බහුතර කැමැත්තෙන් මං ජනාධිපති වෙනවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බහුතර කැමැත්තෙන් මං ජනාධිපති වෙනවා..

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

    මහජනතාවගේ අපේක්‍ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිලිවෙල මේ වන විටත් සකස් කරමින් යන බවත් හෙතෙම කියා සිටියි.

    තමන්ට සහාය දීමට බොහෝ පිරිස් පක්ෂ, පාට, ජාති, ආගම් භේදයකින් තොරව එකඟතාවය පළ කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

    රට ගොඩනැඟීමට නම් රාජ්‍ය පාලනය දන්නා නායකයෙකු බිහිවිය යුතු බව ද හෙතෙම තවදුරටත් කියා සිටියි.

    තමන් ජනාධිපති වන්නේ මෙරට බහුතර ජනතාවගේ කැමැත්තෙන් බවද පැවසූ ඔහු දැනට මෙරට සිටින්නේ ජනමතයක් නැති නායකයෙක් බවත් පැවසීය.
     
    • Haha
    Reactions: Ulti

    Similar threads