියාව මැනල. සමාජය පිරිහීමත් එක්ක ගොඩක් ඔය ශාස්ත්‍රයන් ඉදිරියට ගියේ නෑ. හරිහමන් විශ්වාසවන්ත අවන්ක කෙනෙක් නැත්නම් එක්කො දෙන්නෙම නෑ එක්කො දෙන්නෙ ශාස්ත්‍රය ගුරුමුශ්ටි ඇතුව. ඉතින් කාලයත් එක්ක දැන් ඒ දේවල් නැතුවම ගිහින්. ඔය අත්දැකීම් අවසන් වරට ටිකක් හරි දැක ගන්න ලැබුනෙ අපේ දෙමව්පියන්ගෙ පරම්පරාවට. අපේ පරම්පරාවල ඔය වගේ දේවල් ගැන ඇත්ත අත්දැකීම් තියෙන අය ඉන්නෙ බොහොම ටිකයි. අපෙන් පස්සෙ එන පරම්පරාවලට කොහෙත්ම ඔය අත්දැකීම් ලබන්න වෙන්න නැ බොරු කාරයන්ගෙ මනස්ගාත ඇරෙන්න.

    ඒක නිසා යම් දෙයක් ගැන අත්දැකීමක් නොමැති හෝ එවැනි දෙයක් නොදැකපු පලියට අපිට ඒ දේවල් එහෙම නෙමෙයි කියන නිගමනයට එන්න බෑ. මොකද ඕකෙම අනිත් පැත්ත කෙනෙකුට වුනොත්, ඒ කෙනාට එතැන් පටන් කවුරු කොහොම නෑ කිව්වත් එවන් දේවලුත් මේ මිහිපිට තියෙනවාය කියනදෙය විශ්වාස කරන්න වෙනව. විද්‍යාව තමයි මනුශ්‍ය සන්හතිය ඉදිරියට ගෙනියන්නෙ නමුත් විද්‍යාවට නතුකරගන්න බැරි කොටසකුත් මේ සොබාවදර්මය ඇතුලෙ තියෙනව. එහෙම නතුනොවෙන සමහර කොටස් යම්තාක් දුරට විද්‍යාවට විසදාගන්න පුලුවන් වුනත් අනෙක් ප්‍රමාණය කොහෙත්ම විද්‍යාවට විසදාගන්න බැහැයි කියන එක මගේ අදහසයි. මොකද එහෙම වුනොත් ස්බාවධර්මයට නතුව තියෙන පාලනය එවන් තැනකදී ස්බාවධර්මයෙන් ගිලිහීමකට ලක්වෙන නිසා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ......බටුක සහ වේතාලය යන මේ බහිරවයන්ගේ මඟ අවුරා නිවසේ දොරටු තැබීම, ළිං කැපීම, වැසිකිලි ආදිය ඉදිකිරීම,.........
    1. ඉඩම වටේට තාප්පයක් බැඳලා ගේට්ටුවක් දාල තියෙනකොට බහිරවයාට ඇතුලට එන්න පුළුවන් නම් දොරටුවක් තිබ්බම, ලිඳක් කැපුවම මොනවා වෙනවද?

    2. බහිරවයා හැම ගෙදරකටම නැගෙනහිරින් ඇවිත් බටහිරෙන් යනවා වගේ කතාවක් නේද මේ කියන්නෙ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපේ ගෙවල් කිට්ටුව ගෙයක් හදද්දි දැක්කා ඔය බහිරව පූජා අරවා මෙව්වා ඔක්කොම. ඒ මිනිස්සු සෑහෙන්න වියදම් කරලා කට්ටඬි එහෙම ගෙනල්ලා දවස් හතක්ද පේවෙලා ඔය මොකක් හරි ලොකු වැඩක් කළා.

    ඒත් ගේ හදන්න ප්ලෑන් එකක් ඇන්ඳේ නෑ. තට්ටු දෙකේ ගෙයක් හැදුවේ. මම මේක හොඳටම දන්නෙ මම ගේ හදන්න ප්ලෑන් එක පාස් කරගන්න දඟලනවා කිව්වම ඒ මනුස්සයා හිනා උනා. බොරුවට ඉංජිනේරුවොයි, ටී ඕ ලයි පෝසත් කරන වැඩ කියලා. හෙඩ් බාස්ට කිව්වා නම් කරයිලු. ඒ මිනිස්සු පුරුදු වෙන්න ගෙවල් හදන්නේ නෑනෙ කිව්වා. මම ඉතින් හා කියලා නිකම් හිටියා.

    දැන් ගෙදර පිපුරුමක් ගිහිල්ලලු. බහිරව පූජාවෙදි කිල්ලට අහුවෙලා කියලා තමයි කියන්නෙ. තව මොකක්ද පූජාවක් කරනවා කිව්වා ඒකට.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,291
    113
    කෑගල්ල
    අල්ලපු ඉඩමේ කෙන බාහිරව පූජාවක් දීලා ගේ හදන්න ගත් තා. පොර තමා ගෙපල කපලා බලන ඉන්නවා.

    මම ඕක හරියට දන්නවා නම් කරලා. මට ඔයා සීන් එකා මග ඇරිලම තිබ්බේ. මම ගේ හදලා පදිංචිත් උනා. හැබැයි උබ මුලින් කියලා තියනවා වගේ කතාව ඇත්ත. ඉස්සර මට මතකයි මාන් ගේ හදපු හරියෙන් රෑ වෙනකොට එකෙක්වත් පයින්වත් යන්නේ නෑ. අමු සොහොන් මේවා. :ROFLMAO: :ROFLMAO: දැන්නම් අපි ඉන්න හින්දා අවුලක් නෑ.

    පස්සේ ඕක ආයේ ඇදිලා ඇවිත් බාහිරව පූජාවක් තියන්න සෙට් උන. කොහොම හරි පුහුල් ගෙඩිය කපලා හතර කොන ආරක්ෂාවක් දළ නතර උනා. ඉඩමේ ඉන්න උන් එක්ක ලේසි නෑ එක වෙනම හොදට කරන්න ඕනේ දෙයක් කියලා. ගෙනපු බඩු ටිකත් තම් එහෙන්මම තියනවා. ඕක කරන්න වෙලාවක් නෑ. හා මොකක්ද කරන්න ඕනේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ.
     
    • Haha
    Reactions: NRTG and Mr.dark

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බහිරව පූජවක කරන හැටි පැහැදිලිව කියපන්කෝ. සමහරු කියනවා මස්පිලී වර්ග නැතුව කරන්න ඕනි කියලා. තවත් අය කියනවා ඒවා ඕනි, නැත්න්ම් බහිරවයෝ යන්නේ නෑ කියලා. මම ල්ගදි දැක්කා තනියෙම බහිරව පූජාවක් කරන හැටිත් එකෙක් කියලා දෙනවා. මේවගෙන් මොනවද බන් ඇත්ත?
    ඕව තනිකරම මිනිස්සු නොමග යන වැඩ මචං..
    මෝඩ මිනිස්සු ඕව කරන්න ගිහින් ලොකු විනාස කරගෙන තියනව..
    මීට අවුරුදු ගානකට කලින් පිටබැද්දර පැත්තෙ ගමක නිධානයක් ගන්න බිල්ලට ගෑනු කෙනෙක්ගෙ තෙල් ඕන කියල පිස්සු තොවිල් කාරයෙක් කියල එක පවුලක තාත්තයි පුතයි එකතු වෙලා අම්මයි ලේලිවයි ලණු වලින් බැඳල අර අම්මව දර ලිපක් උඩ තියල තෙල් දාපු දොදොල් තාච්චියකට උඩින් ගැටගහල..
    තෙල් රත්වෙන රස්නෙට ඒ අම්ම මැරිල තිබුන..
    ඔයවගේ ආනන්තරීය පාප කර්ම කරන්න මිනිස්සු පෙළඹෙන්නෙ වැඩි තණ්හාවට ගියාමයි :(

    අපේ ගෙවල් කිට්ටුව ගෙයක් හදද්දි දැක්කා ඔය බහිරව පූජා අරවා මෙව්වා ඔක්කොම. ඒ මිනිස්සු සෑහෙන්න වියදම් කරලා කට්ටඬි එහෙම ගෙනල්ලා දවස් හතක්ද පේවෙලා ඔය මොකක් හරි ලොකු වැඩක් කළා.

    ඒත් ගේ හදන්න ප්ලෑන් එකක් ඇන්ඳේ නෑ. තට්ටු දෙකේ ගෙයක් හැදුවේ. මම මේක හොඳටම දන්නෙ මම ගේ හදන්න ප්ලෑන් එක පාස් කරගන්න දඟලනවා කිව්වම ඒ මනුස්සයා හිනා උනා. බොරුවට ඉංජිනේරුවොයි, ටී ඕ ලයි පෝසත් කරන වැඩ කියලා. හෙඩ් බාස්ට කිව්වා නම් කරයිලු. ඒ මිනිස්සු පුරුදු වෙන්න ගෙවල් හදන්නේ නෑනෙ කිව්වා. මම ඉතින් හා කියලා නිකම් හිටියා.

    දැන් ගෙදර පිපුරුමක් ගිහිල්ලලු. බහිරව පූජාවෙදි කිල්ලට අහුවෙලා කියලා තමයි කියන්නෙ. තව මොකක්ද පූජාවක් කරනවා කිව්වා ඒකට.
    ඔව් බං ඔය ගම වල මිනිස්සු ලක්ෂ ගණන් වියදම් කරනව ඔයවගේ වැඩවලට..
    දැන් ලෙඩෙක්ට තොවිලයක් කරන්නත් ලක්ෂ ගානක් යනව කියනව :baffled:
    ------ Post added on Mar 31, 2024 at 9:43 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    1. ඉඩම වටේට තාප්පයක් බැඳලා ගේට්ටුවක් දාල තියෙනකොට බහිරවයාට ඇතුලට එන්න පුළුවන් නම් දොරටුවක් තිබ්බම, ලිඳක් කැපුවම මොනවා වෙනවද?

    2. බහිරවයා හැම ගෙදරකටම නැගෙනහිරින් ඇවිත් බටහිරෙන් යනවා වගේ කතාවක් නේද මේ කියන්නෙ?
    නෑ. දිශා 8ට අරක්ගත්තු බහිරවයෝ 8ක් ඉන්නවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ. දිශා 8ට අරක්ගත්තු බහිරවයෝ 8ක් ඉන්නවා
    1711950070815.png

    මේ ඉඩම් වල ප්ලෑන් එකක්. 54,55,56 වගේ ඉඩම් වල ඔය බහිරවයෝ ඉන්න තැන් ලකුණු කරලා පෙන්නන්න
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    loku idamak dekata wen kaloth ekakata inne 4i da? Nathnm thawa aluthen 4 enwd?:rolleyes2:
    ඉඩම් කට්ටි කෙරුවට බහිරවයෝ වැඩිවෙන්නේ නැහැ. භූමියට අරක් ගත්තු බහිරවයෝ කොහෙත් එකයි.

    View attachment 227368
    මේ ඉඩම් වල ප්ලෑන් එකක්. 54,55,56 වගේ ඉඩම් වල ඔය බහිරවයෝ ඉන්න තැන් ලකුණු කරලා පෙන්නන්න
    භුමිය පරික්ෂා කරන්න ඕනේ.
    ------ Post added on Apr 1, 2024 at 11:35 AM
     
    • Wow
    Reactions: thesasindu

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    ඉඩම් කට්ටි කෙරුවට බහිරවයෝ වැඩිවෙන්නේ නැහැ. භූමියට අරක් ගත්තු බහිරවයෝ කොහෙත් එකයි.

    භුමිය පරික්ෂා කරන්න ඕනේ.
    ------ Post added on Apr 1, 2024 at 11:35 AM
    Ape gedara plan ekayi , idame wasthu check karala denna puluwanda
     
    • Like
    Reactions: Lovtus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉඩම් කට්ටි කෙරුවට බහිරවයෝ වැඩිවෙන්නේ නැහැ. භූමියට අරක් ගත්තු බහිරවයෝ කොහෙත් එකයි.

    භුමිය පරික්ෂා කරන්න ඕනේ.
    ------ Post added on Apr 1, 2024 at 11:35 AM
    මේකෙ ඉඩම් කට්ටියකට බහිරවයෝ 8 දෙනා ගානෙ ඉන්නවද නැත්නම් රටටම ඉන්නෙ බහිරවයෝ 8 දෙනාද?

    භුමිය පරික්ෂා කරන්න ඕන කියන්නෙ බහිරවයෝ ඇවිදපු පාරවල් තියෙනවද කියලද? දිශාව නම් උතුර උඩ පැත්තට කියල ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේකෙ ඉඩම් කට්ටියකට බහිරවයෝ 8 දෙනා ගානෙ ඉන්නවද නැත්නම් රටටම ඉන්නෙ බහිරවයෝ 8 දෙනාද?

    භුමිය පරික්ෂා කරන්න ඕන කියන්නෙ බහිරවයෝ ඇවිදපු පාරවල් තියෙනවද කියලද? දිශාව නම් උතුර උඩ පැත්තට කියල ගන්න පුළුවන්
    රට, පළාත වගේ බෙදිලි මිනිස්සු නිර්ණය කරගත්තු ඒවා බහිරවයන්ට අදාළ නැහැ. භුමිය කොහෙත් එකයි. බහිරව පාද සටහන් පරික්ෂා කරන්න ඕන භුමියේ. plan docs වල ඒවා සටහන් කරන්නේ නෑ මම දන්න විදියට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,265
    113
    එකමත් එක රටක
    මේකෙ ඉඩම් කට්ටියකට බහිරවයෝ 8 දෙනා ගානෙ ඉන්නවද නැත්නම් රටටම ඉන්නෙ බහිරවයෝ 8 දෙනාද?
    බහිරවයෝ ඔප්පු බලලද එන්නේ ?
    පර් 40 ඉඩමක් 10 කෑලි 4කට බෙදුවොත් නිත්‍යානුකුලව හැම ඉඩම් කෑල්ලකට ම බහිරවයෝ එනවද ? :unsure:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Anuradhapura nekath waradi , wena idamakta yanna one ge dala , salli ne ekata , dosa poddak hari maga harinna piliyam tikak kiyanna
    pm ekak daannako

    බහිරවයෝ ඔප්පු බලලද එන්නේ ?
    පර් 40 ඉඩමක් 10 කෑලි 4කට බෙදුවොත් නිත්‍යානුකුලව හැම ඉඩම් කෑල්ලකට ම බහිරවයෝ එනවද ? :unsure:
    රට, පළාත වගේ බෙදිලි මිනිස්සු නිර්ණය කරගත්තු ඒවා බහිරවයන්ට අදාළ නැහැ. භුමිය කොහෙත් එකයි. බහිරව පාද සටහන් පරික්ෂා කරන්න ඕන භුමියේ. plan docs වල ඒවා සටහන් කරන්නේ නෑ මම දන්න විදියට
    ------ Post added on Apr 1, 2024 at 11:47 AM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    රට, පළාත වගේ බෙදිලි මිනිස්සු නිර්ණය කරගත්තු ඒවා බහිරවයන්ට අදාළ නැහැ. භුමිය කොහෙත් එකයි. බහිරව පාද සටහන් පරික්ෂා කරන්න ඕන භුමියේ. plan docs වල ඒවා සටහන් කරන්නේ නෑ මම දන්න විදියට
    Pretha bahirawa yaksha bahirawa yanta hariyatapuda kapa karala pujawa denna one ashata bahirawa අවසර ganna one
     
    • Like
    Reactions: Lovtus