බ්ලොග් වලින් බක්ස් වලින් සල්ලි හොයන අයට...
සිංහල බ්ලොග් කලාවේ නවතම නැම්ම බ්ලොග් ව්‍යාපාරික කලාවයි. පශ්චාත්භාගය ඉදිරියට යොමා නැමෙන්නේ කුපාඩිකමට බව අපි දන්නෙමු. නමුත් මෙහිදී නැම්ම යනු එකිනෙකා ඉදිරියේ නැමීම නොවන බව සිහිපත් කල යුතුය. පරිගණකය හෝ අන්තර්ජාලය යනු අපගේ පොකැට් එකට විදින එකක් මිස පොකැට් එක සරු කරන එකක් බව නම් ඒවා සොයාගත් එකෙකු වත් නොසිතන්නට ඇත. නමුත් ඒ මත පට්ටාපල් බොරු වෙමින් පවතී. සමහරවිට ආසියාවේ ආශ්චර්යය නිසා වෙනවා වන්නටද හැකිය.
තාක්ෂණයට අනුව අප්ඩේට් නොවන ඉස්කෝලේ උගන්වන හැටියට ලංකාවේ ප්‍රධාන අපනයන බෝග තේ, පොල් සහ රබර්ය. නමුත් ඒවාද ප්‍රධාන ආනයන බෝග වන්නට යන බැවින් ඕනෑවට වඩා විස්වාස නොකල යුතුය. මේ වෙලාවේ අපේ මෙන්ම රටේ වාසනාවට පිහිටට එන්නේ අපේ මේ බ්ලොග් ව්‍යාපාරික මල්ලිලා ටිකය. අනේ (අ)වාසනාවන්..
අතීතයේ අපි සල්ලි හොයන්නට මැද පෙරදිග ගියෙමු. නමුත් දැන් මැදපෙරදිග යන්නේ එක්කෝ හද්දා ඩොටේ එකෙකි.. නැතිනම් අමු මෝඩයෙකි. මෙතරම් පහසුවෙන් බ්ලොග් ව්‍යාපාර කල හැකිව තියෙද්දී අතින් පයින් වියදම් කර එක එකාගේ කුණු අපුල්ලන්නට යන්නේ පශ්චාත්භාගයේ අමාරුවටදැයි සැක සිතේ. හැකිනම් බ්ලොග් ව්‍යාපාරික මල්ලියෙක් ලවා එසේ යන එකෙකුට අමාරුව හොඳ වන තෙක් මඩු වලිගයකින් තැලිය යුතුය. තලා මදිය. පලා ලුණු දැමිය යුතුය. ලුණු ගනන් නම් මූදු වතුරද අවුලක් නැත.
මේ යන ආකාරයට බ්ලොග් ව්‍යාපාර මගින් අප රට අංක එකට පැමිණෙනවා නොඅනුමානය. මේ අතර බක්ස් සයිට් ප්‍රධාන තැනක් ගනී. බක්ස් සයිට් කරන්නේ පිට රටවල් වල සල්ලි අච්චුගහන බුවාලා බව මා දැන ගත්තේ මේ මෑතකදීය. උන් අච්චු ගසනා සල්ලි වලට කරන්නට දෙයක් නොමැති බැවින් මේ බක්ස් සයිට් හදයි. හදා අප වැනි සංවර්ධිත රටවල බ්ලොග් ව්‍යාපාරික මල්ලිලාට ඒවායින් මුදල් ඉපයීමට අවස්ථාව ලබා දෙයි. ආන්ඩුවට වඩා අපේ විරැකියාව ගැන උන් වද වෙයි.. සිරාවට මේවා අසන්නට දකින්නට ඉපදිමද වාසනාවකි.
නමුත් ලංකාවේ බ්ලොග් ව්‍යාපාරික මල්ලිලාගේ එකම හතුරා වෙනකෙක් නොව ගූගල්ය. ඌට සල්ලි නැතිවාට ඉරිසියාවට අපේ කොල්ලන්ට ඇඩ් නොදෙයි. අනේ උගෙ බම්බුවෙ ඇඩ්. අපට අපේ බක්ස් සයිට් හොඳය..
දැන් මෙය කියවන විට අර මොකක්ද තෘප්තියට බ්ලොග් ලියනා උංගේ ඇගේ මාළු නටනවා විය යුතුය. ආසාවේ නලියනවා විය යුතුය.. උබලාද පරක්කු නැත. අපේ වාසනාවට, බලා ඉගෙන ගන්නට අපගේ බ්ලොග් ව්‍යාපාරික මල්ලිලා ඇත. මේ වන විටත් උන් හම්බ කරන්නේ තුට්ටු දෙකේ රුපියල් නොව ඩොලර් ය. එයද දහස් ගණනින්ය. ඒ නිසා තොපිද උන් ගුරු කොට උගත යුතුය. නැතහොත් තොපි මේ ආස්චර්යමත් රටේ දේශද්‍රෝහීන් වනවා නොඅනුමානය.
බ්ලොග් ව්‍යාපාරික මල්ලිලා අතර ගැවසී මාද ඉගෙන ගත් කරුණු කීපයක් ගුරු මුෂ්ඨි රහිතව ලබාදෙන්නට සිතුවෙමි. පින් තකා නොව මෙයින් මට ලැබෙන රිෆරල් ප්‍රමාණය නිසාය. ඒ මොනවාදැයි කියා මෝඩ ප්‍රශ්න අසන්නට සිතේ නම් කට පියාගත යුතුය. දෙන තරමට ලැබෙන බව මා උගෙන තිබීමද තොපේ වාසනාවක්ය. දහස් ගණන් වියදම් කර ඉගෙන ගත යුතු ඒවා තොපිට පිනට දෙන්නේ රට ගැන සිතාය. ඉගෙන ගැනීම උබලාගේ වැඩක්ය.
බ්ලොග් ව්‍යාපාරික මල්ලිලාගේ වෙළඳ දැන්වීම් සලකන විට මීට අමතරව ජාතික වශයෙන් සිදුවිය යුත්තක්ද ඇත. වහාම බලපවත්වන පරිදි කාන්තා ඇඳුම් හා යට ඇදුම් පිළිබඳ අමාත්‍ය වරයාට බ්ලොග් ව්‍යාපාරික අමාත්‍ය තනතුරද ලබාදිය යුතුය. මේ දෙක බොහෝවිට බ්ලොග් ව්‍යාපාරික කරණයේ යන්නේ එකටය. මේවා නැත්නම් කරන එකා හොම්බෙන් යා හැකිය.
අවසානයේ මේ ටිකද කිව යුතුමය.
ඇත්තමයි මල්ලියේ උබලා ජාතික සම්පත්ය. තව අවුරුදු දහයකින් අපේ රට ලෝකයේ ධනවත්ම රට වීම නම් ගූගල් කාරයාට වත් නැවැත්විය නොහැකි බව අනිවාර්යය. රටේ මල්ලිලා මේ වගේ පෝසත් වන විට සතුටු වන්නේ අප වැනි දුප්පත් බ්ලොග් ලියන අයියලාය. යකුනේ අපි ගැනත් බලපල්ලා.. හික්..
Source : http://www.kaniya.info/2010/12/blog-post_25.html

- බ්ලොගයක් තනා ඇඩ් පිරවිය යුතුය. ඒ අතරින් කොහෙන් හෝ කොපි කරන ලද ලිපියක් දෙකක් දැමිය යුතුය. එසේ කරන්නේ බ්ලොග් ව්‍යාපාර නාමයේ ගෞරවය තකාය.
- බක්ස් මාමා කෙනෙක් කාට හෝ සල්ලි දුන් විගස එහි ස්ක්‍රීන් සොට් එකක් ගත යුතු අතර පොටෝ සොප් දන්නා එකෙකු ලවා එහි ඇති අගයට බිංදු කීපයක් එකතු කල යුතුය. ව්‍යාපාරයට එන ජුන්නන්ගේ මොරාල් හදන්නේ එසේයග
- බ්ලොගය ලෝඩ් වෙන්න හැට පැයක් ගත වුවද ගනන් නොගත යුතුය. මන්ද යත් ලෝඩ් වෙන වෙලාව අඩු ඌ පලියට අපට මුදල් නොලැබෙන බැවිනි.
- ඒ අතර කොහෙවත් නැති අමාරුවට සින්ඩි කරන උන්ට බ්ලොග් ප්‍රචාරණය බාර දිය යුතුය. පිට රට ඇඩ්වටයිසිං කොම්පැනි වලට නිස්කාරනේ මුදල් නොගෙවිය යුතුය.
- අලුතින් සොයා ගන්නා බක්ස් සයිට් හැමෝම අතර හඳුන්වා දිය යුතුය. (බක්ස් කාරයෝ ස්වභාවයෙන් ලැජ්ජාශීලි බැවින් උංගේ ලැජ්ජා නැති කරන චක්‍රලේඛයක් ගෙන ඒම ගැන ආන්ඩුව සලකා බැලිය යුතුය)

maxxa post