බ්‍රහස්පති ග‍්‍රහයා පිනූ යෝධ පිම්මක්

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    බ්‍රහස්පති ග‍්‍රහයා පිනූ යෝධ පිම්මක්


    http://www.malkakulu.com/2011/11/blog-post_3856.html



    තාරකා විද්‍යාඥයන් මෙතෙක් විශ්වාස කළේ සෞරග‍්‍රහ මණ්ඩලයේ මේ දක්වා සිටියේ බ්‍රහස්පති, සෙනසුරු, නෙප්චූන් හා යුරේනස් යන යෝධ ග‍්‍රහයන් සිව් දෙනා පමණක් කියායි. ඒත් දැන් මේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඉවතට පැන ගිය පස්වැනි යෝධ ග‍්‍රහයකු සිටින්නට ඇතැයි මතයක් පළ වී තිබෙනවා.

    මේ බව හෙළි වී ඇත්තේ ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ සැන් ඇන්තෝනියෝහි වයඹ පර්යේෂණ ආයතනයේ ඬේවිඞ් නෙස්වෝනි පරිගණකය යොදා කළ සමාකෘතියක් තුළිනුයි. සංඛ්‍යාත්මකව බලන කල පෙනී යන්නේ සෞරග‍්‍රහ මණ්ඩල පටන් ගන්නට ඇත්තේ දැනට ඉන්නා මේ යෝධයන් සිවුදෙනාගෙන් පමණක් නොවන බවයි. ඔහුගේ ගණනයන්ට අනුව මෙම සෞරග‍්‍රහ මණ්ඩලය යෝධ ග‍්‍රහයන් සිවු දෙනකුගෙන් ආරම්භ වූවා යැයි යන මතය පිළිගැනීමට ඉඩකඩ ඇත්තේ සියයට 2.5ක් පමණ වන අතර තවත් අබිරහස් යෝධ ග‍්‍රහයකු මේ අතර සිටියායැයි යන මතය පිළිගැනීමට ඇති ඉඩකඩ එමෙන් දස ගුණයකටත් වැඩි බව හෙළි වී තියෙනවා.

    මේ මතයට එළඹීමට පෙර නෙස්වෝනි සෞරග‍්‍රහ මණ්ඩලයේ උපත හා එහි ආරම්භක වර්ධනය පිළිබඳ පරිගණක සමාකෘතීන් 6000කට වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය කර අධ්‍යයනය කළා.

    ‘‘සෞරග‍්‍රහ මණ්ඩලයට යෝධ ග‍්‍රහයන් පස් දෙනකුට වඩා සිටීමටත් ඒවා පසුව සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඉවතට විසි වී යාමට ඇති ඉඩකඩ ගැනත් විමසා බැලීමට මූලික වශයෙන් හේතු වුණේ අන්තරීක්ෂ අවකාශය තුළ නිදැල්ලේ පා වී යන ග‍්‍රහයන් විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමෙන් පසුව’’යැයි නෙස්වෝනි මේ ගැන සඳහන් කරමින් කියයි.

    ඔහුගේ පැහැදිලි කිරීම් අනුව දැන් විශ්වාස කරන්නේ එක් අවස්ථාවක දී බෘහස්පතී සෞරග‍්‍රහ මණ්ඩලයේ මැද පෘථිවිය හා අඟහරු සිටිනා දෙසට භයානක ලෙස ඇදී ආ බවත් පසුව හදිසියේ ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත ඈත කක්ෂයකට පැන්න බවත් එසේ පනිද්දී එහි වූ අබිරහස් ග‍්‍රහයා ඈත අභ්‍යවකාශයට විසි වී ගිය බවත්ය.

    සෞරග‍්‍රහ මණ්ඩලය සෑදෙන්නට පටන් ගත්තේ මීට වසර බිලියන හතර හමාරකටත් පෙරදීයි. ඒ දැවැන්ත ¥ලි හා වායු වලාවක් ඝනීභවනය වීමෙන් සූර්යයා නිර්මාණය වීමත් සමගයි. ඊට ග‍්‍රහයන් එක් වූයේ තවත් මිලියන 10කට පමණ පසුවය. එහෙත් ඒවා දිගු කලක් ගමන් කරමින් තිබුණේ අස්ථාවර කක්ෂවලයි.

    දැන් සූර්යයා එහි ජීවිතයෙන් අඩක් පමණ ගෙවා තියෙනවා. තවත් වසර බිලියන පහකින් පමණ එහි ඇති හයිඩ‍්‍රජන් ඉන්ධන දැවී අවසන් වන අතර ඉන් පසු එය දැවෙන හීලියම් සහිත යෝධ රතු තරුවක් බවට පත් වනු ඇති. මේ කි‍්‍රයාවලිය තුළ දී පෘථිවිය විනාශ වී යනු ඇති.

    Read more: http://www.dailymail.co.uk/sciencet...lanet-ejected-solar-system.html#ixzz1e15OBuSI
     
    • Like
    Reactions: Ereshaz77

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tawa wasara biliyana 5 kin huta tamai,
    eet etakota eath eke minissu hitiyot technology eka diyunu wela tiyenawa wena planet ekakata yanna hari sun ge seen eka nawattanna hari