මට කිසිම ඔවා ගැන අත්දැකීමක් නම් නැහැ. කිසිම ඔය කියන ජාතියේ මනුස්ස අමනුස්ස කිසිම දෙයක් දැකල නැ. බනකතා, බුද්ධාගෙමේ එන කතාවල කියවලා තියනවා ඇරෙන්න. (මන් හිතන්නේ අපේ හිතේ ඔවා කාවැදිලා තියන නිසා, මොනවා හරි දෙයක් උන ගමන් අපිට ඔයවගේ දෙවල් වලට වැරද්ද බාර දිල හිත හදාගන්නවා කියලයි.)
අමුනුස්සයො ඉන්නව කියන එක නම් මචන් බොරුවක් නෙමෙයි. එහෙම හිටිය කියල ඒක අමුතුවෙන් පුදුම වෙන්න දේකුත් නෙමෙයි, බය වෙන්න කාරණාවකුත් නෙමෙයි. ඔතන ප්රශ්නය තියෙන්නෙ සමහර අමුනුෂ්‍ය ආත්මවලින් මිනිස්සුන්ට කිසිම කරදරයක් නැතිව වගේම අතලොස්සකගෙන් මිනිස්සුන්ට පීඩා එන්න පුලුවන්. හැබැයි ඒකත් එක් එක් මනුස්සයන්ගේ පෙර පින් සහ අකුසල් අනුවත් ඒ අනුව තමන් ලබල තියෙන මනුශ්‍ය ආත්මයේ තියෙන බලවත් බව සහ දුර්වල බව අනුවත්, තමන් මේ ආත්මය තුල ජීවත්වන යහපත් හා අයහපත් බව අනුවත් වෙනස් වෙනව. හැබැයි සමහර තැන් තිබෙනව එහෙම හොදින් ජීවත් වෙන අයකුට වුනත් පීඩා ගෙන දෙන්න පුලුවන් අවස්ථා. අන් එතනදි ඒ පීඩා ඉවත් කරන්න දේවල් කරන්න වෙනව. අවාසනාවට එන්න එන්න ඒ දේවල් කරන්න දන්න මිනිස්සු නැති වීගෙන ගිහින්. ඉන්නෙ වැඩිමනක් බොරුකාරයො. දන්න කෙනෙක් හිටියත් ඒ මිනිස්සු හොයාගන්න අමාරුයි.
ගොඩක් අය ඉස්සර ඔය දේවල් තවත් කෙනෙකුට දුන්නෙ ඒ කෙනාගෙ උපන් වෙලාව සහ ජීවත්වන කල්ක්‍රියාව මැනල. සමාජය පිරිහීමත් එක්ක ගොඩක් ඔය ශාස්ත්‍රයන් ඉදිරියට ගියේ නෑ. හරිහමන් විශ්වාසවන්ත අවන්ක කෙනෙක් නැත්නම් එක්කො දෙන්නෙම නෑ එක්කො දෙන්නෙ ශාස්ත්‍රය ගුරුමුශ්ටි ඇතුව. ඉතින් කාලයත් එක්ක දැන් ඒ දේවල් නැතුවම ගිහින්. ඔය අත්දැකීම් අවසන් වරට ටිකක් හරි දැක ගන්න ලැබුනෙ අපේ දෙමව්පියන්ගෙ පරම්පරාවට. අපේ පරම්පරාවල ඔය වගේ දේවල් ගැන ඇත්ත අත්දැකීම් තියෙන අය ඉන්නෙ බොහොම ටිකයි. අපෙන් පස්සෙ එන පරම්පරාවලට කොහෙත්ම ඔය අත්දැකීම් ලබන්න වෙන්න නැ බොරු කාරයන්ගෙ මනස්ගාත ඇරෙන්න.
ඒක නිසා යම් දෙයක් ගැන අත්දැකීමක් නොමැති හෝ එවැනි දෙයක් නොදැකපු පලියට අපිට ඒ දේවල් එහෙම නෙමෙයි කියන නිගමනයට එන්න බෑ. මොකද ඕකෙම අනිත් පැත්ත කෙනෙකුට වුනොත්, ඒ කෙනාට එතැන් පටන් කවුරු කොහොම නෑ කිව්වත් එවන් දේවලුත් මේ මිහිපිට තියෙනවාය කියනදෙය විශ්වාස කරන්න වෙනව. විද්‍යාව තමයි මනුශ්‍ය සන්හතිය ඉදිරියට ගෙනියන්නෙ නමුත් විද්‍යාවට නතුකරගන්න බැරි කොටසකුත් මේ සොබාවදර්මය ඇතුලෙ තියෙනව. එහෙම නතුනොවෙන සමහර කොටස් යම්තාක් දුරට විද්‍යාවට විසදාගන්න පුලුවන් වුනත් අනෙක් ප්‍රමාණය කොහෙත්ම විද්‍යාවට විසදාගන්න බැහැයි කියන එක මගේ අදහසයි. මොකද එහෙම වුනොත් ස්බාවධර්මයට නතුව තියෙන පාලනය එවන් තැනකදී ස්බාවධර්මයෙන් ගිලිහීමකට ලක්වෙන නිසා.