බළලා_මල්ලෙන්_පනී
“අපි නීතිය විශ්වාස කරන්නේ නෑ“ අන්තරේ කැඳවුම්කරුගෙන් බළලා මල්ලෙන් පනී: HNDA සිසු ප්‍රහාරයේ පසුබිම සහ ඇත්ත කතාව: දරුවන් ඇන්දවීමෙන් වළකිමු.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බළල් අතක් සේ ක්‍රියාකරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අන්තවාදී ප්‍රචණ්ඩකාරී හැසිරීම පසෙක ලා සිසුවියක පොලිස් පහරදීමකට ලක්වූ ශෝචනීය සිද්ධිය නිසා සමාජ අනුකම්පාව අන්තරය වෙත යොමුව තිබිණ. නමුත් එය අංශක 180 කින් කනපිට හරවන ගොබ්බ නමුත් බළලා මල්ලෙන් එළියට ආ ප්‍රකාශයක් අද(02) උදේ අන්තරයේ කැඳවුම් කරු ලහිරු වීරසේකර විසින් කර තිබේ.
අද උදේ හිරු ගුවන් විදුලිය සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ තමන් ධනේෂ්වර නීතිය විශ්වාස නොකරන බවයි. ( තරුණ ජවය මත ඇතිවන මෝඩ අදහස් ) ධනේෂ්වර නීතිය යනුවෙන් ඔහු අදහස් කෙළේ දැනට ශ්‍රී ලංකාවේ පවතින නීතිය යි.
ඒ එසේ නම් එදා HNDA ඩිප්ලෝමා පාඨමාලාවට උපාධියට හිමි තැන දෙන්නැයි ඉල්ලා සිටියේ දිව්‍යලෝකයේ නීතියෙන්දැයි ඇසීමට කිසිවෙක් සිටියේ නැත.
ලහිරු වීරසේකර එසේ කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයකට පිලිතුරු ලෙසය. පොලිසිය සිදුකෙළේ ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් විසිරුවා හැරීමට ‘අවශ්‍ය බලය‘ භාවිතා කිරීම බවත් ‘අවශ්‍ය බලය‘ යන්න නීතියේදී අර්ථ විග්රහ කර නැති බවත් කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ දැන් දශක ගණනාවක් පුරාම පොලිසිය මේ ලෙස අවශ්‍ය බලය යොදවා ඇති නමුත් යම් කිසිවෙක් අධිකරණයට ගොස් ඊට විරුද්ධව නඩු පවරා නැති බවයි. නඩු පවරා තීන්දුවක් දෙන්නේ නම් එය පොලිසියටත් සෑම දෙනාටමත් වැදගත් බවත්. එවිට අධිකරණයෙන් දෙන තීන්දුව මත ‘අවශ්‍ය බලය‘ යනු මේ යැයි අර්ථ දැක්වීමක් ලැබෙන අතර ඒ අනුව පොලිසියට ක්‍රියා කළ හැකි යයිද ජනතාවත් දැනුවත් වනු ඇතැයිද කී මාධ්‍ය ප්‍රකාශකයා ලහිරුට කීවේ අධිකරණයට ගොස් නඩුවක් පවරන ලෙසයි. එවිට ගත් කටටම ලහිරු කීවේ තමන් ධනේෂ්වර නීතිය විශ්වාස නොකරන බවයි.
මුළු රටම නීතියේ පාලනයක් ඉල්ලා සිටිද්දී මේ තරුණ කණ්ඩායම පමණක් නීතිය නොතකා ක්‍රියා කරන බව ඉන් මුළු රටටම පැහැදිලි විය. එදින සිසුන් හැසිරුනේද පොලිස් ප්‍රහාරකයන් සේම රටේ නීතිය නොතකා බව මෙයින් පැහැදිලි විය.
කෙසේ වෙතත් ඉහත සිද්ධියේ දේශපාලනය සහ සත්‍යය පසුබිම් කතාව නොතකා ජනමාධ්‍ය සහ හදිසියේ ඇහැරුනු සිවිල් සංවිධාන යැයි කියාගන්නා පිරිස් විසින් සේයාගේ මිනීමරුවා ඇල්ලීමට ගියා සේ පසුගිය දින කිහිපයේදී හැසිරුණාහ. ලංකා ඊ නිව්ස් නිහඬව ඒ දෙස බලා සිටියේ පසුගිය කාලයේ අන්තරය හැසිරුනේ හුදෙක් ශිෂ්‍ය සංවිධානයක් ලෙස නොව අමු අමුවේම පෙරටුගාමී පක්ෂයේ බළල් අතක් ලෙස නිසා ය. අද උදේ අන්තරයේ නායකයාගේ ප්‍රකාශයත් සමග බළලා මල්ලෙන් එළියට පැන තිබේ.
දශක 4 ක පසුබිම් කතාවේ ඈත අතීතය මෙසේය.
ලංකාවේ සරසවි ශිෂ්‍ය සංවිධාන යනු ස්වාධීන ශිෂ්‍ය සංවිධාන නොවේ. ඒවා කලින් කලට විවිධ දේශපාලන පක්ෂ වල විවිධ මට්ටමේ අතකොලු සංවිධාන ලෙස ක්‍රියා කර ඇති බවත් දැනුදු ක්‍රියා කරන්නේද එලෙසම බවත් නොතකා යමෙක් කතා කරන්නේ නම් ඔහු මරි මෝඩයෙකි.
1971 ට පෙර සිසු සංවිධාන පැරණි වමේ ව්‍යාපාරයේ අතකොලුවන් වූ අතර 1971 සන්නද්ධ කැරලිකාරිත්වයත් සමග සරසවි ශිෂ්‍ය සංවිධාන ජවිපෙ අතකොලුවක් බවට පත් විය. සරසවි ශිෂ්‍ය සංවිධාන එකතු කර හදන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරය සම්පූර්ණයෙන්ම ජවිපෙ දේශපාලනයේ අතකොලුවෙක් පමණක් නොව බාප්පාම විය. එහි සිටි සියළු කැඳවුම් කරුවන් අවම වශයෙන් ජවිපෙ මධ්‍යම කාරක සභාව හෝ නියෝජනය කෙළෝය. පසුව දේශපාලන මණ්ඩලයටද පත්වූවෝද වෙති. ජවිපෙ ගාමක බලවේගය වුයේ කම්කරුවන් නොව මේ නොමේරූ ශිෂ්‍යයන්ය. සන්නද්ධ කැරලි දෙකේම පළමු පෙළේ මිනීමරුවන් වූයේ බොරුවෙන් අන්දවා අන්තවාදයට ලෙහෙසියෙන් යොමු කළ හැකි වූ මේ හැඟීම්බර ශිෂ්‍යයන් ය.
විජේවීර කොග්ගල මැවූ ඇමරිකානු කඳවුර සහ සරසවි ප්රචන්ඩත්වය
උදාහරණයක් ලෙස 1970 දී රෝහණ විජේවීර ශිෂ්‍ය කණ්ඩායමක් රැගෙන දකුණු මුහුදු තීරයේ ගොඩ නැගීමට සූදානම් වන ගොඩනැගිලි සංකීර්ණයක් වෙත ගෙන ගියහ. අත්තිවාරම් සඳහා කළු ගල් ගොඩවල් ගොඩ ගසා තිබිණ. ‘මෙතැන හදන්න යන්නේ කුමක්දැයි දන්නවාද?‘ විජේවීර සිසුන්ගෙන් විමසීය. “ඇමරිකානු යුද කඳවුරක් මෙතැන හදන්න යනවා.. මේ කළු ගල් ගෙනල්ලා තියෙන්නේ ඒකටයි.. ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ ග්රහණයෙන් ලංකාව බේරා ගත යුතුයි“ විජේවීර අතේ පැල කෙළේය. ශිෂ්‍යයෝ ඇඳගත්හ. ලංකාව ඇමරිකානු ආක්රමනයෙන් බේරා ගැනීමට ආයුධ අතට ගත්හ.. ජීවිතය බේරා ගත් අය පසු කලෙක දුටුවේ එහි හැදුනේ ඇමරිකානු බල කොටුවක් නොවන බවයි. එහි හැදුනේ අදත් තිබෙන කොග්ගල මහ හෝටලයයි.. 71 කැරැල්ලට සම්බන්ධ අදත් ජීවත් වන අයගෙන් අවශ්‍ය නම් මේ ගැන විමසා දැන ගත හැකිය.
1988-89 දී ද මේ නාටකය මේ ආකාරයෙන්ම රඟ දැක්විණ. එදා ද අන්තරයේ බලය ජවිපෙ අතට තබා ගත යුතු නිසා ඊට අභියෝග කළ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ ඝාතනය කෙළේ ජවිපෙ දේශපාලන නායකත්වයේ මෙහෙයැවීමෙනි. දයා පතිරණ සිසුවා ඝාතනය කෙළේ ජවිපෙ දෙවැන්නා සේ සැලකෙන උපතිස්ස ගමනායකගේ උපදෙස් මත කහතුඩුවේ පදිංචිව සිටි මහීපාල නමැති ජවිපෙ මධ්‍යම කාරක සභිකයා සහ කහතුඩුව අම්බලන්ගොඩ පදිංචිව සිටි ආගිරිස් කොස්තා නමැති මහීපාලට හිතවත් ඝාතකයා සහ තවත් පිරිසක් එක්වය. ඒ සියළු විස්තර මහීපාල විසින් පසුව සිදුකරන ලද පාපෝච්චාරණයේ සඳහන්ව ඇත. 1988-89 කැරැල්ලේ පළමු ගොදුර ජවිපෙට එරෙහි වූ දයා පතිරණ ශිෂ්‍ය නායකයා වීමෙන්ම මේ ප්රචණ්ඩ දේශපාලනයට සරසවි සිසුන් කෙතරම් අත්‍යාවශ්‍ය වී දැයි සිතාගත හැකිය. විජේවීර විසින් 71 දී ඇමරිකානු ආක්‍රමණයක භීතියක් මවා ඇන්දවූවා සේම 88-89 දී ආයුධ අතට ගැනීමට ශිෂ්‍යයන් පෙළැඹවූයේ ඉන්දියානු ආක්‍රමණයක භීතිය මවාය. ඉන්දු ලංකා ගිවිසුම අනුව පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමට එරෙහි වූ එල්ටීටීඊය හා යුද කිරීමට මෙහි කැඳවූ ඉන්දීය හමුදාව පෙන්වා ඉන්දියාව මුලු රටම අල්ලා ගන්න යනවා කියා එදා ශිෂ්‍යයන් ඇන්දවූහ. ඉන්දීය හමුදාවේ අණ දෙන්නා ලංකාවේ ජනාධිපති බව කීවේ නැත. ‘පලාත් සභා‘ කියාගන්නවත් බැරි සිසු නොදරුවන් ‘පලා බබා අපට එපා‘ යැයි පෙළපාලි ගිය බව කවුරුත් දන්නා දෙයකි. ඔවුන් විරුද්ධ වූයේ කුමකටද? අද මුළු ශිෂ්ඨාචාර ලෝකයම පිලිගන්නා දේශපාලන බලය බෙදීමට නොවේද? පළාත් සභා බලය බෙදීම අනුමත කළ පැරණි වමේ නායකයන් සහ එජාප දේශපාලන නායකයන් ‘ද්‍රෝහීන්‘ ලෙස නම් කළ ත්රීමාවිතාන වැනි වෛද්‍ය සිසුන් ඔවුන් ඝාතනය කර බඩවැල් කපා සිරුරු වල ඔතා තම මිනීමරු වෛද්‍ය අධ්‍යාපනය ප්‍රදර්ශනය කළහ. ත්රීමාවිතාන ඝාතනය වන්නේද එවැනි ඝාතනයකට රත්නපුරයට ගිය අවස්ථාවකදී ඝාතකයාට පෙර ගොදුර ඉක්මන් වීමෙනි.
ජවිපෙ මෙහෙයැවූ අන්තරයේ මීනීමරු භාවයට ගොදුරු වූ අනෙකුත් සරසවි ශිෂ්‍ය කණ්ඩායම්ද ආත්ම ආරක්ෂාවට කියා අවි ගත්හ. ඔවුන්ට ආණ්ඩුවේ අනුග්‍රහය ලැබුනේය. කොළඹ සරසවියේ ශිෂ්‍ය කේ.එල්.ධර්මසිරි එවැන්නෙකි. අවසානයේ සියල්ලෝම ප්රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වී තරුණ කාලයේදීම ජීවිතය අහවර කර ගත්හ. අද ජීවතුන් අතර සිටිනා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ශිෂ්‍ය යුගයේදී මේ ශිෂ්‍ය මිනීමරු කණ්ඩායම් වල භයානක ගැටුම් වලට හසු නොවී අමාරුවෙන් ජීවිතය බේරා ගත් අයෙකි. අවශ්‍ය අයෙකුට ඔහුගෙන් මේවා ගැන විමසා දැන ගත හැකිය.
නමුත් එහිදී ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ විජය කුමාරතුංගලා, ඇල්.ඩබ්. පණ්ඩිතලා, පී.ඩී. විමලසේනලා, නන්දන මාරසිංහලා, ඉන්ද්‍රපාල අබේවීරලා, හර්ෂ අබේවර්ධනලා, ග්ලැඩිස් ජයවර්ධනලා, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරලා ආදී ප්රජාතන්ත්රවාදීන් රැසක් අන්තවාදී ඝාතකයන් විසින් බිලි ගත්හ.
ඉහතින් මතක් කෙළේ දශක දෙකක කාලයක් පුරාවට විහිදිනු දේශපාලන පක්ෂවල අතකොලු බවට පත් සරසවි ශිෂ්‍යයන්ගේ ප්රචණ්ඩත්වය සහ ශ්‍රී ලාංකීය ප්රජාතන්ත්රවාදී සමාජය ඊට ගෙවූ වන්දියේ තරමයි. නිදහස් අධ්‍යාපනය මේ තරමින් හෝ ආරක්ෂා කර ගැනීම ගැන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ගෞරව කළ යුතු යැයි අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ පර-පුරු කට්ටියට ඉහත අතීතයද සැලකිල්ලට ගෙන නිවේදන නිකුත් කරන්නැයි මතක් කළ යුතුය.
සරසවි ප්රචණ්ඩත්වයේ අවසන් දශක දෙකේ කතාව
විජේවීර මළේය. සන්නද්ධප්රේමී අනෙකුත් නායකයෝද මළෝය. නව ජවිපෙ නායකයෝ සන්නද්ධ මාවත අතහැරියහ. ඒ අනුව 90න් පසු දශකයක හමාරක පමණ කාලය තුල අන්තරයද ප්රචණ්ඩකාරීත්වය පෙන්නුම් කෙළේ සීමාවක් තුල හිඳගෙනය. මන්ද ඒ වන විටත් අන්තරය ජවිපෙ අතකොළුවක් වූ නිසාම ය. ජවිපෙ ලඟ ලඟම දෙවතාවකදී බිඳී ගියේය. පළමු බිඳීම වූ වීරවංශගේ බිඳීමේදී වීරවංශට ජවිපෙ ශිෂ්‍ය අංශයට කළ හැකි බලපෑමක් නොවීය. නමුත් දෙවන බිඳීම වූ කුමාර ගුණරත්නම් හෙවත් කුමාර මහත්තයාගේ බිඳීම ඊට සහමුලින්ම වෙනස් විය. කුමාර ගුණරත්නම් ජවිපෙ ශිෂ්‍ය ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම තමා සතු කරගත්තේය. එනම් අන්තරය සහ මුලින්ම කුමාර ගුණරත්නම් තැනූ පෙරටුගාමී පක්ෂයේ අතකොලුවක් බවට පත්විය.
කුමාර මහත්තයා කණ්ඩායමක් සමග ජවිපෙන් කැඩෙන බව මේ ලියුම්කරු වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතාට කීවේ ඔවුන් වෙන් වීමට මාස 4 කට පමණ පෙරය. ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයා වූ හෙන්දාවිතාරණ විසින් ජවිපෙ කෑල්ලක් කඩන බවට වහසි බස් දෙඩුවේ කුමාර මහත්තයා ඉවත් වීමට මාස 4 කට පෙර ය. ඒ බව වාර්තා වූ මෙම ලියුම්කරු ඒ බව අනුර දිසානායකට දැනුම් දුන්නේය. කුමාර මහත්තයා හෙවත් කුමාර ගුණරත්නම් ජවිපෙන් කඩාගෙන ගියේ කිසිදු වාස්තවික හේතුවක් මත නොව හුදු ගෝඨාභය රාජපක්ෂලාගේ ජවිපෙ කෑලි වලට කැඩීමේ ප්ලෑන අනුවය. ඊට හොඳම උදාහරණය කුමාර හැදූ පෙරටුගාමී පක්ෂයේ මූලික තර්කය වූයේ ජවිපෙ ජාතිවාදී යන්නය. ඒ එසේ නම් ජවිපෙ යුද්දයට සහාය දුන් කාලයේදී කැඩී නොගොසින් ජවිපෙ රාජපක්ෂ රෙජීමයෙන් මතවාදී වශයෙන්ම වෙන් වී රාජපක්ෂ විරෝධීන් වූ පසු කැඩුනේ ඇයි? ජවිපෙ ජාතිවාදී නම් ඒ ජාතිවාදී කාලයේ උපරිමය වූ ජවිපෙ - රාජපක්ෂ ගජ මිතුරු කාලයේදී වෙන්විය යුතුය. එකලද ජවිපෙ අභ්‍යන්තර නායකයා වූයේ කුමාරම නොවේද? ඔහුට එකල ඒ ගැන වගකීමක් නොතිබුනා ද? ඒ සියළු කතා බොරුය. කුමාර ගුණරත්නම් ජවිපෙන් කැඩුනේ ගෝඨාභයලා හෙන්දාවිතාරණලාගේ ප්ලෑන මතය. (වෙනත් හේතුද නොතිබුනා නොවේ)
හෙන්දා, කුමාර මහත්තයා සහ ලලිත් කූගන්
ලලිත් කූගන් අතුරුදහන් කිරීමද හෙන්දා සමග එක්ව කරන ලද කුමන්ත්රණයකි. ආණ්ඩුවේ සැබෑ මර්දනය යොමුව ඇත්තේ පෙරටුගාමීන්ට බව පෙන්වීමට කරන ලද භයානක කුමන්ත්රණයකි. ඊට වැදගත් සාක්කියක් එන්නේ ලලිත් කූගන් අතුරුදහන් වී පැය 24 ක් යනවාත් සමග පෙරටුගාමීන් කොළඹදී පැවැත්වූ විරෝධතාවයෙනි. මිනිහෙකු අතුරුදහන් වූවාද නැතිද යන්න ස්ථිර කර ගැනීමටද සෑහෙන කාලයක් ගතවේ. එසේ දැන ගැනීමෙන් පසු එදා පැවැති විරෝධතාවයේ භාවිතා කළ පුවරු, ටී ෂර්ට්, බැනර්, නලල් පට ආදිය මුද්‍රණය කර සූදානම් වීමට කෙතරම් කාර්යක්ෂම පක්ෂයකට වුව පැය 24 ක කාලයක් හොඳටම මදිය. එසේ නම් ලලිත් කූගන් අතුරුදහන්වීම ගැන කල් තියා සූදානමක් තිබී ඇත. එහි තවත් සාක්කියක් තිබේ. ඒ දිනවලම පැවැත්වූ මාධ්‍ය හමුවේදී පෙරටුගාමීන්ගේ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ ලලිත් කූගන් පැහැරගන්නවා ඇසින් දුටු සාක්කියක් ඇති බවයි. ලංකා ඊ නිව්ස් ඒ ගැන පසුව පුන පුනා ඇසූවද අජිත් පෙරේරා එය මග හැරියේය. එවැනි ඇසින් දුටු සාක්කියක් අද දක්වා හෙලි වී නැත. පෙරටුගාමීන්ද දැන් එවැනි සාක්කියක් ගැන නොකියති. ඒ ඇයි?
බොහෝ ඝාතන වල සුල මුල හෙලිවන මෙවන් යුගයක ලලිත්, කූගන් දෙදෙනාගේ සත්‍ය කතාවද ලඟදීම හෙලිවනු ඇත. කුමාර ගුණරත්නම් වනාහී රාජපක්ෂලාගේ ඉත්තෙකි. ඒ බව ඉතා හොඳින් වටහාගෙන සිටි ලංකා ඊ නිව්ස් ආරම්භයේදීම ඔවුන්ව හැඳින්වූයේ ‘කචල්කාර කණ්ඩායම‘ ලෙසය. වටහා නොගෙන සිටි වමේ පක්ෂ ඔවුන් වටා ඒකරාශී වූයේ ඔවුන් අංක එකේ වාමාංශිකයන් යයි සිතාගෙනය. එකල එක් වාමාංශික නායකයෙකු ලංකා ඊ නිව්ස් පෙරටුගාමීන්ව කචල්කාර කණ්ඩායම ලෙස හැඳින්වීම ගැන උරණව කතා කෙළේය. නමුත් මේ වන විට පෙරටුගාමීන් සමග කිසිදු වමේ පක්ෂයක් නැත. ඔවුන් සත්‍ය තේරුම් ගෙන තිබේ. ඔවුන් රාජපක්ෂලාගේ ඉත්තන් බව හොඳින්ම වටහා ගැණුනේ කුමාර ගුණරත්නම්ගේ අතුරුදහන් වීමේත්, යලි හමුවීමේත්, පිටුවහල් කිරීමේත් නාටකයෙනි. ඉන්පසුව පිටුවහල් කර සිටි ගුණරත්නම් හදිසියේම ජනවාරි 8 ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන්නේය. පිටුවහල් කර සිටි මිනිහාව ගෙන්වා ගත්තේ ද ගෝඨාභය රාජපක්ෂ විසින්ම ය. ඒ අන් කිසිවකට නොව පොදු අපේක්ෂයෙක් වටා විපක්ෂයේ හැදෙමින් තිබූ දැවැන්ත සමගිය කඩා රාජපක්ෂට වාසිය ලබා ගැනීමට ය. කුමාර ගුණරත්නම් නිකම් ආවා ද නොවේ. ඊට මිලක් තිබිණ. ඒ මිල සිංගප්පූරුවේදී ගෙව්වේ සජින් වාස් ගුණවර්ධන විසිනි. ලංකා ඊ නිව්ස් මගින් එදා හෙළි කළ සත්‍යය අද සජින් වාස් ගුණවර්ධන විසින්ම රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබේ.
කුමාර ගුණරත්නම් සහ ගෝඨාභයගේ ඩීල් වලට මුලාවූ අන්තරය
ජනාධිපති ඡන්දය ඉල්ලූ පෙරටුගාමීන්ට අත් වූයේ අන්ත පරාජයකි. මුළු රටින්ම ඡන්ද දස දහසක් ලබා ගැනීමට නොහැකි විය. ආත්ම ගරුත්වයක් ඇති සැබෑ පක්ෂයක් නම් කළ යුත්තේ පක්ෂය විසිරුවා හැර චැරිටි සංවිධානයකට පරිවර්තනය කර ජනතාවට සේවය කිරීම වුව පට්ට ඩීල් කාරයෙකු වන කුමාර ගුණරත්නම් තමාට ඉතිරි වී ඇති එකම බලවේගය වන හැඟීම්බර, සාටෝප බොරු කතාවලින් පහසුවෙන් මුලා කළ හැකි නොමේරූ ශිෂ්‍ය බලවේගය තම අතකොලුවා ලෙස තබා ගනිමින් ඩීල් දමමින් සිටින්නේ ය.
වත්මන් අන්තරයේ ක්‍රියාකාරිත්වය ඒ බව ඉතා හොඳින් ප්‍රදර්ශනය කරයි. ඊටද සාක්කි තිබේ. පසුගිය දින සීයේදී වරක් අන්තරයේ එකළ කැඳවුම් කාර සිසු දරුවා වූ නජිත් ඉන්දික සටන් පාඨ තොගයක් ඉදිරිපත් කර සටනක් කැඳවා තිබිණ. අපගෙන් ද ප්රචාරක සහායක් ඉල්ලා තිබිණ. එහි තිබූ බොහෝ සටන් පාඨ ඒ අවස්ථාවේදී ශිෂ්‍ය සටන් පාඨ නොවූ දින සීයේ ආණ්ඩුවටවත් කළ නොහැකි දේශපාලන ඉල්ලීම් ය. ඒ බව පෙන්වමින් ලංකා ඊ නිව්ස් නජිත් ඉන්දිකට පිලිතුරු යැව්වේ ඔබලාගේ මේ ඉල්ලීම් සිසු ඉල්ලීම් නොවන බැවින් අපට ප්රචාරක සහායක් දිය නොහැකි බවයි. පසුව ඒ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්තියක් ද පළ කෙළේය. පිළිතුරු නොදුන් නජිත් ඉන්දික කැඳවා තිබූ මාධ්‍ය හමුව අවලංගු කෙළේය.
ඉන්පසුවද එලෙසම ය. පෙරටුගාමීන් අන්තරය නම් තම සිසු අතකොලුවාව පාරට බැස්සුවේ නව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය දිව්රා වැඩ ඇල්ලීමටත් පෙරය. ඒ අමුතුම ඉල්ලීමක් දමාගෙනය. එනම් මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස සබරගමුවේ වෛද්‍ය උපාධි නොවන පාඨමාලා හදාරන සිසුන් පාරට බැස්සවීමෙනි. මෙය සාධාරණය කළ හැකි ඉල්ලීමක් නොවන බව සැකැවින් විස්තර කරමු.. පෞද්ගලික පාසැල් තිබේනම් පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිගත යුතුය. පෞද්ගලික පාසැලින් එළියට එන දරුවා යන්නේ කොහේද? විරුද්ධ වෙනවා නම් පෞද්ගලික පාසැල් වල සිටම විරුද්ධ විය යුතුය. එපමණක් නොව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා නම් පෞද්ගලික රෝහල්ද එපා කිව යුතුය. සියළු රෝගීන් රජයේ රෝහලින් පමණක් බෙහෙත් ගත යුතු යැයි කිව යුතුය. පෞද්ගලික බස් රථ වල ගමනා ගමනය තහනම් කර සියළු දෙනා ලංගම බස් රථ වල පමණක් ගමන් කළ යුතු යැයි කිව යුතුය. අනෙක් අතට මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනයේ ප්‍රමිතියක් නැතිනම් සටන් කළ යුත්තේ එහි ප්‍රමිතිය උසස් තත්ත්වයට ගෙන ඒමට අනෙකුත් වෛද්‍ය සිසුන් මිස සබරගමුවේ වෛද්‍ය නොවන උපාධි හදාරන සිසුන් කවරාකාර සටනක යෙදෙන්නද? මොනවා දන්නවාටද? උසස් අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහි සටනම විකෘතියකි. මන්ද යත් උසස් අධ්‍යාපනය වනාහී රාජ්‍ය සතු දේපොලක් නොව එය පුද්ගලික අයිතියක් වන බැවිනි. රාජ්‍ය විසින් සියළු දෙනාටම පොදුවේ සමානව සාධාරණව ලබාදිය යුත්තේ අධ්‍යාපනයේ මූලික අවස්ථාව සහ ද්විතීයික අවස්ථාවයි. උසස් අධ්‍යාපනය උසස් මානවයාගේ පුද්ගලික අයිතියකි. උසස් අධ්‍යාපනයේදී බලපාන්නේ ‘නිදහස් අධ්‍යාපනය‘ යන සටන් පාඨය නොව ‘අධ්‍යාපනයේ නිදහස‘ යන සටන් පාඨයයි. ඒ සම්බන්ධයෙන් වෙනත් ලිපියෙක දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමු.
ඉහත කී මාලාබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි රැල්ලේ එක් කෙළවරක් ලෙස පසුගියදා HNDA ඩිප්ලෝමා පාඨමාලාවට උපාධියට හිමි තැන දෙන්නැයි ඉල්ලා පෙළපාලිය සූදානම් කෙළේය. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ද විවෘත මනසකින් බලන්නේ නම් මෙයද එක්තරා විකෘති ඉල්ලීමකි. එනම් ඩිප්ලෝමාවක් උපාධියක තත්ත්වයට සමාන කරන්නැයි ඉල්ලීම සම්පූර්ණයෙන්ම අමනොඥ නොගැලපෙන අසාධාරණ ඉල්ලීමකි. උපාධි සිසුන් මෙම ඉල්ලීමට විරුද්ධව පාරට බැස්සොත් කුමක් කරන්නද? උපාධි සුදුසුකම් සපුරා ගත නොහැකි අය ඩිප්ලෝමා හදාරති. එය ලෝකයේ සත්‍යයකි. එහිදී ලකුණු කිහිපයකින් අඩුවීම නිසා උපාධිය කරන්නට නොහැකි වීම සාධාරණය කළ නොහැකිය. ඇත්තටම ඩිප්ලෝමාවක් කිරීමට සිදුවන හේතුවම ඒ කියන ලකුණු කිහිපය ලබා ගැනීමේ නොහැකියාවම ය. ඩිප්ලෝමාවක් සහ උපාධියක් සමාන කරන්නැයි ඉල්ලා සිටින ලෝකයේ එකම ශිෂ්‍ය ව්‍යාපාරය ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය විය හැකිය. ඩිප්ලෝමාවකට පසු රැකියාවක් කරද්දී සේවා කාලයේ අත්දැකීම මත උපාධි වැටුප් තලයේ පිහිටුවන්නැයි ඉල්ලුවා නම් එය සාධාරණ ඉල්ලීමකි. කෙසේ වෙතත් ඒවා කණ්ඩායම් රැසක් සමග සාකච්ඡා කර එකඟතාවයකට ආ හැකි ප්‍රශ්න මිස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ එක් අයෙකු හෝ දෙදෙනෙකු සමග හෝ ඇමැතිවරයෙක් සමග හෝ සාකච්ඡා කර විසඳුම් සෙවිය හැකි ප්‍රශ්න නොවේ.

Last edited: