බ්‍රහස්පති

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බ්‍රහස්පති කැරකෙන්නේ ඉර වටේ නෙවෙයි! සෞරග්‍රහ මණ්ඩලය ගැන ඔබ නොදත් තොරතුරු 7ක්!





අපි කොයි තරම් විශ්වය ගැන, මන්දාකිණි ගැන, අපිට ආලෝක වර්ෂ ගණන් ඈත තියෙන ග්‍රහලෝක පද්ධති ගැන කතා කෙරුවත් ඊට කලින් අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැන කතා කරන්න කොයි තරම් දේවල් තියෙනවද? අපි නිකම්ම සූර්යයා සහ ඒ වටේ යන ග්‍රහලෝක අටක් කියලා හිතාගෙන ඉන්න සෞරග්‍රහ මණ්ඩලය ගැන අපි නොදත් අපූරු තොරතුරු කොයි තරම් තියෙනවද? මේ සූදානම ඒ තොරතුරු වලින් කිහිපයක් හඳුන්වලා දෙන්න තමයි.

1. හැප්පෙන්නේ නැතුව ඇස්ටරොයිඩ පටිය හරහා යන හැටි!

Jupiters-Orbit-Obituary-aniwa-01.jpg
Source – 1366×768.net
ඔය ‍ෆිල්ම් වල එහෙම දැකලා තියෙනව නේද ඇස්ටරොයිඩ් පටිය පෙන්නනවා? ඒ කියන්නේ ඔය අඟහරුගෙන් එපිටින් තියෙන ඇස්ටරොයිඩ වලින් හැදිලා තියෙන පටිය ගැන. ‍ෆිල්ම් වල පෙන්නන විදියට මේ පටිය හරහා යන එක මාරම අමාරු වැඩක්. ඇයි එක ඇස්ටරොයිඩයක් මගාරිනකොට තව එකක් මූණ ඉස්සරහට ඇවිත් දබෝයි ගාලා වදිනවා!
ඇත්තටම නං ඒක අමු කෙබ්බයක් විතරයි. මේකට ඇස්ටරොයිඩ පටිය කියලා කිව්වට, එහෙම ඒ හරහා යන අභ්‍යවකාශ යානෙකට එහෙට මෙහෙට කැරකි කැරකි යන්න සිද්ධ වෙන විදියේ ඇස්ටරොයිඩ් ට්‍රැ‍ෆික් ජෑම් එකක් තියෙන තැනක් නෙවෙයි. ඇත්තම කතාව තමයි සමහර වෙලාවට ඇස්ටරොයිඩයක් ඇහැට දකින්න නොලැබී මේ කලාපය පහු කරන්න සිද්ධ වෙන්න පුලුවන් කියන එක.
දැනට දළ වශයෙන් ගණන් හදලා කියන විදියට වර්ග කිලෝමීටර් ට්‍රිලියන ට්‍රිලියනයක විතර පැතිරිලා තියෙන මේ ඇස්ටරොයිඩ පටියේ කිලෝමීටරයකට වැඩි විශාලත්වයක් තියෙන ඇස්ටරොයිඩ 80,000ක් විතර වගේ තියෙනවා!

2. කුයිපර් පටිය තියෙන්නේ කොහේද?

Jupiters-Orbit-Obituary-aniwa-02.jpg
Source – jhuapl.edu
තියෙන්නේ කොහෙද කියලා දැනගන්න කලින් එහෙම එකක් තියෙනවද කියලා දැනගන්න එපැයි! ඇත්තටම අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්න විදියට ප්ලූටෝට පස්සේ ඉවර වෙන එකක් නෙවෙයි. තව තියෙනවා පිටත සෞරග්‍රහ මණ්ඩලය කියලා එකක්. ඒක නක්ෂත්‍ර ඒකක 20ක් විතර ඈතට විහිදෙනවා. නක්ෂත්‍ර ඒකකයක් කියන්නේ දළ වශයෙන් කිලෝමීටර් මිලියන 149.9ක් කියලා ගම්මු.
දැන් මේ කුයිපර් පටියත් එක්තරා විදියකට ඇස්ටරොයිඩ පටිය වගේ තමයි. හැබැයි ඊට වඩා සෑහෙන්න විසාලයි. කීමට කියන්නේ සූර්යයා සහ ග්‍රහලෝක හැදිලා ඉතුරු වුණු සුන්බුන් මේ පටියේ තියෙනවා කියලා තමයි. දැන් අපි දන්න ප්ලූටෝ වගේම නොදන්න හෝමියා, මේක්මේක් වගේ වාමන ග්‍රහලෝක තියෙන්නෙත් කුයිපර් පටියේ තමයි. එහෙම ඒවා සෞරග්‍රහ මණ්ඩලේ තියෙනවා කියලා දැනගෙන හිටියෙ නැහැ නේද? මේ කුයිපර් පටිය නැතිනම් එජ්වර්ත්-කුයිපර් පටිය ඇතුළේ විශ්කම්භය කිලෝමීටර් සීයකට එහා ගියපු ඇස්ටරොයිඩ් සහ තව වස්තූන් ලක්ෂෙකටත් වැඩියෙන් තියේ කියලා විද්‍යාඥ ගොල්ලො විශ්වාස කරනවා.

3. පැත්තෙන් පැත්තට කැරකෙන යුරේනස්

Jupiters-Orbit-Obituary-aniwa-03.gif
Source – schoolsobservatory.org.uk
සෞරග්‍රහ මණ්ඩලයේ හත්වෙනි ග්‍රහලෝකය විදියට සැලකෙන යුරේනස් කියන්නෙත් අර ගෑස් දැවැන්තයෝ කියලා අඳුන්වන ග්‍රහලෝක වලින් එකක්. ඇත්තටම ග්‍රහ මණ්ඩලේ තුන්වෙනියටම ලොකු යුරේනස් හැදිලා තියෙන්නේ වායු සහ අයිස් වලින්. ඉතාම ශීත කාලගුණයක් තියෙන යුරේනස් මතුපිට චණ්ඩ සුළං නිරන්තරයෙන් හමා යනවා. ඒ කියන්නේ පැයට හැතැම්ම 450ක වේගෙන්.
හැබැයි යුරේනස් ගැන ඉන්ටරස්ටින් කථාව ඒක නෙවෙයි. පේන නොපෙනෙන වළලු 13ක් සහ කුඩා චන්ද්‍රයින් 27ක් අයිති යුරේනස් ඉන්නේ පැත්තකට ඇල වෙලා. ඒ කියන්නේ සූර්යයා වටා යුරේනස් භ්‍රමණය වෙන්නේ පැත්තකට ඇලවෙලා. තවත් පැහැදිලි කලොත් වෙන ගොඩක් ලෝක වල සමකය පිහිටන්නේ ග්‍රහලෝකය මැද සහ ධ්‍රැව තියෙන්නේ උඩ සහ පහළනේ. හැබැයි යුරේනස්ගේ ධ්‍රැව තියෙන්නේ සමකය තියෙන්න ඕන පැත්තේ.
මේකට හේතුව විදියට උපකල්පනය කරන්නේ පෞරාණික ග්‍රහලෝක ඇවිත් යුරේනස්ගේ ඇ‍ඟේ හැප්පිලා, යුරේනස්ව උඩුකුරුඤ්ඤං කරන්න ඇති කියලා තමයි!

4. සිස්ටම් එකේ ඉන්න ඇක්ටිව්ම මෙම්බර්!

Jupiters-Orbit-Obituary-aniwa-04.gif
Source – wikipedia.org
මේ කියන්නේ සෞර ග්‍රහ මණ්ඩලේ ඉන්න ක්‍රියාකාරීම සාමාජිකයා ගැන. ඒ ඇත්තටම චන්ද්‍රයෙක්. අයෝ කියලා හඳුන්වන බ්‍රහස්පති චන්ද්‍රයාට තමයි මේ ඇක්ටිව් ඇවෝඩ් එක යන්නේ. ඇයි එහෙම කියන්නේ? අයෝ චන්ද්‍රයා ඝනත්වය අතින් ගත්තොත් පෘතුවිය වගේ 0.015ක ප්‍රමාණයක වෙන්නේ. මතුපිට වර්ගඵලය ගත්තත් පෘතුවිය වගේ 0.08ක් තරම්. හැබැයි මේ පුංචි චන්ද්‍රයා මත සක්‍රිය ගිණි කඳු 400කට වඩා තියෙනවා. මේ ගොඩක් ගිණි කඳු අඩි 330 කටත් වඩා උසයි.
මේ ගිණිකඳු වලින් පිට කරන සල්ෆර් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වායු කිලෝමීටර් 500 කටත් වඩා උසකට නගිනවා. එතකොට කිලෝමීටර් සිය ගණන් දුරට ලාවා ගලාගෙන යනවා. ඉතින් කොටින්ම කිව්වොත් අපායක් කියලා එකක් තියෙනවා නං, ඒක ඇත්තේ අයෝ චන්ද්‍රයා මත කියලා ඕන නං කියන්න පුලුවන්!

5. ඌට් වලාව තියෙන්නේ කොහේද?

Jupiters-Orbit-Obituary-aniwa-05.jpg
Source – sciencemag.org
කුයිපර් පටියටත් එහායින් තියෙන අයිස් වලින් හැදුණු වස්තූන්ගෙන් පිරුණු ඌට් වලාව කියලා එකක් ගැන තාරකා විද්‍යාඥයෝ කියනවා. දැන් තේරුම් ගන්න ඕන දේ තමයි මේ ඌට් වලාව උපකල්පනයක්ය කියන එක. ඒ කියන්නේ පොතේ හැටියට මේ වගේ එකක් තියෙන්න ඕන. එහෙම නැතුව දැකලා නෙවෙයි.
හැබැයි මේකත් අපේ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙනකොට ඉතුරු වුණු සුන්බුන් හා බ්‍රහස්පතිගේ ගැටීමෙන් ඉතුරු වුණු අයිස් වස්තූන්ගෙන් හැදුණු එකක්ය කියලා ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා. ඒ කියන්නේ ඌට් වලාව සෞරග්‍රහ මණ්ඩලය තරමටම පරණයි. එතකොට ඔය ගොඩක් විද්‍යාඥයෝ විස්වාස කරනවා කක්ෂීය කාලය අවුරුදු 200ට වඩා වැඩි වල්ගාතරු එහෙම එන්නේ ඌට් වලාවෙන් තමාය කියලා.

6. පිස්සු කොර ප්ලූටෝ!

Jupiters-Orbit-Obituary-aniwa-06.jpg
Source – visoko.co.ba
කාලයක් සෞරග්‍රහ මණ්ඩලය නම් කරන්න කිව්වහම අපි ග්‍රහලෝක නවයක් වෙනකල් කියාගෙන යනවනේ. මේ නවවෙනි ග්‍රහලෝකය වෙන්නේ ප්ලූටෝ. හැබැයි දැන් ප්ලූටෝ ඒ ගෞරවයෙන් අයින් කරලා, කුයිපර් පටියේ තියෙන වාමන ග්‍රහලෝකයක් කියලා හඳුන්වන්නේ. එහෙම වුනත් තාමත් විද්‍යාඥයෝ ප්ලූටෝ ගැන හරි උනන්දුයි. ඒකට එක හේතුවක් ප්ලූටෝ ග්‍රහයා මතුපිට තියෙන අමුතුම වායුගෝලය.
ප්ලූටෝ මතුපිට අයිස් වලින් හැදුණු අඩි 11,000 කටත් වඩා උස කඳු තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට සූර්ය ග්‍රහ මණ්ඩලයේ අග්ගිස්සේම තියෙන වාමන ග්‍රහලෝකයක් වුනත්, ප්ලූටෝ මතුපිට සෑහෙන්න සක්‍රියයි. ඒත් එහෙම සක්‍රිය වෙන්න බලය ලැබෙන්නේ කොහොමද? ඒ කියන්නේ සූර්යයාගෙන් මේ තරම් ඈතින් තියෙන නිසා සූර්යයාගෙන් බලය ලැබෙන්නෙත් නැහැනේ. ආන්න ඒක තාම අබිරහසක්!

7. බ්‍රහස්පති කැරකෙන්නේ ඉර වටේ නෙවෙයි!

Jupiters-Orbit-Obituary-aniwa-07.gif
Source – dailymail.co.uk
සෞරග්‍රහ මණ්ඩලේ ඉන්න දැවැන්තම දැවැන්තයා සූර්යයා කියන එක ගැන විවාදයක් නැහැනේ. හැබැයි ඊට පස්සෙ ඉන්න දැවැන්තයා තමයි බ්‍රහස්පති. අර ගෑස් දැවැන්තයෝ කියලා අඳුන්වන ග්‍රහලෝකවලින් ලොකුම කෙනාත් මෙයා තමයි. අනික් ග්‍රහලෝක ඔක්කොම එකතු කරලා ස්කන්ධය ගත්තත්, ඒ වගේ 2.5 ගුණයක් බ්‍රහස්පති ලොකුයි.
දැන් මොකද්ද මේ ඉර වටේ කැරකෙන්නේ නැති කතාව?
මෙහෙමයි. ඇත්තටම එක ග්‍රහලෝකයක්වත් ඉර වටේ කැරකෙන්නේ නෑ. ඇත්තටම වෙන්නේ ග්‍රහලෝකයක් සහ ඉරේ ගුරුත්වය සමතුලිත වෙන කේන්ද්‍රය වටේ අදාළ ග්‍රහලෝකය සහ ඉර කැරකීම තමයි. හැබැයි ඉතින් පෘතුවිය ඇතුළු අනික් ග්‍රහලෝක වල සයිස් එක ඉරත් එක්ක බලනකොට ගණන් ගන්නත් බැරි තරමයිනේ. ඒ නිසා ඒ කිව්ව ගුරුත්ව සමතුලිත කේන්ද්‍රය පිහිටන්නේත් සූර්යයා මතම තමයි. ඒ නිසා පෘතුවිය එහෙම ගත්තොත් ප්‍රායෝගිකව අර ඉර වටේ යන කතන්දරේ හරි. හැබැයි බ්‍රහස්පති වගේ දැවැන්තයෙක්ගේ සහ ඉරේ ගුරුත්වය සමතුලිත වෙන ලක්ෂ්‍යය පිහිටන්නේ ඉරට පොඩ්ඩක් මෙහායින්. ඉතින් ඇත්තටම වෙන්නේ අන්න ඒ ලක්ෂ්‍යය වටා ඉර සහ බ්‍රහස්පති කැරකීම තමයි.

දැන් තේරෙනවද සෞරග්‍රහ මණ්ඩලය වුනත් අපිට හිතාගන්න පුලුවන් සීමාවටත් එහායින් විස්මයජනකයි කියලා?

aniwa.lk එකෙන් උපුටා ගන්න ලදී
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දේශපාලන ත්‍රෙඩ් දාල දාල කැපිච්ච රෙප් ටික හොයාගන්න නේ දැම්මෙ :baffled: ඔන්න දුන්න මටත් දීපං :yes:
 
  • Like
Reactions: 50KG

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
me loke pathalida nadda kiyala poddak kiyapank ko:confused::confused:
pothe pathli kiyala thiynne :sorry::sorry:
 
Last edited:

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    දේශපාලන ත්‍රෙඩ් දාල දාල කැපිච්ච රෙප් ටික හොයාගන්න නේ දැම්මෙ :baffled: ඔන්න දුන්න මටත් දීපං :yes:

    :lol:පව් යකෝ:lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දේශපාලන ත්‍රෙඩ් දාල දාල කැපිච්ච රෙප් ටික හොයාගන්න නේ දැම්මෙ :baffled: ඔන්න දුන්න මටත් දීපං :yes:

    ඌ ඉතින් ඉදල හිටල හරි වටින දේවල් දෙනවනෙ .සමහර ගෙවලයො ඉන්නව මෙලෝ වැඩක් නෑ කටේ තියාගත්තු ගමන්මයි :lol::lol::lol:
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    රෙප් කපාගෙන දැන් Copy Paste පෝස්ට් දානවා නේද. :lol::lol:

    පුලුවන් නම් උබ දිගටම මේ වගේ වැදගත් පෝස්ට් දාපන්. නිකන් කොහේවත් යන පොන්සි දේශපාලකයොන්ට පුක දෙන්නේ නැතිව. වැදගත් වැඩක් කරපන් :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඌ ඉතින් ඉදල හිටල හරි වටින දේවල් දෙනවනෙ .සමහර ගෙවලයො ඉන්නව මෙලෝ වැඩක් නෑ කටේ තියාගත්තු ගමන්මයි :lol::lol::lol:

    :confused: උඹ ඉරෝසන් ගැනද කියන්නෙ ? :oo: ඌ හොඳයිනෙ බං අනේ මන්ද මට නං අවුලක් පේන්නෑ මං හිතුව උඹ ආතල් එකට ඌත් එක්ක රණ්ඩු වෙන්නෙ කියල :eek: මාත් ඉතිං පැත්තකිං හේත්තු වෙලා ආතල් එකක් ගත්ත උඹල දෙන්න සිරාවටම තරහයිද බං ? :oo: