බ්‍රා" එක තෝරන හැටි..

padiri

Banned
Feb 21, 2016
720
108
0
බ්‍රා" එක තෝරන හැටි..

බ්‍රා" එක තෝරන හැටි..
කාන්තාවන් බොහෝ දෙනෙක්‌ සැරසෙන්නේ තමන්ගේ ශරීර ප්‍රමාණයට නොගැලපෙන බ්‍රෙසියර් වලින් බව කීවොත් ඔබ එය පිළිගන්නවාද? නොපිළිගත්තද සත්‍යය එයයි. වෙළෙඳ පොළේ ඇති කුමන හෝ වර්ගයක උඩුකය ආවරණයක්‌ තෝරා ගනු මිසක එය තමන්ගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන්නේ දැයි සොයා බලන පිරිස අඩුයි. එක්‌ වර්ගයක ප්‍රමාණය (size) තවත් වර්ගයකදි වෙනස්‌ වෙනවා. ඒ නිසා ම අද බොහෝ ඇඳුම් ප්‍රදර්ශනාගාරවල උඩුකය ආවරණ ඇඟලා බැලීමේ අවස්‌ථාවද සලසා දී තිබෙනවා.

එහෙමනම් කොහොමද නිවැරදි ප්‍රමාණය තෝරාගන්නේ?

මුලින් ම ඔබ දැනට අඳින වඩාත් නිවැරදි යෑයි සිතෙන බ්‍රෙසියරය අඳින්න. ඉන් පසු මිනුම් පටියක්‌ ගෙන බ්‍රෙසියරයේ පහත වටේට මිනුම ලබාගන්න. එය පටියේ මිනුම ලෙස සැලකෙනවා. (Band size) ඉන්පසු පියයුරු වටා පිරුණුම ස්‌ථානයෙන් මිනුම ලබාගන්න. එය බ්‍රෙසියරයේ කප් කොටසේ මිනුමයි. මෙම මිනුම් ලබාගැනීමට යෙහෙළියකගේ උදව් ලබාගත හැකි නම් වඩාත් හොඳයි. ඔබට ලැබුණු මිනුම්වල අගය ආසන්න අගයකට ගැනීම වඩාත් හොඳයි. එනම්, අඟල් 34.5 වැනි අගයකදි එය 34 ලෙස ගැනීම කළ යුතුයි.

බොහෝ විට බ්‍රෙසියරයක්‌ මිනුම් අනුව තෝරා ගැනීම අපහසුයි. එයට හේතුව බොහෝ නිෂ්පාදනවල මෙම වර්ග දෙකම සඳහන් නොවීමයි.

එහෙම නම් කරන්න ඕන මොකක්‌ද? ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන බ්‍රෙසියරය ඇඳ බලන්න. එහි කප් කොටසෙන් පිටතට පියයුරු තද වී තිබෙනවා නම්, එය නියම ප්‍රමාණය නොවේ. නමුත් එහි වට ප්‍රමාණය නිවැරදි නම්, එම ප්‍රමාණයේ ම කප් කොටස විශාල එකක්‌ තෝරගන්න. 31 A, 32 B ආදි ලෙස බ්‍රෙසියර් ප්‍රමාණ අනුව වර්ග වී තිබෙනවා.

බ්‍රෙසියරය ඇඳ දෑත ඉහළට ඔසවා බලන්න. පියයුරු, බ්‍රෙසියරයේ යටින් පිටතට ඒමට උත්සාහ කරයි නම්, එයට වඩා කුඩා ප්‍රමාණය තෝරාගන්න.

බ්‍රෙසියරයේ, කප් කොටස්‌ දෙක අතර ඇති කොටස ඔබගේ ශරීරය අසලටම තිබිය යුතුයි. එය පිටතට එසවී තිබෙනවා නම් නිවැරදි නොවේ. කප් ප්‍රමාණය කුඩා වුවහොත් එම මැද කොටස මෙසේ එස වී තිබේ.

උඩු කය ආවරණයක පටිවලින් සිදුවන්නේ ආධාරයක්‌ ලබා දීමයි. ඒ නිසා පටි නියමිත ප්‍රමිතියෙන් තිබීම අවශ්‍යයි. එහි පිටුපස පටි, ටික වේලාවකින් ඉහළට එනවා නම් එය නොගැලපෙන උඩුකය ආවරණයක්‌. එලෙස ඉහළට එසවෙන්නේ පටි ලිහිල් වූ විටයි. එසේම වඩාත් හිර පටි නිසාද ඔබ අපහසුතාවට පත්වෙනවා.

නිවැරදි කප් ප්‍රමාණයේ යට ඇඳුමකින් පියයුරුවල හැඩය වෙනස්‌ වන්නේ නෑ. එසේ ම උර පටි නිවැරදිව සකසා ගැනීමත් කළ යුතුයි. නැතිනම් පියයුරු එල්ලා වැටුණු ස්‌වභාවයක්‌ පෙන්වනවා.

ඔබ නිවැරදි උඩු කය ආවරණය තෝරාගත්තේ නම්, එය මඟින් පියයුරු පිටතට තෙරපෙන්නේ හෝ, ප්‍රමාණය විශාල කර පෙන්වන්නේ හෝ බ්‍රෙසියරයේ කප් කොටස

රැළි වෙන්නේ හෝ නැහැ.
මේක “වටින් පිටින් ඇහෙන කතා“ වලින්
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගැනුන්ට ඇදුම් ගන්න හැටි ගැනුන්ටත් වඩා මුන් දන්නව,:rofl::rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බ්‍රා අඳින්නේ නැහැ බං මම... අනික ඔවුව බලන්න ගිහින් ගුටි කන්න තමයි වෙන්නේ...