බහුතරය පෙන්වා අගමැතිධුරය ලබා ගන්න ව්‍යවස

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    බහුතරය පෙන්වා අගමැතිධුරය ලබා ගන්න ව්‍යවස


    ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සිදුකළ නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම නිත්‍යානුකුල එකක් බව අධි නීතිඥ ගාමිණි පෙරේරා ප්‍රකාශ කර සිටිනවා.

    වර්ථමානයේ අගමැතිධුරය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන අර්බුධකාරී වතාවරණය පිළිබඳව ව්‍යවස්ථාවට අනුව පවතින නීතිමය තත්ත්වය පිළිබදව ඔහු විසින් සිදුකල විග්‍රහය පහතින් දැක්වෙනවා.

    "වර්තමානයේ පවතින ගැටළුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් අගමැතිවරයාද යන්න ගැන ගැටළුව පැන නැගී තිබෙනවා. මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන විධි විධාන මොනවාද යන්න ගැන විවිධ මත පලවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරික්ෂා කරලා බැලුවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (2) කියන ව්‍යවස්ථාව වැදගත් වනවා.

    ඒ අනුව ක්‍රම දෙකකින් අග්‍රාමාත්‍ය ධුරය හිස්විය හැකි. ඉන් එකක් තමයි ඔහු විසින් ජනාධිපතිට ලිපියක් ලියලා ඉල්ලා අස්වෙන්න ඕනේ. එසේත් නැත්නම් ඔහුගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිධුරය නැති විය යුතුයි. මෙන්න මේ ක්‍රම දෙකින් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවතිනවාද එසේ නම් ඔහුගේ අග්‍රාමාත්‍ය ධුරය පවතිනවා. එයයි සරලව කියන්න පුළුවන් කාරණාව.

    පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය, මුළු අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 ඉක්මවන්න බැහැ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) අ අනු-ව්‍යවස්ථාවෙන් කියවෙනවා. පසුගිය මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාව ගත් පක්ෂය තවත් පක්ෂ සමග එක්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධ වෙච්ච අනෙකුත් පක්ෂ සමග එක්ව ජාතික ආණ්ඩුවක් හැදුවා.

    ජාතික ආණ්ඩුවක් කියලා කියන්නේ ව්‍යවස්ථානුකුලව ඇති වන දෙයක්. මෙහිදී සාමාන්‍ය තත්ත්වය යටතේ 30 ක් වෙන්න ඕනේ ඇමති මණ්ඩලය ඊට වඩා වැඩි ගානකට ගෙන්න ජාතික ආණ්ඩුවක් යටතේ හැකියාව පවතිනවා.

    ව්‍යවස්ථානුකුලව එම ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය සැදීමට සම්බන්ධ වෙච්ච එක්සත් ජනතා නිදහස් සන්ධානය එයින් ඉවත් වෙනවා. ඒ ඉවත් වීමෙන් පසු ජාතික ආණ්ඩුවක් පවතින්නේ නැහැ. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 30 දක්වා පැමිණිය යුතුයි. එහිදී කලින් තිබ්බ අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙනවා.

    මිට පෙර සදහන් කළ පරිදි 46 (2) කියන ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවතිනවාද එසේ නම් ඔහුගේ අග්‍රාමාත්‍ය ධුරය පවතිනවා කියන ව්‍යවස්ථාව බලාත්මක වෙනවා, මෙහිදී ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අහෝසි වීම නිසා අග්‍රාමාත්‍ය ධුරයද අහෝසි වෙනවා.

    එය සිදුවූ වහාම ඉන් පසුව 48 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව කටයුතු කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. 48 (1) ව්‍යවස්ථාවෙන් කියවෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය අතරතුර හැර, ( පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුවී නොමැති නිසා ) ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් අග්‍රාමාත්‍යධුරයෙන් නතරවූ විට 70 වන ව්‍යවස්ථාව යටතේ ස්වකිය බලය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට පැවරී ඇති බලය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය කියා සදහන්.

    පාර්ලිමේන්තුව විසුරුවා හැර නැති අවස්ථාවක ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් හෝ ඉවත් කිරීමෙන් හෝ අන්‍යාකාරයෙන් අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතරවී ඇත්නම් (පාර්ලිමේන්තුව විසිරිලා නැත්නම්) අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. ඒ අනුව 42,43,44 සහ 45 කියන ව්‍යවස්ථාවන්ට අනුව ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලය නොවන නිලධාරින් ඉවත් කිරීමේ බලය හිමිවෙනවා.

    ඒ අනුව මේ ඇති වෙලා තියෙන තත්ත්වය අනුව අග්‍රාමාත්‍යවරයාට පවතින්න තිබෙන මාධ්‍ය හෙවත් අමාත්‍ය මණ්ඩලය විසිරිලා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නෙමෙයි මෙහිදී ජනාධිපතිවරයාට ස්වකිය බලතල අනුව නව අගමැතිවරයෙක් පත් කරන්න හැකියාව ලැබෙනවා.

    මෙතන වැදගත්ම දේ තමයි ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබෙන මන්ත්‍රිවරයා ( ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනක වත් සදහන් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගත් මන්ත්‍රිවරයා කියා හදුන්වන්නේ නැහැ) අගමැතිවරයා ලෙස පත් කරන්න පුළුවන්.

    ජනාධිපතිවරයාගේ උපරිමය විශ්වාසය තිබෙන මන්ත්‍රිවරයා අගමැතිවරයා ලෙස පත් කරන්න හැකියාව තිබෙන්නේ ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය යටතේයි. මෙහි කොතනකවත් සදහන් වන්නේ නැහැ.. පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ සහය අවශ්‍ය නැහැ. එසේ උරගා බලන්න පාර්ලිමේන්තු ක්‍රමය තුල සදහන් වන්නේ නැහැ. යම් කෙනෙක් කියනවා නම් පාර්ලිමේන්තුව කැඳවලා ඒ අවස්ථාව උරගා බලන්න හැකියාවක් නැහැ.

    යම් හෙයකින් අගමැතිවරයා පත් කොට අමාත්‍ය මණ්ඩලය ඉවත් කිරීම සදහා විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන් ද කියා විමසීම වැදගත්.

    විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ හැකියාව තිබෙනවා. විශ්වාස භංග යෝජනාවක් ගේන්න විශ්වාසය භංග වෙන ආකාරයේ සිදුවීමක් වෙලා තියෙන්නේ ඕනේ. අගමැතිවරයා පත් වුනා පමණයි. ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්නේ කුමන පදනමක් යටතේද? පත්වෙන අගමැතිවරයා පාර්ලිමේන්තුවේ තමන්ට හිමි බලය පෙන්විය යුතුයි කියලා පෙන්වන්න නියමයක් නැහැ.

    ජනාධිපතිවරයා ස්වකිය මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගත හැකි පුද්ගලයා අගමැතිවරයා ලෙස පත් කර අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමේ හැකියාව තිබෙනවා."

    ඒ අනුව බලන කල එය පරාජය කිරීමේ හැකියාව තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවකින් හෝ අයවැය පරාජය කිරීමෙන් පමණයි. එසේත් නැත්නම් පාර්ලිමේන්තුව රැස්කර බහුතර බලය පෙන්වීමෙන් මෙය සිදුකළ නොහැකි බවයි අධි නීතිඥ ගාමිණී පෙරේරා සදහන් කර සිටින්නේ.


    http://nethnews.lk/article/59836
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,856
    113
    රනිල්ගෙ පැත්තෙ ඉන්න නීතිඥයො මේක වැරදියි කියනවා.
    මෛත්‍රී මහින්දගෙ පැත්තෙ ඉන්න නීතිඥයො මේක නිවැරදියි කියනවා.

    මේක වැරදි උනත් නිවැරදි උනත් ඇත්තටම අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ ඇතුලෙ. 113 තියෙන එකා දිනුම්.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    රනිල්ගෙ පැත්තෙ ඉන්න නීතිඥයො මේක වැරදියි කියනවා.
    මෛත්‍රී මහින්දගෙ පැත්තෙ ඉන්න නීතිඥයො මේක නිවැරදියි කියනවා.

    මේක වැරදි උනත් නිවැරදි උනත් ඇත්තටම අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ ඇතුලෙ. 113 තියෙන එකා දිනුම්.


    මෝඩ මහජනතාවත් දෙකට බෙදිල හරි, වැරදි කියල ගහ මරාගන්න මිසක් මේකෙන් රටට වෙච්ච හානිය උන්ට තේරෙන්නෙ නෑ.

    අගමැති මාරු කරන්න ඕන තරම් ක්‍රම තිබ්බ රට අරාජික කරන්නෙ නැතුව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,856
    113
    මෝඩ මහජනතාවත් දෙකට බෙදිල හරි, වැරදි කියල ගහ මරාගන්න මිසක් මේකෙන් රටට වෙච්ච හානිය උන්ට තේරෙන්නෙ නෑ.

    අගමැති මාරු කරන්න ඕන තරම් ක්‍රම තිබ්බ රට අරාජික කරන්නෙ නැතුව.


    මගේ මතය නම් මේ ක්‍රමය හරි. එකම ප්‍රශ්නෙ පත් කරපු කෙනාට 113ක් තියෙනව කියලා හැකි ඉක්මනින් පෙන්නන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. ඒත් මෛත්‍රී විධායක බලයෙන් පාර්ලිමේන්තුව පාගගෙනනෙ. ඒ නිසයි මේ සේරම.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මෝඩ මහජනතාවත් දෙකට බෙදිල හරි, වැරදි කියල ගහ මරාගන්න මිසක් මේකෙන් රටට වෙච්ච හානිය උන්ට තේරෙන්නෙ නෑ.

    අගමැති මාරු කරන්න ඕන තරම් ක්‍රම තිබ්බ රට අරාජික කරන්නෙ නැතුව.

    :yes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia


    Yakow prabala rajyak wena Burundi niyojithayo MR hamba wenna awilla...

    හක් හක් හක්.......... ඕන් ඇවිල්ලා.... කාබෙරි කළවැද්දෝ ඉන්න, කන්ඩ නැති වල් වැද්දන් ඉන්න "බුරුන්ඩි" රටෙන් නියෝජිතයින් පිරිසක්......... :rofl::rofl::rofl::rofl::rofl:

    හයියෝ ඉතින්.... හෙට අනිද්දා වෙනකොට ස්වාසිලන්තෙන්, ඉතියෝපියාවෙන් හෙම එයි.. :P:P:P:P:P ... මහින්ඩර් බැහැදැකලා යන්ඩ.... හික් හික් හික්