බහිරව කන්ද

sachin sadara

Active member
  • Mar 21, 2010
    609
    83
    28
    Bahirawakanda2.jpg


    bahirawakanda.jpg


    DSCN205.jpg


    5442143.jpg


    0843_kandy_city.jpg


    bahirawakanda-kandy-sri-lanka-thumb11450644.jpg


    Kandy4717m.jpg


    44538.jpg


    441962.jpg


    සෙංකඩගල පුරවරය මැදි කරගත් කඳු වැටි අතර බහිරව කන්ද, උඩරටට පමණක් නොව සමස්ථ බෞද්ධ ලෝකයටම ආලෝකයක් වී ඇත. ශී‍්‍ර සෙංකඩගල පුර මහනුවර නගරයට අඩි 650 ක් පමණ උසින් පිහිටා ඇති රමණීය කඳු ගැටය මුදුනේ අඩි 88 ක් උසැති සමාධි සම්බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ශී‍්‍ර දලදා මාළිගයට මුහුණලා පිහිටා ඇත. බහිරව කන්ද යන නාමය ව්‍යවහාර වී ඇත්තේ ඉතා රසවත් කථා කීපයක් පදනම් කරගෙන ය. මේ හැම ජනප‍්‍රවාදයක් ම මහනුවර රාජධානිය දක්වා දිවයනු ලැබේ. සිංහල රජ පරම්පරාවේ මහනුවර රාජධානිය ආරම්භ වනු ලබන්නේ පළවන විමලධර්මසූරිය රජුගෙන් ය. මොහුගෙන් පසුව ක‍්‍රමයෙන් සෙනරත් රාජසිංහ දෙවන විමලධර්ම සූූරිය, වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ කීර්ති ශී‍්‍ර රාජසිංහ, රාජිදි රාජසිංහ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ ආදී රජවරුන් විසින් සිංහාසනය හොඹවන ලදී.මේ රාජ වංශයේ කුමන හෝ රජ කෙනෙකුගේ කාලයේ දී පහත සඳහන් කිරීමට බලාපොරොත්තු වන කථාවට අනුව බිලි පූජාව ආරම්භ කරන්න ඇතැයි සිතිය හැක. මෙම බිලි පූජාව පැවැත් වීමට හේතුව ලෙස සැලකෙන්නේ නොයෙක් නොයෙක් කාලවල දී ඇතිවන දුර්භික්‍ෂ භය, ජලගැල්ම, ඉඩෝරය, නියන් සාගත නැති කරවාගෙන ජනතාවට සෞභාග්‍යය හා නිරෝගීභාවය ලබා ගැනීමේ අදහස පෙරදැරි කරගෙනයි. ඉහත සදහන් දුර්භික්‍ෂයන් ආරම්භවීගෙන එන අතරතුර රජු විසින් රාජ සභාව කැදවා මෙයට පිළියම් සෙවීමේ ක‍්‍රම පුරානයේ සිටම පැවත එන සිරිතකී. ඒ අනුව මෙකලද කුමන හෝ රජු කෙනෙකුන් විසින් රාජ සභාවේ දී ඉහත ප‍්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේදැයි විමසු විට රජුගේ ප‍්‍රධාන පුරෝහිත තෙමේ රජුට මෙලෙස උපදෙස් දෙනු ලැබීය.
    මහ රජතුමනි මෙවැනි සාගත , ජලගැලීම්, නියංසාගත වැනි දුර්භික්‍ෂයන් ඇතිවන්නේ බහිරව යක්ෂයාගේ කෝපවීමෙනී. මේ පොළෝ තලය උසුලාගෙන ඉන්නේ ඔහු ය. එම නිසා අපි මෙම බහිරව යක්‍ෂයා සංතෝෂ කළ යුතු යි මොහු සංතෝෂ කරන්නට නම් ඔහුට බිල්ලක් දිය යුතු යි. එම බිල්ල මෙම ඉසව්වේ සිටින ( රජ බල ප‍්‍රදේශය තුළ ) සුන්දර ම කුලුදුල් කන්‍යාව සොයා ගෙන විත් ඇයව සතියක් දිවා රාතී‍්‍ර කිරි සදුන් පැණින් නාවා දින 7 ඉක්මගිය පසු ඇය මරා දැමිය යුතුයැයි ප‍්‍රකාශ කර සිටියහ.මරා දමන පිළිවෙළ ද ඔහු විසින්ම ප‍්‍රකාශ කරන්නට යෙදුනහ දින 7 ඉක්මගිය පසු ශී‍්‍ර දළදා මාළිගාවට මුහුන ලා ඇති කඳු ගැටය මුදුණට පෙරහැරින් ඇයව රැගෙන ගොස් එහි ඇති ගසක ගැටගසා පූජා පවත්වා ඇයව තනි කොට ආයුතු යැයි පැවසුහ. මේ අනුව මේ පූජාව වර්ෂයක් පාසා පවත්වාගෙන යන අතර තුර දී එක්තරා රජ සමයක වැලිකල මැණිකේ නමින් යුක්ත කන්‍යාව තෝරාගන්නා ලදි. මේ තුමිය ලුණුවිල නිලමේ සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ආහ මේ කාලයේ දී ලුණුවිල නිලමේ යම් කාරණයක් සම්බන්ධයෙන් රජු විසින් රජ වාසලින් නෙරපා සිටියහ. ඒ නිසා ම වැලිකල මැණිකේ මේ බිලි පුජාව සඳහා තෝරා ගැනීම සිදු විය. නිළමේට කළයුතු දෙයක් නොමැති බැවින් ඔහු විසින් කුමරියට අවසර දුන්හ.ඉහත සඳහන් ආකාරයෙන් සතියක් ශී‍්‍ර දළදා මාළිගාවේ කැප කර මෙම කඳු මුදුනට පෙරහැරින් ගොනවිත් ගසක ගැටගසා සියලු දෙනා ආපසු ගමන් ඇරඹූහ. වටින් ගොඩින් කළුවර වැටීගෙන එද්දී ලුණුවිල නිලමේ ද කටුගස්තොට සිට හොර රහසින් ම කඳු මුදුනට පැමිණ සියලු ආයුධ වලින් සන්නද්ධව සැගවී සිටියහ. මොහු ආ බව මැණිකේ දැන සිටියේ ය. හරියටම රාතී‍්‍ර 12 වන විටම යක්ෂයා පැමිණ කුමාරි වටේ 3 න් විටක් පැදකුණු කොට හු 3 ක් තැබූහ.
    ( මෙම හූ හඩ ඇසෙන තෙක්්රජු රාජපුරුෂයනුත් සියලු නගර වැසියනුත් මහ මළුවට වී සිට හූ හඩ ඇසුන විට රජු විසින් ශී‍්‍ර දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ සිට ජනතාවට අපගේ පූජාව යක්ෂයා විසින් පිළිගත් බවත් අද සිට ජනතාව කිසි කදරයක් නැතිව හැම රාජකාරින් හීී නිරතවන ලෙසත් රාජ ආඥාව කළ පසු සියලු දොනා විසිර යයි ) ඒ සමගම නිළමේ මැදට පැන යක්ෂයා සමග යුද්ද කොට යක්ෂයා මරා දමා පසුදා පාන්දරම රජ මාළිගයට ගොස් රජුට මේ බව ප‍්‍රකාශ කළහ. රජු රාජපුරුෂයින් ද සමග පැමිණ බැලූ විට යක්ෂයා ලෙසින් මැරී ඇත්තේ තමාගේ ප‍්‍රධාන පුරෝහිත බව හදුනා ගනී.එදා සිට මෙම බිලි පූරාව රජු විසින් නතර කර ඇත. පුරෝහිතයා යක්ෂයා වේෂයෙන් පැමිණ හු හඩ තබා රජු ඇතුළු මිනිසුන් නින්දට ගිය පසු කන්‍යාව මරා දමනු ලැබේ. පුරුද්දක් වශයෙන් පුරෝහිතයාගේ මෙම සූූක්ෂම වැඩ පිළිවෙළ අතීතයේ පටන් ම කෙරීගෙන ආ බව මෙයින් අපට වටහා ගත හැක. එදා කන්‍යාව කන්දට පෙරහැරින් ගෙන ආ පාර අද කොළඹ වීදිය නමින් ද හදුන්වනු ලැබේ. බහිරව යක්ෂයාට බිලිදුන් කන්ද නිසා බහිරව කන්ද යන නම ජනප‍්‍රවාදයෙන් ආ බව සිතා ගත හැකි ය.මෙහි ඇති දෙවන කථාවනම් රාජ උදහසට ලක් වී මරණීය දණ්ඩනය පමුණුවන ලද සොරුන් මිණීමරුවන් ආදීන් ඉහත සඳහන් කොළඹ වීදිය දිගේ රතු පාටින් සරසවා රතුපාට මල්මාලා පළදවා පෙර හැරින් ගෙනවිත් මෙම ස්ථානයේ ඇති කටුබෙරය ඇතුලට රින්ගවා ( කටු බෙරය අඩියක් පමණ දික්වූ වටේට ම උල් ඇති එකකි. ) මෙය කඳු මුදුනේ සිට පෙරලා ඇත. එ විට එම බෙරය විශාල කටු කැලයක නවති. එසේ කටු කැළය ක මෙම බෙරය නැවතෙන නිසා කටු කැලය නමින් එම ප‍්‍රදේශය හැදින්විය . අද “ කටු කැලය “ නමින් හැදින්වෙන්නේ එයයි. ඉහත සඳහන් ඓතිහාසික තොරතුරු නිසා මෙම ස්ථානය පෞරානික වශයෙන් හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් උසුලයි. වද මෙම ස්ථානය පණිවිඩ හුවමාරු කරවන ස්ථානයක් ලෙසද යොදාගෙන ඇතිබව ඓතිහාසික තොරතුරු වලින් හෙලි වේ . මහනුවර රාජධානිය යටත් කර ගැනීම සඳහා නොයෙක් ආක‍්‍රමණිකයන් පැමිණියහ. පෘතුගී‍්‍රසීන් , ලන්දේසීන් හා ඉංගී‍්‍රසීන් ඒ අතර ප‍්‍රධාන වේ. මොවුන්ගේ පැමිණීමේ අපෙක්ෂාවෙන් අපේ සිංහල රජවරුන් සූදානමින් සිටියහ.ඒ සඳහා ඔවුන් නොයෙක් උපක‍්‍රම භාවිතා කළහ. ඒ උපක‍්‍රම අතරින් කදු මුදුන්වල සිට ඔත්තු බැලීම ප‍්‍රධාන තැනක් ගත්හ. කඩුගන්නාව, බතලගලකන්ද, ගන්නොරුව කන්ද සහ මෙම බහිරවකන්ද යන කඳු මුදුන්වල දිවා රාතී‍්‍ර රාජ පුරුෂයන් ගැවසී සිට ඔත්තු බලා රජ මාළිගයට ඒ මොහොතේම දැන්වූහ. මොවුන් අනුගමනය කළේ මුලින් ම බතලගල කන්දේ සිටින අය ඈතින් එන සතුරු බලවේගය බලා සන්නසක ලියා ඊතලයක බහා ගන්නොරුව කඳු මුදුණට විදිණු ලැබී ම යි. එතන සිටින අය එතැන සිට මෙම කඳු මුදුනට විදියි. මෙම ස්ථානයේ සිටින අය එය නැවත මෙතැන සිට රජ මාළිගයට විදින තුළදී රජුට ලැබේ. මේ ආදී වශයෙන් බලන විට එකල පැවති තීක්‍ෂණ බුද්ධිය මොනවාට පැහැදිලි වන කරුණකි. මෙයාකාර යෙන් මෙම ස්ථානය එකල පණිවිඩ හුවමාරු ප‍්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ද යොදාගෙන ඇති බව පැහැදිලි වේ.


    මෙය වෙනත් ලිපියකින් උපුටා ගත් ලදි

    rep++දීලම යන්න
    :):lol::cool::yes::D:confused::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමත් ගිහින් තියෙනවා මෙතනට.... ලස්සන තැනක්..තෑන්ක්ස්